බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක්
ශ්‍රී ලංකාවේ උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වූ ළමුන් සහ යෞවනයන් 900ත් 1,000ත් අතර සංඛ්‍යාවකට වසරකට පිළිකා රෝගය වැළඳෙන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ කුඩා දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර මෙලෙස පිළිකා රෝගීන් වාර්තා වීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවයි.
ළමුන් අතර බහුලව වාර්තා වන පිළිකා වර්ග ලෙස ලියුකේමියාව, මොළයේ පිළිකා, අස්ථි පිළිකා, ඇසේ පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා හඳුනාගෙන තිබේ.
කුඩා අවධියේදීම පිළිකා හඳුනාගැනීම සහ නිසි වේලාවට ප්‍රතිකාර ලබාදීම මගින් දරුවන්ගේ ජීවිත බේරාගැනීමේ ප්‍රවණතාව සැළකිව යුතු ලෙස ඉහළ නැංවිය හැකි බැවින්, ළමා පිළිකා පිළිබඳව සමාජය තුළ පවතින දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරයි.
The post බිලිඳුන් සහ තරුණයන් ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් බය හිතෙන හෙළිදරව්වක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/POtKVNA
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home