https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS

Thursday, September 17, 2026

මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි

මෙරට සිදුවන සමස්ත මරණවලින් 80%කටම හේතු වී ඇත්තේ බෝනොවෙන රෝග බවත්, එම මරණ අතරින් ඉදිරියෙන්ම පවතින්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාව බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම රෝග දෙක එකිනෙක හා සම්බන්ධ වීමෙන් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තුළ බරපතළ සංකූලතා රැසක් ඇති වන බව පෙන්වා දෙන ඒ මහතා, එහි දරුණුතම ප්‍රතිඵලය හෘදයාබාධ ඇති වීම බවද අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (16) පස්වරුවේ එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,

“අපේ රටේ සිදු වන සමස්ත මරණවලින් 80%කටම හේතු වන්නේ බෝනොවෙන රෝගයි. මෙසේ මියයන 80% අතරින් ඉදිරියෙන්ම තිබෙන්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාවයි. අපි මේවා හඳුන්වන්නේ ‘NCDs’ (Non-Communicable Diseases) ලෙසයි.

මෙහි තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ මෙම රෝග දෙක එකිනෙක හා සම්බන්ධ වී, පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තුළ සංකූලතා රාශියක් ඇති කිරීමයි. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය දෙස බැලුවහොත්, අධික රුධිර පීඩනයෙන් පෙළෙන පිරිසගෙන් සාර්ථක පාලනයක (Effective control) සිටින්නේ 50%ක් පමණයි. එමෙන්ම, දියවැඩියා රෝගීන්ගෙන් නිසි පාලනයක සිටින්නේ 25%ක් වැනි කුඩා ප්‍රතිශතයක් පමණයි. මෙන්න මේ තත්ත්වය නිසා අද වන විට මෙය සමාජය තුළ විශාල ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබෙනවා.

මෙම රෝග දෙකෙහිම තිබෙන නරකම සංකූලතාව වන්නේ ‘MI’ නැතහොත් හෘදයාබාධ ඇති වීමයි. ප්‍රධානතම සංකූලතාව බවට පත්වන්නේ ද මෙයයි. එසේ නම්, අප කොහොමද මේ නවීන වසංගතය පාලනය කරන්නේ? අප හමුවේ ඇති විශාලම අභියෝගය වන්නේ මෙයයි.

රට පුරා නවීන පහසුකම් ඇති කරන ගමන්ම, අපේ සෞඛ්‍ය පද්ධතිය විසින් අපේ රටේ ජනගහන ව්‍යුහය සහ රෝග තත්ත්වයන්ගේ ඇති වී තිබෙන වෙනස හඳුනාගත යුතුව තිබුණා. ඒ අනුව, අපේ සෞඛ්‍ය පද්ධතියත් ඊට ගැලපෙන ක්‍රවේදයන්ට සකස් කරගත යුතුව තිබෙනවා.

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ප්‍රතිපත්තිවලට අනුව, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට කරගෙන යනු ලබන්නේ එවැනි දැවැන්ත වැඩපිළිවෙළක්. එහි ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා. ආරෝග්‍යා (Arogya), Cluster Systems සහ High-End Care Institutions යන තුන අපේ සෞඛ්‍ය පද්ධතියට ගැලපෙන ලෙස සකස් කරගැනීම ඉදිරියට ඉතා වැදගත් වෙනවා.”

The post මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/M6X8zh5

Labels:

Wednesday, September 16, 2026

පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය පිළිබඳව දැනුම්දීමක්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමඟින් පවතින වැසි සහිත කාලගුණයේ බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකිය.

මීට අමතරව, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

The post පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය පිළිබඳව දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/a5U01uz

Labels:

Tuesday, September 15, 2026

කථානායකවරයා ඉල්ලා අස්විය යුතුයි – දයාසිරි ජයසේකර

වත්මන් කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ විමර්ශනයක් ක්‍රියාත්මක වන බැවින්, ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ රූපවාහිනී වැඩසටහනක සජිවී සංවාදය සමග එක්වෙමිනි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 29 යටතේ වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස මෙය පාර්ලිමේන්තුව හමුවේ මතු කළ බවත්, කථානායකවරයාට එරෙහිව BC/0356/20/26 B 206 යන ගොනු අංකය යටතේ දැනට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් විමර්ශනයක් සිදු කරමින් පවතින බවත් එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය. 

