https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: October 2026

Saturday, October 31, 2026

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා හේතුව බිමල් කියයි

කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව එළැඹෙන 03 වැනි දින විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ මෙම විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝගවලට ගැළපෙන පරිදි සංශෝධනය කර ඔක්තෝබර් 28 වැනි දිනට පෙර භාර නොදුන් නිසා එළැඹෙන නොවැම්බර් 03 වැනි දින විවාදයට ගත නොහැකි බවය.

ඒ අනුව එළැඹෙන 03 වැනි දිනය පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් සඳහා වෙන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ස්ථාවර නියෝගවලට අනුව ලබා දෙන්නේ නම් එය අයවැය කාලයට පෙර විවාද කිරීමට හැකි බව පාර්ලිමේන්තු කාරක සභාවේදී දැනුම්දුන් බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා,

“විපක්ෂයෙන් කථානායකතුමාට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය නොවන පරිදි, ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි, පාර්ලිමේන්තුවේ මෙතෙක් කථානායකතුමන්ලාට ඉදිරිපත් කරලා තිබෙන විශ්වාසභංගවලත් ස්වභාවය පදනම් කරගෙන ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි ඉදිරිපත් කරන්න කියන එක. එතැනදි අපි ඉල්ලා සිටියා මෙම මස 28 වැනිදාට පෙර විපක්ෂයෙන් එම විශ්වාසභංගය ස්ථාවර නියෝගයට ගැලපෙන පරිදි වෙනස් කර ලබා දෙන්න කියලා. නමුත් එය විපක්ෂය පැත්තෙන් ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි සංශෝධනය කර ලබා නොදුන් නිසා පාර්ලිමේන්තුවට විවාද කළ නොහැකියි. පාර්ලිමේන්තුව විසින් කටයුතු කළ යුතු වන්නේ එය විසින්ම සම්මත කරගෙන තිබෙන ස්ථාවර නියෝග අනුව. පාර්ලිමේන්තුවේ කථානායක තනතුර කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අදාළව ජනාධිපතිතුමාට, අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට, කථානායකතුමා වැනි ප්‍රධාන තනතුරුවල පුද්ගලයින්ට අදාළව විශ්වාසභංග ඉදිරිපත් කළ හැක්කේ කුමන ආකාරයෙන්ද කියන එක සම්බන්ධව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 83 තිබෙනවා. ඒ වගේම අධිකරණයේ තිබෙන කරුණු සහ විශ්වාසභංගයක් සැලසුම්කර සකස් කිරීම සම්බන්ධයෙන් 91 ස්ථාවර නියෝගවල පැහැදිලි කරලා තිබෙනවා.  ඒ වගේම පාර්ලිමේන්තුවේ කාරක සභාවට තමයි මේ පිළිබඳව තීන්දු අරගෙන පාර්ලිමේන්තුවේ වැඩසටහනට එකතු කිරීමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා විපක්ෂය පැත්තෙන් එය ඉදිරිපත් නොකිරීම නිසා නොවැම්බර් 3 වැනිදා පාර්ලිමේන්තුවේ දිනය සම්පූර්ණයෙන් වෙනස් කරලා තිබෙනවා කල්තැබීමේ විවාදයකට”

The post කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා හේතුව බිමල් කියයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8X02zTC

Labels:

Friday, October 30, 2026

ප්‍රදේශ රැසකට අද තරමක තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දින වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැක.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද අපේක්ෂා කෙේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post ප්‍රදේශ රැසකට අද තරමක තද වැසි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/n5k1LUl

Labels:

Thursday, October 29, 2026

හෝමාගම පොලිසියේ HQIගේ වැඩ තහනම් කරයි

හෝමාගම පොලිසියේ අත්අඩංගුවේ සිටියදී ඉෂාර හර්ෂ කුමාර (25) නමැති තරුණයා මියයාමේ සිද්ධියට අදාළව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පොලිස්පතිවරයාට කළ දැනුම්දීමට අනුව හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI) වැඩ තහනම් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති (උප පොලිස් පරීක්ෂක) සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කෙරුණු අතර, වැඩතහනම් ලැබූ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ඊයේ (28) අත්අඩංගුවට ගැනිණි.

මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට පසුගිය 25 වැනිදා අත්අඩංගුවට ගත් තරුණයාගේ මරණය පොලිස් පහරදීම් හේතුවෙන් සිදුවූවක් බවට ඥාතීන් චෝදනා කරයි. පශ්චාත් ම#ණ පරීක්ෂණයෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා සිරුරු කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවා ඇති අතර දේහය හෝමාගම මූණමලේවත්ත පිහිටි නිවස වෙත රැගෙනවිත් ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මෙම මාලිමාව ණය සහ ඊට අදාළ පොලිස් ප්‍රකාශ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබූ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ASP එෆ්.යූ. වුට්ලර් මහතා අවධාරණය කළේ නීතිඥ සංගමයේ නිවේදනයේ සඳහන් පරිදි තමන් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත්ය.

The post හෝමාගම පොලිසියේ HQIගේ වැඩ තහනම් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qwGftPK

Labels:

Wednesday, October 28, 2026

ඔර්නබ් ඉන්දියාවට කඩා වදී! ලංකාවට ඇති බලපෑම ගැන දැනුම්දීමක්!

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” (Ornab) ඉතා ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතිය ගොඩබිමට ඇතුළු වීමත් සමඟ ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය කෙරෙහි ඊින් එල්ල වූ බලපෑම ක්‍රමයෙන් අඩු වී තිබේ.

බස්නාහිර, සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර 40-50 දක්වා විටින් විට තද සුළං ඇති වීමේ හැකියාවක් පවතී. 

The post ඔර්නබ් ඉන්දියාවට කඩා වදී! ලංකාවට ඇති බලපෑම ගැන දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4PRbXAN

Labels:

Tuesday, October 27, 2026

‘කජ්ජා’ සහ දරුවන් දෙදෙනා ඝාතනයට සෙවූ ‘අචිනි’ එමිර් රාජ්‍යයේදී අත්අඩංගුවට! ශ්‍රී ලංකාවට රැගෙන එයි!

අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ජාත්‍යන්තර පොලිසිය (Interpol) මගින් රතු නිවේදන නිකුත් කර සිටි අනුෂා ලක්මාලි නොහොත් ‘අචිනි’ නමැති සැකකාරිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී (UAE) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන සහ නීතිමය පියවර සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව/ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙරටට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කරයි.

The post ‘කජ්ජා’ සහ දරුවන් දෙදෙනා ඝාතනයට සෙවූ ‘අචිනි’ එමිර් රාජ්‍යයේදී අත්අඩංගුවට! ශ්‍රී ලංකාවට රැගෙන එයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NxGfU0n

Labels:

Monday, October 26, 2026

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!

බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉදිරි දිනවලදී එය සුළි කුණාටුවක් සහ ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.

අවදානම් සහිත මුහුදු තීරයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනට එම ප්‍රදේශවල සිටින යාත්‍රා වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැඩි ලෙස උපදෙස් දෙයි.

The post බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/aPwn6k4

Labels:

ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දමයි

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට IOC පිරවුහල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495.00 ක් දක්වා ඉහළ යනු ඇත.

ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක පැවති මිල වූයේ 475කි.

The post ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ දමයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gmL6k9N

Labels:

Sunday, October 25, 2026

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඊයේ (24) රාත්‍රී 11.30 වන විට, එම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.5° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණු බවය.

මෙම පද්ධතිය අද (25) වන දින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග ප්‍රදේශය හරහා ගමන් කරමින්, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම පද්ධතිය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, හෙට (26) දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් මස 27 වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් බවට තවදුරටත් තීව්‍ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරිදින කිහිපයේ දී අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.  

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

The post අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Cug3Ql6

Labels:

Saturday, October 24, 2026

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය අද පීඩන අවපාතයක් වෙන ලකුණු – සුළි කුණාටුවක අවදානමක්?

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය එම ප්‍රදේශය ආශ්‍රිතවම පවතිමින් අද (24) දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ඔක්තෝබර් මස 25 දින වනවිට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් මස 26 වන දින උදෑසන වනවිට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවද සඳහන් කරයි.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරයි.

මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසය.

එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙයි.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

The post බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය අද පීඩන අවපාතයක් වෙන ලකුණු – සුළි කුණාටුවක අවදානමක්? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/h6KxmCy

Labels:

Friday, October 23, 2026

ශ්‍රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක්

පවන්, දසුන්, ජනිත් සහ අවිශ්කගේ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව අත්කර ගන්නා ලද ඓතිහාසික ජයග්‍රහණය ඉහළින් සැමරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකම් ඇති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දුන්නේ, ජයග්‍රහණයේ ප්‍රීතිය විඳගන්නා අතරතුරම, ඉදිරි අභියෝග ජයගැනීම සඳහා කණ්ඩායමේ අවධානය යොමුවිය යුතුව ඇති බවය.

ලබන වසරේ ඔක්තෝබර් මාසයේදී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් කණ්ඩායම ශක්තිමත් කිරීමේ දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සතු බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව කණ්ඩායම ඉහළම තත්ත්වයට ගෙන ඒම සඳහා මෙම ජයග්‍රහණයේ සිට ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව කුමාර් සංගක්කාර සිය ‘X’ සටහනෙන් පවසයි.

පාකිස්තාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (22) පැවති තරගයෙන් එංගලන්තය  කඩුලු 2කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 430ක අති දැවැන්ත ඉලක්කය, එක් පන්දුවක් (49.5) පමණක් ඉතිරිව තිබියදී පසුකර යැමීට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් විය.

The post ශ්‍රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7MW4AIZ

Labels:

Thursday, October 22, 2026

‘පොලිස්පති අධිකරණය ඇන්දවීමට උත්සහ කරලා’ – පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා, ඔහුට එරෙහිව නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට ඊයේ (21) නියෝග කර තිබෙනවා.

අසත්‍ය තොරතුරු මත පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට පොලිස් නිලධාරීන්ට බල නොකරන ලෙස දැනුම් දෙමින් දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස මීට පෙර පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.

කෙසේ වෙතත්, එම නියෝගය ක්‍රියාත්මක කිරීම වෙනුවට බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ගම්පහ, කැලණිය සහ මීගමුව පොලිස් කොට්ඨාස සඳහා පමණක් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවක් අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එම ලේඛනය පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා, එය අධිකරණය ලබාදුන් නියෝගයට අනුකූල නොවන බව පෙන්වා දෙමින් පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළා.

“මේක මාව අන්දවන්න කරන දෙයක්” යනුවෙන් ද මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.

දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියෝග කර තිබියදී ප්‍රදේශ කිහිපයකට පමණක් මාර්ගෝපදේශ නිකුත් කිරීම පිළිගත නොහැකි බව ද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කිරීමට පසුබිම් වී ඇත්තේ ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් විසින් චාමර චතුරංග මාරසිංහ නමැති පුද්ගලයෙකුට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මත නඩු දෙකක් පැවරීමේ සිද්ධියක්.

අදාළ නඩු නිස්සාරණ ලෙස පවරා ඇති බවට මීට පෙර තීරණය කළ මහේස්ත්‍රාත්වරයා, එම පුද්ගලයාට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.

එමෙන්ම, මෙවැනි ආකාරයෙන් ජනතාව පීඩාවට පත්කරන නඩු පැවරීම් වැළැක්වීම සඳහා සියලු පොලිස් නිලධාරීන්ට අදාළ වන චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා.

ඒ සඳහා මාස පහකට ආසන්න කාලයක් ලබාදී තිබියදීත් අදාළ නියෝගය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම අධිකරණය හෑල්ලුවට ලක් කිරීමක් බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇති බව සඳහන්.

ඒ අනුව, පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබෙනවා.

මීට අමතරව, සිද්ධියට අදාළ අංක 1743 සහ 1744 දරන නඩු ගොනු දෙක ද අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කර ඇති බව සඳහන්.

The post ‘පොලිස්පති අධිකරණය ඇන්දවීමට උත්සහ කරලා’ – පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lC5xocZ

Labels:

Wednesday, October 21, 2026

පොලීසියට අලුත්ම TATA YODHA PICKUP 200ක්

ශ්‍රී ලංකා පොලීසියේ රාජකාරි කටයුතු සඳහා ආනයනය කරන ලද සිංගල් කැබ් රථ 200ක් දේශීය වෙළෙඳපොළ තුළින් මිල දී ගැනීම පිණිස 2026-02-23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 07ක් ඉදිරිපත් වී ඇත.

එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Diesel and Motor Engineering PLC වෙතින් එක් සිංගල් කැබ් රථයක් රුපියල් 4,785,000/- ක (එකතු කළ අගය මත බදු රහිත) මිලකට සිංගල් කැබ් රථ (TATA YODHA PICKUP) 200ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

The post පොලීසියට අලුත්ම TATA YODHA PICKUP 200ක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kGrU4Yn

Labels:

තිරිඟු පිටි මිල ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල ඉහළ දැමීමට අදාළ සමාගම් පියවර ගෙන තිබේ.

ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රු 13කින් ඉහළ යනු ඇත.

The post තිරිඟු පිටි මිල ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fynuTF6

Labels:

Tuesday, October 20, 2026

ජාතික හා පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වන ආකාරය ගැන පැහැදිලි කිරීමක්

ජාතික පාසල් සහ පළාත් පාසල්වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු පුරවා ගැනීම සඳහා පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මේ වන විට පැනනැගී ගැටලු සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්  ඒ.ජේ.එස්.එස් එදිරිසූරිය මහතා පැවසුවේ, මෙම තනතුරු 23,600ක් සම්පූර්ණ කිරීම සඳහා අනුමැතිය ලබාගෙන ඇති අතර, ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් එනම් අයදුම්කරුවන් 46,012ක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවිය යුතු බවය.

නමුත් මූලිකව නිකුත් කළ ලේඛනයේ නම් 17,688ක් පමණක් අඩංගු වීම සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලුවට නිල වශයෙන් මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කරන බව ඒ මහතා පවසයි.

මෙහිදී අනාවරණය වී ඇත්තේ, මෙම 17,688ක අයදුම්කරුවන් පිරිස තුළ එක් අයෙකුට විෂයන් කිහිපයක් සඳහා මෙන්ම ජාතික හා පළාත් පාසල් වශයෙන් අවස්ථා හිමි වී ඇති බැවින්, එම සංඛ්‍යාව බැලූ බැල්මට අඩු බවක් පෙනුනද විෂයයන් අනුව අවශ්‍ය වන සම්මුඛ පරීක්ෂණ නියෝජනය සහ පුරප්පාඩු ආවරණය වන ආකාරය වෙනස් වන බවයි.

නිදසුනක් ලෙස, විෂයන් අටටම සමත් සීමිත පදමේ (රාජ්‍ය සේවයේ නියුතු) උපාධිධාරීන් 192ක් හරහා පමණක් පුරප්පාඩු 1536ක් ආවරණය වන අතර, ජාතික හා පළාත් මට්ටමින් අයදුම්කරුවන් විෂයන් කිහිපයක් සඳහා සුදුසුකම් ලැබීම හේතුවෙන් සේවා ව්‍යවස්ථාව අපේක්ෂා කරන දෙගුණයේ නිරීක්ෂණය සපුරා ගැනීමට හැකි වී තිබේ.

කෙසේ වෙතත්, පළාත් අනුව විෂය සංකලන 41කට කිසිදු අයදුම්කරුවෙක් සුදුසුකම් ලබා නොමැති වීම සහ තවත් විෂය සංකලන 124කට අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණවත් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් නොමැති වීම නිසා යම් පුරප්පාඩු ප්‍රමාණයක් ඉතිරි වී ඇති අතර, මේ සියලු කරුණු සහ විෂය සංකලන එකතු වීමෙන් පසු සම්මුඛ පරීක්ෂණය සඳහා නියමිත 46,018කට ආසන්න අයදුම්කරුවන් ප්‍රමාණයක් සුදුසුකම් ලබා ඇති බව වැඩිදුරටත් පෙන්වා දී ඇත.

The post ජාතික හා පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වන ආකාරය ගැන පැහැදිලි කිරීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YbLNcM9

Labels:

Monday, October 19, 2026

එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගෙන් නිවේදනයක්

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු තමන්ගේ සහෝදරයෙකු බවට සහ එම පුද්ගලයා සහ තමන් අතර සබඳතාවක් පවතින බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, තමන් සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා වන බැවින් තමන්ට කිසිදු සහෝදරයෙකු නොමැති බවයි.

එසේම පෙළපත් නාමය සමාන වූ පමණින් වෙනත් අයෙකු සිදුකරන වැරදි තමන් පිට පැටවීමට උත්සාහ කිරීම අසාධාරණ බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

වසර 11 ක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර කාලය තුළ මන්ත්‍රීවරුන්ට හිමිවන ගිනි අවි පවා තමන් කිසිදිනෙක ලබාගෙන නොමැති බවත්, තම පියා වූ දිවංගත සරත්චන්ද්‍ර රාජකරුණා ද කිසිදු දිනෙක ගිනි අවියක් සන්තකයේ තබාගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.

දේශපාලනමය වශයෙන් තම චරිතය ඝාතනය කිරීමේ සහ නමට කැලලක් ඇති කිරීමේ අරමුණින් මෙම අසත්‍ය ප්‍රවෘත්තිය වාර්තා කළ මාධ්‍ය ආයතනවලට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට උපදෙස් ලබා දී ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

The post එල්ල වන චෝදනාවන්ට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/TFsMLrc

Labels:

Sunday, October 18, 2026

ප්‍රංශයේ දැවැන්ත විරෝධතා! 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

පාසල් පද්ධතියේ පවතින අඩුපාඩු සහ අධික ජීවන වියදමට එරෙහිව ප්‍රංශය පුරා සංවිධානය කර තිබූ දැවැන්ත විරෝධතා මාලාවක් අතරතුර ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලක්ෂ 5 හමාරකට ආසන්න පිරිසක් වීදි බැස සිටි මෙම විරෝධතා අතරතුර සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 1,200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ රජය තහවුරු කර ඇති බවයි.

අගනුවර වන පැරිස් නුවර ඇතුළු ප්‍රධාන නගර රැසක රාත්‍රී කාලය වන තෙක්ම කැරලි මර්දන පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ප්‍රබල ගැටුම් පැවැති අතර, සෙනඟ විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් විසින් ගොඩනැගිලි, වෙළඳසැල් සහ වාහන ගිනි තබා විනාශ කර ඇති අතර, ලිමෝජස් (Limoges) නගරයේ නගර සභා ගොඩනැගිල්ලට එල්ල වූ ගිනි තැබීමෙන් එහි වහලයේ කොටසක් කඩා වැටී ඇති අතර, ලිල් (Lille) නගරයේ ඇපල් (Apple) වෙළඳසැලක් ඇතුළු ස්ථාන රැසක් විරෝධතාකරුවන් විසින් කඩාපැන කොල්ල කා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙහිදී, සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වයන්ගෙන් පොලිස් නිලධාරීන් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකොර්නු (Sébastien Lecou) ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රංශයේ අවුරුදු 15-18 අතර සිසුන් අධ්‍යාපනය ලබන ‘ලයිසි’ (lycées) ද්විතියික පාසල්වල පවතින ගුරු හිඟය සහ ගොඩනැගිලි අලුත්වැඩියා නොකිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ වූ මෙම සිසු විරෝධතාවලට, වෘත්තීය සමිති සහ 2018 වසරේදී ජීවන වියදමට එරෙහිව සටන් කළ ‘කහ කබා’ (Gilets Jaunes) ව්‍යාපාරයේ සාමාජිකයින්ද පසුව එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හමුවේ රට තුළ දේශපාලන නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇති පසුබිමක මෙම විරෝධතා පැනනැගී ඇති අතර, සිදුවූ ප්‍රචණ්ඩක්‍රියා සහ පොදු දේපළ විනාශ කිරීම් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා තිබෙනවා.

මූලාශ්‍රය – බීබීසී

The post ප්‍රංශයේ දැවැන්ත විරෝධතා! 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vNXIHQ1

Labels:

Saturday, October 17, 2026

බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඉකුත් මැයි මාසයෙන් පසුව ප්‍රථම වතාවට එක් අවස්ථාවකදී ඩොලර් 110 සීමාව පසුකර ඇත. පසුව එය තරමක් පහත බැස 3.7%ක වර්ධනයක් සහිතව ඩොලර් 109.86ක් ලෙස සටහන් විය.

අමෙරිකානු WTI බොරතෙල් මිල ද 3.5%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 101.41ක් දක්වා ඉහළ ගිය අතර, මේ සතිය තුළ පමණක් WTI මිල 10%කට වඩා සහ බ්‍රෙන්ට් මිල 5%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන ප්‍රහාර ඉහළ යාම, සෞදි අරාබියට එල්ල වූ හූති මිසයිල ප්‍රහාර සහ රුසියානු තෙල් පිරිපහදුවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවට යුක්‍රේනය කළ ප්‍රකාශ හේතුවෙන් මෙලෙස ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

The post බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/47Qs8GN

Labels:

Friday, October 16, 2026

සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක්

පරිගණක පද්ධති වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් 2026 ඔක්තෝබර් 18 වැනිදා අලුයම 12.30 සිට පෙරවරු 4.30 දක්වා (පැය 4ක කාලයක්) සම්පත් බැංකුවේ සේවා කිහිපයක් තාවකාලිකව අක්‍රියව පවතින බව බැංකුව නිවේදනය කරයි.

අත්හිටුවන සේවාවන්:

  • සම්පත් බැංකුවේ ATM, CDM සහ CRM යන්ත්‍ර සේවා
  • සම්පත් බැංකු ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන POS ගනුදෙනු
  • CEFTS හරහා සිදුකරන මුදල් ලැබීම් සහ ගෙවීම් ගනුදෙනු
  • Google Wallet ගනුදෙනු
  • WePay සේවාවන්

පාරිභෝගිකයන්ට වඩාත් උසස් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම කටයුතු සිදුකරන අතර, මේ හේතුවෙන් සිදුවිය හැකි අපහසුතා පිළිබඳව අවධානය යොමු කරන ලෙස බැංකුව පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

The post සම්පත් බැංකු පාරිභෝගිකයින්ට හදිසි නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PsQ23b0

Labels:

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබේ.

ඒ පොලිසිය සිදුකළ ඉල්ලීමකට අනුවයි.

පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය  ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙසය.

The post ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kW4wiIn

Labels:

Thursday, October 15, 2026

බැසිල් රාජපක්ෂව කොටු කර ගන්න අධිකරණයෙන් දුන් නියෝගයේ සම්පූර්ණ විස්තරය

2014 ඌව පළාත් සභා මැතිවරණයේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් යොදවා ටී-ෂර්ට් 12,000ක් මුද්‍රණය කර රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට මැදමුලන වීරකැටිය ලිපිනයට ගියද ඔහු එහි නොසිටි බවත්, ග්‍රාම නිලධාරී සහ ඥාතීන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිව සිටින බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය (Interpol) හරහා රතු නිවේදනයක් ලබාගැනීමට හැකිවන පරිදි ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ වරෙන්තුව නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

The post බැසිල් රාජපක්ෂව කොටු කර ගන්න අධිකරණයෙන් දුන් නියෝගයේ සම්පූර්ණ විස්තරය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zK7WYfj

Labels:

Wednesday, October 14, 2026

කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය

දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තු විය හැකි අතර, මේ වන විට දිවයින පුරා අහස වලාකුළින් බරව පවතී.

බස්නාහිර, උතුර, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවලට මි.මී. 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

The post කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/w4HyU3m

Labels:

Tuesday, October 13, 2026

තද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (13) දින අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල මෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැක.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවලට මි.මී. 75 ඉක්මවූ වැසි ඇති විය හැක.

ධීවර සහ නාවික ප්‍රජාව කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී. 

The post තද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UFpsjCe

Labels:

Monday, October 12, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය්මට තවත් කුජීත පරාජයක්

ශ්‍රී ලංකාව සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 82ක විශිෂ්ට ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟින් තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තමන් සතු කරගැනීමට ද පාකිස්තානයට හැකි විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 215ක් රැස් කිරීමට සමත් විය. එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සාදාකත් පන්දු 51කදී නොදැවී ලකුණු 96ක් රැස්කළ අතර, නායක සාහිබ්සාදා ෆර්හාන් පන්දු 44කදී ලකුණු 73ක් ලබාගනිමින් පාකිස්තාන ඉනිමට දැවැන්ත දායකත්වයක් දැක්වීය.

ලකුණු 216ක ප්‍රබල ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 32ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 29ක් රැස්කළහ. පන්දු යැවීමේදී දක්ෂ ලෙස ක්‍රියාත්මක වූ පාකිස්තානයේ මොහොමඩ් ඉම්රාන් ලකුණු 11කට කඩුලු 3ක් සහ සල්මාන් මිර්සා ලකුණු 28කට කඩුලු 2ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරා තල්ලු කර දැමීය.

The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය්මට තවත් කුජීත පරාජයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/OnsQ3zL

Labels:

Sunday, October 11, 2026

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ දෙවන දිනය අද

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනටත් පැවැත්වේ.

සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව ඊයේ (10) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ විය.

කඩුගන්නාව ප්‍රදේශයෙන් පා ගමනේ පළමු දිනය ඊයේ පස්වරුවේ අවසන් කෙරුණු අතර එය අද දිනයේ කඩුගන්නාවේ සිට ගමන් ආරම්භ කිරීමට නියමිතය.

පාගමන කෑගල්ල, වරකාපොල, නිට්ටඹුව, කඩවත යන නගර පසු කරමින් එළැඹෙන 15 වැනි දින කොළඹට ළගා වීමට නියමිත බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමි පැවසීය.

The post ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ දෙවන දිනය අද appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PZN6KD3

Labels:

Saturday, October 10, 2026

ඊළගට ජම්පරේ අන්දන්නේ මටලු – ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතුව ඇති සිදුවීමේදී උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව ගැන පමණක් අවධානය යොමු නොකර, උන්වහන්සේ මතු කළ කාරණා පිළිබඳව ජනතාව මෙන්ම රජය ද දැඩි සංවේදීතාවක් දැක්විය යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ, “හඳ පෙන්වන විට ඇඟිල්ල දෙස බැලීම” වෙනුවට පෙන්වා දෙන සැබෑ අර්ථය තේරුම් ගත යුතු බවයි.

පුද්ගලයෙකුගේ උපතින් ලැබුණු කටහඬේ ගොරෝසු බව පදනම් කරගෙන ඔහු ඉදිරිපත් කරන ප්‍රකාශයන් අවතක්සේරු නොකළ යුතු බවත්, අතීතයේදී මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමිපාණන් වහන්සේ අතිශය ශාන්ත, සිල්වත් හඬකින් මෙම ජාතික කාරණා පෙන්වා දුන් අවස්ථාවලදී ද සමාජය ඊට නිසි පරිදි ප්‍රතිචාර නොදැක්වූ බවත් උන්වහන්සේ සිහිපත් කළහ.

එබැවින් හඬ නොව, එහි අන්තර්ගත ජාතික කාරණා කෙරෙහි අවධානය යොමු වීම අත්‍යවශ්‍ය බව ධම්මරතන හිමියෝ පැවසූහ.

මේ වන විට මහානායක හිමිවරුන් සහ කෝට්ටේ සංඝ සභාව ඇතුළු සංවිධාන රැසක් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති අතර, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද පිරිස් සූදානම් වන බව උන්වහන්සේ සඳහන් කළහ.

මහානායක හිමිවරුන්ගේ ලිපිය කෙරෙහි රජය යම් අවධානයක් යොමු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද උන්වහන්සේ පැවසූහ.

එමෙන්ම, සමාජ මාධ්‍ය ජාලාවල ව්‍යාජ ගිණුම් ඔස්සේ තමන් වහන්සේ ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රහාර එල්ල වන බව අනාවරණය කළ උන්වහන්සේ, “ඊළඟට ජම්පරය අන්දවන්නේ ඉඳුරාගාරේ ධම්මරතන හිමියන්ට” යැයි ඇතැමුන් ප්‍රචාරය කරමින් සිටින බව සඳහන් කළහ.

එලෙස අවලාද සහ මඩ ප්‍රචාර පතුරුවන පුද්ගලයන් කෙරෙහි තමන් වහන්සේ උපේක්ෂාවෙන් හා කරුණාවෙන් යුතුව අනුකම්පා කරන බවත්, ඔවුන්ගේ ජීවනෝපායන්ට බාධා නොකරන ලෙස ඉල්ලා සිටින බවත් උන්වහන්සේ පැවසූහ.

අවසාන වශයෙන්, ඥානසාර හිමියන් වෙනුවෙන් රට පුරා බෝධි පූජා පවත්වා ආශිර්වාද එක්කිරීමට කටයුතු කරන ලෙසත්, රටේ පොදු ජනතාව මෙන්ම ජාතික සංවිධාන ද මෙම ගැටලුවේදී මතුපිටින් නොබලා එහි ගැඹුරු යථාර්ථය වටහාගෙන සංවේදීව ක්‍රියා කළ යුතු බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

මෙම මාධ්‍ය හමුව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන පූජ්‍ය ආචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමියන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

The post ඊළගට ජම්පරේ අන්දන්නේ මටලු – ඉඳුරාගාරේ ධම්මරතන හිමි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/wvkIyiM

Labels:

Friday, October 9, 2026

බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්

මෙල්බර්න් නුවර ධම්ම සරණ විහාරස්ථානයේදී බාලවයස්කාර ගැහැනු දරුවන් 6 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනා රැසකට වරදකරු වූ 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමියන්ට එරට අධිකරණය විසින් වසර 13ක් සහ මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ.

1994 සිට 2002 දක්වා කාලය තුළ ස්ප්‍රිංවේල් සහ කීස්බරෝ ප්‍රදේශවල පිහිටි විහාරස්ථානයට පැමිණි දැරියන්ව මෙලෙස අපයෝජනය කර ඇති අතර, දරුවෙකු සමඟ ලිංගිකව හැසිරීමේ චෝදනා 9ක් සහ අශෝභන ක්‍රියා සිදුකිරීමේ චෝදනා 8කට උන්වහන්සේ වරදකරු වී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු තිවානා සඳහන් කළේ, මෙම ක්‍රියාව දැඩි විශ්වාසය පාවාදීමක් වන අතර එය දශක ගණනාවක් පුරා වින්දිතයින් දැඩි මානසික පීඩාවකට හා බියට පත්කිරීමක් බවයි.

සිවුර වෙනුවට බන්ධනාගාර ඇඳුමින් සැරසී සිටි විජිත හිමියන් තීන්දුවෙන් පසු ආධාරකරුවන්ට සිනහවෙමින් අත වැනීමත්, ඇතැමුන් උන්වහන්සේට වන්දනාමාන කිරීමට යාමත් හමුවේ වින්දිත පාර්ශ්වයන් දැඩි ලෙස කෝපයට පත්ව අප්‍රසාදය පළ කර තිබේ.

The post බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ydYD30r

Labels:

රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්‍රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට

ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදුකරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, හිටපු අමාත්‍යවරුන්, රාජපක්ෂ පවුලේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් සම්බන්ධ දූෂණ, වංචා හා අපරාධ චෝදනා නඩු 50ක් ඇතුළත් පිටු 10ක ලේඛනයක් අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මෙම විමර්ශන වත්මන් ආණ්ඩුව අලුතින් ආරම්භ කළ ඒවා නොව 2015-2019 කාලසීමාවේ සිට පැවති පැමිණිලි බවත්, පෙර පැවති පාලනාධිකාරීන් යටපත් කර තිබූ මෙම නඩුවලට වත්මන් ආණ්ඩුව යටතේ ස්වාධීනව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ සලසා ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, බැසිල් රාජපක්ෂ, රාජිත සේනාරත්න, රවී කරුණනායක, ප්‍රසන්න රණතුංග, ඒ.එච්.එම්. ෆවුසි, බන්දුල ගුණවර්ධන සහ රෝහිත බෝගොල්ලාගම ඇතුළු හිටපු අමාත්‍යවරුන් රැසකගේ නඩු විස්තර මෙහි ඇතුළත් වේ.

නාමල්, යෝෂිත, ගෝඨාභය, ශිරන්ති, රෝහිත, චමල් සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ යන අයගේ නඩු මෙන්ම, මහ බැංකු බැඳුම්කරය, ක්‍රිෂ්, මිග් යානා, දිවි නැඟුම, සිල් රෙදි, CSN, පාස්කු ප්‍රහාරය, තාජුදීන්, ලසන්ත සහ එක්නැලිගොඩ යන මහා පරිමාණ දූෂණ හා අපරාධ විමර්ශනද මෙම ලේඛනයට ඇතුළත් කර ඇත.

The post රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්‍රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GNDCqpF

Labels:

Thursday, October 8, 2026

රිමාන්ඩ් කෙරුණු ශිරන්ති රාජපක්ෂට විශේෂ ආරක්ෂාවක්

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති අර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය වැලිකඩ, මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේ, බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක ඇය රැඳවීමට කටයුතු කර ඇති බවය.

රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වැනිදා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ පස්වරුවේ වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ආවේය.

අධිකරණ නියෝග මත ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනිම සඳහා යොමුකිරීමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේය.

The post රිමාන්ඩ් කෙරුණු ශිරන්ති රාජපක්ෂට විශේෂ ආරක්ෂාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/m9tvN6F

Labels:

Wednesday, October 7, 2026

IMF කියන පරිදි තෙල් මිල ගලපන්න ආණ්ඩුව සූදානම්ද? ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්

මැදපෙරදිග ගැටුම් හමුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගැලපීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට සිදුකළ දැනුම්දීම සම්බන්ධව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (06) අදහස් දැක්වීය.

ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි ඉල්ලීමක් කළද ජනතාව මත සමස්ත බර පැටවීමකින් තොරව සැලකිය යුතු සහන ප්‍රමාණයක් ලබා දීමටද රජයට හැකි වූ බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙර සිට විදුලි, ජලය ඉන්ධන සඳහා සිදුකරන සැපයීම්වලදී පිරිවැය ගැලපීමට උපදෙස් ලබා දී ඇති නමුත් රජය විසින් සමස්ත බර ජනතාව මත පටවා නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙර සිටම එන්නේ මෙවැනි විදුලිය, ජලය, වැනි සැපයුම්වලදි පිරිවැය ගලපන්න කියන එක ඒක තමයි ඒ අය කියන දේ. අපි පිරිවැය ගැලපීමට උත්සාහ කරන අතරෙම හැබැයි සමස්ත පිරිවැයම ජනතාව මත පටවන්නේ නැතිව මේ රජය සැලකිය යුතු සහන ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. ඒ අනුව ගිය සැරේ ඩීසල් රුපියල් 100ක් ලබා දුන්නා. දැන් ඩීසල්වලට රුපියල් 70ක් ලබා දීලා තිබෙනවා ලීටරයකට, ගියවර පෙට්‍රල්වලට ලීටරයකට රුපියල් 20ක් ලබා දුන්නා එහෙම කටයුතු කරන් යනවා අනාගතයේදී ලෝක වෙළෙඳපොළේ මිල උච්චාවඡනය වීම අනුව අපි බලමු. මූල්‍ය අරමුදල පිරිවැය ගලපන්න කියලා තියෙද්දිත් ආණ්ඩුවට පුළුවන් වෙලා තිබෙනවා ජනතාව වෙනුවෙන් ඒ සහන ලබා දෙන්න.”

The post IMF කියන පරිදි තෙල් මිල ගලපන්න ආණ්ඩුව සූදානම්ද? ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Z9xFTat

Labels:

පියයුරු පිළිකා ගැන බය හිතෙන අනාවරණයක්

පියයරු පිළිකා හේතුවෙන් දෛනිකව මෙරටින් පුද්ගලයින් තිදෙනෙකු මියයන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා පැවසුවේ වසරකට එම පිළිකා රෝගීන් 6,000ක් පමණ වාර්තාවන බවයි.

කොළඹ නගර සභාවේ පිළිකා මර්ධන වැඩසටහන පිළිබඳ පැවති වැඩසටහනකට එක්වෙමින් වෛද්‍ය සේනක තලගල මහතා මෙම අදහස් පළ කළේය.

“ලංකාවේ වැඩිපුරම දක්නට ලැබෙන පිළිකාව විශේෂයෙන්ම කාන්තාවන් අතර බහුලතම පිළිකාව පියයුරු පිළිකාව. අවුරුද්දකට මේ වෙන කොට අපි දකිනවා 6,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ වගේම 1,000කට අධික සංඛ්‍යාවක් රෝගීන් මියයනවා. අපි සාරාංශගත කරොත් එහෙම හැම දවසකම අලුතින් රෝගීන් 17 දෙනෙකු වාර්තා වෙන අතර 3දෙනෙකු මියයනවා. වැදගත් වෙන්නේ රෝගය කල් ඇතිව හඳුනාගැනීම. ඒ වගේම නිසි ප්‍රතිකාර ලබා ගැනීම සහ රෝගීන් පසු විපරම් කිරීම. සහ ඔවුන් රැක බලා ගැනීම.අවාසනාවකට අපි දකින දෙයක් තමයි  බොහෝ ප්‍රමාද වෙලා රෝගීන් රෝග ලක්ෂණ පැහැදිලිව පේන්න තිබියදීත් රෝගීන් රෝහල් කරා පැමිණෙනවා එතනදි ප්‍රතිකාර වලින් හොඳ ප්‍රතිඵල ලබාගන්න අමාරුයි.”

The post පියයුරු පිළිකා ගැන බය හිතෙන අනාවරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Fa5IgQP

Labels:

Tuesday, October 6, 2026

පෙම්වතිය අවසන් ගමන් යැවූ පෙම්වතාත් සියදිවි නසාගනී

යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී සිදු වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නල්ලූර්, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි කාන්තාවකි.

බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මියගිය කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් ඇයට හා ඇයගේ මවට මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

පහරදීම සිදුකළ සැකකරු ද එදින රාත්‍රියේ යාපනය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකට පැන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නල්ලූර් ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

The post පෙම්වතිය අවසන් ගමන් යැවූ පෙම්වතාත් සියදිවි නසාගනී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AixTesc

Labels:

මගේ රූපය යොදාගත් වීඩියෝ සම්පූර්ණයෙන්ම ව්‍යාජයි! අග්‍රාමාත්‍යවරිය ජනතාවගෙන් කළ ඉල්ලීම!

තමන් කිසිදු ආයෝජකයෙකු හෝ ආයෝජන යෝජනාක්‍රමයක් වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු සිදු නොකරන බවත්, තම රූපය සහ හඬ යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන සියලු වීඩියෝ මුළුමනින්ම ව්‍යාජ ඒවා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

කොළඹ කොටස් වෙළෙඳපොළේ පැවති උත්සවයක් අමතමින් ඇය අවධාරණය කළේ, සමාජ මාධ්‍ය සහ WhatsApp මාර්ගයෙන් විවිධ මූල්‍ය හා ආයෝජන ක්‍රම ප්‍රවර්ධනය කරමින් හුවමාරු වන මෙවැනි අසත්‍ය වීඩියෝවලට හසු නොවන ලෙසයි.

එමෙන්ම සමාජය තුළ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඇය, අදහගැනීමටත් නොහැකි තරම් අධික ලාභ ලබාදෙන බවට පොරොන්දු වන මෙවැනි වංචනික මූල්‍ය ජාවාරම්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව තේරුම් ගැනීමට තරම් මූලික බුද්ධියක් සහ මූල්‍ය සාක්ෂරතාවක් ජනතාවට තිබිය යුතු බව සඳහන් කළා.

එතරම් පහසුවෙන් සහ ක්ෂණිකව මුදල් ඉපයිය හැකි නම් රටේ සෑම දෙනාටම ඉතා ඉක්මනින් ධනපතියන් විය හැකි බව උපහාසාත්මකව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, තමන් මහන්සියෙන් උපයන මුදල් මෙවැනි වංචාකරුවන්ට හසු නොවී ආරක්ෂා කර ගැනීමටත්, මූල්‍ය සාක්ෂරතාවයෙන් යුතුව අවධානයෙන් කටයුතු කිරීමටත් ජනතාව වගබලා ගත යුතු බව වැඩිදුරටත් කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“මගේ රූපරාමු සහ කටහඬ නිර්මාණය කරමින් විවිධ ආයෝජන ක්‍රමවේද ප්‍රවර්ධනය කරන ව්‍යාජ වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව මම දැනුවත්. මගේ කිසිදු සම්බන්ධයක් ඒවාට නැහැ. මම කිසිම ආයෝජකයෙකු හෝ එවැනි දේවල් ප්‍රවර්ධනය කිරීමට පෙනී සිටින්නේ නැහැ. මෙවැනි වීඩියෝ දුටු විගස ඒවා ව්‍යාජ බව ඔබ වටහාගත යුතුයි”

The post මගේ රූපය යොදාගත් වීඩියෝ සම්පූර්ණයෙන්ම ව්‍යාජයි! අග්‍රාමාත්‍යවරිය ජනතාවගෙන් කළ ඉල්ලීම! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CHxuDM9

Labels:

සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂ දිවයිනට පැමිණෙයි

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මලයාසියාවේ සිට පැමිණි MH 179 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.26 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

‘සිරිලිය සවිය’ අරමුදලට අයත් ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මඟින් ඇයට කැඳවීමක් සිදුකර තිබිණි.

FCID කැඳවීම් ලබාදී තිබූ පසුබිමක ඇය මෙලෙස වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටියාය.

The post සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂ දිවයිනට පැමිණෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/cge9dWV

Labels:

Monday, October 5, 2026

නියමිත දිනට නොආවොත් ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට?

ලබා දී ඇති කාලසීමාව අවසන් වීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට අපොහොසත් වුවහොත්, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.

‘සිරිලිය’ පදනම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා සැප්තැම්බර් 24 වැනිදා FCIDය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටින බැවින් ඒ සඳහා ඇය දින 14ක කාලයක් ඉල්ලා තිබිණි.

නියමිත වේලාවට FCIDය හමුවේ පෙනී නොසිටියහොත් ලබාගන්නා විදේශ ගමන් තහනම හේතුවෙන්, ඇය මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපළේදීම අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතී.

සැප්තැම්බර් 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ඇය නැවත පැමිණෙන දිනය වෛද්‍ය අවශ්‍යතා මත තීරණය වන බවත්, නැවත පැමිණීමට ලබාදී ඇත්තේ තාවකාලික දිනයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

The post නියමිත දිනට නොආවොත් ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VIo8OBg

Labels:

Sunday, October 4, 2026

ඥානසාර හිමියන් අද අධිකරණයට

අධිකරණය වරෙන්තු ලබා සිටියදී තිනියාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අධිකරණයට අපහාර කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම ව සිටි ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය පසුගියදා විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.

ඊට අමතරව ඒ හිමියන්ට විදේශ ගතවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කරනු ලැබුණි.

මෙලෙස වරෙන්තු නිකුත්ව තිබියදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ තීනියාවල ආරණ්‍ය සේනාසනයකදීය.

එහිදී අත්අඩංගුවට ගත් ඥානසාර හිමියන් ඊයේ රාත්‍රියේදීම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන එනු ලැබීය.

The post ඥානසාර හිමියන් අද අධිකරණයට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UM7OqXS

Labels:

Saturday, October 3, 2026

කුකුළු මස් හා බිත්තර මිල ඉහළට?

බඩඉරිඟු ආනයනය සඳහා අවසර දීම ප්‍රමාද වීම හේතුවෙන් ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යා හැකි බව සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය කරයි.

සතුන්ගේ ආහාර සඳහා බඩඉරිඟු වෙනුවට සහල් ලබාදීම හේතුවෙන් කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය සීග්‍රයෙන් පහළ යමින් පවතින බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පෙන්වා දෙයි.

පවතින බඩඉරිඟු හිඟය හමුවේ සුළු පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් 20%ක් පමණ මේ වන විටත් කර්මාන්තයෙන් ඉවත් වී තිබේ.

The post කුකුළු මස් හා බිත්තර මිල ඉහළට? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uNQyTpB

Labels:

කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු සහ කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වන කනිෂ්ක සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මරණයට හේතුව: හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශපාලන පසුබිම: කනිෂ්ක සේනානායක මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජන බලවේගය (SJB) යටතේ තරග කළේය.

The post කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mekbQVj

Labels:

Friday, October 2, 2026

අද තද වැසි වැටෙන ප්‍රදේශ

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (02) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, දකුණ, වයඹ සහ උතුරු මැද යන පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post අද තද වැසි වැටෙන ප්‍රදේශ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/v3FOeRh

Labels:

බුදුන්වහන්සේට අවමන් කරමින් වෛරය වැපිරවූ තරුණයාට වැඩ වරදී

බුදුදහමට අපහාසාත්මක ලෙස වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කර, දිවයිනේ ප්‍රධාන පූජනීය ස්ථාන වෙත ප්‍රහාර එල්ලකරන බවට ප්‍රචාරය කළ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රංගිරි දඹුලු විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියගම ආනන්ද හිමියන් විසින් දළදා මාළිගාව, ජය ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය සහ දඹුලු විහාරය ඇතුළු පූජනීය ස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට වට්ස්ඇප් මගින් කෙරෙන ප්‍රචාරයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී බුදුරජාණන් වහන්සේගේ රුව විකෘති කරන ලද ඡායාරූප කිහිපයක් සොයාගෙන ඇති අතර, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි ප්‍රහාර එල්ල කරන බවට කළ ප්‍රචාරයන් හුදෙක් විනෝදාස්වාදය සඳහා සිදුකළ බව සැකකරු පවසා ඇත.

The post බුදුන්වහන්සේට අවමන් කරමින් වෛරය වැපිරවූ තරුණයාට වැඩ වරදී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jgp8izM

Labels:

Thursday, October 1, 2026

ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්

දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත වන අතර, ඔවුන්ගේ සිහින හා හඬට අද දවසේම ඉඩ සලසන සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයක ප්‍රමුඛ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දින සුබපැතුම් පණිවුඩයෙන් අවධාරණය කරයි.

ජාති, ආගම් හෝ ආර්ථික පසුබිම මත කිසිදු දරුවෙකුට අධ්‍යාපනය බාධාවක් නොවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන, කුසලතා පදනම් කරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති බව සඳහන් කළේය.

අස්ථාවර ආර්ථික සෙවණැලිවලින් තොර සුන්දර ළමාවියක් වෙනුවෙන් ආර්ථිකය නිවැරදි මාවතට යොමුකරමින් සිටින බවත්, ශිෂ්‍යත්ව පුළුල් කිරීම හා රැකවරණය අවශ්‍ය දරුවන්ගේ අනාගතය තහවුරු කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

දරු පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීමට “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” තේමාව යටතේ සංවිධානය කර ඇති ජාතික ළමා දින සැමරුම ද අගය කළේය.

The post ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gNpI72a

Labels:

IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ දැමූ මිල ගණන්වලට අනුකූල වන පරිදි එම සමාගමද තම ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

The post IOC ඉන්ධන මිලත් ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HSP5VZf

Labels: