https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: July 2025

Thursday, July 31, 2025

පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි

අපරාධ නඩු කිහිපයක සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම හේතුවෙන් රත්නපුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුලු නිලධාරින් තිදෙනෙකුගේ අද (30) වැඩතහනම් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අල්ලාගෙන රත්නපුර මුලස්ථාන පොලිසියට බාරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලියක ප්‍රබල අපරාධකරුවෙක් අද  මෙලෙස පලාගොස් තිබුණා.

රත්නපුර අංගම්මන ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

පලාගිය සැකකරුට එරෙහිව මිනීමැරුම් සිද්ධින් දෙකක් සම්බන්ධ නඩු දෙකක් සහ විවෘත වරෙන්තු දෙකක් තිබු බව සඳහන්.

The post පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/E57vXbF

Labels:

ජනපති දිවයිනට

පසුගිය 28 වැනිදා ආරම්භ කළ මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu) මහතාගේ ආරාධනයකට අනුවයි.

මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සමඟ මෙන්මමාලදිවයිනේකැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟද අන්‍යෝන්‍යවශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වූවා.

මෙම සංචාරය තුළදීශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසු‍මක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනිණි.

එසේම, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සහ ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා-මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය එක්ව සංවිධානය කර තිබූ ව්‍යාපාරික සංසදයද, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවේ හමුවද ඇමතුවා.

The post ජනපති දිවයිනට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KeupJ5l

Labels:

බත්තරමුල්ලේ සීලරතන හිමිට විශාල අකරතැබ්බයක්! ගුටි පූජාවකින් නූලෙන් බේරෙයි!

පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් සඳහන් පරිදි එම ස්වාමීන් වහන්සේට පහරදීමට තැත්කළ බවට පැවසෙන පිරිසක් සම්බන්ධව තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන කටයුතු පැහැර හැරීමක් සිදු කර නොමැති අතර සමථ මූළ මණ්ඩලය මඟින් නොවිසඳේනම් අධිකරණය වෙත යොමු කරන බව දන්වා දෙපාර්ශවයේම කැමැත්ත මත පැමිණීල්ල සමථ කිරීමේ සටහනේ අත්සන් කිරීමෙන් පසු 08.03 වන දින සමථ මූල මණ්ඩලයේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

ඒ අනුව මෙම හිමියන් විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින ලද වීඩීයෝ පටයේ අඩංගු කරුණු නිවැරදි නොවන බවත් මෙම හිමිනම වෙත අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවත් පොලිසිය පවසනවා.

පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්වෙයි.

කාවන්තිස්සපුර, තිස්සමහාරාමය ප්‍රදේශයේ පිහිටි ධම්මවිජය විහාරස්ථානයේ විහාරාධිපති බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් තමන්වහන්සේට විහාරයේ වැඩ කරන පිරිසක් පහරදීමට තැත්කරන බව පවසමින් 2025.07.26 වන දින සවස තිස්සමහාරාම පොලිස් ස්ථානයට 119 දුරකථන අංකය මඟින් පැමිණිල්ලක් සිදු කර ඇත.

තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් පැමිණිල්ල සටහන් කර ගෙන විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ අනුව අනාවරණය වී ඇත්තේ මෙම හිමියන් වැඩ වාසය කරන විහාරස්ථානයේ දොරවල් හා යකඩ ඇඳන් පිළිසකර කිරීම සඳහා තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සම්බන්ධ කරගනිමින් සිදු කරගෙන ඉදිකිරීම් සඳහා ලක්ෂ තුනහමාරක මුදලක් හිමියන් විසින් වැය කර ඇති බවයි.

පැමිණිල්ලට අනුව තවත් රුපියල් 45,000/= ක හිඟ මුදලක් වැඩකරුවන් හට ගෙවීමට ඇති අතර 2025.07.26 වන දින වගඋත්තර පාර්ශවය විහාරයේ වැඩ කිරීම සඳහා විහාරස්ථානයට ගෙන්වා ගත් අවස්ථාවේ වග උත්තර පාර්ශවය හා විහාරයේ විහාරාධිපති හිමියන් අතර ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් එම හිමියන්ගේ පුද්ගලික ලේකම් හට පහරදීමට තැත් කර ඇත.

පහරදීමට පැමිණි බව පැවසෙන පාර්ශවයෙන්ද තිස්සමහාරාම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ඇති අතර එහිදී ඔවුන් මෙම විහාරයේ මාස දෙකකට ආසන්න කාලයක් යකඩ ඇඳන් සෑදූ බවත්, එම වැඩ කොටසේ තවත් කොටසක් නිම කිරීමට ඉතිරිව ඇති බවත්, නිම කරන ලද වැඩ කොටසට අදාළව හිඟ මුදලක් ලබා ගැනීමට ඇති බැවින් 2025.07.26 වන දින ස්වාමින්වහන්සේගේ ලේකම් විසින් ලබා දෙන ලද දුරකථන පණිවිඩයකට අනුව හිඟ මුදල් ලබා ගැනීමේ අදහසින් විහාරස්ථානයට පැමිණ ඉතිරි වැඩ නිම කිරීම සඳහා භාණ්ඩ ගෙනවිත්ද යන්න විහාරස්ථානයේ පොඩි ස්වාමින්වහන්සේගෙන් විමසන අවස්ථාවේදී විහාරාධිපති හිමියන් පැමිණ පරුෂ වචනයෙන් වගඋත්තර පාර්ශවයට බැන වැදී පහරදීමට තැත් කළ බව සඳහන් කර ඇත.

තිස්සමහාරාම පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති විසින් දෙපාර්ශයෙන්ම කරුණු විමසීම් සිදු කර දෙපාර්ශවය අතර ආරවුලක් සිදුව ඇති බවට කරුණු අනාවරණය වූ බැවින් මෙහි අපරාධමය චෝදනාවක් නොමැති නිසාවෙන් වග උත්තර පාර්ශවයට අවවාද කොට මින් ඉදිරියට එවැනි ක්‍රියාවක් සිදු නොකරන ලෙසත්, සාමය ආරක්ෂා කළ යුතු බවට දැනුම් දී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සමථ මූල මණ්ඩලය වෙත යොමු කර ඇත.

The post බත්තරමුල්ලේ සීලරතන හිමිට විශාල අකරතැබ්බයක්! ගුටි පූජාවකින් නූලෙන් බේරෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/W5OYloN

Labels:

Wednesday, July 30, 2025

2024 / 25 වර්ෂවල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්

වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමට කැමැත්ත දක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඒ සදහා අයදුම්පත් කැදවා තිබේ.

මේ සදහා අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සලකා බැලීමක් සිදු නොකරන බව සඳහන්.

වෘත්තීය විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරණ සිසුන්ට වසර දෙක අවසානයේ දී දේශියව සහ ජාත්‍යන්තරව පිළිගත් NVQ 4 සහතික පත්‍රයක් ලබා දේ.

2024 හෝ 2025 යන වසර වල අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටි සිසු දරුවන්ට තම ප්‍රදේශයේ තිබෙන වෘත්තීය විෂය ධාරාව උගන්වන ඕනෑම පාසලකට අයදුම් කළ හැකි ය.

සංචාරක සහ ආගන්තුක සත්කාර, මෝටර් රථ වාහන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය, සෞඛ්‍ය හා රැකවරණ සේවා, මැණික් හා ස්වර්ණාභරණ තාක්ෂණය, රූපලාවන්‍ය, කලා සහ අත්කම්, ආහාර නිෂ්පාදනය, වෙල්ඩින්, කෘෂිකර්මාන්ත, වැවිලි කර්මාන්ත ඇතුළු තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තීය පුහුණුව සදහා සිසුන්ට අවස්ථාව හිමි වේ.

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වීමේ අයදුම් පත්‍රය, අයදුම් කළ හැකි පාසල් ලේඛනය, වෘත්තීය පුහුණුව ලැබිය හැකි ක්ෂේත්‍ර ඇතුළු තොරතුරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ විශේෂ දැන්වීම් යටතේ යටතේ පළ කර තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ සමත්/ අසමත් භේදයකින් තොර ව සිසුන්ට දහතුන් වසරක අධ්‍යාපනය සහතික කිරීමේ අරමුණෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙම විෂය ධාරාව ක්‍රියාත්මකයි.

The post 2024 / 25 වර්ෂවල සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zq0sdIL

Labels:

රුසියාවට අඩි 13ක් උස සුනාමියක්! ජපානයටත් අනතුරු ඇඟවීම්!

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් 8.7ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වීමත් සමග මීටර් 4ක් (අඩි 13)ක් උස සුනාමියක් ඇතිව තිබෙන බව BBC පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ 8.8ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් අද (30) උදෑසන හට ගෙන තිබුණි.

භූකම්පනයෙන් පසුව ජපානයේ වෙරළබඩ ප්‍රදේශ සඳහා ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එරට කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු අඟවන්නේ මීටර 1ක් දක්වා රළ ඇති විය හැකි බවයි. 

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මීට අමතරව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත්වල කොටස් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

The post රුසියාවට අඩි 13ක් උස සුනාමියක්! ජපානයටත් අනතුරු ඇඟවීම්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gmhTBAZ

Labels:

Tuesday, July 29, 2025

බිත්තර මිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය

මෙරට දෛනික බිත්තර නිෂ්පාදනය එක්කෝටි පන්ලක්ෂයක් දක්වා ඉහළ යාම හේතුවෙන් බිත්තර මිල පහත වැටී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසනවා.

මේ හේතුවෙන් බිත්තරයක තොග මිල රුපියල් 24 ක් පමණ දක්වා පහළ බැස ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.

රටට අවශ්‍ය පැටව් ප්‍රමාණය ලක්ෂයක් පමණ වූවද, ඉකුත් 2022 වසරේදී මෙරටට පැටව් 140,000 ක් ගෙන ඒම නිසා බිත්තර නිෂ්පාදනය ඉහළ ගොස් ඇතැයිද ඔහු කියා සිටියේ ය.

සාමාන්‍යයෙන් මාසයකට පැටව් ලක්ෂ අට හමාරක පමණ අවශ්‍යතාවය පැවතියද, මේ වනවිට පැටව් ප්‍රමාණය ලක්ෂ 13 ක් 14 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු ප්‍රකාශ කළේ ය.

The post බිත්තර මිල ගැන ඇහෙන අලුත්ම ආරංචිය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/i8wnqY1

Labels:

Monday, July 28, 2025

මහනුවර නගරයට පැමිණෙන ජනතාවට විශේෂ දැනුම්දීමක්! නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට සැරසෙයි!

මහනුවර නගරයේ පවතින භූගත උමං මාර්ග ඔස්සේ පාර හරහා මාරු නොවන පදිකයින්ට එරෙහිව ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

පදිකයින්ට බාධා වන අයුරින් ඉදිකර ඇති මල් වෙළෙඳසැල් පවත්වාගෙන යන ස්ථාන සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මහනුවර නගරයේ මාර්ග නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙම අදහස් පළ කළේය.

“අපි පහුගිය දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේදී තීරණයක් ගත්තා භූගත මාර්ග ක්‍රියාකාරීව භාවිත වෙන්නේ නෑ. අපේ නිරීක්ෂණයට අනුව එහෙම භාවිත නොවන ප්‍රධානම හේතුව තමයි දිගටම පාර දෙපැත්තේ තියෙනවා මල් විකුණන අලෙවි සැල්. ඒ නිසා මාර්ගය අවහිර වෙලා තියෙනවා. ඉතින් අපි තීරණය කළා ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට දැනුම්දීලා, මේ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ගැන තීරණයක් ගන්න. එහිදි ප්‍රධාන වශයෙන් කරුණු තුනක් ගැන අවධානය යොමු වුණා. එකක් තමා මාර්ගය අයිති මාර්ග සංවර්ධන අධිකාරියට, ඒ කියන්නේ පදිකයින්ට කිසිදු අපහසුතාවයක් නොමැතිව තමන්ගේ ගමන යන්න තියෙන්න ඕනේ. දෙක මල් විකුණන අයගේ ජීවනෝපායට හානියක් නොවන පරිදි අපේ විසඳුම බලපැවැත්වෙන්න ඕනේ.

උමං මාර්ගයේ තියෙනවා තව කඩ කිහිපයක් ඉතිරි වෙලා. ඒ කඩවල් ප්‍රමාණය විශාලයි. ඒ නිසා අපිට පුළුවන් එක කඩේක දෙන්නෙක්ට ඉඩ ලබාදෙන්න. අපි දින වකවානු දෙනවා. ඒ දින වකවානුවලින් පස්සේ, මල් අලෙවිකරුවන්ට ඒ උමං මාර්ගයේ තියෙන කඩ පාවිච්චි කරන්න පුළුවන් ඒ අවශ්‍ය මුදල ගෙවලා. දෙවැනි දේ තමා අපි ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඇතිව පාර හරහා මාරුවන පදිකයින් අනිවාර්යයෙන්ම භූගත උමං මාර්ග පාවිච්චි කළ යුතුයි. එහෙම පාවිච්චි නොකරන අයට මුලදි අවවාද කාලයක් අපි දෙනවා. ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරනවා. එයට අදාළ අනුමැතිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් ගන්න බලාපොරෙත්තු වෙනවා.”

The post මහනුවර නගරයට පැමිණෙන ජනතාවට විශේෂ දැනුම්දීමක්! නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට සැරසෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lRBChHt

Labels:

වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව අසල දී ඊයේ(27) පස්වරුවේ වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

මත්තල සිට කොළඹ බලා ධාවනය වූ කුඩා වර්ගයේ වෑන් රථකයක පිටුපස ටයරය පුරාගොස්, එම රථය ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් හම්බන්තොට මහ රෝහලට ඇතුළත්කර තිබේ.

මියගොස් ඇත්තේ 72 හැවිරිදි සහ 44 හැවිරිදි වයස්වල කාන්තාවන් දෙදෙනෙකු බව වාර්තා වේ.

The post වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් දක්ෂිණ අධිවේගයේ මාරක රිය අනතුරක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bhPDQGH

Labels:

ජනපති දිවයිනෙන් පිටව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මාලදිවයිනේ දින 3ක රාජ්‍ය සංචාරයක් සඳහා අද උදෑසන දිවයිනෙන් පිටත්ව යනු ලැබුවා.

ඒ මාලදිවයිනේ ජනාධිපති මොහමද් මුයිසුගේ ආරාධනයකට අනුවයි.

ඒ අනුව ජනපතිවරයා ජූලි 30 වැනිදා දක්වා එරට රැඳී සිටිනු ඇති.

මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා සහ මාලදිවයින් ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා මෙන්ම දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

The post ජනපති දිවයිනෙන් පිටව යයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XE5f67O

Labels:

Sunday, July 27, 2025

රුපියලෙහි කැපී පෙනෙන අවප්‍රමාණය වීමක්

මේ වසරේ ජූලි 25 දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේකෂව ශ්‍රී ලංකා රුපියල 3.1% කින් අවප්‍රමාණය වී තිබෙනවා.

එය පසුගිය සතිය අවසානයේ සටහන් වුණේ, 3% ක අගයකින්.

ජූනි මාසයේ අවසන් සතියේදී එහි අගය 2.5% ක් වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

The post රුපියලෙහි කැපී පෙනෙන අවප්‍රමාණය වීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2c7oCAh

Labels:

Saturday, July 26, 2025

අද වැස්ස ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකියි.

The post අද වැස්ස ගැන කාලගුණයෙන් දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8Dk7loI

Labels:

Friday, July 25, 2025

ප්‍රබල වෙඩික්කරුවෙක් STF සමඟ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී ඉකුත් 18වනදා උදෑසන 11ට පමණ පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමට පැමිණි වෙඩික්කරු අද (25) අලුයම  STF සමග ඇතිවූ වෙඩි හුවමාරුකින් මියගොස් තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම 4:30ට පමණ කහතුඩුව පාලගම කැදැල්ඕවිට ප්‍රදේශයේ පාළු නිවසක් පරීක්ෂා කර ඇති අතර එහි සැඟව සිට තිබූ අදාළ සැකකරු STF නිලධාරීන් දෙසට වෙඩි තබා ඇත.

පසුව STF නිලධාරීන් ද සැකකරුට වෙඩිතැබීමක් සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ සැකකරු මියගොස් තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ  STF නිලධාරියෙකු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි වැදී මියගිය වෙඩික්කරුගේ මෘතශරීරය වෑතර රෝහලේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා තැන්පත් ඇත.

The post ප්‍රබල වෙඩික්කරුවෙක් STF සමඟ වෙඩි හුවමාරුවකින් මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bLmZz4a

Labels:

Thursday, July 24, 2025

ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඊයේ වනවිට ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක වටිනාකම ඩොලර් 39.40ක් (රුපියල් 11,885) බවය.

ඒ අනුව මෙම වසරේ රිදී මිල 36%කින් ඉහළ ගොස් ඇති අතර, ඊයේ දිනයේ පමණක් 0.3%කින් ඉහළගොස් ඇත.

අමෙරිකාව විසින් එරට තීරුබදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමත් සමග රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහවලට ආයෝජකයින් වැඩිවශයෙන් නැඹුරුවීම මෙලෙස රිදී මිලේ ඉහළ යෑමට හේතු වී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම වසරේ දී රිදී මිල 36% කින් ඉහළ ගියද, රත්‍රන් මිල ඉහළගොස් ඇත්තේ 31%කින් පමණක් වීමය.

නවතම අනාවරණය අනුව මෙම වසරේ රිදී අවුන්සයක මිල ඩොලර් 42 දක්වා ඉහළ යා හැකිය.

කෙසේ වෙතත් 2011 වසරේ දී රිදී අවුන්සයක වටිනාකම ඩොලර් 49ක් දක්වා ඉහළගොස් තිබේ. 

The post ලෝක වෙළෙඳපොළේ රිදී මිල වාර්තාගත ලෙස ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RXjWYy1

Labels:

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 55-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7mLRgsv

Labels:

Wednesday, July 23, 2025

උපකාරක පන්ති ගුරුවරුන් සඳහා විශේෂිත වූ බැංකු සේවාවක් හඳුන්වා දෙයි

තවත් පුරෝගාමී පියවරක් තබමින්, DFCC බැංකුව මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රයේ අවශ්‍යතාවලට සරිලන පරිදි, DFCC Freelancer බැංකු සේවාව යටතේ තවත් සේවාවක් හඳුන්වා දී තිබේ. මෙය උපකාරක පන්ති ගුරු වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි බැංකුවක් විසින් බැංකු සේවාවන් රැසක් වෘත්තිකයන්ට හඳුන්වා දුන් පළමු අවස්ථාවයි.

මෙරට උපකාරක පන්ති ක්ෂේත්‍රය, රුපියල් බිලියන ගණනක ගනුදෙනු සිදුවන විශාල ක්ෂේත්‍රයක් වන අතර, සිසුන් මිලියන 3කට අධික සංඛ්‍යාවකට සේවා සපයන අතර, දිවයින පුරා ගුරු වෘත්තිකයන් 100,000ක් පමණ සේවයේ නියුක්තව සිටින බවට ඇස්තමේන්තු ගතකර තිබේ. නමුත් බොහෝ උපකාරක පන්ති ගුරු වෘත්තිකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන විධිමත් බැංකු සේවාවන්ට ප්‍රවේශවීම සීමා වී තිබුණි.

DFCC බැංකුව, මෙම හිඩැස පුරවමින්, පුද්ගලික ණය වශයෙන් රුපියල් මිලියන 5ක් දක්වා ණය පහසුකම්, දින දහයක් ඇතුලත අරමුදල් නිකුත් කෙරෙන කඩිනම් නිවාස ණය, සහ දිනක් ඇතුලත ලබා දෙන ලීසිං පහසුකම් ඇතුළත් පරිපූර්ණ මූල්‍ය විසඳුම් මාලාවක් ඔවුන්ට හඳුන්වා දී තිබේ. මෙම නව සේවාවේ තවත් ප්‍රධාන ප්‍රතිලාභයක් වන්නේ සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සහිතව උපකාරක පන්ති ගුරු වෘත්තිකයන් සඳහා ලබාදෙනු ලබන DFCC Prestige ක්‍රෙඩිට් කාඩ්පතයි.

මෙම ක්‍රෙඩිට් කාඩ්පතට කිසිදු අයදුම් කිරීමේ හෝ වාර්ෂික සේවා ගාස්තුවක් අය නොකරන අතර, රුපියල් 5,000ට වැඩි සෑම ගනුදෙනුවකටම 1%ක මුදල් ආපසු (Cashback) ලබාදෙනු ඇත. තවද, ඉන්ධන සහ උපයෝගිතා බිල්පත් සේවා සපයන්නන්ට සෘජුවම ගෙවීම් කිරීමේදී අමතර 2%ක මුදල් ආපසු ලැබෙනු ඇත. මීට අමතරව කාඩ්පත් හිමියන්ට රුපියල් 25,000ට වැඩි ගනුදෙනු සඳහා මාස හයක 0% පොලී රහිත Easy Payment Plans පහසුකම් භුක්ති විඳිය හැකිය. එමෙන්ම කාඩ්පත මගින් වසරකට එක් වතාවක් නොමිලේ ලැබෙන ගුවන් තොටුපළ විවේකාගාර සංචාරයක් සහ නැවත ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමේදී නොමිලේ ලැබෙන සංචාරක රක්ෂණ සේවා වැනි වරප්‍රසාද ලබා දෙනු ලැබේ.

තවද මෙම සේවාව යටතේ, DFCC බැංකුවේ DMT (Doorstep Money Transfer) සේවාව හරහා දෛනික ආදායම් එකතු කිරීමේ පහසුකමද ඇතුළත් වේ. එමගින් ගුරු වෘත්තිකයන්ට තම ආදායම්, බැංකු ශාඛාවකට නොගොස් පහසුවෙන් මුදල් තම ගිණුමේ තැන්පත් කිරීමට හැකි වන අතර, වඩාත් කාර්යක්ෂම මුදල් කළමනාකරණයකට ඉඩ සලසමින්, ආරක්ෂිතව මුදල් තම බැංකු ගිණුම්වල තැම්පත් කිරීමේ විසඳුමක් සපයයි.

මෙම නව සේවාව පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බැංකු සේවා සහ ව්‍යාපාර බැංකුකරණ අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා මෙසේ පැවසීය: “අපි DFCC බැංකුව ලෙස බොහෝ දෙනා එතරම් පහසුවෙන් හඳුනා නොගන්නා අවස්ථා සහ වෘත්තිකයන් හඳුනාගත්තා. ඒ උපකාරක පන්ති ක්ෂේත්‍රයේ ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින කාල වකවානුවකයි. උපකාරක පන්ති ගුරු වෘත්තිකයන්ට සහාය වීමට නිර්මාණය කළ අපගේ Freelancer වැඩසටහන හරහා අධ්‍යාපන සේවා ක්ෂේත්‍රයට මනා පිටුවහලක් වන අතර මෙය ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා ක්‍රියා පිළිවෙල සහ දිගුකාලීන ඉලක්ක පිළිබඳව පුළුල් පරික්ෂාවකින් අනතුරුව සැලසුම් කරන ලද්දක්. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහාය වන පුද්ගලයින්ට ඔවුන්ට ගැලපෙන, වගකිවයුතු සහ ඔවුන් දිරිගන්වන බැංකු සේවා විසඳුම් සැපයීමයි.”

DFCC Freelancer පෞද්ගලික උපකාරක පන්ති ගුරු වෘත්තිකයන් සඳහා වන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා, www.dfcc.lk වෙත පැමිණෙන්න, නැතහොත් 011 2 350 000 අමතන්න.

The post උපකාරක පන්ති ගුරුවරුන් සඳහා විශේෂිත වූ බැංකු සේවාවක් හඳුන්වා දෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Tmni1Jg

Labels:

මාරවිල වෙඩි තැබීමක්! කාන්තාවක් මරුට! කුඩා දරුවෙකුට තුවාල!

මාරවිල මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ ඊයේ(22) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ඊයේ (22) රාත්‍රී මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක් වන අතර වෙඩිතැබීම සිදුකර අවස්ථාවේදී ඒ් අසල සිටි 10 හැවිරිදි කුඩා දරුවෙකුටද තුවාල සිදුව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන ක්‍රියාත්මකයි.

The post මාරවිල වෙඩි තැබීමක්! කාන්තාවක් මරුට! කුඩා දරුවෙකුට තුවාල! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wZa24jh

Labels:

Tuesday, July 22, 2025

සීදූවේ වෙඩිතැබීමක්! මාලිමා නාගරික මන්ත්‍රීගේ පියා තුවාල ලබයි!

සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 55 හැවිදිදි පුද්ගලයෙකු රාගමන ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ සීදුව නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුගේ පියා බව පොලිසිය පවසනවා.

ඔහු යුද හමුදාවෙහි සේවය කර විශ්‍රාම ලැබූ අයෙකු වන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සීදූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

The post සීදූවේ වෙඩිතැබීමක්! මාලිමා නාගරික මන්ත්‍රීගේ පියා තුවාල ලබයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2nukhrs

Labels:

Monday, July 21, 2025

සියලුම ගුරුවරුන් උපාධිධාරීන් විය යුතුයි – අගමැතිනිය

සියලුම ගුරුවරුන් උපාධිධාරීන් වියයුතු බවත්, එම වෘත්තියට පිවිසෙන පිරිස් ගුරු පුහුණුව ලැබිය යුතු බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකුණු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයන් දැනුවත් කිරීමට පැවති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.

ඒ අනුව සියලුම ගුරුවරුන් උපාධිධාරීන් වීම අනිවාර්ය වනු ඇති අතර ගුරු පත්වීම් ලබාගන්නා උපාධිධාරීන් ගුරු පුහුණුව ලබාගත යුතු බව ඇය එහිදී පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය එහිදී පෙන්වා දුන්නේ පාසල්වලට ඇතුළත් වන බොහෝ උපාධිධාරීන්ට ගුරු පුහුණුව නොමැති අතර, ගුරු පුහුණුව ලබන පිරිස් බොහෝ විට උපාධියක් නොලබන බැවින් වත්මන් ක්‍රමය දෝෂ සහිත බවයි.

යෝජිත ප්‍රතිසංස්කරණවලට අනුකූලව අධ්‍යාපන පරිපාලනයේ අවශ්‍ය වෙනස්කම් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන සභාවක් පිහිටුවීමට යෝජනා කර තිබෙන බවද ඇය අවධාරණය කළාය.

The post සියලුම ගුරුවරුන් උපාධිධාරීන් විය යුතුයි – අගමැතිනිය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jGqseEO

Labels:

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි අපවත් වෙති

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදසිස් හිමියන් අපවත් වී තිබේ.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ ඊයේ(20) රාත්‍රියේ අපවත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.

අපවත්වන විට උන්වහන්සේ 67වන වියේ පසුවුණි.

The post අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි අපවත් වෙති appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LZ6J8M9

Labels:

Sunday, July 20, 2025

පොලීසිය නිවසට යද්දී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අතුරුදහන්

අවස්ථා කිහිපයකින් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පරීක්‍ෂණ පවත්වයි.

ඒ අනුව, කළුතර, නුගගොඩ පිහිටි ඇයගේ නිවසට නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇතත්, අදාළ සැකකාරිය සහ ඇයගේ සැමියා නිවසේ නොසිටි බව එම ඒකකය පවසයි.

මෙම සිද්ධියට මුල පිරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රයා වන රසික විතාන මතුගම නගරයේදී සැක කටයුතු ජීප් රථය සමඟ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

රසික විතානගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, මෙම ජීප් රථය රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් බවයි.

මෙම තොරතුරු මත පදනම්ව, අබේගුණවර්ධන මහතාගේ දියණිය අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

The post පොලීසිය නිවසට යද්දී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය අතුරුදහන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/cVEsr96

Labels:

ප්‍රදේශ කිහිපයකට අද තද වැස්සක්

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. 

වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

The post ප්‍රදේශ කිහිපයකට අද තද වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jFSOcNV

Labels:

Saturday, July 19, 2025

ලබන වසරේ පාසල් නිල ඇදුම් දෙන්නේ මෙහෙමයි

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදිවලට අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාදී අවසන් බව නිල වශයෙන් දැනුම්දීම පසුගියද සිදුකළා.

ඒ අනුව, 2025 වර්ෂය සඳහා අවශ්‍ය මුළු නිල ඇඳුම් අවශ්‍යතාවය ප්‍රදානය කර අවසන් බව දැනුම් දීමට අදාල සහතික පත්‍ර හුවමාරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Pi Zhenhong අතර සිදුවුණු බවයි සඳහන් වෙන්නේ.

මේ වනවිට 2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ද ප්‍රදානයක් ලෙස ලබාදීමට කටයුතු කරන ලෙසට වන ඉල්ලීමක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා මහජන චීන සමූහාණ්ඩුවේ ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

The post ලබන වසරේ පාසල් නිල ඇදුම් දෙන්නේ මෙහෙමයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XlpigRz

Labels:

අද කාලගුණය ප්‍රචණ්ඩ වෙයි

අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.
 
උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු-මැද පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 50-60ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය.

තද සුළංවලින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

The post අද කාලගුණය ප්‍රචණ්ඩ වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GZqUm4k

Labels:

Friday, July 18, 2025

සුදු වෑන් රථයකින් පැහැරගත් පාසල් සිසුවා පැන දිවි බේරා ගනී

කහතුඩුව ප්‍රදේශයේදී පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු සුදු පැහැති වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පැහැරගත් මෙම සිසුවා රත්නපුර ප්‍රදේශයේදි වෑන් රථයෙන් පැන දිවි බේරා ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පෙරේදා පස්වරුවේ මෙම සිසුවා අමතර පන්තියකට සහභාගී වී සඳහා පා පැදියෙන් ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් මග හරස්කොට මෙම සිසුවා පැහැරගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත් වෑන් රථයේ සිටි පිරිස රත්නපුර පැලැන්වාඩිය ප්‍රදේශයේ වෙළඳ සැලක් අසල වෑන් රථය නතර කර තිබූ අවස්ථාවේදි සිසුවා ඉන් පලාවිත් තිබෙනවා.

ඒ අනුව, වෑන් රථයකින් පැහැරගත් කුඩා දරුවෙකු රත්නපුර කැටන්දොල නිව් පැලැන්වාඩිය ප්‍රදේශයේ ආපනශාලාවක් අසල සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පුද්ගලයකු ලබාදුන් දුරකථන ඇමතුමක් අනුව රත්නපුර පොලීසියේ රාත්‍රී ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් විසින් එම දරුවා පොලීසිය භාරයට ගෙන ඇත.

දරුවා පැහැර ගැනීමට පැමිණි කණ්ඩායම සොයා ගැනීම සඳහා CCTV ඔස්සේ කහතුඩුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිසිය සඳහන් කළේ මෙම සිසුවා පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන ක්‍රියාත්මකයි.

The post සුදු වෑන් රථයකින් පැහැරගත් පාසල් සිසුවා පැන දිවි බේරා ගනී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lBfV93I

Labels:

ටීචර් අම්මා හෙවත් හයේෂිකාගේ නඩුවට සිදු වූ දේ

ටීචර් අම්මා ලෙස හැඳින්වෙන ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු මහත්මියගෙන් පහරකෑමට ලක්වූ 19 හැවිරිදි රිතික් ක්‍රිෂාල් අගලවත්ත නම් තරුණයා එම පන්ති ආයතනයේ සේවය කළ තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

පෙරේදා (16) මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින්  මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට මෙම නියෝගය නිකුත් කළා.

ප්‍රථම වරට මීගමුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ මෙම තරුණයාව, මහේස්ත්‍රාත්වරියගේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් ඇපයක් මත මුදා හැරුණා.

මීට පෙර පහර කෑමට ලක් වූ  මෙම සැකකරු ඩෙංගු රෝගය සඳහා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වුණා.

පසුව පසුගිය මැයි මස 17 වන දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයකු විසින් ඇප මත මුදා හැරීමට නියෝග කළා.

එහිදි  අගතියට පත් 24 හැවිරිදි තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, පසුගිය මැයි මස 06 වන දින රාත්‍රී 9.30ට පමණ මෙම සැකකරු විසින් තමන් සේවය කළ කාමරයේ විදුලිය විසන්ධි කර, තරුණියගේ අතින් ඇද ඇගේ රහස්‍ය ප්‍රදේශ ස්පර්ශ කරමින් සිප ගැනීමට උත්සාහ කළ බවයි.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආයතන බලධාරීන් සමග කටාන පොලිසියට පැමිණිලි කළද, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා නොකළ බවද නීතීඥවරුන් පවසනවා.

ඒ හේතුවෙන් තමන්ට සාධාරණයක් ඉටු නොවන බවට විශ්වාස කළ අතවරයට ලක්වූ තරුණිය, ළමා හා කාන්තා කාර්යාංශයට සහ වැඩබලන පොලිස්පතිවරයාට කරන ලද පැමිණිලිවල ප්‍රතිඵලයක් ලෙස විමර්ශන කටාන පොලිසියෙන් ඉවත් කර තිබෙනවා.

දැනට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින මෙම විමර්ශන කඩිනම් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා, නීතිඥ ගීත්මා ප්‍රනාන්දු සහ නිරෝෂන් සිරිවර්ධන ඇතුළු නීතිඥ මඩුල්ලක් සමග පෙනී සිටිමින් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මෙම නඩුවේදී සැකකාර තරුණයා වෙනුවෙන් නීතිඥ රන්ජන් ජයසිංහ මහතා පෙනී සිට ඇති අතර, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙනුවෙන් පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ සහ පොලිස් කොස්තාපල් උදය කුමාර යන නිලධාරීන්  අධිකරණය හමුවේ පෙනී සිටියා.  

The post ටීචර් අම්මා හෙවත් හයේෂිකාගේ නඩුවට සිදු වූ දේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/T8yN9Xx

Labels:

කාදිනල් හිමිට චෝදනාවක්

බිමල් රත්නායක ප්‍රකාශ කරන ආකාරයට මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට රවී සෙනෙවිරත්න පත්කළේ කාදිනල්ගේ ඉල්ලීිමට යැයි කියන විට තමන් ලැජ්ජාවට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

රවී සෙනෙවිරත්න යනු පාස්කු ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුරු ඇතුළත් ලිපියක් සති ගණනාවක් සිය මේසය උඩ තිබෙන්නට හැර සිය වගකීම පැහැර හැරි අයකු බව ද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයකු ප්‍රහාරයට පෙර අත්අඩංගුවට නොගැනීමේ චෝදනාවක් ශානි අබේසේකරට ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

එවැනි චෝදනා සහිත පුද්ගලයන් රටේ වැදගත් අමාත්‍යංශවල ලේකම් සහ අධ්‍යක්ෂ ධූරවලට පත්කිරීමට කාදිනල්ට බලයක් ඇත්නම් රටට දෙයියන්ගේ පිහිට යැයි කීමට සිදුවන බව ද දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි.

මේ ආණ්ඩුව කාදිනල් විසින් පාලනය කරන තත්ත්වයට පත්ව ඇති බව මෙම කරුණුවලින් සනාථ වන බව ද හෙතෙම සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් දයාසිරි ජයසේකර මේ බව කීය.

The post කාදිනල් හිමිට චෝදනාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rVKv89R

Labels:

Thursday, July 17, 2025

දියවඩන නිලමේට අපහාස කල ජනප්‍රිය මාධ්‍යවේදියෙකුට වැඩ වරදී

දළදා මාලිගාවේ දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල මහතාට එරෙහිව අපහාසාත්මක ප්‍රකාශ හෝ අන්තර්ගතයන් ප්‍රසිද්ධ කිරීම වළක්වමින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව, කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය. මෙම නියෝගය ජූලි මස 30 වැනිදා දක්වා වලංගු වන බව අධිකරණය දැනුම් දුන්නේය.

මෙම වාරණ නියෝගය, සුදන්ත තිලකසිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චි යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නිකුත් කර ඇති අතර, ඔවුන්ගේ යූ ටියුබ් නාලිකා ඔස්සේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඉලක්ක කර ගනිමින් කිසිදු අපහාසාත්මක අන්තර්ගතයක් ප්‍රකාශයට පත් කිරීම තහනම් කර ඇත.

මෙම නඩුවේදී, පැමිණිලිකරු වන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවෙන් නීතිඥවරුන් වන රසික දිසානායක, අසංක දයානාත් සහ චෙරාග් නිල්ගිරිය අධිකරණයේ පෙනී සිටියහ.

The post දියවඩන නිලමේට අපහාස කල ජනප්‍රිය මාධ්‍යවේදියෙකුට වැඩ වරදී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XsiEmxq

Labels:

අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්! සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි!

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ හේතුවෙන් ඇලස්කා ප්‍රාන්තයේ වෙරළබඩ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදනයක් ද නිකුත් කර තිබූ අතර පැය කිහිපයකට පසු එය අවලංගු කර තිබේ.

ඇලස්කාවේ සැන්ඩ් පොයින්ට් දූපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 87ක් දුරින් සහ කිලෝමීටර් 20ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

The post අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්! සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FZMXcAm

Labels:

Wednesday, July 16, 2025

අගමැතිනියගෙන් රාජ්‍ය නිලධාරින්ට අවවාදයක්

දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට රාජ්‍ය නිලධාරින් යොමුකිරීමේදී පෙර සූදානමක් සහිතව වගකිව යුතු නිලධාරින් යොමුකරන්නැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට ඊයේ (15) අවවාද කළාය.

අගමැතිනිය සඳහන් කළේ ජාතික සංවර්ධන න්‍යාය පත්‍රය දියත් කිරීමේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ ඇති වැදගත්කම නිසා මේ බව අවධාරණය කරන බවයි.

සංවර්ධන කටයුතුවලට ඇති බාධක පෙන්වාදීමේදී එය සාධක සහිතව කරුණු මගින් තහවුරු කරන ලෙස පැවසුවාය.

එසේ නොවුවහොත් සම්බන්ධීකරණ රැස්වීමට පැමිණෙන සියලු දෙනා අපහසුතාවයට පත්වන බව ඇය පැවසුවාය.

සංවර්ධන කටයුතු වේගවත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවන්නැයි ඇය දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නා ය.

The post අගමැතිනියගෙන් රාජ්‍ය නිලධාරින්ට අවවාදයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MI6F2sf

Labels:

Tuesday, July 15, 2025

බොරතෙල් මිලෙහි සිදු වූ වෙනස

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද (15) බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 69. 21ක් ලෙසයි.

ඇමරිකානු වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66. 93 ක් ලෙස සටහන් වී තිබෙනවා.

The post බොරතෙල් මිලෙහි සිදු වූ වෙනස appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2CId8w3

Labels:

රාජිත සේනාරත්නගේ පුත්‍රයාගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

තම පියා අත්අඩංගුවට ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කලත් නොකලත් මෙම ආණ්ඩුව පෙරළා දමන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසනවා.

නඩු කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත ඊයේ (14) අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඉතිහාසය විසින් රාජිත සේනාරත්න මහතා නිදොස් කොට නිදහස් කරනු ඇති බවයි.

මීට පෙරද චෝදනාවන්ට එරෙහිව රාජිත සේනාරත්න මහතාට නඩු පැවරුණු නමුත් ඒවා සකසන ලද නඩුවක් ලෙසින් මහාධිකරණය විසින් තීන්දු කොට නිදොස් කොට නිදහස් කළ බව චතුර සේනාරත්න එහිදී කියා සිටියා.

එමෙන්ම තම පියා වන රාජිත සේනාරත්න අල්ලස් පනත ගෙනඒම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ අයෙක් බව ද ඔහු පෙන්වාදෙනවා.

ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ චතුර සේනාරත්න,

“ තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් ආණ්ඩුව පෙරලනවා. මම අද කිව්වා කියලා මතක තියාගන්න ඉතිහාසය විසින් රාජිත සේනාරත්නයන්ව නිදොස් කොට නිදහස් කරාවි. අපේ මුළු ජීවිතේ කාලෙටම අපි සටන් කළේ, දූෂණයට එරෙහිව.  94 දී අල්ලස් පනත ගේනකොට ,  ඒකට එක්සත් ජාතික පක්ෂය සහයෝගය දිය යුතු ඇතැයි, මොකද එවකට 17 අවූරුදු පාලනයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය මෙම පනතට සහයෝගය දිය යුතු ද නැද්ද කියලා ඇතුළෙදි විශාල බෙදීමක් තිබ්බා. නමුත් එවකට වමේ ඉඳන් යූ.එන්.පී එකට ගිහිල්ලා හිටපු රාජිත සේනාරත්න එවකට මන්ත්‍රීවරයා තමයි යෝජනාව ඉදිරිපත් කරේ, එවකට විපක්ෂ නායක ගාමිණි දිසානායකට මේ අල්ලස් පනතනට සහයෝගය දිය යුතුයි කියලා.

ඒ වගේම 2015 රජයේදී එක්සත් ජාතික පක්ෂය සමග අපේ සිවිල් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය  ඒකාබද්ධ වෙලා, සන්ධානගත වෙලා ජාතික පෙරමුණ ගොඩ නැගුවා ඒ මැතිවරණයට. ඒ සඳහා අපි තමයි  ඉදිරිපත් කළේ ,ඒ ආණ්ඩුවට මේ දැවැන්ත නූතන අල්ලස් හා අකටයුතුකම්  ඒ නීතීවිරෝධි වත්කම් විමර්ෂනය කිරීමට නූතන පනතක්  මේ රටේ බිහි කළ යුතුයි කියලා. ඒ අරගලය තමයි 2023 අංක 9 දරන පනත යටතේ රනිල් වික්‍රමසිංහ එවකට රජයෙන් ඉදිරිපත් වුණේ. ඒක හින්දා ඒකට අපෙ සම්පූර්ණ සහයෝගය තියෙනවා.

මේ රටේ හොරු අල්ලන්න ඕනේ, ඒ වගේම දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. නමුත් මතක තියාගන්න ඕනේ,චන්ද්‍රිකා රජය රාජිත සේනාරත්නයන්ට විරුද්ධව මේ වගේම නඩුවක් දාලා ඒකේ තීන්දුව මහාධිකරණය දුන්නේ සකසන ලද නඩුවක් කියලා”

The post රාජිත සේනාරත්නගේ පුත්‍රයාගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/eiBqd6M

Labels:

Monday, July 14, 2025

අද කාලගුණය ගැන දැනගන්න! ගිගුරුම් සහිත වැසි ඇතිවෙන ප්‍රදේශ මෙන්න!

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  සඳහන් කරනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද කාලගුණය ගැන දැනගන්න! ගිගුරුම් සහිත වැසි ඇතිවෙන ප්‍රදේශ මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ljeDirK

Labels:

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට?

අවසන් පාලනයන්ට වඩා මේ මැතිවරණයෙන් පත්වූ රජය යහපත් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු මේ අදහස් දැක්වූයේ, කැලණිය ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමින් ඔහු මෙසේද පැවසීය:

” මේ රජයේ ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයා යම්කිසි කාර්ය භාරයක් සිදුකරනවා. නමුත් තවම සාධාරණ සාර්ථක දෙයක් මෙතෙක් දුරට පාතාලයේ ක්‍රියාකාරකම් නවත් වන්නට කෙරිල නැහැ. මේ දිනවල මරා ගැනීම් තියෙන්නේ මූලිකවම මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාපාරය හරහායි. මත්ද්‍රව්‍ය අපේ සමාජයට පිළිලයක් වෙලා. ආරක්ෂක ලේකම් කම ගන්න කිව්වට මම පිළිගන්නේ නැහැ.

ලේකම්ලා ඉන්නේ මෙහෙයුම් කරන්න නොවේ. ලේකම්ලා අමාත්‍යාංශ වල විගණන නිලධාරී හැටියට ඉන්නේ. කොහොමටත් මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් නිසා රජයේ තිබෙන පිළිවෙළ අනුව ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් රඳවලා තිබෙන්නේ ඇමතිවරු සිටින ස්ථානයේ. මේ වැඩේ කාට වුණත් කරන්න නම් මේ වැඩේ ගැන වග කීමක් පැවරෙන්න ඕනා.

පුරෝහිතලාට මේ වැඩේ කරන්න බැහැ. මේ රටේ තිබුණ පාලනයට වඩා මේ පාලනය හොඳයි. අපේ යම්කිසි අංශ වලින් පසුබෑම් තිබෙනවා. අපට බඩගින්නේ ඉන්න වුණත් හොරකම්, මැරකම්, දුෂණ, නවත්වනවා නම් ඒකෙන් රටට යහපතක් වෙනවා. මේ වන විට රජයේ යම් කිසි උත්සාහයක් ගනිමින් තිබෙනවා හොරකම වංචාව දුෂණය නවත්වන්න.

අපේ රටේ සම්පත් අවභාවිතකළ අය හිර ගෙවල් වලට යනවා අපි දකිනවා. මේ ක්‍රමය සාර්ථක වුණොත් අනිවාර්යයෙන්ම රටට විශාල ශක්තියක් වේව්. අපි සංස්කෘතියක් හැටියට සාර්ථක වෙයි. පළමුවෙන්ම හොරු ඇල්ලීම සිදු විය යුතුයි. ඒක නැතුව මොනවා කළත් වැඩක් නැහැ.” යැයිද පවසා සිටියේය.

The post ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Ux7NVXf

Labels:

Sunday, July 13, 2025

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ද ඇතිවිය හැකි බවයි.

එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක අද (13) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

The post අද වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Rqk2Y3g

Labels:

මහනුවර රෝහලේ ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

මහනුවර මහ රෝහලේ මහල් ගොඩනැගිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලබා එම රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (12) සවස් කාලයේ මෙම අනතුරු සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා කොන්ත්‍රාත් පදනම මත රෝහලේ ගොඩනැගිලි පින්තාරු කරමින් සිටියදී එම ගොඩනැඟිල්ලේ 03 වන මහලින් මෙලෙස ඇද වැටී ඇති බවට සිදුකළ  විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසනවා.

මෘත දේහය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මහනුවර පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.

The post මහනුවර රෝහලේ ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/N6MHuSI

Labels:

ගුරු විදුහල්පති ස්ථාන මාරුවීම් ගැන අගමැතිනිගෙන් ප්‍රකාශයක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. 

ඇය පැවසුවේ මේ සම්බන්ධව පළාත් සහ මධ්‍යම රජය නිසි පරිදි සම්බන්ධිකරණය පවත්වා ගත යුතු බවයි.

2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන  බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ පළමු වැඩසටහන අමතමින් ඊයේ (12) උතුරුමැද පළාත් සභාවේ දී  අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය. 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් සිදුකරන විෂය මාලා සංශෝධනය, ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ගුරු විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන  පුරප්පාඩු  අවම කිරීම, පලාත් සභා සහ මධ්‍යම රජය අතර නිසි සම්බන්ධිකරණය සිදු කිරීම, පළාත් සභා මට්ටමින් පවතින ගැටලු අවබෝධ කරගනිමින් ඊට කඩිනම් විසදුම් ලබා දීම පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

The post ගුරු විදුහල්පති ස්ථාන මාරුවීම් ගැන අගමැතිනිගෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iFJ9wHD

Labels:

Saturday, July 12, 2025

වාර්තා අලුත් කරමින් අලෙවි වූ ලොව මිල අධිකම අත් බෑගය! ඩොලර් මිලියන 10කට වෙන්දේසි වෙයි!

වර්ෂ 1984 දී නිළියක්, ගායිකාවක් සහ විලාසිතා නිරූපිකාවක් වන ජේන් බර්කින් වෙනුවෙන් නිර්මාණය කරන ලද මුල් Hermès මාදිලිය අත්බෑගය යුරෝ මිලියන 7කට (ඩොලර් මිලියන 8.18) වෙන්දේසිය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව, ජපානයේ නිර්නාමික ලංසුකරු යුරෝ මිලියන 8.58ක් (ඩොලර් මිලියන 10) ගෙවා ඇති අතර, එය ඉතිහාසයේ වඩාත්ම මිල අධිකම අත්බෑග් වෙන්දේසිය බවට පත්ව තිබෙනවා. 

මීට පෙර, වෙන්දේසියකදී අලෙවි වූ මිල අධිකම අත්බෑගය වූයේ 2022 දී ඩොලර් 450,000කට වෙන්දේසි වූ අත්බෑගයක්.

The post වාර්තා අලුත් කරමින් අලෙවි වූ ලොව මිල අධිකම අත් බෑගය! ඩොලර් මිලියන 10කට වෙන්දේසි වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/z8onh0S

Labels:

Friday, July 11, 2025

ජනේලයක් බිඳ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට වෙඩි තබයි

අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරනු ලබනවා. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව සඳහන්.

The post ජනේලයක් බිඳ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට වෙඩි තබයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4wp1nFg

Labels:

ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්! කුසල් මෙන්ඩිස්ගෙන් ගිණිකෙළි සංදර්ශනයක්!

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගය කඩුළු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.

ශ්‍රී ලංකා පිලේ ආරාධනයට අනුව පළමුව පන්දුවට පහරදීමට පල්ලේකැලේ ක්‍රීඩාපිටියට පැමිණි බංග්ලාදේශ පිල කඩුළු 5ක් දැවී ලකුණු 154ක් රැස්කර ගත්තේය.

බංග්ලාදේශ පිල වෙනුවෙන් පර්වේස් හුසෙයින් ලකුණු 38ක් රැස්කර ගත් අතර, මොහොමඩ් නයිම් නොදැවී ලකුණු 32ක් රැස්කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනූව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 155ක ඉලක්කයක් හිමි වුණා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි පැතුම් නිශ්සංක පන්දු 16කදී ලකුණු 42කට දැවී ගිය අතර විශිෂ්ඨ ඉනිමක් දියත් කල කුසල් මෙන්ඩිස් පන්දු 51කදී ලකුණු 73ක් රැස්කර ගත්තා. 

කුසල් මෙන්ඩිස් මෙලෙස වාර්තා කළේ සිය පන්දුවාර විස්ස ක්‍රිකට් ඉතිහාසයේ 16 වන අර්ධ ශතකයයි.

සිය අර්ධ ශතකය රැස් කිරීමට මෙන්ඩිස්ට වැය වූයේ පන්දු 31ක් පමණක් වන අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හතරේ පහර 3ක් අන්තර්ගත විය.

ඊට අමතරව කුසල් ජනිත් පෙරේරා ලකුණු 24ක් රැසකර ගැනීමට සමත් වූ අතර ඒ අනූව පන්දු වාර 19ක් තුළ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 159ක් රැසකර ගනිමින් ඉලක්කය හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

The post ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්! කුසල් මෙන්ඩිස්ගෙන් ගිණිකෙළි සංදර්ශනයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HO3qYin

Labels:

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රතිඵල බැලිය හැකි ආකාර මෙන්න!

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ විභාග ප්‍රතිපල නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ https://ift.tt/wR6M15O යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි  බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

The post සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රතිඵල බැලිය හැකි ආකාර මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iON97M3

Labels:

Thursday, July 10, 2025

කුසල් මෙන්ඩිස්ට ඉතිහාසගත උසස්වීමක්

ICCය විසින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි කුසල් මෙන්ඩිස් පළමු දසදෙනා අතරට පැමිණ තිබේ.

බංග්ලාදේශයට එරෙහි තරගාවලියේ දී ඔහු දැක් වූ දක්ෂතා මෙම පැමිණීමට හේතුවී ඇත.

එම තරගාවලියේ දී ඔහු ශතකයක්, අර්ධ ශතකයක් සමගින් ලකුණු 225ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ඔහු 20වන ස්ථානයේ සිට ස්ථාන 10ක් ඉදිරියට පැමිණ මෙම ස්ථානයට පැමිණ තිබේ.

කුසල් මෙන්ඩිස් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු දස දෙනා අතරට පිවිසියේ ඉතිහාසයේ පළමුවරටයි.

මේ අතර ශ්‍රී ලංකා නායක චරිත් අසංකද 8වන ස්ථානයේ සිට තවත් ස්ථාන 2ක් ඉදිරියට ගොස් 6වන ස්ථානයේ රැඳී සිටියි.

ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවාය.

The post කුසල් මෙන්ඩිස්ට ඉතිහාසගත උසස්වීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7ub6gKC

Labels:

බොන වතුර මල්වලට දාන්න එපා! වාහන හෝදන්නත් එපා!

පවතින වියළි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අධික වියළි කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජල මූලාශ්‍රයන්හී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉහළ මට්ටමක පවතින බව එම මණ්ඩලය පැවසුවේ.

මෙම තත්වය හමුවේ පානීය ජල සැපයුම සීමා සහිත වන බැවින් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සමසේ බෙදාහැරීය යුතු බව ද කියන ජල සම්පාදන මණ්ඩලය එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව ඇතුලු අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට ජලය භාවිතා කිරීම අවම කර අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිතා කරන ලෙස ද සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් ඇති වූ විට පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදාහැරීමේදි අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බවත් වියළි හා අයහපත් කාලගුණික තත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදුවී තිබෙන දුෂ්කරතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව ප්‍රකාශ කරන බව ද වැඩි දුරටත් සඳහන් කරයි.

The post බොන වතුර මල්වලට දාන්න එපා! වාහන හෝදන්නත් එපා! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rUcYpIG

Labels:

Wednesday, July 9, 2025

වසර 06කට පසු බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජය

තරග 03කින් සමන්විත බංග්ලාදේශ – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය වසර 06කට පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් තරගයේදී ලකුණු 99කින් බංග්ලාදේශය පරාජයට පත් කරමින්.

අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 285ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකල බංග්ලාදේශයට සියළුදෙනා දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 186ක් පමණයි.

මෙහිදී, බංග්ලාදේශ කණ්ඩායමේ Parvez Hossain Emon ලකුණු 28ක් රැස් කළ අත‍ර Tanzid Hasan ලකුණු 17, Towhid Hridoy ලකුණු51ක්ද, නායක Mehidy Hasan Miraz ලකුණු 28ක්ද, Shamim Hossain ලකුණු 12ක්ද, Jaker Ali ලකුණු 27ක්ද, Tanzim Hasan Sakib ලකුණු 05ක්ද, Taskin Ahmed එක් ලකුණක්ද, Tanvir Islam ලකුණු 08ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ, අසිත ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර කඩුළු 03 බැගින්ද, දුනිත් වෙල්ලාලගේ සහ වනිඳු හසරංග කඩුළු 02 බැගින් දවාගත්තා.

The post වසර 06කට පසු බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fr3KANQ

Labels:

200 දෙනෙකු ඇප රහිත ණය ලබා ගයි! ණය මුදල ලබා ගන්නා ආකාරය මෙන්න!

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ප්‍රථම වරට හඳුන්වා දුන් ඇප රහිත ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පිහිට වූ ජාතික ණය සුරැකුම් ආයතනය පසුගිය ජූනි මස 3 වනදා ආරම්භ කළේය.

එම ආයතනයට මේ වන විට අයදුම්පත් දෙසිය පනහක් පමණ ලැබී තිබෙන අතර ඉන් දෙසිය දෙනකුට පමණ දැනටම ණය මුදල ලබා දී තිබෙන බව එම ආයතනයේ උසස් නිළධාරියෙක් පැවසීය.

අයදුම්කර සතියක් ඇතුළත ණය මුදල ලබාදීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීවේය.

මේ යටතේ රුපියල් මිලියන විසිපහක උපරිම ණය මුදලක් ලබා ගත හැකි අතර ණය මුදලින් සියයට හැට හතකට හෙවත් තුනෙන් දෙකකට අදාළව මෙම ආයතනයෙන් ආරක්ෂණයක් ලබා දෙයි.

ඉතිරි ප්‍රමාණයට අදාළව ණය හිමියාගෙන් ආරක්ෂණයක් ලබා ගන්නේ ද යන්න බැංකුව තීරණය කළ යුතු වෙයි.

ණය සුරැකුම් ආයතනය අපේක්ෂා කරන්නේ අයදුම්කරුවන් පන්දහසක් පමණ මෙම වැඩසටහනට එක්වනු ඇති බවයි.

The post 200 දෙනෙකු ඇප රහිත ණය ලබා ගයි! ණය මුදල ලබා ගන්නා ආකාරය මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8f4Tna5

Labels:

Tuesday, July 8, 2025

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක එක්දින තරගය අදයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද පස්වරු 2.30ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි. 

ශ්‍රී ලංකාව මේ දක්වා මෙරට තුළදී බංග්ලාදේශය සමගින් පැවති කිසිඳු එක්දින තරගාවලියක් පරාජයට පත් වී නැහැ. 

මේ වනවිට තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයේ පැවතීම හේතුවෙන් තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාවට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

The post ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක එක්දින තරගය අදයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7DqX0iz

Labels:

වාහන ආනයනය යළි සීමා වෙයි? මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනවා. 

මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමත් සමග වසර 5කට පසු පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීම ඉකුත් පෙබරවාරි පළමුවනදා සිට සිදු කරනු ලැබීය.

එතැන් සිට ජුනි මස අවසානය දක්වා ගත වූ මාස 5 තුළ මෝටර් රථ 18,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ආනයනය කර තිබෙන අතර ඉන් මෝටර් රථ 13,614ක් අදාළ කාලසීමාව තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.

ඒ අනුව ගෙවුණු මාස 5 තුළ වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ණයවර ලිපි විවෘත කර ඇති අතර මේ වනවිට ඉන් ඩොලර් මිලියන 450ක වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර අවසන්ය.

මේ අතර වාහන ආනයනය සදහා ඇති මේ උනන්දුව ඩොලර් සංචිත කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බැවින් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මහබැංකුව වෙත අනතුරු හගවා තිබෙන පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව අතර වාහන ආනයනය සම්බන්ධයෙන් කිසිඳු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුව නොමැති බවය.

එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු විදේශ සංචිතවලට කිසිඳු බලපෑමක් සිදුනොවන අතර වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට වාණිජ බැංකු පද්ධතියේ පවතින ඩොලර් සංචිතවලින් බවයි.

The post වාහන ආනයනය යළි සීමා වෙයි? මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kqCjOFM

Labels:

Monday, July 7, 2025

ගාල්ල බන්ධනාගාරයට උඩින් ආව තහනම් පාර්සලය

ගාල්ල බන්ධනාගාරයට පිටතින් විසින් කරන ලද තහනම් භාණ්ඩ අයත් පාර්ලසලයක් නිලධාරින් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාරය තුළ පිහිටි මුළුතැන්ගෙය පිටුපස රැඳවියන් ස්නානය කරන ජල ටැංකි පිහිටි ස්ථානයට එම පාර්සලය යම් කිසි පුද්ගලයෙකු විසින් විසි කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

එම පාර්සලයේ මත්පැන් යැයි සැකකළ හැකි දියර සහිත බෝතල් 03ක් සහ දුරකතන චාජරයක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසුවා.

ජේලර්වරයෙකුගේ අධික්ෂණය යටතේ දියර සහිත බෝතල් තුන විනාශ කර තිබෙනවා.

The post ගාල්ල බන්ධනාගාරයට උඩින් ආව තහනම් පාර්සලය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/oiOyKPp

Labels:

Sunday, July 6, 2025

සංගක්කාරගේ සහ මහේලගේ බිස්නස් එකකට ලෙඩක් වැටෙයි! පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලයි!

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන වෙඩිතල්තිව් සංරක්ෂිත කලාපයෙන් අක්කර 400ක භූමි භාගයක ව්‍යාපාරයක් සිදුකරන බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) චෝදනා කරයි.

මෙම ඉඩම්වල මහ පරිමාණ ඉස්සන් හා කකුළු වගාවන් සිදුකරන බව එමද පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් දුමින්ද නාගමුව මේ චෝදනා එල්ල කළ අතර පෙර පැවති ආණ්ඩු සමයන්හිදී මෙම ඉඩම් ලබා ගත් ආකාරය කෙසේදැයි රටට අනාවරණය කළ යුතු බවද සඳහන් කළේය.

සංරක්ෂිත කලාපයක මෙවැනි මහ පරිමාණ ව්‍යාපාරයක් සිදු කිරීම දැවැත්ත පරිසර හානියක් බවද මෙහිදි සඳහන් කළේය.

The post සංගක්කාරගේ සහ මහේලගේ බිස්නස් එකකට ලෙඩක් වැටෙයි! පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/s5xHUWr

Labels:

කුසල්ගේ හා ජනිත්ගේ ඉනිම් අපතේ යයි! බංග්ලාදේශයට තියුණු ජයක්!

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (05) සමත්වුණි.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය මේ වනවිට එකට එකක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයේ පසුවෙයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනාගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වූණි.

එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Parvez Hossain Emon පන්දු 69කදී ලකුණු 67ක්ද, Towhid Hridoy පන්දු 69කදී ලකුණු 51ක්ද රැස්කර ගැනීමට සමත් වුණා.

 arvez Hossain Emon සිය පළමු එක්දින අර්ධ ශතකය වර්තාකර ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්. 

ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 5කට දැවී ගියේය.

අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් වේගව්ත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 31කින් ලකුණු 56ක් රැස් කළේය.

මස්ටෆිසූර් රෙහෙමාන් යැවූ පළමු පන්දුවාරයේ පළමු පන්දු 4ට හතරෙ පහර 4ක් එල්ල කළ කුසල් සිය අර්ධ ශතකය පන්දු 20කින් සම්පූර්ණ කළේය.

නිෂාන් මදුෂ්කගේ ඉනිම ලකුණු 17කට සීමා වූ නායක චරිත් අසලංක ලකුණු 6කට සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 33කට දවා ගනිමින් බංග්ලාදේශය යළිත් තරගයට අවතීර්ණ වුණි.

කෙසේ වෙතත් ජනිත් ලියනගේ සහ දුෂ්මන්ත චමීර එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ බලාපොරොත්තු එක් කළේය.

කෙසේ වෙතත් ජනිත් ලියනගේ දැවී යාමත් සමග ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු බිඳ වැටුණි.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Tanvir Islam පන්දුවාර 10ක් යවා නිලකුණු පන්දුවාර 2ක් සමගින් ලකුණු 39කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් වූ අතර එය ඔහු විසින් එක්දින තරගයක් තුල කඩුලු 05ක් දවා ගත් පළමු අවස්ථාවයි.

 මීට අමතරව Tanzim Hasan Sakib පන්දුවාර 04කුත් පන්දු 5ක් තුළ ලකුණු 34කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා. 

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48 පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 232ක් පමණයි.

The post කුසල්ගේ හා ජනිත්ගේ ඉනිම් අපතේ යයි! බංග්ලාදේශයට තියුණු ජයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nhC4Iaw

Labels:

Saturday, July 5, 2025

හිටපු ජනපති රනිල්ගෙන් අනාවැකියක්

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත ‘විකල්ප මඟ’ කෘතිය කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පසුගිය දා රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැන්වීය.

එහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ලෝක බල අරගලය ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළද බල හුවමාරුවකට තුඩු දිය හැකි බවයි.

ලෝකය බල අරගලයක් තුළින් ගමන් කරන අවදානම් වකවානුවක සිටින බව පැවැසූ හිටපු ජනාධිපතිවරයා දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

“ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාර දියත් කළේ ඉරානය පරමාණුක බල ශක්තිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි.

ඉරානය ශ්‍රී ලංකාවට ද උදවු උපකාර කර ඇති මොහොතක වත්මන් ආණ්ඩුව පෙනී නොසිටීම කණගාටුවට කරුණක්. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා.

ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැඟී සිටිනවා. එම බලවේගය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය බ්‍රික්ස් ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන්ගෙන තිබෙනවා.

එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමඟ අපි ගමන් කළ යුතු යි.”

The post හිටපු ජනපති රනිල්ගෙන් අනාවැකියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nUs6L0T

Labels:

ෂාරුක් ඛාන්ව බලන්න ටිකට් ගන්න එපා! ජනතාවට වැදගත් දැනුම්දීමක්!

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සහභාගීත්වයෙන් එළඹෙන අගෝස්තු මස 02 වන දින පැවැත්වීමට නියමිත ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශපත් අලෙවි නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් පැතිර යන ව්‍යාජ දැන්වීම්වලට නොරැවටෙන ලෙසත් සංවිධායකයින් මහජනතාවට දැනුම් දෙයි.

මෙම උත්සවය ඉලක්ක කර ගනිමින් ඇතැම් පාර්ශව ව්‍යාජ ප්‍රවේශපත් අලෙවි කිරීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බවද ඔවුහු පවසති.

නිවේදනයක් නිකුත් කරමින් සංවිධායකයින් අවධාරණය කරන්නේ, මෙම සමාරම්භක උත්සවය විශේෂ ආරාධිතයින් සඳහා පමණක් සීමා වූවක් බවයි. ඒ අනුව, කිසිදු තෙවන පාර්ශවයකට මෙම උත්සවය සඳහා ප්‍රවේශපත් නිකුත් කිරීමට, බෙදා හැරීමට හෝ අලෙවි කිරීමට අවසර ලබා දී නොමැති බවයි.

සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම් එක්ව ක්‍රියාවට නංවන ‘City of Dreams Sri Lanka’ ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීම සනිටුහන් කරයි.

මෙම ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන අතර, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් මෙතෙක් සිදුකරන ලද දැවැන්තම ආයෝජනයක් ලෙස ද සැලකේ.

එබැවින්, මෙම උත්සවය පිළිබඳව නිල නොවන මූලාශ්‍ර ඔස්සේ පළවන තොරතුරු විශ්වාස කිරීමෙන් වළකින ලෙසත්, යම් ගැටලුවක් පවතින්නේ නම් ‘City of Dreams Sri Lanka’ හි නිල සන්නිවේදන මාර්ග ඔස්සේ පමණක් තොරතුරු විමසන ලෙසත් සංවිධායකයින් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

The post ෂාරුක් ඛාන්ව බලන්න ටිකට් ගන්න එපා! ජනතාවට වැදගත් දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lwP7tgQ

Labels:

අනාවැකියක් නිසා ජපානයම සලිත වෙයි! ජපානයට අද දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමියක් ?

2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් අද (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ.

ඒ හෙට දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි තත්ත්වයක් හටගනු ඇති බවට පළවී ඇති අනාවැකියක් හේතුවෙනි. 

මෙම අනාවැකිය පළ වී ඇත්තේ 1999 දී මංගා කලාකරු රියෝ ටැට්සුකි විසින් රචිත ප්‍රහසන කෘතියකට අනුව මේ කටකතා පැතිරෙමින් ඇත. 2021 දී නිකුත් කරන ලද නව සංස්කරණයක දී, ඊළඟ විශාල භූමිකම්පාව හෙට දිනයේ සිදුවනු ඇති බවට ඇය අනාවැකි පළ කර තිබේ.

එහි සදහන් වන පරිදි, ජපානය සහ පිලිපීනය අතර සාගර පතුලේ හටගන්නා බිඳීයාමක් හේතුවෙන් මෙම සුනාමි තත්ත්වය ඇතිවන අතර එය 2011 වසරේ ජපානයට බලපෑ සුනාමි තත්ත්වය මෙන් තුන්ගුණයක් විශාල එකක් විය හැකි බව සඳහන් වුණි. 

2011 දී විශාල සුනාමියක් ඇති කළ භූමිකම්පාවෙන් පුද්ගලයින් 18,000 කට අධික පිරිසකට ජීවිත අහිමිවිය.

මෙම අනාවැකිය සම්බන්ධයෙන් ජපානය, හොංකොං, තායිවානය, චීනය සහ දකුණු කොරියාව වැනි රටවල සමාජ මාධ්‍යජාල තුළ මේ වනවිට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

මෙවන් පසුබිමක දකුණුදිග ජපාන කලාපයට අයත් තොකෝරා දූපතේ පසුගිය ජූනි 21 වැනිදා රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගත් අතර ඉන් පසුව ගෙවුණු දෙසතියක කාලය තුළ එම දූපත පසුකම්පන 900කට වැඩි සංඛ්‍යාවකට මුහුණදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානය භූමිකම්පා වලට ගොදුරු වීමේ වැඩිම අවදානමක් ඇති රටවලින් එකකි, මන්ද එය පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා ඇති අතර එහිදී බොහෝ භූ තැටි හමුවෙයි. එහි සෑම වසරකම භූමිකම්පා 1,500 ක් පමණ සිදු වේ.

The post අනාවැකියක් නිසා ජපානයම සලිත වෙයි! ජපානයට අද දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමියක් ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/r1SGcmv

Labels:

Friday, July 4, 2025

ටීචර් අම්මාට තවත් ලෙඩක් වැටෙයි! පහර කෑ තරුණයා අධිකරණයේ පිහිට පතයි!

උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ ගෙන්  පහර කෑ බව කියන තරුණයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමුකර ඇත.

මෙම ගුරුවරිය විසින් කළ පැමිණිල්ලකට අනුව තමන්ව කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම තුළින් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අදාළ තරුණයා මෙම පෙත්සම යොමුකර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම සලකාබැලීමට ජනවාරි මස 28වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී දින නියම කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස කටාන පොලීසියේ පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

පෙත්සම්කාර තරුණයා පවසා සිටින්නේ අදාළ ගුරුවරියගේ හිමිකාරීත්වය ඇති පෞද්ගලික අධ්‍යාපන ආයතනයක තාක්ෂණ නිලධාරියකු තමන් සේවය කළ බවය.

එසේ සේවය කරමින් සිටියදී පරිගණක පුහුණුවක් ලබාදෙන ලෙස පවසා, තරුණියක් එම පුද්ගලික අධ්‍යාපන ආයතනයේ හිමිකාරිය විසින් තමන්ට භාරදුන් බවත් පෙත්සම්කරු පවසා සිටියේය.

මේ ආකාරයෙන් පරිගණක පුහුණුව ලබාදෙන අතරතුර ඉකුත් මැයි මස 6 වනදා එම ස්ථානයට පැමිණි හයේෂිකා ප්‍රනාන්දු නමැත්තිය, මුහුණු පොතේ පළකර තිබූ කමෙන්ටුවක් පිළිබඳ විමසමින් තමාට පයින් පහර දුන් බවය.

ඉන් පසුව තවත් පිරිසක් සමග එක්ව අමානුෂික ආකාරයෙන් පහර දුන් බවත් පෙත්සම්කරු චෝදනා කළේය.

පසුව අදාළ තරුණියගේ දෙමව්පියන් කැඳවා ඇයට ලිංගික අතවර සිදුකළ බවට අසත්‍ය චෝදනාවක් ඇය විසින් එල්ල කළ බවත් ඔහු පැවසීය.

අදාළ ආයතනයේ හිමිකාර ගුරුවරියගේ පැමිණිල්ලක් මත පහරදීම හේතුවෙන් රෝහල්ගතව සිටි තමන්ව  ඉකුත් මැයි මස 14 වනදා කටාන පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවත්, පැය 48ක් ගතවනතුරු තමන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු නොකළ බවත් පෙත්සම්කරු වැඩිදුරටත් චෝදනා කරයි.

සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන අනීතික ලෙස රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, ඒ වෙනුවෙන් අධිකරණයට සුදුසු යැයි හැඟෙන වන්දියක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියි.

The post ටීචර් අම්මාට තවත් ලෙඩක් වැටෙයි! පහර කෑ තරුණයා අධිකරණයේ පිහිට පතයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Y8MPnUR

Labels:

AliExpress තීරණය ගැන ‍රජයේ ප්‍රධානියෙකුගෙන් සටහනක්

Ali express ශ‍්‍රී ලංකාවට භාණ්ඩ ප‍්‍රවාහනය නවතා දැමීම සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ෆේස්බුක් සටහනක් තබමින් පැහැදිලි කිරීමක් සිදු කර තිබුණි.

ඔහු එහි දක්වා තිබුනේ ලංකාවේ දේශීය නිශ්පාදනවලට දැවැන්ත තර්ජනයක් වී තිබූ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය මේ වන විට වෙනස් කර ඇති බවයි.

මින් පෙර බර කිලෝ 1ක පාර්සලයක් තුළ ඇති ඕනෑම භාණ්ඩයක් රු 800ක බද්දක් ගෙවා නිෂ්කාශනය කරගත හැකි වූ අතරම, නිශ්චිත අගයකට අඩුනම් බදු ගෙවීමක් අවශ්‍ය වී නොතිබුණි.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, මේ වන විට මෙම ක්‍රමය නිවැරදි කර ඇති අතර එහිදී අදාල පාර්සලයේ බර අනුව නොව HS code එක අනුව අදාල බදු අයකිරීම සිදු වනු ඇති බවයි.

නි. අමාත්‍යවරයා තැබූ සටහන පහතින් දැක්වේ.

කස්ටිය පැනික් වෙලා නිසා පොඩි සටහනක් දාන්න හිතුනා.

Ali express එකෙන් දේශපලනය කරන සමහරු ලියල තිබ්බා ආණ්ඩුව අලුත් බද්දක් ගහල කියල 

ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ

ලංකාවෙ දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කරල තියෙන්නෙ

මීට පෙර කිලෝ එකක පාර්සලයක ඕනෙම බඩුවක් රු 800ක බද්දක් ගෙවල Clear කරන්න පුලුවන්, ඒ වගේම නිශ්චිත අගයකට අඩුනම් බදු apply වෙන්නෙ නෑ ( මේකෙදි උනේ under value invoice දාන එක)

මේ ක්‍රමේ අනේක විදිහට අවභාවිතා කලා (මැච් එකක් ගැහුවා සමහරු)

දැන් නිවැරැදි ක්‍රමයට යනවා, ගෙන්වන පාර්සල් වල HS code එකට අනුව Tax වෙනවා. බර අනුව නෙමේ

මේ ක්‍රම වෙනස නිසා අධ්‍යාපන හා පර්‍යේෂණ කරයුතු වලට ගේන එක් එක් අයිතම බදු වලට යටත් වෙලා කියල චෝදනාවක් තියෙනවා. ඒක මේ වෙලාවෙ තාවකාලිකව එහෙම වෙන්න පුලුවන්, මොක්ද ඒව බේරන්න රෙගුලාසි හදල නෑ.

අපිට කරන්න පුලුවන් දේ තමයි ඒ අධ්‍යාපනික පරේශන උපාංග HS code හා ප්‍රමාණ මත ඉදිරියට සහනයක් සලසන්න වැඩපිලිවෙලක් හදන්න. මේ දේ ඉතා ඉක්මනින් කරන්න රජය මැදිහත්වීමක් කරයි.

System Change  කලබල වෙන්න එපා හොදම system එක නිවැරැදිම ක්‍රියාවලිය අපි රටක් විදිහට හදාගමු.

ආර්ථිකයේ සම බිමක් හදල අයුතු ලාභ ඉවත් කිරිම හා Dumping නැවැත්වීමට මේ රජය කල හැකි සියල්ල කරනවා

අර්බුදයට සැබෑවට ලක්වුන පර්‍යේෂකයන්ට ඒ අදාල HS code ලිකිතව රේගු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න

– චතුරංග අබේසිංහ

The post AliExpress තීරණය ගැන ‍රජයේ ප්‍රධානියෙකුගෙන් සටහනක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/M8BsN15

Labels:

Thursday, July 3, 2025

කහවත්ත පොලිස් ස්ථානාධිපතිට යාපනයට මාරුවක්

කහවත්තේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබෙනවා.


ඒ කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශන හේතුවෙන් බවයි පොලිසිය පවසන්නේ.

ඉකුත් ජුනි 30 වනදා අදාළ තරුණයා වෙඩිතැබීමකින් ඝාතනය ලක්විය.

කිසියම් පිරිසක් එම තරුණයා සිටි නිවසට පැමිණ පැහැරගෙන ගොස්, මෙම වෙඩිතැබීමට සිදුකළ බවට මූලික විමර්ශනවලදී මේ වනවිට අනාවරණය වී තිබේ.

The post කහවත්ත පොලිස් ස්ථානාධිපතිට යාපනයට මාරුවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vkAgCLO

Labels:

Wednesday, July 2, 2025

IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

The post IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dSKGhCl

Labels:

Tuesday, July 1, 2025

බස් ගාස්තු සංශෝධනය ගැන ගත් තීරණය

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසම රැස්වී තීරණය කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පවසනවා.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බව නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළා.

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව ජූලි මාසයට අදාලව ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබුණා.

The post බස් ගාස්තු සංශෝධනය ගැන ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Iou4vVM

Labels:

ඇමති ලාල් රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම

ඉහළ නිලධාරීන් ලෙස හෝ ඉහළ සේවකයින් ලෙස අධි මානසිකත්වයෙන් බැහැරව සියලු දෙනා ඒකාවන්ව වැඩ කළ යුතු බව අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ සැළසුම් පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවේදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා.

ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩකටයුතු සහ ඒ වෙනුවෙන් සිදුකෙරෙන ප්‍රායෝගික වැඩපිළිවෙළ පිළිබදවද එහිදී සාකච්ඡා කර තිබේ.

මෙම අවස්ථාවට එක්වූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සූකර උණ සම්බන්ධයෙන් සමාජයේ පැතිරයන වැරදි මත පිළිබඳව පැහැදිලි කළා.

The post ඇමති ලාල් රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0ODhVtf

Labels:

විශ්‍රාමික ගුරුවරියට මරු කැඳවූ අනතුර

විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු පැදවූ කැබ් රථයේ දොර විවෘත කිරීමත් සමගම ධාවනය වෙමින් තිබූ යතුරුපැදයක හැඩලයේ ගැටී එය මාර්ගයේ පෙරළී යාමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් විශ්‍රාමික ගුරුවරියක් මියගොස් තිබෙනවා.

ඇගේ සැමියා තුවාල ලබා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

අනතුරින් මියගොස් ඇත්තේ පොකුණු විට හංස උයන පදිංචිව සිටි 62 හැවිරිදි තිදරු මවකි.

යතුරුපැදිය පොකුණු විට සිට බණ්ඩාරගම දෙසට ගමන් කිරීමේ දී නවතා තිබූ කැබ් රථයේ දකුණු පස දොර එකවරම විවෘත කිරීම හේතුවෙන් යතුරුපැදියේ හැඩලයේ ගැටී මාර්ගයට වැටී ඇති අතර පසුව පසුපැදිකාරිණිය පිටුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැකකාර විශ්‍රාමික යුද්ධ හමුදා සෙබළා සහ ත්‍රීරෝද රථ රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

The post විශ්‍රාමික ගුරුවරියට මරු කැඳවූ අනතුර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uCBwdJz

Labels: