https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: May 2026

Sunday, May 31, 2026

අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව  ලංකා අයි.ඕ.සී සහ සයිනොපෙක් යන සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත.

සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල පමණක් මිල සංශෝධනයක් සිදුකර නොමැති අතර ඔවුන් මේ වන විටත් සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 600ක මිලකට අලෙවි කරනු ලබයි.

ඒ අනුව රුපියල් 410ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 434කි.

රුපියල් 470ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබේ.  එහි නව මිල වන්නේ රුපියල් 495කි.

The post අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zyRuxF0

Labels:

Saturday, May 30, 2026

මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!

සාම්ප්‍රදායික බත්, නූඩ්ල්ස්, සිසිල් බීම දන්සැල්වලට එහා ගිය වෙනස්ම දන්සැල් රැසක් මෙවර වෙසක් පොහොය නිමිති කරගනිමින් දිවයිනේ විව්ධ ප්‍රදේශවල පැවැත්වෙනවා.

එවැනි දන්සැල් කිහිපයක් පහතින්,

The post මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nIJr9pt

Labels:

මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ 

මේ දිනවල ඇතැම් දිස්ත්‍රික්කවල පැතිර යන එන්ටරො වෛරස මෙනින්ජයිටීස් නම් රෝගය පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත මාර්ගෝපදේශයක් නිකුත් කර තිබේ.

එමගින් සඳහන් කර ඇත්තේ මෙම රෝගය ළමුන්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට වැඩි වශයෙන් බලපෑම් සිදුකරන බවත් රෝගය වැළඳුනු රෝගීන් පසුගිය අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවය.

එමෙන්ම මේ වන විට නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලද මෙම රෝගය ව්‍යාප්ත වි ඇති බවට හඳුනාගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

ඒ අනුව වසංගත රෝග විද්‍යාත්මක හා පාරිසරික විමර්ශන මගින් පොකුරු වශයෙන් මෙන්ම තැනින් තැන වාර්තා වන රෝගීන් හඳුනාගෙන ඇති බවත් මෙම රෝගීන් අතර පාසල් සිසු සිසුවියන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවත් හඳුනාගෙන ඇතැයිද සඳහන් කර ඇති අමාත්‍යාංශය මෙම වෛරසය තවදුරටත් ව්‍යාපත්වීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාසල් දැනුවත් කළ යුතු බවත් දන්වමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

The post මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ  appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bk0Dajc

Labels:

Friday, May 29, 2026

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PTw2351

Labels:

Thursday, May 28, 2026

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉටු වෙයි! IMF වෙතින් ඩොලර් කන්දක්!

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකම (Extended Fund Facility) යටතේ වන පස් වන සහ හය වන සමාලෝචන සාර්ථකව සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ නිල අනුමැතිය හිමිව තිබේ.

වොෂින්ටන් නුවරදී ඊයේ (මැයි 27) රැස් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට ඉදිරියේදී අමෙරිකානු ඩොලර් මිලියන 695ක මූල්‍ය වාරිකයක් ලබා ගැනීමට මඟ පෑදෙනු ඇත. 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කරන ලද ඩොලර් බිලියන 3ක සමස්ත ණය පහසුකම යටතේ මෙම මුදල නිදහස් කෙරේ.

මෙම අනුමැතියෙන් පසු අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ, අතිශය අභියෝගාත්මක වටපිටාවක් මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව ණය වැඩසටහනේ විධිවිධාන ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බවයි. කෙසේ වෙතත්, දිට්වා (Ditwa) සුළි කුණාටුවේ බලපෑම සහ මැදපෙරදිග කලාපීය යුද තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට තවමත් අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

ගෝලීය ඉන්ධන මිල ඉහළ යෑම සහ සංචාරක ආදායම් මන්දගාමී වීම හේතුවෙන් 2026 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3ක (3%) මට්ටමක් දක්වා මන්දගාමී වනු ඇතැයි මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි. එමෙන්ම, ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් අවසන් වීමට ආසන්න වුවද, ණය තිරසාරභාවයේ අවදානම තවමත් ඉහළ බැවින් මිල ස්ථාවරත්වයට මුල්තැන දෙමින් මූල්‍ය ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යා යුතු බව ද ඔකමුරා මහතා අවධාරණය කළේය.

මේ අතර, IMF වැඩසටහන සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ ද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඊයේ රාත්‍රීයේ රූපවාහිනී වැඩසටහනට එක්වෙමින් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම වත්මන් ණය වැඩසටහනෙන් පසුව යළිත් වරක් ජාත්‍යන්තර مූල්‍ය අරමුදලේ සහාය (තවත් නව වැඩසටහනක්) ලබාගැනීමට වත්මන් ආණ්ඩුව අපේක්ෂා නොකරන බවයි.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් එම වැඩසටහනටම සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ දිගින් දිගටම සහයෝගයෙන් කටයුතු කිරීම රටට විශාල ශක්තියක් වනු ඇති බවයි.

The post ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉටු වෙයි! IMF වෙතින් ඩොලර් කන්දක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/DOh60vC

Labels:

Wednesday, May 27, 2026

රජයේ සේවකයින් පිරිසකට රජයෙන් යතුරුපැදි

ඉදිරි කාලසීමාව තුළදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ක්ෂේත්‍ර සේවා කටයුතු පහසු කිරීම සඳහා යතුරුපැදි ලබාදීමටත්, ලබන ජනවාරි මාසයේදී ලබාදීමට නියමිත වැටුප් වැඩිවීම කිසිදු බාධාවකින් තොරව ලබාදීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවයට ඊයේ (26) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම උත්සවය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ (OPD) ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ (NIHS) සම්බන්ධීකරණයෙන් දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 11කදී මෙම විශේෂ පරිපාලන පුහුණුව පවත්වා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවට සුවිශේෂී ඇගයීමක් හිමිවූ බවයි. එම ජාත්‍යන්තර ගෞරවයෙන් විශාල කොටසක් හිමිවිය යුත්තේ මෙරට බිම් මට්ටමේ සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ අසිරිමත් කැපවීම හේතුවෙන් බව ද ඔහු කෘතඥපූර්වකව සිහිපත් කළේය.

The post රජයේ සේවකයින් පිරිසකට රජයෙන් යතුරුපැදි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KH7vBcM

Labels:

Tuesday, May 26, 2026

පොලී අනුපාතික ඉහළ දැමීමට මහ බැකුවෙන් තීරණයක්

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. 

ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මේ බව තීරණය කර ඇත.

දේශීය හා ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් සහ ඉදිරියේ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ හොඳින් සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මේ වසරේ මාර්තු මාසය තුළ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 7.75% ලෙස පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබුණි. 

The post පොලී අනුපාතික ඉහළ දැමීමට මහ බැකුවෙන් තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/2jLFpI7

Labels:

Monday, May 25, 2026

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි

ලියාපදිංචි නොකල වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු මෙරට තුල වසරකට වඩා අඩු කාලයක් ලියාපදිංචි කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසීං පහසුකම් අද(25) සිට ක්‍රියාත්මක වන පරිදි උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතිකයක්(LVT Ratios) පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

සංශෝධිත උපරිම ණය සීමාවන් අනුව වාණිජ වාහන (Commercial Vehicles) සඳහා වාහනයේ වටිනාකමෙන් 60%ක් දක්වා ඉහළ දමා තිබේ.

එමෙන්ම මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් 40%ක් දක්වා ඉහළ දමා ඇත.

ඒ අනුව ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර් රථ, SUV සහ ත්‍රිරෝද රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමෙන් අවම වශයෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින් දැරිය යුතුය.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙලෙස මෝටර් රථ සඳහා ලබාදෙන ණය සීමාවන් තවදුරටත් දැඩි කිරීමටත් මහ බැංකුව පියවර ගෙන ඇත. 

මහ බැංකුවේ බලතල ප්‍රකාරව ගනු ලැබූ මෙම තීරණයට ප්‍රධානම හේතුව වී ඇත්තේ, මෝටර් රථ සඳහා දැනට පවතින උපරිම ණය වටිනාකම් සීමාවන් තවදුරටත් වැඩිකිරීමය.

The post ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CJYcVbo

Labels:

Sunday, May 24, 2026

අද අව්-වැසි තත්ත්වය

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද (24) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති වේ. ඉන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

කෙසේ වෙතත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වැසි තත්ත්වයට අමතරව, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ දරුණු අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

The post අද අව්-වැසි තත්ත්වය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PT5dFfM

Labels:

Saturday, May 23, 2026

පාසල් සිසුන් අතර පැතිර යන මෙනින්ජයිටීස් තත්ත්වයක් ගැන අනාවරණයක්

පාසල් සිසුන් අතර මේ වන විට වෛරස් මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් පැතිර යන අතර ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.

ප්‍රථමයෙන්ම දෙනියායෙන් වාර්තා වූ මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝග තත්ත්වය මේ වන විට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව දියතලාවෙන් රෝගීන් 28ක්, වැලිමඩෙන් 13ක් සහ රිකිල්ලගස්කඩින් රෝගීන් 25ක් පමණ වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

මෙය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් වන බවත් මේ සම්බන්ධයෙන් වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි ගවේෂණ‍යකින් යුතුව කටයුතු කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම රෝගය පාසල් ළමුන් අතර වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති අතර තද උණ, හිසරදය, වමනය මෙහි රෝග ලක්ෂණ වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සඳහන් කර සිටියේ මෙම රෝගී තත්ත්වය නිසි ප්‍රතිකාර ලැබීමෙන් සුව වන අතර ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවය.

එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා,

”මේ දිනවල මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් වාර්තා වෙනවා.. දෙනියායෙන් තමා මුලින්ම දැක්කේ.. මේ වනවිට දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩවල යන රෝහලවලත් වාර්තා වෙනවා.. මේ ගැන වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි ගවේෂණ සහ ආවේෂණ කටයුතු සිදු කළා.. ඒ වගේම මේක වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් කියලා තහවුරු වෙලා තියෙනවා. මෙම රෝගය පාසල් ළමුන් අතර තමා ව්‍යාප්ත වෙලා තියෙන්නේ.. මේකේ රෝග ලක්ෂණ තද උණ, හිසරදය, වමනය.. මෙම රෝගයට බදුන් වූ රෝගීන් හැමදෙනාම පාහේ රෝහල්වෙත යොමුවෙලා තියෙනවා.. ඒ වගේම ප්‍රතිකාර එක්ක දවස් 5 -7ත් තුළ මෙම රෝගය සුව වෙනවා.. ඒ නිසා අනිසි බියක් ඇති කර ගන්න එපා.. මෙම රෝගය පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ.. සියලු රෝගීන්ට නිසි අයුරින් ප්‍රතිකාර කරනවා.. කාටවත් බරපතළ නෑ.. පවතින වර්ෂාව හා වෙසක් සමයේ  තියෙන දන්සල් එක්ක අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා පරිස්සම් වෙන්න කියලා.. ඒ වගේම මේ රෝහ තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා.. විශේෂයෙන්ම මෙම රෝගය අපවිත්‍ර වූ ජලයෙන් සහ ආහාරවලින් පැතිරෙන නිසා සැලකිලිමත් වෙන්න.. නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න.. කොහොම වුණත් විශේෂයෙන්ම අපි පාසල් ආශ්‍රිතව හොඳ සම්බන්ධීකරණයකින් වැඩ කටයුතු කරනවා මෙම රෝගය පැතිරීම අවම කරන්න”

The post පාසල් සිසුන් අතර පැතිර යන මෙනින්ජයිටීස් තත්ත්වයක් ගැන අනාවරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WH6lKmt

Labels:

Friday, May 22, 2026

වැඩිම වැස්ස කිරිඳිවැලට

ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර් 244ක උපරිම වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (21) උදෑසන 8.30 සිට අද (22) අලුයම 4.00 දක්වා කාලය තුළ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාපතන මධ්‍යස්ථානවලින් ලැබුණු දත්ත අනුව මෙම වාර්තාව නිකුත් කර තිබේ.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 238ක වර්ෂාපතනයක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවෙල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 230ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත.

The post වැඩිම වැස්ස කිරිඳිවැලට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VMb0z1Q

Labels:

Thursday, May 21, 2026

ජනවාරියේ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක්

ලබන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදු වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී පැවසීය.

 අදියර තුනකින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරිම් සිදු කර තිබෙන බව කී ජනාධිපතිවරයා තව විශාල ලෙස විසදිය යුතු ප්‍රශ්න තිබෙන බව කීය. 

” අපිට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව, දිසාපතිවරයාගේ සිට පහළට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවමින් අදාළ බඳවා ගැනීම් සිදු කරනවා යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ මඩකලපුව වෙබර් ක්‍රිඩාංගණයේ අද (20) පැවති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරදන  “රටම එකට” මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමිනි. 

The post ජනවාරියේ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hecTiSP

Labels:

Wednesday, May 20, 2026

සීනි මිල ඉහළට?

සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එහි ප්‍රකාශකයකු සඳහන් කළේ බ්‍රසීලය, තායිලන්තය යන රටවලින් සහ යුරෝපා රටවලින් සීනි ආනයනය කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමුව ඇති බවය.

පසුගිය 15වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සීනි අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ලබන සැප්තැම්බර් 30 වන දින දක්වා එම අත්හිටුවීම සිදු කර ඇති බව වාර්තා වේ.

මෙරටට වැඩි වශයෙන් සීනි ආනයනය කිරීම ඉන්දියාවෙන් සිදු වූ අතර මෙම තහනමත් සමග වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කෙසේ වෙතත් මේ වන විට ප්‍රමාණවත් තරම් සීනි තොග රට තුළ පවතින අතර කඩිනමින් නව තොග ආනයනය කිරීමට සැලසුම් කර ඇති බැවින් වෙළෙඳපොලේ සීනි හිඟයක් ඇති නොවන බව එම සංගමය සඳහන් කර සිටී.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල ඉහළ යාම හේතුවෙන් මේ වන විට වෙළදපලේ සීනි මිලෙහි යම් වැඩි වීමක් සිදුව ඇති අතර එය ඉන්දියාව විසින් සීනි අපනයනය අත්හිටුවීම හේතුවෙන් සිදුවූවක් නොවන බව ද අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

The post සීනි මිල ඉහළට? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vqrZp6g

Labels:

Tuesday, May 19, 2026

රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වඩාත් විධිමත් මෙන්ම පරිසර හිතකාමී කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙම නව පියවර යටතේ එළැඹෙන මැයි මස 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය ආයතන සඳහා තනි භාවිත ප්ලාස්ටික් (Single-use plastic) වතුර බෝතල් මිලදී ගැනීම සහ ඒවා භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

මීට අමතරව, ඕනෑම ආකාරයක තනි භාවිත ප්ලාස්ටික් නිෂ්පාදනයක් ආයතන පරිශ්‍රය තුළ භාවිත කිරීම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම ආයතන ප්‍රධානීන්ට නියෝග කර ඇත.

මෙම අවවාදාත්මක චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කර තිබේ.

මෙම නව චක්‍රලේඛයට අමතරව පසුගිය වසරේ අප්‍රේල් මස 2වන දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සදහන් විධිවිධාන ද බලාත්මක බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කර සිටී.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන “ත්‍රී ආර්“ සංකල්පයට අනුගත වීම එනම් අවම කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය සිදුකළ යුතු වේ.

The post රාජ්‍ය ආයතනවලට විශේෂ චක්‍රලේඛයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zpjyx6F

Labels:

Monday, May 18, 2026

ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්

ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම නිසා ඉදිරියේදී ඉන්ධන, විදුලිය සහ ජල ගාස්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යා හැකි බවට ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත.

ඒ අනුව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ මහ බැංකුව විසින් වෙළෙඳපොළේ ඇති ඩොලර් මිලදී ගැනීම සහ මූල්‍ය පද්ධතිය තුළ රුපියල් අතිරික්තයක් පැවතීම නිසා ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් රුපියල පීඩනයකට ලක්ව ඇති බවයි.

එසේම පවතින ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන විදේශ විනිමය සීමා වීම සහ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති බාධා හේතුවෙන් පද්ධතියට ලැබෙන ඩොලර් ප්‍රමාණය පහත වැටී ඇති බව සඳහන්.

මෙසේ රුපියල දුර්වල වීම ඛනිජ තෙල් මිල කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරන අතර, ඒ අනුව ඉදිරියේදී පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම ඉන්ධන සහ බලශක්ති පිරිවැය ඉහළ යාමත් සමඟ අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ ගොස් පොදු ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ද පෙන්වා දෙයි.

“පෙට්‍රල්, ඩීසල් මිලට බලපෑමක් වෙන්න පුළුවන්.. මොකද ආනයනය කරන්නේ අපි ඩොලර්වලින් නිසා රුපියල්වලට නැවත පරිවර්තනය කරලා තමා මිල තීරණය වෙන්නේ.. ඒ කියන්නේ රුපියල අවප්‍රමාණය වෙනවා කියන්නේ ඒ හා සමානවම අපේ ඉන්ධනවල මිල ඉහළ යනවා.. තෙල්වල මිල ඉහළ යනවා කියන්නේ ඒ හරහා උද්ධමනය ඉහළ යනවා.. ඒත් එක්කම විදුලි බිල, ජල බිල, භාණ්ඩවල මිල ඉහළ යනවා.”

The post ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zosEUMh

Labels:

Sunday, May 17, 2026

පොලිස් නිලධාරීන්ට සැනසිලිදායක පුවතක්

වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට ලබා නොදුන් උසස්වීම ඉතා කඩිනමින් ලබාදෙමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. 

පොලිස් සේවය, ගුණාත්මක වශයෙන් සහ ඉහළ වෘත්තීමය සේවයක් වශයෙන් ඉදිරියටත් වර්ධනය කිරීම සඳහා මේ දක්වා රජය ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය. 

ඒ අනුව වර්තමානයේ පොලිස් ස්ථානයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. 

පොලිසිය තුළ පවතින මානව සම්පත් හිඟයට විසඳුමක් ‌ලෙස 10,000ක නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකව ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසීය. 

The post පොලිස් නිලධාරීන්ට සැනසිලිදායක පුවතක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UvtamZ8

Labels:

Saturday, May 16, 2026

වනවාසල දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල

වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතරතුරදී අද (16) අලුයම දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ මගීන් සංඛ්‍යාව 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ තුවාලකරුවන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් කර තිබූ බවත් එක් තුවාලකරුවෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවත්ය.

අද අලුයම 3:25ට පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පිටත්ව තිබූ මෙම දුම්රිය, දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකි.

The post වනවාසල දුම්රිය අනතුරෙන් මගීන් 12කට තුවාල appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pwgIYJa

Labels:

වනවාසල සහ හුණුපිටිය අතර දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි

වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.

පීලි පැනීම හේතුවෙන් එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇත.

අනතුරෙන් මගීන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.

මෙම දුම්රිය පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකි.

The post වනවාසල සහ හුණුපිටිය අතර දුම්රියක් පීලි පැන මැදිරියක් පෙරළෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gV4Uwfu

Labels:

Friday, May 15, 2026

කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ! නිවසේ මෙහෙකාරියගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි!

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා  සැකකටයුතු ලෙස මිය ගොස් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසේ ආරක්ෂ කැමරා පද්ධතියේ දත්ත ගබඩාවී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාස ඊයේ (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම්දී තිබේ.

ඒ පිළිබඳ කරුණු වාර්තා කරමින් විමර්ශන නිලධාරීන් කියා සිටියේ, එම නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද, එහි දත්ත ගබඩාවීමක් සිදුනොවන බව විමර්ශනයේදී අනාවරණය වූ බවය.

සැකකටයුතු ලෙස මරණයට පත්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම ඊයේ (14) දෙවැනි දිනටත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරිණි. 

සිදුකෙරෙමින් පවතින විමර්ශන සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳට අයත් නිවසක් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව ඉකුත් 12 වැනිදා සෝදිසියට ලක්කළ බවත්, එම නිවසෙහි තිබී Laptop පරිගණක 02ක් සහ ලිපිගොනු කිහිපයක් නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගත් බවත් එම නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නහ.

එහිදී “මරණකරු මියගොස් සිටි නිවසේ සියලු CCTV කැමරා දර්ශන මේ වනවිට විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත්ද” යන්න මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරින්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දෙමින් විමර්ශන නිලධාරියා සඳහන් කළේ, අදාළ නිවසේ CCTV කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද, එහි දත්ත ගබඩාවීමක් සිදුනොවන බව සිදුකළ විමර්ශනයේදී අනාවරණ වූ බවය.

එබැවින් එම නිවසට අදාළව විමර්ශනයට යොදාගත හැකි CCTV දර්ශන  හමුනොවූ නමුත්, ආසන්න නිවාස 02ක CCTV කැමරා පද්ධතිවලින් 2026 මැයි 06 වැනිදා සිට මැයි 08 වැනිදා දහවල් දක්වා වූ කාලයට අදාළව ඉදිරිපස හා පැති දර්ශන ඇතුළත් CCTV දර්ශන සිය භාරයට ගෙන ඇති බව විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළේය.

එහිදී “මරණකරු රැඳීසිටී නිවසේ ප්‍රවේශ දොරටු කීයක් තිබේද?” යන්න මහේස්ත්‍රාත්වරයා යළි විමසා සිටියේය. 

අදාළ නිවසට ප්‍රවිෂ්ටවීමට එක් ප්‍රවේශ දොරටුවක් පමණක් ඇති බවට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා සඳහන් කළේ, නිවසට ඇතුල්වන සහ පිටවන පුද්ගලයින් සම්බන්ධයෙන් වූ දර්ශන දැනට සිය භාරයට ගෙන ඇති CCTV දත්ත පද්ධතිය තුළ ඇතුළත් බවය.

අනතුරුව සැකකටයුතු ලෙස මියගොස් සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරික්ෂණයේ දෙවැනි දින සාක්ෂි විමසීම ආරම්භ විය.

එහිදි අරවින්ද සිල්වා මහතාගේ නිවසේ කාමරයක් තුළ කපිල චන්ද්‍රසේන මහතා මියගොස් සිටී දර්ශනය මුලින්ම දැක තිබූ නීතිඥ ප්‍රියන්ත අමරසිංහ මහතා සාක්ෂි ලබා දුන්නේය.  

” ස්වාමිනි, 2026 මැයි මස 08 වැනිදා මම අරවින්ද සිල්වා මහතාගේ නිවසට ගියේ ඊට පෙර දින රාත්‍රියේ ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කරපු දැනුම් දීමකට අනුව. පෙර දින රාත්‍රී 9.30ට විතර රියෙන්සි සර් මට කතා කරලා කිව්වා,”කපිල චන්ද්‍රසේනව අධිකරණයට ඉදිරිපත් කරන්න තියෙනවා. සර්ගේ චේම්බර් එකේ මෝෂන් එක හදලා තියෙන්නේ. උදේම ගිහිල්ලා මෝෂන් එක දාලා සර් එනකල් නඩුව Keep Down කරන්න” කියලා. ඒ වගේම “කපිල රිමාන්ඩ් වෙයි කියලා බයේ ඉන්නේ, ගිහින් කපිලව හම්බවෙලා මේ මෝසම දාන්නේ වරෙන්තුව ආපසු කැඳවන්න කියන එක පැහැදිළි කරන්න” කියලාත් කිව්වා. පස්සේ එදා රෑ 11ට විතර Mr. රියෙන්සි කතා කරන්න කිව්වා කියලා අරවින්ද ද සිල්වා මට කතා කළා. ඒ වෙලාවේ කපිලත් එතන ඉන්නවා කියලා  අරවින්ද මට කිව්වා. “31 ද 21 ද මන්දා Section එකක් ගැන කපිල හැමවෙලේම කියවනවා, ඒක කියකිය රිමාන්ඩ් වෙයි කියලා බයේ ඉන්නේ” කියලත් අරවින්ද මට කිව්වා. පස්සේ මම අරවින්දට කිව්වා “පහුවෙනිදා උදේ 7.15ට විතර එයාගේ නිවසට එන්නම්” කියලා. පහුවෙනිදා උදේ 7.15ට විතර නිවසට ගිහිල්ලා Call කරපුවාමයි අරවින්ද ඇහැරුණේ. මම නිවස ඇතුළට ගියාම අරවින්ද උඩ තට්ටුවේ ඉඳලා පහළට බහින ගමන් කියාගෙන ආවා “මම කපිලට Call කළා Answer කරන්නේ නැහැ” කියලා. පස්සේ මම කිව්වා “දොරට තට්ටු කරලා බලන්න” කියලා. අරවින්ද උඩට ගිහින් දොරට තට්ටු කරලා ඇවිල්ලා කිව්වා “දොර අරින්නේ නැහැ” කියලා. පස්සේ මමයි, අරවින්දයි, බිරිඳයි උඩට ගියා. අරවින්ද Wash Room එකට ගියාම මම ඔහුගේ බිරිඳගෙන් ඇහැව්වා “Master Key එකක් තියෙනවාද” කියලා. බිරිඳ Master Key එක ගෙනල්ලා දොර ඇරියා. එතකොට 7.35 වගේ වෙන්න ඇති. දොර අරද්දිම මම දැක්කා ඇඳේ ඇතිරිල්ල ගුලිවෙලා වගේ තියෙනවා. කවුරුත් ඇඳේ නැති නිසා වම්පස බැලුවා. එහි දොරක උඩ ටයි පටියක් වගේ එකක් එල්ලිලා තිබුණා. ඊට පහළ බිම නිල්පාට වගේ පුටුවක් උඩ තට්ටය සහිත ඔළුවක් දැක්කා. දොර උඩ තිබ්බ පටියේ කොටසක් බෙල්ලෙත් තියනවා නිරීක්ෂණය කළා. පස්සේ මම අරවින්දගේ නෝනාව අතින් පිටිපස්සට කරගෙන කාමරයෙන් එළියට ආවා. ඒ වෙලාවේ අරවින්ද එතනට ආවා. මම අරවින්දට කිව්වා “මැරිලා වගේ, දන්න ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න” කියලා. ඒක අහපුගමන් ඔහුත් බියට පත්වුණ බව මම දුටුවා. පස්සේ ඔහු Call ගද්දිත් කලබලවෙලා කියලා මට පේන්න තිබුණා “

අනතුරුව සැකකටයුතු ලෙස මියගොස් සිටී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය මුල්වරට පරික්ෂා කළ පෞද්ගලික රෝහලක වෛද්‍ය යශෝදා ලක්ෂානි ලියනගේ ද මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂි ලබාදුන්නාය. 

” මැයි 08 වැනිදා උදේ 7.45ට විතර අපේ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ලද ඇමතුමකට අනුව කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක් සමඟින් මම 7.50ට විතර එම ස්ථානයට ගියා. Lawyer කෙනෙක් කියලා හඳුන්වාදුන්න කෙනෙක් අපිව එක්කගෙන ගියා නිදන කාමරයකට. ඇඳ හිස්ව තිබුණේ. වම් පස කොණේ දොරක් තිබුණා. දොර ඉදිරිපස පුටුවක් දොර පැත්තට හරවලා තිබුණා. එතැන පුද්ගලයෙක් වැටිලා හිටියා. පස්සේ මම ඒ පුද්ගලයාගේ ජීවය තියෙනවාද දැනගන්න “Signs of Life” පරික්ෂා කළා. හුස්මගැනීම නතරවෙලා මුහුණේ පැත්තක් පුටුවට තදවෙලා තිබුණේ. නාඩි වැටීමත් නැවතිලා තිබුණා. මගේ පැත්තට වැටිලා තිබුණ දකුණු අත මම උස්සලා බලනකොට බාගෙට ගල්වෙලා තිබුණා. දකුණු ඇසේ කළු ඉංගිරියාව විශාලවෙලා ස්ථිරව නොසෙල්වී තිබුණා. ඒ කියන්නේ මම පරික්ෂා කරනවිටත් ඒ පුද්ගලයා මැරිලා හිටියේ.” 

වෛද්‍යවරිය මරණකරු පරික්ෂාවට ලක්කළ මොහොත හා බැලීමේදී ඊට කොපමණ වේලාවකට පෙර මරණය සිදුවී තිබුණේද යන්න මෙහිදී සාක්ෂි මෙහෙයවූ පොලිස් නිලධාරියා විමසා සිටියේ ය. 

ඊට පිළිතුරු දුන් වෛද්‍යවරිය ” පැයක් – දෙකක් ඇතුළත වෙන්න ඕනේ ” යැයි සඳහන් කළාය.

අනතුරුව අධිකරණය ඉදිරියේ සාක්ෂි ලබාදුන් කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසේ සේවය කළ සේවකයෙකු වන මනතුංග මුදියන්සේලාගේ සෝමදාස නැමැත්තෙකු මහේස්ත්‍රාත්වරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ, කපිල චන්ද්‍රසේන මහතා ඇප ලබා මැයි මස 06 වැනිදා බාන්ස් ප්‍රදේශයේ නිවසට පැමිණි මොහොතේ සිට මැයි මස 07 වැනිදා යළි අරවින්ද ද සිල්වා මහතාගේ නිවසට පිටව යන මොහොත දක්වා ඔහු හමුවීමට කිසිවකු නිවසට නොපැමිණි බවය.

අනතුරුව කපිල චන්ද්‍රසේන මහතාගේ බාන්ස් පෙදෙසේ පිහිටි නිවසේ සේවය කළ සේවිකාවක් වන සුබ්‍රහිම් ප්‍රමිලා නම් තැනැත්තියද සාක්ෂි ලබාදුන්නාය.

” මැයි 06 වැනිදා කපිල සර් නිවසට ආවේ සවස 05ට විතර. රෑ 08.30ට විතර කෑම කාලා අපි සනීපෙන් ඉන්නවාද, බල්ලන්ට කන්න දුන්නාද වගේ දේවල් පොඩ්ඩක් කතා කරලා ඇඟට අමාරුයි කියලා ගිහින් නිදාගත්තා. පහුවෙනිදා සවස 3.30ට විතර සර් කාර් එකෙන් ගෙදරින් ගියාට ආයේ ගෙදරට ආවේ නැහැ. අරවින්ද සර්ගේ Driver නැවත කාර් එක ගෙනැල්ලා අපේ ගෙදර දාලා මට යතුර දුන්නා. කපිල සර් රෑ 11.30ට විතර මට Call කළා. ඉස්සෙල්ලාම කිව්වේ “රෑට අදින්න ඇඳුමක් බෑග් එකකට දාන්න” කියලා. පස්සේ දෙවැනි පාර ආයෙත් Call කරලා “කන්නාඩි කුට්ටම් 02යි, බෙහෙත් ටිකයි, නිල්පාට බෙල්ට් එකකුයි දාන්න” කිව්වා. “සරම යට නිල්පාට බෙල්ට් එක තියෙනවා” කිව්වා. ඒක සර් Exercise කරන්න පාවිච්චි කරන බෙල්ට් එකක්. සර් ඒක ගන්න වාහනයක් එවනවා කිව්වා. පස්සේ වාහනයක දෙන්නෙක් ආවා. මම ඔවුන්ට එක දුන්නා. පසුදින සර් ආපු නැති නිසා මම උදේ 6.40ට විතර Call කළා. එත් සර් Answer කළේ නැහැ. සර් උසාවියට යන්න ඕන කිව්ව නිසයි මම Call කළේ. “

කපිල චන්ද්‍රසේන උසාවියට යන්න අවශ්‍ය බව පැවසුවේ කිනම් අවස්ථාවකද යන්න මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කර සිටියේය.

පෙර දින ඇඳුම් ඇතුළු භාණ්ඩ ගෙන්වාගැනීමට ඇමතූ අවස්ථාවේදී “මට හෙට උසාවි යන්න තියෙනවා. සුදු ඇඳුමක් අයන් කරලා තියන්න” යැයි පැවසූ බවට ඇය පිළිතුරු දුන්නාය.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් සේවිකාව සඳහන් කළේ, මැයි මස 08 වැනිදා උදෑසන 7.25ට පමණ CID යැයි කියමින් පැමිණි 05 දෙනෙකුගෙන් යුත් පිරිසක් නිවස පරික්ෂාකිරීමේ සෝදිසි වරෙන්තුවක් පෙන්වා නිවස පරික්ෂා කළ බවය.

එහිදී “සර්, ගෙදර ඉන්නවා නේද, බොරු කියන්න එපා, ඔයාවත් ගෙනියනවා” යනුවෙන් පැවසූ බවද සේවිකාව කියාසිටියාය.

පෙ.ව. 8.15ට පමණ ඔවුන් පිටවයාමෙන් පසු තමන් කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇතැයි දැනගත් බවද එම සේවිකාව අධිකරණය හමුවේ සඳහන් කළාය.

මෙහිදී කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසේ සිට අරවින්ද සිල්වා මහතාගේ නිවසට කපිල චන්ද්‍රසේන මහතාගේ ඇඳුම්, බෙහෙත් සහ බෙල්ට් පටිය ඇතුළත් බෑගය රැගෙන ගිය අරවින්ද ද සිල්වා මහතාගේ රියදුරන් දෙදෙනාගෙන්ද සාක්ෂි සටහන් කරගන්න ලදී. 

වැඩිදුර සාක්ෂි විමසීම මැයි 19 වැනිදා දක්වා කල් තැබුණි

The post කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ! නිවසේ මෙහෙකාරියගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vrBJIpy

Labels:

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව මුද්දරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර නිකුත් කිරීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පුස්තකාලයේදී පසුගියද‍ා සිදු විය. මේ අනුව රු. 20.00 සහ රු.70.00 යන වටිනාකම්වලින් යුත් නව මුද්දර ද්විත්වයක් නිකුත් කෙරිණි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කිරීම සිදු කළ අතර මේ මගින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවකාශය උදා වනු ඇත.

The post පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව මුද්දරයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Jrbw3VS

Labels:

Thursday, May 14, 2026

අඩු පීඩන තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14) නිවේදනය කළේය.

පද්ධතිය දුර්වල වෙමින් පැවතියද, එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින දෙකක කාලය තුළ තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකිය.දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බැවින්, එමගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

The post අඩු පීඩන තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Z4cCqdo

Labels:

Wednesday, May 13, 2026

ඉදිරි දේශපාලන ගමන ගැන හර්ෂ ද සිල්වාගෙන් තීරණාත්මක ෆේස්බුක් සටහනක්

සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සිය දේශපාලන අනාගතය, පක්ෂ ස්ථාවරය සහ රට පිළිබඳ දැක්ම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබේ.

තම පවුලේ කිසිවෙකු දේශපාලනයට සම්බන්ධ නොවූ බව සඳහන් කරන ඔහු, තරුණ වියේ සිට ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත්කිරීමේ අරමුණින් තමන් දේශපාලනයට පිවිසි බව පවසා ඇත.

තමන් පටු දේශපාලන වාසි වෙනුවෙන් කිසිදු තීරණයක් නොගන්නා බව අවධාරණය කරන ඔහු, මධ්‍ය දක්ෂිණාංශික දේශපාලන කඳවුරෙන් ඉවත්වීමේ කිසිදු අදහසක් නොමැති බවද සඳහන් කර තිබේ.

වර්තමාන ආණ්ඩුවට දූරදර්ශී ආර්ථික දැක්මක් නොමැති බව චෝදනා කරන ඔහු, ලෝකයට විවෘත ආර්ථික ප්‍රතිපත්ති නොමැතිව රට ගොඩනැගිය නොහැකි බවද පෙන්වා දී ඇත.

එමෙන්ම, ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත්, පක්ෂය තුළ ගැටලු ඇති කිරීමේ අරමුණින් ඇතැම් ප්‍රචාර සිදුකරන බවත් ඔහු සඳහන් කරයි.

රටේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් වත්මන් ආණ්ඩුවට එරෙහි දේශපාලන සටන තවදුරටත් ශක්තිමත් කරන බවත්, අවශ්‍ය මොහොතක රට වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

– උපුටා ගැනීම –

රටට අලුත් යුගයක් අවශ්‍යයයි !

මගේ පවුලේ කිසිවෙක් දේශපාලනයට සම්බන්ධ නෑ. තරුණ වයසේදී මගේ හිතේ රට ගැන කැක්කුමක් ඇතිවුණා. මගේ රටත් දවසක ලෝකයේ දියුණු රටක් විය යුතුයි. ඒ සඳහා මා කැපවිය යුතුයි යන හැඟීමයි මා දේශපාලනයට තල්ලු කළේ. අදටත් ඒ හැඟීම එලෙසමයි. 

දවසක ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්නයි මා වැඩකරන්නේ. ඒ නිසා, මම පටු දේශපාලන වාසි බලාගෙන කිසිදු දේශපාලන තීරණයක් ගන්නෙ නෑ. මාව මධ්‍ය දක්ෂිණාංශික කඳවුරෙන් යවන්න සමහරුන්ට වුවමනාවක් තියන බවක් පේනවා. ඒක කවදාවත් වෙන්නෙ නෑ. එම කඳවුරට දිනෙක නායකත්වය ලබාදීම දක්වා මගේ දේශපාලනය අනිවාර්යෙන්ම ඉදිරියට ඇදෙනවා. 

මේ ආණ්ඩුව අසාර්ථකයි. දූරදර්ශී ආර්ථික දැක්මක් මේ ආණ්ඩුවට නැතිබව පැහැදිලියි. ලෝකයට විවෘත නොවුණු වකුටු වූ අදහස්වලින් මේ ආණ්ඩුවට මේ රට හදන්න බෑ. ඒක අනාගතයේදී තව තවත් පැහැදිලි වේවි. 

මේ ආණ්ඩුවට මම යන්නෙ නෑ. කවදාවත් එවැනි සාකච්ඡාවක් කරලත් නෑ. සමගි ජන බලවේගය තුළ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමටත් යම් පිරිසකට වුවමනා වී තිබෙන බවත් මෙම ප්‍රචාරණවලින් පේනවා. 

ආර්ථික සමෘද්ධියෙන් යුතු දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් මේ ආණ්ඩුවට එරෙහි සටන මා ඉදිරියේදී වැඩි කරනවා. ඒ සෑම දෙයකටම විරුද්ධ වෙමින් නෙවෙයි. හොඳ දෙයට හොඳයි කියන දියුණු දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යමින්.  

ඒ වගේම අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට මා සූදානම් බවත් මා අවධාරණය කරනවා.  රටට අලුත් යුගයක් අවශ්‍යයයි.


– උපුටා ගැනීම අවසන් –

The post ඉදිරි දේශපාලන ගමන ගැන හර්ෂ ද සිල්වාගෙන් තීරණාත්මක ෆේස්බුක් සටහනක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SYdA5Nv

Labels:

Tuesday, May 12, 2026

හිටපු ජනපති මහින්ද අද අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් අනුවය.

හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේ, අද උදෑසන 9ට අල්ලස් කොමිසම හමුවේ මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටීමට නියමිත බවය.

කෙසේ වෙතත් යම් යම් නීතිමය කරුණු සම්බන්ධයෙන් නීතිඥවරු කණ්ඩායමක් හමුවේ සාකච්ධා පැවැත්වීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබා දුන් පාපොච්චාරණයක් උපයෝගි කරගනිමින් හිටපු ජනාධිපතිවරයාට කැඳවීමක් කර ඇති නමුත් ඔහු ලබා දුන් පාපොච්චාරණය ඔහුට තර්ජනය කර බලෙන් ලබා ගැනීමක් බවට ඔහු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මඟින් ලබා දී ඇති බවත් පැවසූ නීතිඥ මනෝජ් ගමගේ මහතා එම කරුණු පදනම් කරගනිමින් මෙම කැඳවීම සිදුකරන්නේ නම් එය නීතිවිරෝධී බවද පැවසීය.

The post හිටපු ජනපති මහින්ද අද අල්ලස් කොමිසමට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/OaKJtvm

Labels:

Monday, May 11, 2026

ඉදිරියේදීත් වැසි තත්ත්වයේ වැඩි වීමක්! ආපදා කළමනාකරණ අංශත් සූදානමින්!

ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (10) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ඉදිරි කාලගුණ තත්ත්වයන් පිළිබඳව දැනුවත් කිරිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය දින කිහිපය මෙන්ම ඉදිරි දින කිහිපයද වැසි ලැබෙමින් පවතින බවත් අද (11) දිනයේදී පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමට හැකියාවක් පවතින බවද ඒ මහතා පැවසීය.

පවතින මෙම තත්ත්වය මෝසම් තත්ත්වයක් නොව පෙර මෝසම් තත්ත්වයක් බව පෙන්වා දුන් ඒ මහතා මෙම අඩුපීඩන කලාපය සහ එහි වර්ධනයෙන් පසු මැයි මස 20 වැනි දින වන විට මෝසම් තත්ත්වය නිර්මාණය වී ඊට අදාළ කාලගුණ විපර්යාස සිදුවනු ඇති බවද සඳහන් කළේය.

“නායගිය ස්ථාන යළි සක්‍රීය විය හැකියි”
– ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය 

එමෙන්ම මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ ප්‍රදේශ තවමත් ඒ ආකාරයෙන්ම පවතින බැවින් පස් කණ්ඩි සොදා පාළුවට ලක්වෙමින් විශාල ප්‍රමාණයේ සහ මධ්‍ය ප්‍රමාණයේ ගල් මතුව ඇති බවත් ඉතා කුඩා වර්ෂාපතනයකදී වුවද එම ගල් නැවත පෙරළීමටද හැකියාවක් පවතින බවය.

මේ හේතුවෙන් නායයෑමේ ඇතිවිය හැකි ලක්ෂණ පවතින බැවින් සක්‍රීය වී මේ වන විට අක්‍රීය වී ඇති ස්ථානද පවතින බවත් පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයත් සමග එම ස්ථාන සක්‍රීය වීමේ හැකියාවක් පවතින බවද පෙන්වා දුන්නේය.

එමෙන්ම පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගෙන මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අදියර 01 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් වසන්ත සේනාධීර මහතා මෙහිදී සඳහන් කළේය.

“ජලාශ ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් කටයුතු කරන්න”
– වාරිමාර්ග දෙපාර්තමේන්තුව 

මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ජල විද්‍යා අංශයේ චාමර යාපාආරච්චි මහතා පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන අනතුරු ඇඟවීමේ නිවේදන මත පදනම්ව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආපදා කළමනාකරණ අංශය සහ ජල විද්‍යා කළමනාකරණ අංශය ඇතිවිය හැකි ආපදා තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයකින් යුතුව කටයුතු කරන බවය.

මේ වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 9ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 05ක් මේ වනවිට වාන් දමමින් පවතින බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම මේ වන විට ලැබී ඇති වර්ෂාපතනය අනුව ගංගාවල ජල මට්ටම් යම් වැඩිවීමක් පෙන්නුම් කරන බවත් පැවසූ ඒ මහතා කෙසේ නමුත් මෙම තත්ත්වය අනතුරුදායක මට්ටමක් දක්වා පැමිණ නැති බවද සඳහන් කළේය.

කෙසේ නමුත් කිරිඳිඔය, වලවේ, දැදුරුඔය, මල්වතු ඔය, කැලණි, කළු යන ජලාශවල ජල මට්ටම් අනතුරුදායක මට්ටම දක්වා නොමැති වුවත් යම් වැඩි වීමක් පෙන්නුම් කර ඇති බවත් පැවසූ ඒ මහතා එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද දැනුවත් කිරීමක්ද සිදුකරනු ලැබීය.

හදිසි තත්ත්වයකදී ක්ෂණික දුරකථන අංක සමග සම්බන්ධ වෙන්න
 – ආපදා කළමනාකරණ අංශය

ආපදා කළමනාකරණ අංශය දිස්ත්‍රික්ක 25 පුරාවටම ක්‍රියාත්මක වන බැවින් පසුගිය 8 වැනි දින දිස්ත්‍රික්ක 25ම අංශ සම්බන්ධීකරණය කරගනිමින් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් පිළබඳව සාකච්ඡා කර ඇති බව ආපදා කළමනාකරණ අංශය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ මේ වන විට ප්‍රජා මූලික වැඩසටහන්වලට මූලිකත්වය දෙමින් ගංගා ද්‍රෝණි සහ නාය යෑම් අවධානම් ස්ථානවල පදිංචි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවය.

නායයෑම් ලක්ෂණ පිළිබඳව නිරන්තර දැනුවත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළ ඒ මහතා ආපදා කළමනාකරණ අංශය විසින් හඳුන්වා දී ඇති 117 හදිසි දුරකථන අංකය හෝ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය සමග සම්බන්ධ විය හැකි බවද සඳහන් කළේය.

The post ඉදිරියේදීත් වැසි තත්ත්වයේ වැඩි වීමක්! ආපදා කළමනාකරණ අංශත් සූදානමින්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uXjnHJ6

Labels:

විදුලි බිල 18%කින් ඉහළ නැංවීම අද සිට ක්‍රියාත්මකයි

මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. 

2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රෙල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය ලබා දුන්නේය.

එහිදී සියයට 8ත් – සියයට 14.4ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු ඉහල දැමීමට පියවර ගැනුණි.

මෙවන් පසුබිමක යළිත් වරක් මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුවක්, නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණේ පසුගිය අප්‍රේල් 27 වැනිදාය.

ඒ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ඉල්ලීමට හේතුව වී ඇති බව සඳහන් කරමිනි.

කෙසේවෙතත් විදුලි ගාස්තු ඉහළ යෑමෙන් විදුලි පාරිභෝගිකයින් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා රුපියල් බිලියන 15ක සහනාධාරයක් ලබාදීමට රජය ලිඛිතව කොමිසමට එකඟ වී තිබේ.

කෙසේවෙතත් මෙවර විදුලි ගාස්තු වැඩිවීම මෙරට විදුලි පාරිභෝගිකයන් සියයට 95කටම අදාළ වන්නේ නැත.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට ඒකක 180 දක්වා ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවේ.

නමුත් ඒකක 181ට වැඩි එනම් ඒකක 210ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙකුගේ මෙතෙක් පවතින රු.9,570ක ගාස්තුව රු. 11,330ක් දක්වා රුපියල් 1,760කින් ඉහළ දමා ඇත.

එමෙන්ම ඒකක 240ක් භාවිත කරන අයෙකුගේ මෙතෙක් පවතින රු.12,120ක බිල්පත රු.2,210කින් ඉහළ දමා ඇති අතර එහි නව ගාස්තුව රු.14,330ක් වේ.

ඒකක 270ක් භාවිත කරන ගෘහස්ථ කාණ්ඩයේ විදුලි ගාස්තුව රුපියල් 2,660කින් සහ ඒකක 300ක් භාවිත කරන විදුලි පාරිභෝගිකයෙක්ගේ බිල්පත රු.3,110කින් ඉහළ ‍යන බවද සඳහන්.

The post විදුලි බිල 18%කින් ඉහළ නැංවීම අද සිට ක්‍රියාත්මකයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/h6lIG1i

Labels:

Sunday, May 10, 2026

ජනතාවට සුබ ආරංචියක්! රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් වශයෙන් රාජ්‍ය අංශය තුළ ආයතනික මට්ටමින් ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා “මහජන සේවා ප්‍රශස්තකරණය සඳහා බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (Public Impact Champions Network PIC-Net) ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම මෙහි අරමුණ බවයි.

එමෙන්ම මේ පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් මඟින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරුන්, කොමසාරිස් ජනරාල්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් දැනුවත් කර තිබෙනවා.

PIC-Net වැඩසටහන යටතේ, තෝරාගත් සෑම රාජ්‍ය ආයතනයක්ම ඩිජිටල් යුගයේ සේවා විශිෂ්ටත්වය ප්‍රවර්ධනයට සාමුහිකව වගකියන නියමුවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමස්ත සේවක පිරිස අතරින් තෝරා පත්කර ගත යුතු වේ.

මෙම කණ්ඩායම තාක්ෂණික භාවිතය, සේවා අත්දැකීම්, ක්‍රියාවලි කාර්යක්ෂමතාව සහ ආයතනික වෙනස්කම් යන අංශ ඒකාබද්ධව හා මනා සම්බන්ධීකරණයකින් වැඩිදියුණු කිරීමට සාමුහිකව කටයුතු කරනු ඇත.

තවද මෙම නියමුවන් ඔවුන්ගේ ආයතන තුළ ක්‍රියාවට නැංවෙන ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියෙහි කේන්ද්‍රීය බලවේගය වශයෙන් කටයුතු කරයි. එසේම මෙම වැඩසටහනින් රාජ්‍ය අංශය පුරා විසිරුණු 400 දෙනෙකුගෙන් පමණ සමන්විත ඩිජිටල් පරිවර්තන නියමුවන්ගේ ජාතික කණ්ඩායමක් නිර්මාණය වේ.

එසේම තෝරාගනු ලබන නියමුවන්ට ඩිජිටල් පරිවර්තනය, සේවා ප්‍රතිසැලසුම්කරණය, ක්‍රියාවලි වැඩිදියුණු කිරීම, වෙනස්කම් කළමනාකරණය ආදී කරුණු පිළිබඳ ප්‍රායෝගික කුසලතා ගොඩනැංවීම සඳහා විධිමත් පුහුණුවක් ලබා දීම, ප්‍රායෝගික වැඩමුළු පැවැත්වීම සහ විශේෂඥ මගපෙන්වීම් ලබා දීම ආදිය සිදු කරයි.

එම නියමුවන් ඩිජිටල් පරිවර්තනය සඳහා වන ආයතනික කේන්ද්‍රීය නිලධාරීන් වශයෙන් වැඩසටහනේ ක්‍රියාත්මක කාල සීමාවෙන් ඔබ්බට ක්‍රියා කරමින්, ආයතන තුළ සහ ආයතන අතර දැනුම් හා අත්දැකීම් බෙදා ගැනීම හා අඛණ්ඩව වර්ධනයකට ද සක්‍රියව සහාය වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

එමෙන්ම මෙම සමස්ත ක්‍රියාවලිය තුළ අවශ්‍ය මඟපෙන්වීම සහ සම්බන්ධීකරණ සහාය ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka ආයතනය එක්ව ලබා දෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ ආසියානු සංවර්ධන බංකුවේ (ADB) සහාය ඇතිව වැඩසටහනේ කළමනාකරණ උපදේශකයින් පත් කරනු ලැබ ඇති අතර ආයතන ප්‍රධානීන් විසින් යෝජනා කරනු ලබන නියමුවන් තේරීමේ ක්‍රියාවලිය සඳහාද ඔවුන් සහාය වනු ඇති බවයි.

The post ජනතාවට සුබ ආරංචියක්! රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Sb1jzDr

Labels:

කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරයි

මිය ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ. 

ඒ, මරණයට හේතුව කුමක්ද යන්න පිළිබඳ නිශ්චිතව සොයාගැනීම සඳහාය. 

එම වාර්තාව ඉදිරි දින කිහිපය තුළදී ලබාදීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබියදී හමුවූයේ පසුගියදා (08) උදෑසන හමුවිය.

ගෙල වැළලාගෙන මියයන්නට ඇතැයි සැක කෙරුණු මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

මේ අතර චන්ද්‍රසේන මහතාගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් පත්කරනු ලැබීය.

ඒ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ලබාදුන් නියෝගයට අනුවය.

ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනයේදී ඊයේ (09) පෙරවරුවේ සිදු කෙරුණි.

එහිදී ඔහුගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණ සඳහා ලබාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේය.

මේ සඳහා රජයේ රස පරීක්ෂකවරයා ද එක්ව තිබේ.

ඒ අනුව චන්ද්‍රසේන මහතාගේ මරණයට හේතුව කුමක් ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ රසායනික පරීක්ෂණවලින් අනතුරුව ලබාදීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් තිබුණේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කර තිබූ පසුබිමකය.

2013 වසරේ ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව දින 54ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චන්ද්‍රසේන මහතා ඉකුත් මැයි 05 වනදා අධිකරණය විසින් මුදාහැරුණේ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ළඟම ඥාතීන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප තබන ලෙස කොන්දේසි පනවමිනි.

එහිදී අධිකරණයට වාර්තා වූයේ කපිල චන්ද්‍රසේන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා ඥාතීන් බවට ව්‍යාජ ලෙස අඟවමින් පුද්ගලයින් දෙනෙකු ඉදිරිපත් කර ඇති බවය.

අධිකරණයේ විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතා නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුට යළි වරෙන්තු නිකුත් කළේය.

චන්ද්‍රෙස්න මහතා මියගොස් තිබුණේ එම වරෙන්තුව අනුව පෙරේදා (08) ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණු පසුබිමකය.

The post කපිලගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/BS7dRPU

Labels:

Saturday, May 9, 2026

අද ලොකු වැස්සක්

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

එම දෙපාර්තමේන්තුව අද (9) පෙරවරුවේ නිකුත්කළ නිවේදනයට අනුව බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව. 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එහිදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට තද වැසි බලාපොරොත්තු වියහැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ වැසි ඇතිවීමේ හැකියාවක්ද තිබේ.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post අද ලොකු වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YDwKRZJ

Labels:

Friday, May 8, 2026

අමෙරිකා – ඉරාන සටන් යළි ඇවිළෙන ලකුණු! ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර!

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ අමෙරිකානු ප්‍රහාරක නෞකා තුනක් ඉලක්ක කර ඉරානය විසින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. USS Truxtun, USS Rafael Peralta සහ USS Mason යන නෞකා මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකානු හමුදාව විසින් ඉරාන හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

ප්‍රහාරය තහවුරු කරමින් අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ, තම නාවික බළකායේ ‘ආත්ම ආරක්ෂාව’ උදෙසා මෙම පියවර ගත් බවයි. ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන, අණදෙන හා පාලන මධ්‍යස්ථාන සහ බුද්ධි තොරතුරු මෙහෙයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර අමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබේ. එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු යුද නැව්වලට කිසිදු හානියක් සිදුව නොමැති බවද වාර්තා වේ.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වූ සිය තෙල් නෞකාවකට සහ තවත් යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල වූ බවත්, අමෙරිකාව සිවිල් ප්‍රදේශ ඉලක්ක කරමින් සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවත් ඉරානය චෝදනා කරයි.

The post අමෙරිකා – ඉරාන සටන් යළි ඇවිළෙන ලකුණු! ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1BnOz5H

Labels:

වියට්නාම ජනාධිපති දිවයිනට පැමිණෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ආරාධනයකට අනුව වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලම් මහතා ඇතුළු 209 දෙනෙකුගෙන් යුත් දූත පිරිස ඊයේ (07) රාත්‍රියේ දිවයිනට පැමිණියහ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි වියට්නාම ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජ්‍යතාන්ත්‍රික පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.

එම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපති ටෝ ලාම් සමග පැමිණි වියට්නාම දූත පිරිස අතර එරට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු ඇතුළු ප්‍රමුඛ දේශපාලන නායකයෝ පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.

වියට්නාම් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේ සංචාරක නිතරව සිටි අතර, ඒ අනුව ඔහු මුම්බායි නුවර සිට වියට්නාම් ගුවන් සේවයට අයත් VN- 1 දරන ගුවන් යානයෙන් මෙලෙස කටුනායක වෙත පැමිණ තිබේ.

වියට්නාම ජනාධිපතිවරයා අද (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව ඇත.

The post වියට්නාම ජනාධිපති දිවයිනට පැමිණෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/yUGbQHI

Labels:

Thursday, May 7, 2026

වියට්නාම ජනපති අද දිවයිනට

වියට්නාම ජනාධිපති ටෝ ලම් (To Lam) මහතා සිය නිල සංචාරය සඳහා අද (07) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය.

ජනාධිපතිවරයා සමඟ එරට ඉහළ පෙළේ නියෝජිතයන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු 200කට අධික දූත පිරිසක් මෙම සංචාරයට එක්වන බව වාර්තා වේ.

මෙම සංචාරයේ විශේෂම අවස්ථාවක් ලෙස වියට්නාම ජනාධිපතිවරයා හෙට (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් ඇමතීමට නියමිතව තිබේ.

මේ අතර වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාර කාලසීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

The post වියට්නාම ජනපති අද දිවයිනට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/46z3oQO

Labels:

Wednesday, May 6, 2026

මි.මී 100 ඉක්මවූ වැස්සක්! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!

අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ, ඒ අශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් අද (06) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post මි.මී 100 ඉක්මවූ වැස්සක්! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KY2MTwL

Labels:

Tuesday, May 5, 2026

ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!

හෝමූස් සමුද්‍ර සන්ධිය හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින අමෙරිකානු නාවික වත්කම් ඉලක්ක කිරීමට උත්සාහ කළහොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කර දමන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.

පසුගිය සඳුදා (මැයි 04) ඉරාන නාවික හමුදාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේදී අමෙරිකානු යුද නෞකාවකට මිසයිල ප්‍ර#ර එල්ල කළ බවට කළ ප්‍රකාශයෙන් පසු තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇත. ජනාධිපති ට්‍රම්ප් සිය ‘ටෘත් සෝෂල්’ (Truth Social) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකානු හමුදාව විසින් ඉරානයට අයත් වේගවත් බෝට්ටු (Fast Boats) 7ක් වෙ# තබා බිම හෙළූ බවයි.

හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති වාණිජ නෞකා සහ ඒවායේ සේවකයන් ආරක්ෂිතව පිටතට මෙහෙයවීම සඳහා අමෙරිකාව විසින් “Project Freedom” නමින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

මෙම මෙහෙයුමට බාධා කිරීමට ඉරානය උත්සාහ කළහොත් සම්පූර්ණ හමුදා ශක්තිය යොදවා ඉරානය විනාශ කරන බවට ට්‍රම්ප් අවධාරණය කරයි.

The post ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VSxMZCt

Labels:

Monday, May 4, 2026

“කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි

ජනාධිපතිවරයා දෙමළ ජනතාවගේ ප්‍රධාන සංස්කෘතික සහ සාහිත්‍ය උත්සවයක් වන “කම්බන් උළෙල” සඳහා ඊයේ (03) පස්වරුවේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී එක්ව තිබෙනවා.

ශ්‍රේෂ්ඨ දෙමළ කවියෙකු වූ කම්බන්ගේ නාමයෙන් සමස්ත ලංකා කම්බන් කලගම් සංවිධානය 1980 වසරේදී යාපනයේදී පිහිටුවා තිබුණා.

තරුණ පරම්පරාව සංස්කෘතික සහ දේශප්‍රේමය සමගින් ධර්මිෂ්ඨ මාවතක් ඔස්සේ මෙහෙයවීමට සාහිත්‍ය, නර්තනය සහ සංගීතය පදනම් කර ගනිමින් කම්බන් කලගම් සංවිධානය ඉටුකරන මෙහෙවර අගයමින් මෙම අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳ ජනාධිපතිවරයා සිය සතුට ඵල කළා.

The post “කම්බන් උළෙල” සඳහා ජනපති එක්වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EZCycri

Labels:

පියුමි හංසමාලි සහ තාඹුගලට එරෙහි නඩුවේ අලුත්ම තීරණය

රුපියල් ලක්ෂ 4190කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇතැයි කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සහ විරංජිත් තාබුගල යන වගඋත්තරකරුවන්ට එරෙහි පැමිණිලි නීතිපති උපදෙස් ලැබෙන තෙක් බහා තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා නියෝග කර ඇත.

දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.

අදාළ පැමිණිලි දෙක සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති අතර, ඒවායේ උධෘත ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවද අධිකරණයට දැනුම් දී ඇත.

එහිදී වගඋත්තරකාර පියුමි හංසමාලි රුපියල් ලක්ෂ 2250ක බදු මුදල් පැහැර හැර ඇති බවත්, විරංජිත් තාබුගල රුපියල් ලක්ෂ 1940ක බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බවත් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් සඳහන් කර තිබේ.

නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ නඩු ගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති නමුත් තවමත් උපදෙස් ලැබී නොමැති බවයි.

ඒ අනුව නීතිපති උපදෙස් ලැබෙන තෙක් අදාළ නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. 

The post පියුමි හංසමාලි සහ තාඹුගලට එරෙහි නඩුවේ අලුත්ම තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Cz6Psuw

Labels:

Sunday, May 3, 2026

පස්වරු 2.00 න් පසු කාලගුණයේ වෙනසක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතේත් කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති වන බවයි දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙන්නේ.

දකුණු පළාතෙත් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවන අතර,. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතින බවටත් දැනුම් දී තිබෙනවා.

.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post පස්වරු 2.00 න් පසු කාලගුණයේ වෙනසක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mZ6Dyvd

Labels:

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක්

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග තුනට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ දෙරට අතර පැවති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 03කින් ජයගැනීමත් සමගයි.

බංග්ලාදේශයේ ශිල්හේට්හි ආරම්භවීමට නියමිතව තිබූ මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග එක් ඉනිමක් පන්දුවාර 09කට සීමා වුණා.

ඒ අනුව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්න ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 09 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 87ක්.

ජයග්‍රහණය සඳහා ලකුණු 88ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 09 තුළ කඩුලු 06ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 84ක් පමණයි.

ඒ අනුව මෙම තරගයේ ලබා ගත් ජයත් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙර පැවති පළමු සහ දෙවන විස්සයි විස්ස තරග ද ජයගෙන තිබූ නිසා තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට සමත් වුණා.

The post ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට තරගාවලි ජයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/oCOE6nR

Labels:

Saturday, May 2, 2026

ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටෙන්

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය විසින් ඉදිරිපත් කරන ලද නවතම සාකච්ඡා යෝජනාව පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, සාම ගිවිසුමක් වෙත ළඟාවීම සඳහා ඉරානය යම් ප්‍රගතියක් පෙන්වා ඇතත් ඔවුන් කිසිදා එම ඉලක්කය වෙත ළඟා වේදැයි තමන්ට විශ්වාස නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇති බවය.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ, ඉරාන පාලනය විසින් පාකිස්තානය හරහා නව යොජනාවලියක් අමෙරිකාවට යොමු කළ බවය.

කෙසේවෙතත් එම යෝජනා පිළිබඳ කිසිවක් වාර්තා වී නොමැති බව සඳහන්ය.

පාකිස්තානයේදී පැවැත්වීමට යෝජිත සෘජු සාකච්ඡා වාරයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, තමන් පාකිස්තානයට සහ එහි නායකයින්ට දැඩි ගෞරවයක් දක්වන බවය. 

The post ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටෙන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/IPyxnLT

Labels:

සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි

සෙවනගල පොලිස් වසමට අයත් කටුපිල වැවේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු ඊයේ (01) පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පවසන පරිදි, මියගිය සිසුවා තවත් මිතුරන් පිරිසක් සමඟ කටුපිල වැවේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී ඔහු දියේ ගිලී අනතුරට ලක්ව ඇත.

ඊයේ සවස සෙවනගල පොලිසියට ලැබුණු පණිවිඩයක් මත වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිරුර සොයාගෙන තිබේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සෙවනගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

The post සාපෙළ සිසුවෙක් දිය රකුසාට බිලි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/b6dcI19

Labels:

Friday, May 1, 2026

අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්

අද (01) කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන මැයි දින රැලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කරනවා.

මහරගම පැවැත්වෙන ජාතික ජන බලවේගයේ මැයි රැලිය හේතුවෙන් කොළඹට ඇතුළු වීමේදී හෝමාගම දෙසින් පැමිණෙන සියළු රථවාහන මහරගම ඔරලෝසු කණුව අසලින් වමට හැරී බොරලැස්ගමුව හන්දිය දක්වා ගමන් කර කොහුවල හරහා කොළඹ දෙසට පැමිණිය හැකියි වනවා.

ඒ අනුව හෝමාගම දෙසින් පැමිණෙන බර වාහන පන්නිපිටිය හන්දියෙන් තලවතුගොඩ දෙසට ගමන් කර රාජගිරිය හරහා කොළඹට පැමිණිය හැකියි.

යම් අවස්ථාවකදී රථවාහන තදබය අධික වුවහොත් පනාගොඩ හන්දියෙන් කොළඹ හයිලෙවල් මාර්ගයට රථවාහන ඇතුළු කිරීමට හැකියාවක් නොමැති බවත් එම රථවාහනවලට ලෝලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කොළඹින් පිටවීමේදී බොරැල්ල සිට හයිලෙවල් මාර්ගයේ මහරගම දෙසට පැමිණෙනන රථවාහන දෙල්කඳ හන්දියෙන් දකුණට හැරී රත්නපිටිය හන්දිය, බොරලැස්ගමුව හන්දිය හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කල යුතු වනවා.

කොළඹින් පිටවන බර වාහන නුගේගොඩ ගුවන් පාලම යටින් කොහුවල හන්දිය දක්වා ගමන් කර බොරලැස්ගමුව හන්දිය හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කළ යුතු බව සඳහන්.

The post අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MBRg4nk

Labels: