https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: July 2026

Saturday, July 25, 2026

‘මහින්ද රාජපක්ෂගේ ගෙදර විදුලිය නොකපා මගේ ගෙදර විදුලිය කැපුවේ ඇයි?’ – පාරිභෝගිකයෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

2019 වසරේදී වීරකැටියේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවති ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු ගෙවීම පැහැර හැරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (ජූලි 24) දින නියම කළේ ය.

මෙම පෙත්සම ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබී ය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට ප්‍රතිව්‍යුහගත කරණයකට ලක්වී ඇති බැවින් ඊට අදාළ අනුප්‍රාප්තික සමාගම මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේ ය.

ඉන් අනතුරුව මෙම පෙත්සම දෙසැම්බර් මස 04 වන දා විභාගයට ගැනීමට අධිකරණය දින නියම කළේ ය.

පෙත්සමේ සඳහන් වන්නේ කුමක් ද?

නීතිඥ විජිත කුමාර නමැත්තෙකු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

පෙත්සම්කරු කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය 2019 වසරේ සැප්තැම්බර් මස 12 වන දා සිට 15 වන දා තෙක් මහින්ද රාජපක්ෂගේ වීරකැටියේ පිහිටි නිවසේදී පැවති බව ය.

ඒ සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් අය විය යුතු මුදල රුපියල් 2,682,246.57ක් බව පෙත්සම්කරු පවසයි.

එම මංගලෝත්සවය පැවැත්වුණු සැප්තැම්බර් මස 12 සහ 15 අතර කාලය තුළදී එම නිවස සහ අවට ප්‍රදේශයට ආරක්ෂිත විදුලි ලාම්පු ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක විසින් විදුලි බල සහ බලශක්ති ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ බව පෙත්සමේ සඳහන් වේ.

ඒ අනුව, එවක විදුලි බල සහ බලශක්ති ඇමතිවරයා විසින් එම ප්‍රදේශයට විදුලිය ලබා දෙන ලෙසට විදුලි බල බලධාරීන් දැනුවත් කරනු ලැබ ඇති බවත්, ඊට අදාළ ගෙවීම් එම පවුලේ සාමාජිකයන් ගෙවීමට සූදානම් බවට කරුණු ඉදිරිපත් කර තිබූ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එහෙත් මෙතෙක් එම මුදල ගෙවා නොමැති බව පවසන පෙත්සම්කරු වගඋත්තරකරුවන් සිය බලය අයුතු ලෙස භාවිත කරමින් අදාළ විදුලිය ලබා ගැනීමට කටයුතු කර ඇති අතර විදුලි බිල ගෙවීම පැහැර ඇති බවටත් චෝදනා කළේ ය.

පෙත්සම දැම්මේ ඇයි?

එසේ තිබියදී තම නිවසේ රුපියල් 7390ක මාසික විදුලි බිල නොගෙවීම හේතුවෙන් නිවසේ විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ බව පවසන පෙත්සම්කරු අතිවිශාල විදුලි බිලක් නොගෙවා තිබියදී වීරකැටිය නිවසේ විදුලිය විසන්ධි නොකර තම නිවසේ විදුලිය කප්පාදු කිරීමට විදුලි බල මණ්ඩලයේ බලධාරීන් කටයුතු කළ ආකාරය සම්පූර්ණයෙන් ම නීතිය ඉදිරියේ අසමාන ක්‍රියාකලාපයක් බවත් පවසයි.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියි.

කිසි වෙනත් හිටපු අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මියයාමට පෙර ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ, නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා භාවිත කළ විදුලිය සදහා ගෙවිය යුතු මුදල තමන් විසින් ගෙවනු ලැබූ බව ය.

(source – bbc sinhala)

The post ‘මහින්ද රාජපක්ෂගේ ගෙදර විදුලිය නොකපා මගේ ගෙදර විදුලිය කැපුවේ ඇයි?’ – පාරිභෝගිකයෙකුගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KQM9F01

Labels:

Friday, July 24, 2026

එල් -නිනෝ ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට පෙර මෙරටට පැමිණිය හැකි බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.

එල් -නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මෙහි උච්චතම අවස්ථාව නොවැම්බර් මාසය වනවිට පැමිණිය හැකි බවය.

ජූලි, අගෝස්තු, සැප්තැබර් යන මාසයන්වලදී ඒ අනුව ඉතා දැඩි වියළි කාලගුණ තත්ත්වයක් උදාවිය හැකි අතර, ඔත්තොබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී දැඩි වර්ෂාපතයක් දිවයිනට බලපා හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

එල් -නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා රාජ්‍ය අංශ ආයතනික වශයෙන් දැඩි බලගැන්වීමක් සිදුකරනු ලබන බවද පැවසු අමාත්‍යවරයා, මෙම තත්ත්වය ලංකාවට පමණක් නොව ගෝලීයව බලපාන පාරිසරික තත්ත්වයක් වන බවද කියා සිටියේය.

එම නිසා මෙම තත්ත්වයට මුහුණදීම සඳහා ජනතාවගේ සහයෝගය මෙන්ම සහභාගීත්වය ද ඉතා වැදගත් බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී දැඩි නියඟයක් ඇති වීමට පවා ඉඩ ඇති බව සඳහන් කළේය.

මේ හේතුවෙන් බලශක්තිය මෙන්ම ජලයද අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රැකියා සහ ආර්ථික අවස්ථා අහිමි වීම ද එල් නිනෝ බලපෑම හමුවේ සිදුවිය හැකි ප්‍රධාන තත්ත්වයක් බවත් මේ හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය පිරිහීමකට ලක්විය හැකි බවද පැවසීය.

මේ අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අජිත් විජේමාන්න මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් පැවසුයේ මෙම එල්-නිනෝ තත්ත්වය අති ප්‍රබල තත්ත්වයකට පැමිණිය හැකි බවයි.

මේ අතර මෙතෙක් ලෝකයේ මෙම එල්-නිනෝ තත්ත්වය දුර්වල මට්ටමේ පැවති අතර වර්තමානය වන විට මෙම තත්ත්වය මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙමින් ඇති බව පැවසීය.

ඉදිරි දින කිහිපයකදී නියඟයක් මෙන්ම තද වර්ෂාපතයක් ඇති විය හැකි බව ඔහු පැවසීය.

මේ අතර එල් නිනෝ යනු මාස 10-12ක් පවතින සංසිද්ධියක් බවද එතුමා සඳහන් කළේය.

මෙම මාසයේ ඉදිරිදින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල මෙන්ම ,ගාල්ල මාතර වැනි ප්‍රදේශවල වර්ෂාවේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව එතුමා සඳහන් කරයි.

නමුත් සෙසු ප්‍රදේශ තුළ වැසි රහිත මෙන්ම උෂ්ණත්වයේ වැඩි වීමක් ද බලාපොරොත්තු විය හැකි බව පැවසීය.

සැප්තැබර් අවසාන කාලයේ තරමක් දුරට වැසි තත්ත්වයක් බලාපොරොත්තු වන බවද ඔක්තොබර් සිට පවතින වැසි තත්ත්වට වඩා වැඩි වැසි තත්ත්වයක් ඇති විය හැකි බවද පැවසීය.

වසරේ අවසාන මාසයන් තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ ඇති බවද එතුමා පැවසීය.

මේ අතර, අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාවය 81%ක් ලෙස පවතින බව ගෝලීය වශයෙන් සෞඛ්‍ය අංශයන් නිවේදනය කර ඇති බවද පැවසීය.

The post එල් -නිනෝ ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/LZPmzyQ

Labels:

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරයි

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් පරිදි හෙට (24) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ.

ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට සහන මිල ගණන් යටතේ මෙම භාණ්ඩ මිලදී ගත හැකිය.

The post අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9E7Cf4T

Labels:

Thursday, July 23, 2026

උසස් පෙළ කල් දමනවාද? නැද්ද? තීරණාත්මක තීන්දුවක් අද

ලබන මාසයේ ආරම්භ වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය අද (23) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම වසරේ පළමුවරට හා දෙවනවරට විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් නව දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එය පසුගිය 16 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අවසන් වරට සලකා බලනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යෙන් පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බවයි.

දිට්වා සුළි කුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දිනවල නිවාඩු ප්‍රකාශයට පත් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය වැනි කාරණා හේතුවෙන් පාසල් නිසි පරිදි නොපැවැත්වූ බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් 378,000ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි.

ඉන් නව දෙනෙකු පමණක් මෙම විභාගය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ තිබෙන බව ඔහු කියා සිටියේ.

විභාගවලට පෙනී සිටීම සඳහා සිසුන් සාමාන්‍යයෙන් වාර්ෂිකව පාසැල් පැමිණීමෙන් සියයට 80ක් සම්පූර්ණ කිරීම අවශ්‍ය වුවද මෙම පෙත්සම්කරුවන් අතුරින් එක් පෙත්සම්කාර ශිෂ්‍යයකුගේ පාසල් පැමිණීම සටහන් වී ඇත්තේ සියයට 7.2ක් ලෙස බවත් ඔහු ප්‍රකාශ කළා.

උසස් පෙළ විභාගය කල් දමනු ලැබුවොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි කටයුතුවලටද දැඩි අගතියක් සිදුවනු ඇති බව සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා.

ඒ අනුව, පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කිරීමක් සිදුකර තිබෙන බවත්, ඔවුන් අධිකරණයට පැමිණ තිබෙන්නේ පිරිසිදු දෑතින් නොවන බවත්, මෙහිදී සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද? නැත්ද? යන නියෝගය අද ප්‍රකාශයට පත් කරන බවයි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන ඇමතිණිය, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස් ජෙනරාල්වරිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

The post උසස් පෙළ කල් දමනවාද? නැද්ද? තීරණාත්මක තීන්දුවක් අද appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qZYxSdt

Labels:

Cargills Bank , ස්වර්ණමහල් ජුවලර්ස්  ඇතුළු ආයතන 11කට මහ බැංකුවෙන් දඩ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන ඇතුළු ආයතන 11කට එරෙහිව රුපියල් එක් කෝටි හතලිස් හය ලක්ෂයක (රු. 14,600,000) පරිපාලනමය දණ්ඩන පනවා තිබේ.

ඒ, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙනි.

ඒ අනුව 2006 අංක 06 දරණ මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, එම පරිපාලනමය දණ්ඩන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් පනවා ඇති බවය.

2025 ඔක්තෝබර් සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලයට අදාළව මෙම දඩ මුදල අයකරගෙන තිබේ.

එසේ දණ්ඩන අයකර ඇති ආයතන වන්නේ,

01. එල් බී ෆිනෑන්ස් පීඑල්සී
02. කාර්ගීල්ස් බෑන්ක් පීඑල්සී
03. එල් ඕ එල් සී සෙකියුරිටීස් ලිමිටඩ්
04. ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී
05. සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී
06. ඉන්දියන් ඕවර්සීස් බෑන්ක්
07. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී
08. කළම්බො ජුවලරි ස්ටෝර්ස් ප්‍රයිවට් ලිමිටඩ්
09. සේයිස් ප්‍රයිවට් ලිමිටඩ්
10. ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ්
11.හාබර් විලේජ් ප්‍රයිවට් ලිමිටඩ්

The post Cargills Bank , ස්වර්ණමහල් ජුවලර්ස්  ඇතුළු ආයතන 11කට මහ බැංකුවෙන් දඩ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/shrVAOm

Labels:

Wednesday, July 22, 2026

පොලී අනුපාතික ගැන මහ බැංකුව ගත් තීරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (22) පැවති රැස්වීමේදී  ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක වත්මන් මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

දේශීය සහ ගෝලීය ආර්ථික තත්ත්වයන්හි සිදුවන වෙනස්කම් සහ ඉදිරි දැක්ම සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බව මහ බැංකුව සඳහන් කරයි.

මැදපෙරදිග කලාපයේ යළි උත්සන්න වී ඇති බලපෑම හේතුවෙන් ගෝලීය භාණ්ඩ මිල ගණන්, විශේෂයෙන් ඛනිජ තෙල් මිල ගණන්, ඉහළ ගොස් තිබේ. එම තත්ත්වය ගෝලීය ආර්ථික වර්ධනයට අහිතකර බලපෑම් ඇති කළ හැකි අතර, විවිධ මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකි බව මහ බැංකුව පෙන්වා දෙයි.

2026 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය වාර්ෂික පදනම මත 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට ප්‍රධාන වශයෙන් දේශීය බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාම බලපා තිබේ.

ඉදිරි කෙටි කාලය තුළ උද්ධමනය 5%ක ඉලක්කයට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි නමුත්, ක්‍රමයෙන් ඉලක්කගත මට්ටම වෙත යළි පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, මෑත කාලීන උද්ධමන ඉහළ යාම ප්‍රධාන වශයෙන් සැපයුම් අංශයේ සාධක හේතුවෙන් සිදුවූවක් වුවද, ආර්ථිකයේ ඉල්ලුම් තත්ත්වයන් ද ශක්තිමත් වී ඇති බව මහ බැංකුව පවසයි.

The post පොලී අනුපාතික ගැන මහ බැංකුව ගත් තීරණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KliBNDX

Labels:

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්

දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පවසයි.

මෙම තත්ත්වය හමුවේ දරුවන්ට කඩිනම් සහ කාර්යක්ෂම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා දෙමාපියන්ගේ සහ භාරකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවද රෝහල් අධ්‍යක්ෂවරයා අවධාරණය කර ඇත.

ඒ අනුව, දරුවන් ප්‍රතිකාර හෝ සායනික කටයුතු සඳහා රෝහලට රැගෙන එන සෑම අවස්ථාවකදීම පහත සඳහන් ලියකියවිලි අනිවාර්යයෙන් රැගෙන එන ලෙස රෝහල් පාලනාධිකාරිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

  • පුද්ගල සෞඛ්‍ය අංකය (PHN) හෝ බාර්කෝඩ් කාඩ්පත
  • ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත හෝ බර සටහන් පොත
  • ඖෂධ හෝ ආහාර අසාත්මිකතා පිළිබඳ වාර්තා
  • සායනික සටහන් පොත්
  • රෝහලෙන් පිටවීමේ කාඩ්පත් හෝ රෝග විනිශ්චය කාඩ්පත්

වැඩිදුර තොරතුරු සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලය 011 2693711 (දිගුව 307) ඔස්සේ සම්බන්ධ කරගත හැකිය.

The post රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/shXvuzx

Labels:

Tuesday, July 21, 2026

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දිර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එමගින් ඔවුන් දන්වා ඇත්තේ කිසිඳු ඉදිරි පියවරක් ගැනීමට පෙර මෙම යෝජනාව පරිපූර්ණ ලෙස අධ්‍යනය කර විෂයබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අරමුණින් සුදුසු කමිටුවක් පත්කරන ලෙසය.

ආණ්ඩුව ගෙන ඒමට සූදානම් බව කියන ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

දැනටමත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ මහෙස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් අධිකරණ සේවා සංගමයේ විනිසුරුවන් 65 දෙනෙකු එම යෝජනාවට විරුද්ධත්වය පළ කර අවසන්ය.

එවන් පසුබිමක යෝජිත මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

උපුටාගැනීම

කිසිඳු ඉදිරි පියවරක් ගැනීමට පෙර මෙම යෝජනාව පරිපූර්ණ ලෙස අධ්‍යයනය කර විෂයබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අරමුණින් සුදුසු කමිටුවක් පත්කරන ලෙස අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

අමාත්‍යාංශයේ , අධිකරණයේ , ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතවරුන්ගේ සහ සුදුසු යැයි සැලකිය හැකි වෙනත් පාර්ශ්වකරුවන්ගෙන් එම කමිටුව සමන්විත විය යුතුය.

මෙම කරුණු පිළිබඳ පූර්ණ ලෙස සාකච්ඡා කිරීම සඳහා ඔබතුමාට පහසු ඉක්මන් වේලාවක අවස්ථාවක් ලබාදෙන ලෙස අපි වැඩිදුරටත් ඉල්ලා සිටිමු.

යුක්තිය පසිඳලීමේ ක්ෂේත්‍රෙය් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ අර්ථවත් උපදෙස් විමසීමක් සිදුකරන තුරු මෙම යෝජනාවට අදාළව කිසිඳු ඉදිරි පියවරක් නො ගනු ඇතැයි අපි අවංකවම බලාපොරොත්තු වෙමු.

උපුටාගැනීම අවසන්

The post ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අධිකරණ ඇමතිට යළිත් ලිපියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Rr0oEe5

Labels:

Monday, July 20, 2026

ආජන්ටිනාවේ සිහින බොඳ කළ ස්පාඤ්ඤය ලෝක ශූරයන් බවට පත්වෙයි

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසාන මහා තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම 1-0ක් ලෙස පරාජයට පත්කරමින් සිය දෙවන FIFA ලෝක කුසලාන ශූරතාව හිමිකර ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ MetLife Stadium හිදී පැවැති මෙම අතිශය උණුසුම් තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළටම ගෝලයක් ලබා ගැනීමට නොහැකි වූ අතර තරගයේ තීරණය අතිරේක කාලය දක්වා ඇදී ගියේය.