නව දූෂණ විරෝධී පනතේ 107 (2) වගන්තියට අනුව යම් රජයේ සේවකයෙකු හෝ පොදු අධිකාරියක් තමාට සෘජුව හෝ වක්‍රව බලපෑමක් ඇති වන යම් කටයුත්තකට හෝ තීරණයකට සහභාගී වීම හෝ ඡන්දය දීම නොකළ යුතු බව ද දයාසිරි ජයසේකර මහතා මහතා පෙන්වා දෙයි.

එමෙන්ම එවැනි බලපෑමක් සිදු කිරීම රුපියල් මිලියනයකට නොවැඩි දඩයකට හෝ වසර 7ක බරපතළ වැඩ සහිත බන්ධනාගාර ගත කිරීමකට යටත් විය හැකි වරදක් වන බව ද මෙහිදී ඔහු අවධාරණය කළේය.

එසේ තිබියදී, තමාට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය පසුගිය 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායකවරයා කටයුතු කිරීම නීතිවිරෝධී වන බව ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පත් කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම තුළින් ‘බැඳියාවන් පිළිබඳ ගැටුමක්’ නිර්මාණය වන බවත් මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

තවද, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අදාළව දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින පනත් සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන වගන්තියට අනුව ඊට අවසන් අත්සන තැබීමට සිදු වන්නේ ද කථානායකවරයාට බැවින්, පවතින නීතිමය තත්ත්වය හමුවේ ඔහුට එම ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට නොහැකි බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා,

”ඔව්, ඇත්තටම මම මූලික වශයෙන් කිව්වොත්, මම මේක යොමු කළේ සාමාන්‍යයෙන් අපේ ස්ථාවර නියෝග 29 යටතේ. ස්ථාවර නියෝග 29 තිබෙන්නේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් කියන කාරණය මත.එතනදී මම මූලික වශයෙන් ගත්තේ, දැනට අපේ ගරු කථානායකතුමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ BC/0356/20/26 B 206 කියන ගොනු අංකය යටතේ විමර්ශනයක් සිදුවෙමින් පවතිනවා කියන එක. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ 162 වගන්තිය මම මතු කළා. ඒ 162 වගන්තියේ ඉතා පැහැදිලිව තියෙනවා රාජ්‍ය සේවකයන්ට – එනම් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙකු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වන ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරයෙකු, කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා, කාරක සභාවක සභාපතිවරයා ඇතුළු සියලු දෙනාම මේකට අයත් වෙනවා. එතකොට ඒ අනුව එතුමා මේ විමර්ශනයේ එක් පැත්තකින් විමර්ශනයට භාජනය වන පුද්ගලයෙක්. ඊළඟ කාරණය තමයි, 3, 4 වගන්ති යටතේ මේ බලතල ක්‍රියාත්මක කිරීමේදී, නීතිය යටතේ හිමිකම් ලැබූ අධිකරණයක් හෝ විනිශ්චය අධිකරණයක් හැර වෙනත් කිසිම කෙනෙකුට අල්ලස් හෝ දූෂණ පනත යටතේ සිදුවන මේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න බෑ. වැදගත්ම කාරණය තමයි 107 වන වගන්තිය. රජයේ සේවකයෙකු හෝ පොදු අධිකාරියක් විසින් ගනු ලබන තීරණයක් සම්බන්ධයෙන් තමාට සෘජුව හෝ වක්‍රව බලපෑමක් ඇති අවස්ථාවකදී, ඒ රජයේ සේවකයා විසින් ඒ තීරණයට අදාළ පොදු අධිකාරියේ යම් කටයුත්තකදී ඡන්දය දීම හෝ කටයුත්ත සඳහා සහභාගී වීම නොකළ යුතුයි. 107 (2) වගන්තියේ ඉතා පැහැදිලිව තියෙනවා, විමර්ශනයට භාජනය වන තැනැත්තා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හා සම්බන්ධ කිසිඳු කටයුත්තකට මැදිහත් වෙන්න බැහැ කියලා.107 (3) වගන්තිය අනුව මෙවැන්නක් කළොත් රුපියල් මිලියනයකට නොවැඩි දඩයකට හෝ වසර 7 ක් නොඉක්මවන කාලයකට බරපතල වැඩ සහිතව බන්ධනාගාර ගත කිරීමකට එම පුද්ගලයා යටත් වෙනවා…

පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් අවසන් අත්සන තබන්නේ කථානායකවරයා. දැන් ඔබතුමා දන්නවා මේ දූෂණ විරෝධී පනත යටතේ දැනට කාරණා දෙකක් සිදුවෙලා තියෙනවා. දූෂණ විරෝධී පනතේ 31 (1) වගන්තිය යටතේ දූෂණ විරෝධී කොමිෂන් සභාව ඔවුන්ගේ වාර්ෂික අයවැය සකස් කරනවා. ඒ වාර්ෂික අයවැය ඉදිරිපත් කරන්න ඕනේ කථානායකතුමා. කථානායකතුමා ගිය 8 වෙනිදා මේක ඉදිරිපත් කළා. එතකොට තමන්ට එරෙහිව චෝදනාවක් තිබෙන, විමර්ශනයක් කෙරෙමින් පවතින පුද්ගලයෙකු මෙය ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. මේකට පරීක්ෂණයක් කළොත් ලක්ෂ දහයක දඩයක් හෝ අවුරුදු හතක සිරදඬුවමක් විඳින්න වෙනවා. එතුමා ඒ සියල්ල තියෙද්දී තමයි මෙය ඉදිරිපත් කළේ.එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාව අනුව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අනෙක් සාමාජිකයන් පත් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කරන්නේ කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව. එතකොට තමන්ට එරෙහිව පරීක්ෂණයක් යනකොට ඒ කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කිරීමට කථානායකවරයා විදිහට ඔහු වාඩිවෙනවා නම් ඒකත් සම්පූර්ණයෙන් වැරදියි. ඒක බැඳියාවන් පිළිබඳ ගැටුමක්…

විශේෂයෙන්ම දැනට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව පිළිබඳ අලුත් සංශෝධන පනතක් ඉදිරිපත් වෙලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. මේ සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී විවාද කළාට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන වගන්තිය අනුව ඊට අවසන් අත්සන තබන්න ඕනේ කථානායකවරයා. එතකොට ඒකත් වැරදියි. ලබන පාර්ලිමේන්තු සතියේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය එන්න ඉඩ තියෙනවා. ආවොත් ඒකට විවාදයක් යනවා. ඊටපස්සේ ඒක අත්සන් කරන්න ඕනේ කථානායකවරයා. නියෝජ්‍ය කථානායකට අත්සන් කරන්න බැහැ, එතකොට මේ යන ක්‍රියාවලිය තුළ ඔහුට සභාවේ වාඩිවෙන්නත් බෑ, අත්සන් කරන්නත් බෑ. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී තැනකට තල්ලු වෙනවා. එතුමාට ඇත්තටම දැන් මේ සභාවේ ඉඳගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මම නම් කියන්නේ එතුමා ඉල්ලා අස්වෙන්න ඕනේ. ඉල්ලා අස්වෙනවා හැර එතුමාට වෙන විකල්පයක් නෑ. ආණ්ඩුව මේකට කොහොම ක්‍රියා කරයිද මම දන්නේ නෑ. එතුමා එක්ක මට පුද්ගලික ප්‍රශ්නයක් නෑ.මම මෙතැනදී කිසිම වෙලාවක එතුමා වැරදිකාරයෙක් විදිහට හිතලා නෙමෙයි මේ කතාව කියන්නේ. තාමත් තියෙන්නේ විමර්ශන මට්ටමේ. මම එතුමා වරදකාරයෙක් කියන්නේ නැහැ. හැබැයි තියෙන නීතිමය තත්ත්වයන් අනුව එතුමාට ඔය ධුරයේ ඉන්න බැහැ කියන එකයි මගේ තර්කය…”

The post කථානායකවරයා ඉල්ලා අස්විය යුතුයි – දයාසිරි ජයසේකර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/OPq5Kdp

Labels:

විශේෂ කැබිනට් තීරණයක්! රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශේෂ සහතිකයක් අනිවාර්ය කරයි!

රාජ්‍ය සේවයට ප්‍රවේශ වන, විශේෂයෙන්ම දරුවන් හා සෘජුව සම්බන්ධ වන රැකියා සඳහා බඳවා ගන්නා පුද්ගලයින් ළමා අපරාධවලට චෝදනා නොලැබූ අය බව තහවුරු කෙරෙන සහතිකයක් ලබා ගැනීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ, මේ සඳහා වන අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කිරීමට කටයුතු යොදා ඇති බවය.

මේ අනුව පොලීසිය හෝ අදාළ නිල ආයතන මගින් මෙම සහතිකය ලබා ගත යුතු අතර, දැනට රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන් ද තම සේවා කඩයිම් සහ වැටුප් වර්ධක ලබා ගැනීමේදී අදාළ කාලපරාසය තුළ තමන් ළමා අපරාධ සඳහා සම්බන්ධ වී නොමැති බවට වූ මෙම සහතිකය අලුත් කර ලබා දිය යුතු බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය,

“රාජ්‍ය සේවයට ප්‍රවේශ වෙන, විශේෂයෙන්ම දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවලට බඳවා ගැනීමේදී ඒ පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධ චෝදනා නොලද පුද්ගලයන් හැටියට තහවුරු කරගැනීම සඳහා සහතික කරවා ගැනීමේ අවශ්‍යතාවය අපි කැබිනට් පත්‍රිකාවක් මගින් තහවුරු කරගැනීමට කටයුතු කරනවා. ඒක අපි ඒකට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි බලන්නේ රාජ්‍ය සේවයට ප්‍රවේශ වන අවස්ථාව වන විට ඔවුන් දරුවන් සම්බන්ධව, දරුවන්ට ප්‍රවේශය සහිත රැකියා කරන අය ළමා අපරාධවලට චෝදනා නොලැබූ, නැත්නම් අපරාධකරුවන් ලෙස චෝදනාවක් නොලද අය විය යුතුයි කියන එක. ඒක නිසා ඒ සහතිකකරණය අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය තුළ ඉන්න අයත් අඛණ්ඩව ඔවුන්ගේ සේවා කඩයිම්වලදී, ඒ වගේම වැටුප් වර්ධකවලදී ඒ අදාළ කාලපරාසයන් තුළ සහතිකය අලුත් කරගන්න ඕනේ. හේතුව තමයි ඔවුන් ඒ අදාළ කාලපරාසය තුළ ඒ ළමා අපරාධවලට සම්බන්ධ අයවලුන් නෙවෙයි කියන සහතිකය අවශ්‍යයි. ඉතින් මේ වගේ දේවල් අපිට රටක් හැටියට ඉදිරියට යාමේදී අවශ්‍ය වෙනවා.”

The post විශේෂ කැබිනට් තීරණයක්! රාජ්‍ය සේවයට එක්වන පිරිසට විශේෂ සහතිකයක් අනිවාර්ය කරයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SOz8ePC

Labels:

Monday, September 14, 2026

 එන්නත් නොකළොත් ලියාපදිංචිය නෑ! ලයිෂන් නැති බලු හිමියන්ට නව පනතින් රුපියල් දඩ!

ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයින් ලියාපදිංචි කිරීම නියාමනය කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද නව පනත් කෙටුම්පතක් රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර තිබේ.

සුනඛයින්ට එන්නත් කිරීම, ගහනය පාලනය කිරීම සහ වාණිජමය අරමුණු සඳහා සුනඛයින් බෝ කිරීම නියාමනය කිරීම මෙම යෝජිත ව්‍යවස්ථාවේ ප්‍රධාන අරමුණ වේ.

නව පනත් කෙටුම්පතට අනුව සති හයකට වැඩි වයසැති සුනඛයින් භාරයේ තබා ගන්නා හිමිකරුවන් විසින් උන් හට වාර්ෂිකව ජලභීතිකා එන්නත ලබා දී අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතු අතර, එසේ ලියාපදිංචි කිරීමට අපොහොසත් වන හිමිකරුවන්ට ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ද නියම කෙරේ.

මීට අමතරව, සියලුම පළාත් පාලන ආයතන තම බලප්‍රදේශයේ වීදි සුනඛයින් වඳභාවයට පත් කිරීම අනිවාර්ය කර ඇති අතර, බලපත්‍රයක් නොමැතිව වාණිජමය අරමුණු සඳහා සුනඛයින් බෝ කිරීම සහ පැටවුන් විකිණීම තහනම් කිරීමටද යෝජනා කර ඇත.

The post  එන්නත් නොකළොත් ලියාපදිංචිය නෑ! ලයිෂන් නැති බලු හිමියන්ට නව පනතින් රුපියල් දඩ! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qsvo95A

Labels:

Sunday, September 13, 2026

අද කාලගුණයේ දැනෙන වෙනසක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (13) සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු – මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 100ක පමණ තද වැසි ඇති විය හැකියි.

එමෙන්ම බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදැසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

The post අද කාලගුණයේ දැනෙන වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CULeOKS

Labels:

Saturday, September 12, 2026

බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවේ උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වූ ළමුන් සහ යෞවනයන් 900ත් 1,000ත් අතර සංඛ්‍යාවකට වසරකට පිළිකා රෝගය වැළඳෙන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ කුඩා දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර මෙලෙස පිළිකා රෝගීන් වාර්තා වීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවයි.

ළමුන් අතර බහුලව වාර්තා වන පිළිකා වර්ග ලෙස ලියුකේමියාව, මොළයේ පිළිකා, අස්ථි පිළිකා, ඇසේ පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා හඳුනාගෙන තිබේ.

කුඩා අවධියේදීම පිළිකා හඳුනාගැනීම සහ නිසි වේලාවට ප්‍රතිකාර ලබාදීම මගින් දරුවන්ගේ ජීවිත බේරාගැනීමේ ප්‍රවණතාව සැළකිව යුතු ලෙස ඉහළ නැංවිය හැකි බැවින්, ළමා පිළිකා පිළිබඳව සමාජය තුළ පවතින දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.

The post බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/POtKVNA

Labels:

Friday, September 11, 2026

හිටපු ජනපති ගෝඨාභය FCIDයට

විවාදාත්මක මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.

අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අනුව කළ කැඳවීමකට හිසනමමින් හිටපු ජනාධිපතිවරයා මෙලෙස පැමිණ ඇත.

මෙම සිද්ධියටම අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ (10) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය.

The post හිටපු ජනපති ගෝඨාභය FCIDයට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/upnT7cE

Labels:

Thursday, September 10, 2026

දුමින්ද දිසානායකට ඇප

රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවක් කොළඹ මහාධිකරණය මගින් ඇප මත මුදා හැර තිබේ.

මෙම සිද්ධියේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදීම සිදු වුණි.

මෙම නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව එහි විත්තිකරුවන් වශයෙන් නම්කර සිටි  හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසිනා නමැති කසකස්ථාන් ජාතික කාන්තාවක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකාර දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයාට මීට පෙර කොළඹ මහාධිකරණය විසින් ඇප නියම කර තිබූ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු එක් එක් විත්තිකරු රුපියල් 50,000/- බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී විනිසුරුවරයා විසින් තවත් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

ඉන් අනතුරුව මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 02 වන දා කැඳවන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.

2025 වසරේ මැයි මස 20 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ දී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.

The post දුමින්ද දිසානායකට ඇප appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7TyfAxU

Labels:

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචරාධිකරණය විසින් වසර හයක සිරදඬුවම් නියම කර තිබුණි.

එම දඬුවමින් ඥානසාර හිමියන් නිදහස් කරමින් එවක ජනාධිපතිවරයා විසින් පොදු සමාවක් ප්‍රදානය කර තිබුණි.

The post ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XzkLJlP

Labels:

Wednesday, September 9, 2026

පොලීසියේ උසස්වීම් අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 40ක් ඉවතට

මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකරනු ලැබූ උසස්වීම් අභියෝගයට ලක්කරමින් උසස්වීම් නොලද  නිලධාරීන් සහ නිලධාරිනියන් 1,050කට ආසන්න පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40ක් පමණ නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ඊයේ (08) ප්‍රකාශයට පත් කළේය.

2019, 2020, 2021 සහ 2023 යන වසරවල එම වකවානුවේ හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, සී.ඩී.වික්‍රමරත්න, දේශබන්දු තෙන්නකෝන් යන පොලිස්පතිවරුන්ගේ පාලන සමයේ සිදුකරන ලද උසස්වීම් මෙම පෙත්සම්වලින් අභියෝගයට ලක්කර තිබුණි.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරු දක්වා සිදුකළ උසස් වීම්, පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා සිදුකළ උසස්වීම්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරු දක්වා සිදුකළ උසස්වම් අභියෝගයට ලක්කරමින් උසස් වීම් නොලද පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 40කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කර සිටියේ, උසස් වීම් පිරිනැමීමේදී අක්‍රමිකතා සිදුවූ බවට අධිකරණය සෑහීමකට පත් කළ හැකි තොරතුරු පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවය.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති බවත් ඒ අනුව මෙම පෙත්සම් නිෂ්ප්‍රභ කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දු වලින් සඳහන් කර තිබේ. 

The post පොලීසියේ උසස්වීම් අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් 40ක් ඉවතට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QupkPr7

Labels:

Tuesday, September 8, 2026

වාහනයක් ගන්න සිහින දකින්නන්ට සුබ ආරංචියක්!

රුපියලේ අගය දැනට පවතින පරිදි දිඅඛණ්ඩව ශක්තිමත් වුවහොත්, වාහන ආනයන සඳහා පනවා ඇති 50%ක අතිරේක රේගු බද්ද ලබන දෙසැම්බර් 31 වැනිදායින් පසු තවදුරටත් දීර්ඝ නොකිරීමට ඉඩ ඇති බව ජ්‍යෙෂ්ඨ රජයේ ආරංචි මාර්ගයක් හෙළි කරයි.

මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් අගෝස්තු 13 වැනිදා නිකුත් කරන ලද අංක 2501/88 දැක්වෙන අතිවිශේෂ ගැසට් පත්‍රය යටතේ පනවන ලද මෙම අතිරේක බද්ද, දැඩි මූල්‍ය අවශ්‍යතාවකට වඩා විදේශ විනිමය ආරක්ෂා කරගැනීමේ තාවකාලික පියවරක් ලෙස හඳුන්වා දී ඇත.

විදේශ විනිමය සංචිත කෙරෙහි සිදුවන බලපෑම සලකා බලා දෙසැම්බර් මාසයේදී විශේෂ සමාලෝචනයක් පැවැත්වීමට නියමිත අතර, බද්ද ඉවත් වුවහොත් එය නැවත සාමාන්‍ය රේගු ආනයන බදු අනුපාත දක්වා පහත වැටෙනු ඇත.

මහ බැංකු වාර්තාවලට අනුව, 2026 ජූලි මාසයේදී පමණක් වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 241ක් වැය වී ඇති අතර, ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සමස්ත වාහන ආනයන වියදම ඩොලර් බිලියන 1.5ක් පමණ වේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ 2026 ජූනි 30 වන විට වාහන 316,000ක් ආනයනය කර ඇති අතර, එමගින් රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් ලැබී ඇති බවයි.

එහිදී 1,000 cc ට අඩු පෙට්‍රල් මෝටර් රථ මගින් පමණක් රුපියල් බිලියන 137.4ක ආදායමක් උපයා ඇත.

මේ අතර ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අරෝෂ රොඩ්‍රිගෝ සඳහන් කරන්නේ අතිරේක බද්ද නිසා වාහන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

සුසුකි වැගන් ආර් රථයක් රුපියල් ලක්ෂ 5කින්, ටොයෝටා රේස් රථයක් ලක්ෂ 10කින් සහ හොන්ඩා වෙසල් රථයක් ලක්ෂ 15කින් පමණ මිල ඉහළ ගොස් ඇත.

වාහන ලීසිං සඳහා ලබාදෙන LTV (Loan-to-Value) අනුපාතය 50% සිට 40% දක්වා පහත හෙළීම නිසා සාමාන්‍ය පාරිභෝගිකයන්ට වාහන මිලදී ගැනීමට නොහැකි වී ඇති බවත්, ඇතැම් පිරිස් නීති විරෝධී ලෙස ඥාතීන්ගේ නම්වලින් වාහන ගෙනැවිත් බදු වංචා කරන බවත් ඔහු චෝදනා කරයි.

මෙම අතිරේක බද්ද වෙනුවට බැංකු ණයවර සඳහා මුදල් සීමා මගින් අවශ්‍යතාවක් පැනවීම, LTV අනුපාතය නැවත 50% දක්වා ඉහළ දැමීම, එන්ජින් ධාරිතාව මත පදනම් වූ බදු ක්‍රමයක් හඳුන්වා දීම සහ පාසල් වෑන් රථ සඳහා වෙනම වාණිජ බදු වර්ගීකරණයක් ලබාදීම ඇතුළු යෝජනා කිහිපයක් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයට ඉදිරිපත් කර ඇත.

source – (The Morning)

The post වාහනයක් ගන්න සිහින දකින්නන්ට සුබ ආරංචියක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HU8j0ib

Labels:

Monday, September 7, 2026

පාතාලයින්ට ජනපතිගෙන් තර්ජනයක්

පාතාල අපරාධකරුවන් විසින් වැල්ලවත්ත වෙරළ තීරයේ ස්ථාන රැසක් අත්පත් කරගෙන තිබූ බවත්, එහි ස්ථාන 26ක් විවිධ අපරාධකරුවන්ට අයත් දේපළ ලෙස හඳුනාගෙන ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (06) බුලත්සිංහල ප්‍රදේශයේ පැවති ‘අපේ ආණ්ඩුව: වසර දෙකයි – රටට සුබයි’ මහා රැලිය අමතමින්.

එම ස්ථානවල සිටින ජනතාව බියගන්වමින් වෙරළ තීරය පාතාල කණ්ඩායම් විසින් පාලනය කරමින් සිටි බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, එම අනවසර ස්ථාන ඉවත් කරගැනීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර ඇති බවත්, ලබන 10 වැනිදාට පෙර ඒවා ඉවත් කර නොගතහොත් රජය විසින් එම ස්ථාන ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසුවා.

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීම හේතුවෙන් රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ විශාල පංගුවක් පාලනය කිරීමට පාතාල කණ්ඩායම්වලට හැකි වී ඇති බව ඔහු කියා සිටියා.

මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තියේ බරපතළකම හේතුවෙන් ඇතැම් ප්‍රාදේශීය සභාවල සභාපති ධුර දැරූ මන්ත්‍රීවරුන් පවා පාතාල කණ්ඩායම් විසින් බියගන්වා ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළා.

කළුතර ප්‍රදේශයේ පවා පාතාල කණ්ඩායම් එක්ව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ තත්ත්වයක් පැවති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා විශාල ධනය හරහා රාජ්‍ය ආයතනවල දුර්වල නිලධාරීන් මිලදී ගැනීමට එම කණ්ඩායම් කටයුතු කර ඇති බවටත් ඔහු චෝදනා කළා.

පොලිසිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල ඇතැම් දුර්වල නිලධාරීන් එම මුදල් බලයෙන් තමන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගැනීමට පාතාල කණ්ඩායම් සමත් වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව, වාහනයක් නොමැතිව පවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අංක තහඩු ලබාගැනීමටත්, ආගමන හා විගමන කාර්යාලය හරහා විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමටත් එම කණ්ඩායම්වලට හැකියාව ලැබී තිබූ බව ඔහු ප්‍රකාශ කළා.

The post පාතාලයින්ට ජනපතිගෙන් තර්ජනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/83P6FIu

Labels:

Sunday, September 6, 2026

ඊජිප්තු රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 11කට මරණ දඬුවම

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, ජාවාරම් කිරීම සහ බලපත්‍ර රහිත ගිනිඅවි ළඟ තබාගැනීම යන චෝදනාවලට වරදකරුවන් වූ ඊජිප්තුවේ ප්‍රකට රූපවාහිනි නිවේදිකාවක වන සාරා කලීෆා (Sarah Khalifa) ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරට කයිරෝ අපරාධ අධිකරණය මගින් එල්ලුම් ගසින් මරණ දඬුවම නියම කර තිබේ.

ඊජිප්තු රජයට අයත් අල්-අහ්රාම් (Al-Ahram) පුවත්පතට අනුව, ඇය ඇතුළු පිරිස විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය ගෙනැවිත් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර අලෙවි කළ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් බවට තහවුරු වී ඇත.

39 හැවිරිදි සාරා කලීෆා අපරාධ හා ආරක්ෂක ක්ෂේත්‍රය ආවරණය කළ ‘Mission Impossible’ රූපවාහිනී වැඩසටහන හරහා බෙහෙවින් ජනප්‍රිය වූ තැනැත්තියකි.

විමර්ශන අතරතුරදී මත්ද්‍රව්‍ය කිලෝ 750කට අධික ප්‍රමාණයක්, නිෂ්පාදනාගාර ලෙස භාවිත කළ ස්ථාන සහ ගිනිඅවි සොයාගැනීමට බලධාරීන් සමත් වී තිබේ.

කෙසේ වෙතත්, සාරා මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ වෙනත් නඩුවකට ද ඇයට වසර 5ක සිරදඬුවමක් නියම වී තිබුණි.

The post ඊජිප්තු රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 11කට මරණ දඬුවම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fqEtTRQ

Labels:

Saturday, September 5, 2026

විදුලි කප්පාදුවක් ගැන පැතිරයන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු

කිසිදු බිඳවැටීමකින් තොරව රට තුළ අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා කිසිදු බාධාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2026 සහ 2027 වර්ෂයන් සඳහා අවශ්‍ය ගල්අඟුරු ගෙන ඒමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව ගල්අඟුරු හිඟයක් ඇතිවීම නිසා විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත බවට සමාජයේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

The post විදුලි කප්පාදුවක් ගැන පැතිරයන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5KEcx3O

Labels:

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩුකර තිබේ.

ඒ අනුව අද කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබේ. එහි නව මිල රුපියල් 4,365ක් වෙයි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,750කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 815ක් දක්වා පහත දමා ඇත.

The post ලිට්‍රෝ ගෑස් මිල පහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AKUZEJq

Labels:

Friday, September 4, 2026

IMF කණ්ඩායමක් එළැඹෙන සතියේදී දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම යටතේ හත්වන සමාලෝචනය පිළිබඳව මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා එම අරමුදලේ විශේෂ නියෝජිත පිරිසක් එළැඹෙන සතියේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව එම නියෝජිතයින් පිරිස සැප්තැම්බර් 10 වනදා සිට 23 වනදා දක්වා මෙරට රැඳී සිටිනු ඇත.

එම කාලසීමාව තුළ මෙරට මෑත කාලීන ආර්ථික වර්ධනයන්, ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය මෙන්ම දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

The post IMF කණ්ඩායමක් එළැඹෙන සතියේදී දිවයිනට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dPLc7BQ

Labels:

Thursday, September 3, 2026

“පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සහ ඊට සහාය පළ කරමින් ගොනුකර ඇති පෙත්සම් දෙවන දිනටත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ(02) විභාග විය.

මෙහිදී පෙත්සම්කාර බලංගොඩ කස්සප හිමියන් සූත්‍ර පිටකය ඇසුරින් කරුණු දැක්වීමට උත්සාහ කළ අතර, ධර්ම කරුණුවලට වඩා නීතිමය පදනම මත කරුණු දක්වන ලෙස අගවිනිසුරුවරයා උන්වහන්සේගෙන් ඉල්ලා සිටියේය.

එහිදී පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය බලංගොඩ කස්සප භික්ෂුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් “යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා. 107(5) ව්‍යවස්ථාව නීතියක් බවට පත් කළේ මෙරට ජනතාව. එමනිසා එම ව්‍යවස්ථාව සංශෝධනය කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණයි. මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට රජය වෙත පනවා තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වෙනවා” යනුවෙන් කරුණු දැක්වූ කස්සප භික්ෂුව සුත්‍ර පිටකය ඔස්සේ කරුණු ඉදිරිපත් කිරීම සිදුකළේය.

ඒ අවස්ථාවේදී කස්සප භික්ෂුව ඇමතූ අගවිනිසුරුවරයා “සමාවෙන්න ස්වාමීන් වහන්ස… මට ඔබවහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොමද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතනදී ධර්මයට වඩා අදාළ වන්නේ නීතියයි. නීතියෙන් තමයි මේකට කරුණු දක්වන්න වෙන්නෙ. ඒ නිසා නීතිය ඔස්සේ කරුණු දක්වන්න” යනුවෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව මෙම කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන ඔස්සේ කරුණු දක්වන බව කස්සප භික්ෂුව ප්‍රකාශ කළේය.

The post “පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iSFJ9gB

Labels:

Wednesday, September 2, 2026

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද විරෝධයේ

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද (02) දිනයේ විරෝධතාවයක නිරත වීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (FUTA) ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ප්‍රකාශ කළේ, අදාළ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වන්නේ නම්, එළැඹෙන සතියේ සිට සිය විරෝධතා ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට සම්මේලනය කටයුතු කරන බවයි.

The post විශ්වවිද්‍යාල ආචාර්යවරු අද විරෝධයේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UvaQw7j

Labels:

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පියෙකු හා රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මියයන විට ප්‍රියංකර පෙරේරා මහතා 64 වන වියෙහි පසු වුණි.

The post ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා දිවි ගමනට සමුදෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YteENI7

Labels: