බොන වතුර මල්වලට දාන්න එපා! වාහන හෝදන්නත් එපා!
පවතින වියළි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අධික වියළි කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජල මූලාශ්‍රයන්හී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉහළ මට්ටමක පවතින බව එම මණ්ඩලය පැවසුවේ.
මෙම තත්වය හමුවේ පානීය ජල සැපයුම සීමා සහිත වන බැවින් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සමසේ බෙදාහැරීය යුතු බව ද කියන ජල සම්පාදන මණ්ඩලය එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව ඇතුලු අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට ජලය භාවිතා කිරීම අවම කර අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිතා කරන ලෙස ද සඳහන් කරයි.
මෙවැනි තත්ත්වයක් ඇති වූ විට පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදාහැරීමේදි අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බවත් වියළි හා අයහපත් කාලගුණික තත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදුවී තිබෙන දුෂ්කරතාවය පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කණගාටුව ප්‍රකාශ කරන බව ද වැඩි දුරටත් සඳහන් කරයි.
The post බොන වතුර මල්වලට දාන්න එපා! වාහන හෝදන්නත් එපා! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/rUcYpIG
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home