ස්පාඤ්ඤ කණ්ඩායම වෙනුවෙන්, අතිරේක කාලයේ 106 වැනි මිනිත්තුවේදී ආදේශක ක්‍රීඩක ෆෙරාන් ටෝරස් ලබාගත් ජයග්‍රාහී ගෝලය VAR තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කිරීමෙන් පසු නිල වශයෙන් තහවුරු කෙරිණි.

2010 වසරේ දකුණු අප්‍රිකාවේදී ප්‍රථම වරට ලෝක කුසලානය දිනාගත් ස්පාඤ්ඤය, වසර 16කට පසු සිය දෙවන FIFA ලෝක කුසලාන කිරුළ මෙලෙස හිමිකර ගැනීමට සමත් විය.

The post ආජන්ටිනාවේ සිහින බොඳ කළ ස්පාඤ්ඤය ලෝක ශූරයන් බවට පත්වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AVzoNWL

Labels:

Sunday, July 19, 2026

පිළියන්දලදී පොලිස් වෙඩි තැබීමක්

පිළියන්දල, බෝකුන්දර, වීරසිංහ මාවත ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට යාමේදී පොලිස් වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ අද (19) උදෑසන මත්ද්‍රව්‍ය සම්බන්ධව සිදුකරන ලද වැටලීමක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

එහිදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු පරීක්ෂාවට ලක් කිරීමට තැත් කිරීමේදී එක් සැකකරුවෙකු පොලීසියට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ ගෙන තිබේ

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ පොලීසිය විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී එක් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ එම සැකකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

යතුරුපැදියේ පැමිණි අනෙක් තැනැත්තා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

The post පිළියන්දලදී පොලිස් වෙඩි තැබීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/z05KVNI

Labels:

Saturday, July 18, 2026

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායකට

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා තමන්ට අදාළ සියලු වගකීම් පැහැරහැර ඇති බව පවසන මන්ත්‍රීවරයා, මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාවය හේතුවෙන් ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳ වගකීම සහ වගවීම ඉටු කිරීමට අපොහොසත් වීම මීට හේතුව බව සඳහන් කළේය.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම විශ්වාසභංග යෝජනාවට ඉකුත් 10 වනදා පාර්ලිමේන්තුවේදී අත්සන් තබා තිබේ.

මේ අතර බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් එවකට බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කුමාර ජයකොඩි මහතාට එරෙහිව ද විපක්ෂය පසුගියදා විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගත්තේය.

අප්‍රේල් 10 වනදා ඒ පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, එහිදී එම යෝජනාවට විපක්ෂව ඡන්ද 153ක් සහ පක්ෂව ඡන්ද 49ක් ලැබුණි. ඒ අනුව එවක බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 104කින් පරාජයට පත් විය.

The post අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායකට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/U671Qly

Labels:

Friday, July 17, 2026

මීගමුව බන්ධනාගාර සිද්ධියේ නඩුව යළි කැඳවයි! රැඳවියන්ගේ ඥාතීන් ලබා දුන් සාක්ෂි මෙන්න!

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයට අදාළ නීති කෘත්‍යය මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ යළි ඊයේ (16) යළි කැඳවූවා.

එහිදී සිදුකෙරෙමින් පවතින විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ තිබූ CCTV වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයටගත් DVR දෘඩ තැටි 02ක් අධිකරණ නියෝග ප්‍රකාරව වාර්තාවක් ලබාගැනීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට යොමු කළ බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුනි.

ඔවුන් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ විමර්ශනයට අදාළ අපරාධ ස්ථානය වූ මීගමුව බන්ධනාගාරය මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ඩ්‍රෝන තාක්ෂණය උපයෝගි කරගනිමින් සිතියම්ගත කළ බවය.

එසේම නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන, මියගිය එක් රැඳවියෙක්ට අදාළ ලේ සාම්පල සහ ඇඳුම්ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලාසිටියේය.

අනතුරුව නොසන්සුන්තාවය අතරතුර මියගිය රැඳවියන් තිදෙනෙකුගේ මරණ වලට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණ සඳහා සාක්ෂි ලබාගැනීම සිදුවුවාය.

එහිදී එක් රැඳවියෙකුගේ ඥාතියෙකු “මෙම සිද්ධියෙන් මීගමුව බන්ධනාගාරයේ සිටී මගේ නංගිගේ පුතා මියගියා. ඔහුට වයස අවුරුදු 31යි. ඔහු මත්ද්‍රව්‍ය භාවිත කරනවා. පසුගිය වසරේ ජුනි 12 වැනිදා පොලිසියෙන් නිවසට ඇවිල්ලා තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. එතැන්පටන් ඔහු සිටියේ මීගමුව බන්ධනාගාරයේ. මෙම සිද්ධියෙන් පස්සේ පසුගිය 12 වැනිදා මීගමුව රෝහලේදී අධිකරණ වෛද්‍යවරයා ඉදිරියේ මෘත ශරීරය හඳුනාගැනීම සිද්ධ කළා. පසුව 13 වැනිදා කෙසෙල්වත්ත පොදු සුසානභූමියේදී භූමිදානය කළා. මට වෙන කියන්න කිසිවක් නැහැ. එයා වැරදි කරන හින්දානේ අත්අඩංගුවට ගත්තේ. එපමණයි. “ යනුවෙන් පැවසුවේය.

මියගිය තවත් රැඳවියෙකුගේ මවක සාක්ෂි ලබාදෙමින්, “මගේ ලොකු පුතාත් මේ සිද්ධියේදී මියගියා. ඔහු විවාහවෙලා පසුව වෙන්වෙලා හිටියේ. කුඩුවලට වරෙන්තුවෙලා තිබ්බ නඩු 03කට අදාළව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඔහු බන්ධනාගාරගත වුණා. මේ සිද්ධියෙන් පස්සේ මම 11 වැනිදා මීගමුව රෝහලට ගියාම පළමුවෙන් මට ඡායාරූප කිහියක් පෙන්නුවා. එතන ඉස්සෙල්ලාම තිබුණේ පුතාගේ photo එක. පසුව මෘත ශරීරාගාරයේදීත් මම පුතාගේ මෘත ශරීරය හඳුනාගත්තා. 13 වැනිදා කහටවිල පොදු සුසානභූමියේදී අවසන් කටයුතු සිද්ධ කළා. ඇතුළේදී මෙයා රණ්ඩුවුණ නිසා මෙයාට මේක වුණා කියලයි මට හිතෙන්නේ.” යනුවෙන් පැවසුවාය.

අනතුරුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රැඳවියෙක් සහ නිලධාරීන් 02කුගේ මරණයන් සම්බන්ධයෙන් කෙටි මරණ පරීක්ෂණ වාර්තා විමර්ශන නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරියට භාරදුනි.

පසුව සෙසු මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවීමට සහ විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කිරීමට නඩුව ජුලි 23 වැනිදා දක්වා කල්තැබුණි.

(source – ada derana)

The post මීගමුව බන්ධනාගාර සිද්ධියේ නඩුව යළි කැඳවයි! රැඳවියන්ගේ ඥාතීන් ලබා දුන් සාක්ෂි මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XuCcrWt

Labels:

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මරුට

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියගොස් තිබෙනවා.

අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති බවටයි සැක කරන්නේ.

වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.

The post හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මරුට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4qQmBN0

Labels:

Thursday, July 16, 2026

මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධිචෝදනා භාරදෙයි

හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා හා හිටපු රාජ්‍ය අමාත්‍යය ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ (15) අධිචෝදනා භාර දී තිබෙනවා.

ඒ, කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමකට කූට ලේඛන සකසා විකිණීමට තැත් කිරීමේ චෝදනාවට අදාළවයි.

ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සමදරී පියසේන මහත්මිය අදාළ අධිචෝදනා පත්‍ර එක් එක් විත්තිකරු වෙනුවෙන් භාරදීම සිදුකරනු ලැබුවා.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, මිල් රෝයි පෙරේරා, ජයන්ත කබ්‍රාල් හා සරත් එදිරිසිංහ අද අධිකරණය හමුවේ පෙනී සිටියා

The post මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධිචෝදනා භාරදෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8nAUL30

Labels:

Wednesday, July 15, 2026

ලෝක තෙල් මිල මාසයක් තුළ ඉහළම සීමාවට

අමෙරිකාව විසින් ඉරානයට පැනවූ නව නාවික අවහිරතාවය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (15) දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 86.19ක් දක්වාත්, WTI  බොරතෙල් බැරලයක් ඩොලර් 80.40ක් දක්වාත් ඉහළ ගොස් ඇත. මෙය ජූනි මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම අගය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ හටගෙන ඇති යුදමය තත්ත්වය හේතුවෙන් තෙල් සැපයුම අඬාල වීම මෙයට ප්‍රධානතම හේතුව වී තිබේ. 

හෝමුස් හරහා ලෝක තෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක්ම ප්‍රවාහනය කෙරේ.

The post ලෝක තෙල් මිල මාසයක් තුළ ඉහළම සීමාවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/BVCOvF0

Labels:

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පෞද්ගලික හේතුවක් මත සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.

ඒ මහතා ප්‍රකාශ කළේ දින කිහිපයකට පෙර යැවූ එම ලිපිය භාරගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් මේ දක්වා පිළිතුරක් ලැබී නොමැති බවයි.

ඒ මහතා  වැඩිදුරටත් සඳහන් කළේ, තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණය පෞද්ගලික හේතුවක් බවය. 

මහාචාර්ය සරත් අබේකෝන් මහතා පේරාදෙණිය විශ්වවිද්යාලයේ උප කුලපති වශයෙන්ද කලක් සේවය කළේය.

මේ අතර මංජුලා මඩහපොල මහත්මිය විශ්‍රාම යාම නිසා හිස් වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා පත් කර ඇත.

The post මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sUYo9fb

Labels:

Tuesday, July 14, 2026

රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක්

සියලුම රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා ලබා දුන් කාලය ජූලි 31 වෙනිදායින් අවසන්වීමට නියමිතව තිබේ. 

ඒ අනුව කඩිනමින් තම තොරතුරු යාවත්කාලීන කිරීම සම්පූර්ණ කරන මෙන් ප්‍රතිලාභීන්ගෙන් ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති, ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය ඉල්ලා සිටියාය. 

විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ ලක්ෂ 09ක පමණ පිරිසක් මෙම රක්ෂණාවරණයේ සෘජු ප්‍රතිලාභීහු වෙති. 

එමෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සමග ලක්ෂ 30ක පමණ පිරිසක් මේ යටතේ ප්‍රතිලාභ ලබන බව ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය කියා සිටියයා. 

අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම 2026 අප්‍රේල් ආරම්භ කළ අතර මේ වන විට ලක්ෂ 06 පමණ රාජ්‍ය සේවකයින් පිරිසක් මේ යටතේ සිය තොරතුරු යාවත්කාලීන කර ඇති බව සඳහන්ය.  

රාජ්‍ය ආයතන 1900ක පමණ අග්‍රහාර සාමාජිකයන් සේවයේ යෙදෙන බව ද එම ආයතනවල අග්‍රහාර සම්බන්ධීකරණ නිලධාරීන් නම් කර එවන ලෙසට එම ආයතනවලට ලිඛිතව දැනුම් දීමක් සිදුකළ බවත් ඊට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය සඳහන් කළාය.

මේ දක්වා එලෙස නම් කිරීම් නොකළ ආයතනවලින්ද සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටි ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය නිලධාරීන් මෙම දත්ත පද්ධතියට එකතු කරන දත්තවල නිවැරදිභාවය අදාළ ආයතනයේ අග්‍රහාර සම්බන්ධ නිලධාරියා සහ ආයතන ප්‍රධානියා විසින් තහවුරු කළ යුතු බව ද එසේ කිරීම මගින් මෙම දත්ත පද්ධතිය සාර්ථකව ඉදිරියට ගෙනයා හැකි බව ද පැවසුවාය.

සෑම රාජ්‍ය ආයතනයකටම මේ සදහා සහය වන ලෙස ඉල්ලා සිටි සභාපතිවරිය ඉදිරියේදී මෙම දත්ත පද්ධතිය හරහා පමණක් ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් කියා සිටියාය.

The post රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SqJpcfd

Labels:

Monday, July 13, 2026

ජනපතිගෙන් නව ප්‍රතිපත්ති රැසක් සමගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව නිමාවෙයි! රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්!

දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු නිරාකරණය කරමින් මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් දිවයිනේ සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ “නිල මැදුර” හි පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සමුළුව මේ වනවිට සාර්ථකව නිමාවට පත්ව තිබේ.

මෙම සමුළුවේ පළමු දිනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදී රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තිමය තීරණ රැසක් ප්‍රකාශයට පත් කෙරිණි:

  • දිස්ත්‍රික්ක සඳහා වෙනම මූල්‍ය සංචිතයක්: හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොකර සෘජුවම සිදු කිරීම සඳහා ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මූල්‍ය සංචිතයක් ලබාදීමට පියවර ගැනේ.
  • අවතැන් වූවන් නැවත පදිංචි කිරීම: යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී යළි පදිංචි කිරීමට සැලසුම් කර ඇත.
  • අඩාල වූ නිවාස ව්‍යාපෘති යළි ඇරඹීම: අවිධිමත් ලෙස අතහැර දමා ඇති නිවාස ව්‍යාපෘති පිළිබඳ සමීක්ෂණයක් කර ඒවා අවසන් කිරීමට සහය ලබාදීමටත්, සංවර්ධන කටයුතුවලදී වන සංරක්ෂණ කලාප ආරක්ෂා කිරීමටත් අවධානය යොමුව තිබේ.
  • රාජ්‍ය සේවය විධිමත් කිරීම: ඵලදායීතාවෙන් තොර ආයතන ඉවත් කිරීම සහ සෞඛ්‍ය, අධ්‍යාපන සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ක්ෂේත්‍රවල පුරප්පාඩු කඩිනමින් පිරවීම රජයේ ප්‍රමුඛතාවක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සමුළුවේ දෙවන දිනය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි. එහිදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු, නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැටලු සහ ඉන්ධන දීමනා ඇතුළු පරිපාලනමය ගැටලු රැසක් සඳහා විසඳුම් සෙවීමට පියවර ගැනිණි.

සමුළුවට එක්වූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පෙන්වා දුන්නේ සෑම දිස්ත්‍රික්කයක් තුළ ම ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීමට මේ වන විටත් සැලසුම් කර ඇති බවයි. එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් පද්ධතිය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික උපකරණ සඳහා බදු සහන සෘජුවම ගොවීන්ට ලබාදීම සහ රාජ්‍ය ඉඩම් බදු අනුමැතියේ ප්‍රමාදයන් අවම කිරීම සම්බන්ධයෙන් ද අදාළ අමාත්‍යාංශ නියෝජිතයින් සමඟ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කරමින් මහජනතාවට කඩිනම් සේවාවක් සැපයීම සඳහා සියලු නිලධාරීන් කැපවිය යුතු බව සමුළුව අවසානයේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

The post ජනපතිගෙන් නව ප්‍රතිපත්ති රැසක් සමගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව නිමාවෙයි! රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AGrgtnh

Labels:

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්?

විශ්‍රාම වයස වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ලැබෙන බවත් මෙම ඉල්ලීම් සම්බන්ධව රජය සලකා බලමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඊයේ (12) පැවැති මීරිගම රෝහලේ වකුගඩුවල ගල් ඉවත් කිරීමේ නව ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ විවිධ වෘත්තිකයින් විසින් මේ සම්බන්ධව රජයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව මෙම ඉල්ලීම් සලකා බලා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවය.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“දැනටමත් විවිද වෘත්තිකයින්ගේ පැත්තෙන් ඉල්ලීම් ලැබිලා තියෙනවා. අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ, මහාධිකරණයේ පමණක් නෙමෙයි සෞඛ්‍ය සේවාවේ සමහර වෘත්තිකයින්ගෙන් ඉල්ලීම් ඇවිත් තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් තිබෙනවා. තවත් වෘත්තිකයින්ගේ මේ විශ්‍රාම යන වයස වැඩි කරගන්න ඔවුන්ට තව කාලයක් වැඩ කරන්න පුළුවන් කියලා අදහසක් ඇවිත් තිබෙනවා. සමහරුන් ඒකට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් රජයක් ලෙස ඒ ඉල්ලීම් සලකා බලමින් තිබෙනවා”

The post රජයේ සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PAKSDU5

Labels:

Sunday, July 12, 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දමයි

අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ සයිප්‍රස් ධජය සහිත නෞකාවකට ඉරානය වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය පියවර ගෙන තිබේ.

මේ සතිය තුළ ඕමාන් මුහුදේදී වාණිජ නෞකා තුනකට ඉරානය පහරදීමට එරෙහිව ඇමෙරිකාව විසින් ද ඉරානයට එරෙහිව තුන්වන වටයේ ප්‍රහාර දියත් කර ඇත.

මෙම ඇමෙරිකානු ප්‍රහාරවලට දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පවසන ඉරානය, කලාපයේ පිහිටි නව ඇමෙරිකානු හමුදා කඳවුරු ද තමන් ඉදිරියේදී ඉලක්ක කරන බවට අනතුරු අඟවා තිබේ.

The post හෝමුස් සමුද්‍ර සන්ධිය නැවතත් වසා දමයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hvyGebu

Labels:

Saturday, July 11, 2026

ඉදිරි දෙසතිය තීරණාත්මකයි! සෞඛ්‍ය අංශ වෙතින් ප්‍රකාශයක්!

බස්නාහිර පළාතේ මදුරු කීට ඝනත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් එම නිසා ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි සති 2 අතිශය අවදානම් බවත් ඩෙංගු කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි.

‍රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ දැනට සිදුවන ඩෙංගු ව්‍යාප්තියට අනුව මෙම තත්ත්වය 2017 වසරටත් වඩා අවදානම් වනු ඇති බවය.

රෝගීන් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල්වල ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති අතර, ඇතැම් රෝහල්වල එකම ඇඳෙහි රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් රඳවා ප්‍රතිකාර කිරීමට සිදුව ඇති බවද ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවීගේ, 

”දෙසැම්බර් ජනවාරිවලම අපිට මේක පොඩ්ඩක් පෙනෙන්න තිබුණා. මේ චේන්ජ් එකත් එක්ක එන පොට ටිකක් හොඳ නැහැ කියලා.. මැයි, ජුනි, ජූලි, නිරිත දිග මෝසම් කාලෙට සහ නොවැම්බර්, දෙසැම්බර් ජනවාරි, ඊසානදිග මෝසම් කාලයට අපිට මේ ඩෙංගු වැඩිවීමක් දකින්න ලැබෙනවා. එහෙම තත්වයක් එන කොට අපි ඒකට පෙර සූදානමක් තියෙන්න ඕනේ. දිට්වා එකෙන් පස්සේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාසයේ ඉතාමත් අධික උෂ්ණත්වයක් තිබුණනේ.. එතකොට අධික උෂ්ණත්වය තියෙනකොට මදුරුවෝ හැදෙන වේගය අඩුයි..  

”ඩෙංගු එන්නත් තුනක් අනුමත කරලා තියෙනවා විවිධ රටවල්වල. ආසියා රටවල්, ඉන්දුනීසියා, පිලිපීන්, තායිලන්ඩ්, වියට්නාම්, මැලේෂියා මේ එන්නත පාවිච්චි කරනවා. ලංකාවට මේක ගේනවා නම් අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. මේක ගේනවා නම් මේක මේ වසංගතය තත්වයට අඩු කරන්න කිසිම අන්දමකින් වැඩ කරන්නේ නැහැ. මේක ඇත්තටම ඩෝස් දෙකක එන්නතක්. එතකොට එන්නතක් දීලා, ඒක ක්‍රියා කරන්න ටිකක් කල් යනවනේ. ඩෙංගු හැදිලා තියෙනවා නම්, ඒ එන්නතේ ක්‍රියාවලිය ඉතාමත් හොඳයි.”

මේ වන විට දිවයිනෙන් සමස්ත ඩෙංගු රෝගීන් 66,064 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ජූලි මාසයේ ගතවූ දින 9 තුළ පමණක් රෝගීන් 10,685 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේදී පමණක් අලුතින් රෝගීන් 1,030 දෙනෙකු හඳුනාගෙන ඇත. 

එමෙන්ම වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් සියයට 52.7ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, මෙතෙක් වැඩිම අවදානමක් පැවති කොළඹ දිස්ත්‍රික්කය ද අභිබවා යමින් මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතී.

මේ අතර පවතින දැඩි අවදානම් තත්ත්වය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ද සහභාගීත්වයෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් අද දිනයේදීත් ක්‍රියාත්මක කෙරිණි. 
 

The post ඉදිරි දෙසතිය තීරණාත්මකයි! සෞඛ්‍ය අංශ වෙතින් ප්‍රකාශයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GhcFniX

Labels:

Friday, July 10, 2026

ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ 10ක් ගෙවන්න! විමල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

විමල් වීරවංශ මහතා රචිත “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයෙන් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට කොළඹ වාණිජ මහාධිකරණය දුන් නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

විනිසුරු ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

කෙසේ වෙතත්, අදාළ ග්‍රන්ථය විකිණීම සහ බෙදා හැරීම තහනම් කරමින් මීට පෙර පනවා තිබූ වාරණය, සමස්ත පොතටම බලපාන පරිදි ක්‍රියාත්මක නොකර, එහි අඩංගු ටිල්වින් සිල්වා මහතාගේ ලේඛන පවතින කොටස්වලට පමණක් සීමා කරමින් සංශෝධනය කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 

The post ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ 10ක් ගෙවන්න! විමල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HOyaMb3

Labels:

Thursday, July 9, 2026

මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත හරවා යවයි

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි විරෝධතාවල නිරත වූ විදේශීය කාන්තාවන් ඇතුළු කාන්තා රැඳවියන් පිරිසක් ඊයේ (08) දින වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සි. ගජනායක මහතා සඳහන් කළේ මේ වන විට එම විරෝධතාවය අවසන් කර ඇති අතර, රැඳවියන් ක්‍රමානුකූලව වෙනත් බන්ධනාගාර වෙත යොමු කරමින් සිටින බවයි.

මේ අතර, බන්ධනාගාරවල පවතින පහසුකම් සලකා බලමින් මීගමුවේ සිටින පිරිමි රැඳවියන් ද වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන අතර, තවමත් රැඳවියන් 1,000ක පමණ පිරිසක් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බව වාර්තා වේ.

The post මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත හරවා යවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Jwy2neR

Labels:

Wednesday, July 8, 2026

මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වෙයි

මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ, එම රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවය.

මේ අතර, දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට අද (08) පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කර සිටියේ, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම ගැන මෙන්ම සෙසු බන්ධනාගාරවල මෙවැනි තත්ත්වයක් උද්ගතවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.

The post මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/O5MJRLr

Labels:

Tuesday, July 7, 2026

මීගමුව සිද්ධිය ගැන CCD සහ CID විමර්ෂන

මීගමුව බන්ධනාගාරයේ දින දෙකක් තිස්සේ පැවති ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝග මත ආරම්භ කර තිබේ.

ඊයේ (06) පස්වරුවේ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, රැඳවියන් විසින් බන්ධනාගාරයේ CCTV පද්ධතිය සහ බොඩි ස්කෑනර් යන්ත්‍රය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි.

තත්ත්වය පාලනය කිරීම සහ තදබදය අවම කිරීම සඳහා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700කට ආසන්න පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි අඟුණකොළපැලැස්ස, වැලිකඩ, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.

The post මීගමුව සිද්ධිය ගැන CCD සහ CID විමර්ෂන appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GMVgHj8

Labels:

බැසිල් ලංකාවට එන දවස ගැන මහින්ද කට අරී

වත්මන් රජය අධිකරණ ක්‍රියාවලිය මුවාවෙන් සිදුකරනු ලබන්නේ දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අධිකරණ ක්‍රියාවලිය මුවාවෙන් දේශපාලන පළිගැනීම් සිදුවන බවට ජනතාව චෝදනා කරන්නේ දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී ප්‍රශ්න කර සිටි අතර, ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, “ඇත්ත වශයෙන්ම දේශපාලන පළිගැනීමක් තමයි කරන්නේ. ඒක ඉතින් සාමාන්‍යයෙන් ඒ කට්ටිය කරන දෙයක්නේ” යනුවෙන්.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රැසකට නඩු පවතින පසුබිමක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ලංකාවට පැමිණෙන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ විට ඔහු කියා සිටියේ, ඔහු පැමිණෙන දිනයක් තමා නොදන්නා බවයි.

“එයා ඒවි. හැබැයි එන දවස එයාගෙන්ම තමයි අහන්න ඕනේ. අපි එයා යන දවස දන්නෙත් නැහැ, එන දවස දන්නෙත් නැහැ.”

මීරිගම පැවැති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

The post බැසිල් ලංකාවට එන දවස ගැන මහින්ද කට අරී appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mcNfMun

Labels:

Monday, July 6, 2026

නීතිඥ සංගමය දැඩි ස්ථාවරයක

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ එවැනි වෙනසක් මෙම අවස්ථාවේ අවශ්‍ය හෝ යෝග්‍ය නොවන බව සිය සංගමයේ මතය බවයි.

පිළිවෙලින් අවුරුදු 63 හා 65 ලෙස පවතින අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හඳුන්වාදීමට රජය සලකා බලමින් සිටින බවට වාර්තා පළ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා (04) පැවති මහජන සංවාද මණ්ඩපයට එක්වෙමින් නීතිඥ සංගමයේ සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතාගේ අත්සනින් යුතු ලිපියක් ද පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණා.

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමේ සූදානම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කොළඹදී විශේෂ මහජන සංවාද මණ්ඩපයක් ද සංවිධානය කර තිබුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය මහතා,

“ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ ස්ථාවරය ලෙස අපි දිගින් දිගටම කියලා තියෙනවා ශ්‍රේෂඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රම යෑමේ වයස අත්තනෝමතික ලෙස වෙනස් නොකළ යුතුයි. ඒ වගේම මෙම අවස්ථාවේ එවැනි වෙනස් කිරීමක් අනවශ්‍යයි සහ යෝග්‍ය වන්නේ නෑ. එවැන්නක් කිරීමෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිළිබඳව ජනතා විශ්වාසයට හානියක් වෙනවා වගේම රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ රජයේ කැපවීම සම්බන්ධයෙන් ගැටලු මතුවෙනවා.”

The post නීතිඥ සංගමය දැඩි ස්ථාවරයක appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/nykIz1x

Labels:

Sunday, July 5, 2026

දේශපාලනයෙන් සමුගැනීම ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක්

තමන් කිසිසේත්ම දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, තමන් තවදුරටත් සක්‍රීය දේශපාලනයේ නිරත වන බවයි.

එහිදී තමන් රට වෙනුවෙන් ඉටුකළ මෙහෙය ප්‍රමාණවත් නොවන බව තමාට හැඟෙන බව්ද ඔහු සඳහන් කළා.

පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන සැලසුම් සහ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ, 2029 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තම පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ ජනතාව බලාපොරොත්තු වන චරිතය බවයි.

නාමල් රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේදැයි මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, බලහත්කාරයෙන් කිසිවෙකුත් ඉදිරිපත් නොකරන බවත්, ජනතා ඉල්ලීමක් පවතින්නේ නම් පමණක් ඒ පිළිබඳව තීරණය කරන බවයි.

The post දේශපාලනයෙන් සමුගැනීම ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3LJXRSm

Labels:

Saturday, July 4, 2026

‘හරක් කටා’ගේ බිරිඳගෙන් අල්ලස් ගනිද්දී විජයදාස රාජපක්ෂත් ඩුබායි ඉඳලා! අධිකරණයේදී තොරතුරු රැසක් හෙළි වෙයි!

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ බිරිඳගෙන්, රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ඩුබායිහිදී රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබාගත් බව කියන අවස්ථාවේදී එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද ඩුබායි හි රැඳී සිට ඇති බව අල්ලස් කොමිසම ඊයේ (3) අධිකරණය හමුවේ සඳහන් කළේය.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුණහැන්නදිගේ යන සැකකරුවන් ජූලි 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

හරක් කටා නැමැත්තා රැදවුම් භාරයේ සිටියදී සහන සැලසීමට මෙම අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්නදිගේ යන අයට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත.

සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඇති ඊට අදාළ නඩුව ඊයේ (3) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.

මෙහිදී මෙම විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය කියා සිටියේ, ප්‍රශ්නගත අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාව වනවිට මෙම නඩුවේ දෙවන සැකකරුගේ පියාවන එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද ඩුබායි රාජ්‍යයේ රැඳී සිටීම සම්බන්ධයෙන් විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇති බවය. 

“ස්වාමිනි, ප්‍රශ්නගත අල්ලස් මුදල ලබාගැනීමේ ගනුදෙනුව සඳහා මේ සැකකරුවන් තිදෙනා ඩුබායි රාජ්‍යයට ගොස් ඇත්තේ 2023 මාර්තු 25 වනදා, යළි පැමිණ ඇත්තේ මාර්තු 29 වනදා. 

මෙකී කාලය තුළ මේ දෙවන සැකකරුගේ පියාවන එවකට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. 

ඔහු ඩුබායි රාජ්‍යයට යාමට පිටත්ව ඇත්තේ 2023 මාර්තු 21. ඒ වගේම යළි මෙරටට පැමිණ ඇත්තේ මේ සැකකරුවන් දිවයිනට පැමිණීමට දිනකට පෙර, එනම් මාර්තු 28. 

ඔහු කුමන කාරණාවකට ඩුබායි රාජ්‍යයට ගියාද, එහිදී මොනවාද කළේ, කාවද හමුවුණේ කියලා සොයන්නත්, මේ අපරාධයට ඔහුගේ සම්බන්ධතාවයක් තියෙනවාද කියලා සොයන්නත් වැඩිදුර විමර්ශන කරනවා.

ඒ වගේම පසුගිය නඩු වාරයේදී අපි කිව්වා මේ සැකකරුවන් අල්ලස් අත්තිකාරම් ලෙස ලබාගත් ලක්ෂ 1,200ක මුදලින් ලක්ෂ 200ක් ආපසු ලබාදීමක් කරලා තියෙනවා කියලා. ඒ මුදල මේ පළමු සැකකාර චරිත් විසින් ලසන්ත නැමැත්තෙකුට දීලා, මිදිගම රුවන් මාර්ගයෙන් නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තා හරහා හරක්කටාගේ බිරිඳ වන මදුවන්තිට යවා තිබෙනවා. 

එහිදී ඔය ලක්ෂ 200 චරිත් නැමැති දෙවන සැකකරු ලසන්ත නැමැත්තාට දී තිබෙන්නේ නුගේගොඩ, නාවලපාර, විජයබා මාවත කියන ස්ථානයේදී.

මේ ස්ථානය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වුණා එම ස්ථානයේ තමයි මේ දෙවන සැකකාර රඛිත රාජපක්ෂ නැමැත්තාගේ පියා වන විජයදාස රාජපක්ෂගේ වාසස්ථානය තිබෙන්නේ කියලා. 

ඒ වගේම විමර්ශනයේදී මේ වෙද්දි අනාවරණය වෙලා තියෙනවා අල්ලස් ලෙස ලබාගත් මේ මුදල් මෙරටට ගෙනඒම සිදුවෙලා තියෙන්නේ උන්ඩියල් ක්‍රමවේදයට කියලා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී ලබාගත් දුරකථනවල Calls, Whatsapp පණිවුඩ මේ වෙද්දි පරික්ෂා කරමින් ඉන්නවා. 

මේ සැකකරුවන්ගේ වත්කම් සම්බන්ධයෙන් අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේ විමර්ශන සිදුකරනවා. ඒ වගේම විදේශගතව සිටින නදුන් චින්තක හෙවත් හරක් කටාගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා. 

නදුන් චින්‍තක හෙවත් හරක් කටා මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙනුත් විමර්ශනයක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. 

එබැවින් අධිකරණයට ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්‍රකාර සහතිකය මත විමර්ශන අවසන් වනතුරු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා”.

අනතුරුව සැකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් නීතිඥ අශෝක වීරසූරිය මහතා ඇප අයැදුමක් ඉදිරිපත් කළා. 

“ස්වාමිනි, මාගේ සේවාදායක චරිත් අබේසිංහට එරෙහිව එල්ල වූ සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. මුදල් ලබාගත්තා කියන 2024 වසරේ ඔහු විදෙස්ගත වුණේ නැහැ කියලා ඔහු මට උපදෙස් දී තිබෙනවා. 

ඒ ලබාගත්තු මුදල්වලින් ගෙයක් හැදුවා කිව්වාට, 2018 පටන්ගත්තු ගේ තාම හදාගෙන යනවා. සුඛෝපභෝගී වාහනයක් ගත්තා කිව්වාට ඔහු 2023 වසරේ ගත්තු වාහනයට තාම ලීස් ගෙවනවා.

දූෂණ විරෝධී පනතේ 149(1) ප්‍රකාරව සැකකරුවන් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළ ඉල්ලීම නීත්‍යනුකූල නැහැ. එබැවින් ඒ අනුව කටයුතු නොකර ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ සේවාදායකයා ඇපමත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා. 

මොකද ඔහුට වයස අවුරුදු 2 1/2ක නිවුන් දරුවන් තිදෙනෙක් ඉන්නවා. ඒ වගේම ඔහු වෘත්තියෙන් නළුවෙක්, කැමරා ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක්. 

මේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම නිසා ඔහුගේ වෘත්තීමය කටයුතුවලට බලවත් ලෙස බාධා එල්ලවෙලා තියෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ දැනට විකාශය වන ටෙලිනාට්‍ය අඩපණ වෙන ස්වභාවයක් පවා උද්ගතවෙලා”. 

අනතුරුව සැකකාර නීතිඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස සමගින් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇප අයැද සිටියේය. 

“මගේ සේවාදායකයාට එරෙහිව අල්ලස් පනතේ 19 සහ 20 යටතේ චෝදනා ඉදිරිපත් කර තිබුණාට ඒ යටතට වැටෙන වරදක් ඔහු සිදුකර නැහැ. ඔය කියන කරුණු සියල්ල ඇත්ත කියලා පිළිගත්තත් මේ වගන්ති යටතට වැටෙන වරදක් සිදුකර නැහැ. 

දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කර ඇති සහතිකය නීත්‍යනුකූල නැහැ. සාමාන්‍ය ඇප පනතේ ප්‍රතිපාදන යටතේ ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙනවා. තාත්තා ඇමති නිසා මේ ඔක්කෝම කළා කිව්වාට දැන් තාත්තාට කරන්න පුළුවන් දෙයක් නැහැ. තාත්තා නිකං සොක්කෙක්. 

ඒ නිසා මගේ සේවාදායකයාට සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බලපෑම් කිරීමේ හැකියාවක් නොවන බැවින් ඔහු ඇපමත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා”.

අනතුරුව තෙවන සැකකාර සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුෂහැන්නදිගේ වෙනුවෙන්ද නීතිඥවරයෙකු ඇප අයැද සිටී අතර සියලු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා සිය නියෝගය ප්‍රකාශයට පත්කළා.

“අල්ලස් පනතේ වැරදි සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනතේ 149 (1) සහතිකය ඉදිරිපත් කරන්න බැහැ කියන විත්තියේ තර්කය අධිකරණය පිළිගන්නේ නැහැ. නමුත් සැකකරුවන්ට ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට තියෙනවා. 

ඇප ලබාදීමේදී සුවිශේෂි කරුණු සලකා බැලිය යුතුයි. පසුගිය දිනයේ ඉදිරිපත් වූ කරුණුවලට වැඩිමනක් ලෙස අද දිනයේ ඉදිරිපත් වූ කරුණු මේ අවස්ථාවේ සුවිශේෂි කරුණු ලෙස අධිකරණයට පෙනී යන්නේ නැහැ. එබැවින් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා. 

මේ නියෝගයෙන් අතෘප්තියට පත්වෙනවානම් ඉහළ අධිකරණයකට යන්න පුළුවන්. නැතිනම් අවස්ථානුගත කරුණක වෙනසක් තියෙනවානම් මීළඟ දිනයේත් ඇප ඉල්ලන්න.  සැකකරුවන් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අදහසක් මේ අධිකරණයට නැහැ.”

ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කෙරුණු රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ වරුෂහැන්නදිගේ යන සැකකරුවන් ජුලි මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

The post ‘හරක් කටා’ගේ බිරිඳගෙන් අල්ලස් ගනිද්දී විජයදාස රාජපක්ෂත් ඩුබායි ඉඳලා! අධිකරණයේදී තොරතුරු රැසක් හෙළි වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0qFjWXL

Labels:

මුදල් සමාගමක බලපත්‍රය අවලංගු වෙයි! තැන්පත්කරුවන්ට ලක්ෂ 11 දක්වා වන්දි!

මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩව උල්ලංඝනය කිරීම හේතුවෙන් නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී (Nation Lanka Finance PLC) ආයතනයේ මුදල් ව්‍යාපාර බලපත්‍රය ජුලි 03 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

බැංකු පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙම සමාගම ඈවර කිරීමට කටයුතු කරන බව මහ බැංකුව නිවේදනය කරනවා.

සමාගම මුහුණ දී තිබූ මූල්‍ය අර්බුද හමුවේ එය ස්ථාවර කිරීම සඳහා මීට පෙර විවිධ ව්‍යුහාත්මක විකල්ප කෙරෙහි අවධානය යොමු කර තිබුණා.

ඒ යටතේ ශක්‍යතාවයෙන් යුත් ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමටත්, දැනට ස්ථාපිත ස්ථාවර වාණිජ බැංකු හෝ මුදල් සමාගම් වෙතින් උනන්දුවක් දක්වන පාර්ශවයන් වෙත විවෘත ආරාධනා නිකුත් කිරීමටත් පියවර ගෙන තිබූ බව මහ බැංකුව පවසනවා.

කෙසේ වෙතත්, එම උත්සාහයන් ව්‍යර්ථ වීමත් සමඟ 2025 ජුලි 04 දින සිට නේෂන් ලංකා ෆිනෑන්ස් ආයතනය සම්බන්ධයෙන් විශේෂ නිරාකරණ ක්‍රියාමාර්ග ආරම්භ කෙරුණා.

ඒ අනුව එදින සිට බලපැවැත්වෙන පරිදි සමාගමේ සියලුම වත්කම්, මෙහෙයුම් සහ ව්‍යාපාරික කටයුතුවල සම්පූර්ණ පාලනය මෙන්ම සමාගම වෙනුවෙන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා පීඩබ්ලිව්ඩීඑන්ආර් රොද්‍රිගු මහතා පරිපාලකවරයා (Administrator) වශයෙන් පත් කිරීමටද මහ බැංකුව කටයුතු කර තිබුණා.

මෙම බලපත්‍රය අවලංගු කිරීමේ පියවරත් සමඟ, ආයතනයේ රක්ෂිත තැන්පත්කරුවන් වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය (SLDIRS) මඟින් ආරම්භ කිරීමට නියමිතයි.

එක් තැන්පත්කරුවෙකු වෙනුවෙන් උපරිමය රුපියල් 1,100,000ක් (ලක්ෂ එකොළහක්) දක්වා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා බවත්, සමාගමේ බලපත්‍රය අවලංගු කරන දිනය වන විට, එක් එක් තැන්පත්කරු සතු සියලුම සුදුසුකම් ලත් තැන්පතු සහ ඒ සඳහා ලැබිය යුතු නොගෙවූ පොලී මුදල් එකතු කර ඒකාබද්ධ කිරීමෙන් පසු අවසන් වන්දි මුදල තීරණය කරනු ලබන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

The post මුදල් සමාගමක බලපත්‍රය අවලංගු වෙයි! තැන්පත්කරුවන්ට ලක්ෂ 11 දක්වා වන්දි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/l1RtFkS

Labels:

Friday, July 3, 2026

සලේ CIDයට මුරපද නොදී ඉන්න හේතු 4ක් ගම්මන්පිල හෙළිකරයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාට සිය ලැප්ටොප් පරිගණකයේ සහ ජංගම දුරකථනයේ මුරපද ලබාදෙන ලෙසට අධිකරණය ලබාදුන් නියෝගයට ගරුකරන නමුත්, එසේ නොදී සිටීම සඳහා ඔහුගේ නීතිඥයින් අභියාචනයක් සිදුකරනු ඇතැයි අපේක්ෂා කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සහාය දෙන ලෙස සැකකරුවන්ට බල කිරීමට අධිකරණයට වුවද අයිතියක් නොමැති බව සමස්ත විශ්වයම පිළිගත් මූලධර්මයක් වන බවය. 

මෙම මුරපද ලබා නොදීමට බලපාන සාධාරණ හේතු හතරක් පවතින බව ද උදය ගම්මන්පිල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ඔහු සඳහන් කළේ ඉන් පළමු හේතුව වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව සැකකරුවෙකුට තමන්ට එරෙහිව කෙරෙන විමර්ශනයකට සහය වීමට කිසිදු බැඳීමක් නොමැති බවය.

නීතියට අනුව මුරපද ලබාදෙන ලෙස කිසිවෙකුට බලපෑම් හෝ බලහත්කාරකම් කළ නොහැකි බවත් එය අයුතු බලපෑමක් වන බවත් උදය ගම්මන්පිල මහතා දෙවන හේතුව ලෙස මෙහිදී සඳහන් කර සිටියේය. 

මේ වන විට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු මාලිමාවේ මන්ත්‍රීවරුන් රැසක් මාධ්‍ය හරහා එවැනි අයුතු බලපෑමක් කරමින් සිටින බවද ඔහු අවධාරණය කළේය. 

අදාළ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ බුද්ධි තොරතුරු සපයන්නන් පිළිබඳ අතිශය සංවේදී තොරතුරු ඇතුළත්ව තිබීම තෙවන හේතුව වශයෙන් ඒ මහතා සඳහන් කර ඇත.

බුද්ධි නිලධාරියෙකු විශ්‍රාම ගියද තොරතුරුකරුවන්ගේ අනන්‍යතාව රැඳී පවතින්නේ අදාළ නිලධාරියා සතුව පමණක් වන බවද ඔහු පැවසීය. 

අවසාන හේතුව ලෙස ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ, අතීතයේදී බුද්ධි තොරතුරු රහස් පොලිසිය අතට පත්වීමෙන් සිදු වූ විනාශයන් පිළිබඳ තිත්ත අත්දැකීම් ඉතිහාසය පුරාම පවතින බවත් 2002 වසරේදී සිදු වූ ‘මිලේනියම් සිටි’ පාවාදීම එයට උදාහරණ වන අතර එමඟින් මෙරට බුද්ධි අංශ ජාලය සම්පූර්ණයෙන්ම අඩපණ වූ බවත් ය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණ නියෝගයට ගරු කරන අතරම, ඊට එකඟ නොවන පදනම මත පිහිටා සුරේෂ් සලේ මහතාගේ නීතිඥයින් මෙම නියෝගයට එරෙහිව ඉදිරියේදී අභියාචනා කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා,

“කොටුව මහේස්ත්‍රාත් තමන්ගේ ජංගම දුරකථනයේත් පරිගණකයේත් මුරපද රහස් පොලිසියට ලබා දෙන්න කියලා සුරේෂ් සලේ මැතිතුමාට නියෝග කරලා තිබෙනවා. අපි ඒ අධිකරණ නියෝගයට ගරු කරනවා. නමුත් ඒ අධිකරණ නියෝගය සමඟ එකඟ වෙන්නේ නෑ. මොකද සමස්ත විශ්වයම පිළිගත්ත මූලධර්මයක් තමයි තමන්ට එරෙහිව පවතින විමර්ශනයකට සැකකරුවන් සහාය දෙන්නැයි බල කරන්න අධිකරණයටවත් අයිතියක් නෑ කියන එක.. මෙතෙන්දි, සුරේෂ් සලේ මැතිතුමාට තමන්ගේ මුරපද පොලිසියට ලබා නොදීමට සාධාරණ හේතු හතරක් තිබෙනවා. පළවෙනි හේතුව තමයි, අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව සැකකරුවෙකුට තමන්ට එරෙහිව කරන විමර්ශනයට සහය දෙන්න කිසිම බැඳීමක් නෑ. 

දෙවෙනි හේතුව තමයි, මුරපදය ලබාදෙන්න කියලා කවුරුහරි සුරේෂ් සලේ මැතිතුමාට බලපෑමක් කරනවා නම්, බලහත්කාරයක් කරනවා නම් එහෙම බලපෑම් කරන්න බෑ. බලහත්කාරකම් කරන්න බෑ. ඒක අයුතු බලපෑමක් වෙනවා. මේ වන විට නලින්ද ජයතිස්ස ඇමතිතුමා, සිරිල් ගාමිණී පියතුමා ඇතුළු මාලිමාවේ මන්ත්‍රීවරුන් රැසක් මාධ්‍ය හරහා ඒ අයුතු බලපෑම කරමින් ඉඳලා තියෙනවා. ඒ වගේම, මුරපද ලබා නොදෙන තුන්වන හේතුව තමයි මේ ජංගම දුරකථනයේ, ඒ වගේම පරිගණකයේ තමන්ගේ තොරතුරුකරුවන් පිළිබඳ සංවේදී තොරතුරු තිබීම. මම දැක්කා සිරිල් ගාමිණී පියතුමත් ප්‍රකාශ කරනවා ඔහු දැන් විශ්‍රාමිකයි, විශ්‍රාම ගන්නකොට බුද්ධි තොරතුරු ආයතනයට භාර දී පැමිණිය යුතුයි කියලා.. දන්න තරම තමයි. බුද්ධි තොරතුරු භාර දිය යුතුයි. හැබැයි බුද්ධි තොරතුරු දුන්නා තොරතුරුකරුවන් පිළිබඳ විස්තර තියෙන්නේ අදාළ නිලධාරියා ගාව පමණයි. 

ඒවා හෙළිදරව් වීම අතිශයින්ම සංවේදීයි. තමන්ගේ ජීවිතය පරදුවට තබා සලේ මැතිතුමා මේ මුරපදය රැකගන්න හතරවෙනි හේතුව අතිශයින්ම වැදගත්. ඒ තමයි මීට පෙර බුද්ධි තොරතුරු රහස් පොලිසිය අතට පත්වීමෙන් මහා විනාශයන් වීමේ තිත්ත අත්දැකීම් අපේ ඉතිහාසය පුරා ලියවිලා තිබෙනවා. එයින් වඩාත්ම සමාජ ආන්දෝලනය ඇති කරපු කාරණය තමයි 2002 සිදුවුණු මිලේනියම් සිටි පාවාදීම ඒ මහා පාවාදීමෙන් පස්සේ අපේ බුද්ධි අංශ සීසීකඩ ගියා. ඉතින් මෙවැනි අවාසනාවන්ත තත්වයක් මත මේ කාරණා මත සුරේෂ් සලේ මැතිතුමාට තමන්ගේ මුරපද ලබා නොදීමට සාධාරණ හේතු තිබෙන බවයි අපි විශ්වාස කරන්නේ. මා හිතනවා මේ කාරණය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවට ගරු කරමින් නමුත් අධිකරණ තීන්දුවට එකඟ නොවන නිසා සලේ මැතිතුමාගේ නීතිඥවරුන් මෙම නියෝගයට එරෙහිව අභියාචනා කරන්න කටයුතු කරාවි කියලා.”
 

The post සලේ CIDයට මුරපද නොදී ඉන්න හේතු 4ක් ගම්මන්පිල හෙළිකරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/84Akahu

Labels:

Thursday, July 2, 2026

අස්වැසුම ලබන්නන්ට හා රජයේ සේවකයන්ට රජයෙන් තෑග්ගක්

රටේ පවතින ජීවන වියදම් තත්ත්වයට සහනයක් වෙමින්, රජයේ වී ගබඩාවල දැනට සුරක්ෂිතව පවතින වී තොග කඩිනමින් සහල් බවට පත් කර “ජාතික සතොස” යන නව නාමය යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇත. මෙම වැඩපිළිවෙළේ සුවිශේෂී පියවරක් ලෙස අස්වැසුම ප්‍රතිලාභීන් සහ රජයේ සේවකයන් වෙනුවෙන් වාරික ක්‍රමයට අඩු මිලකට සහල් බෙදාහැරීමට රජය තීරණය කර තිබේ.

මෙම සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ සෑම මසකම රජයේ සේවකයන් වෙනුවෙන් සහල් කිලෝග්‍රෑම් 20 බැගින් වාරික ක්‍රමයට ලබාදීමට රජය මීට පෙර තීරණය කර තිබුණි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ට තමන් ලබාගන්නා සහල් තොග සඳහා එකවර මුදල් ගෙවීම වෙනුවට, කොටස් වශයෙන් මුදල් පියවීමේ අවස්ථාව හිමි වේ.

රාජ්‍ය සේවකයන්ට ලබාදුන් එම වාරික ක්‍රමයේ සහනය එලෙසින්ම අස්වැසුම සුබසාධන ප්‍රතිලාභීන් වෙත ද ව්‍යාප්ත කිරීමට රජය දැන් තීරණය කර ඇත. කෙසේ වෙතත්, රජයේ සේවකයන්ට වඩා ඉතා සහනදායී සහ අඩු මිලකට අස්වැසුම ප්‍රතිලාභීන් වෙත මෙම සහල් බෙදාහැරීම සිදුවීම විශේෂත්වයකි.

(source – asian mirror)

The post අස්වැසුම ලබන්නන්ට හා රජයේ සේවකයන්ට රජයෙන් තෑග්ගක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6pGPqEZ

Labels:

Wednesday, July 1, 2026

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට නව මුහුණක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපති සහ සාමාජිකයෙකු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත් කර තිබේ.

එහි සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස විෂ් ගෝවින්දසාමි, හර්ෂණී රන්දිලිගම, මංගල කරුණාරත්න සහ කේ. ඒ. විමලේන්තිරරාජා යන මහත්ම මහත්මීන් පත් කර ඇති අතර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපි අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් භාරදෙන ලදී.

The post ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයට නව මුහුණක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/DbsmRrI

Labels: