ජනපතිගෙන් නව ප්‍රතිපත්ති රැසක් සමගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව නිමාවෙයි! රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්!
දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු නිරාකරණය කරමින් මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් දිවයිනේ සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ “නිල මැදුර” හි පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ සමුළුව මේ වනවිට සාර්ථකව නිමාවට පත්ව තිබේ.
මෙම සමුළුවේ පළමු දිනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදී රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්තිමය තීරණ රැසක් ප්‍රකාශයට පත් කෙරිණි:
- දිස්ත්‍රික්ක සඳහා වෙනම මූල්‍ය සංචිතයක්: හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රමාද නොකර සෘජුවම සිදු කිරීම සඳහා ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මූල්‍ය සංචිතයක් ලබාදීමට පියවර ගැනේ.
- අවතැන් වූවන් නැවත පදිංචි කිරීම: යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී යළි පදිංචි කිරීමට සැලසුම් කර ඇත.
- අඩාල වූ නිවාස ව්‍යාපෘති යළි ඇරඹීම: අවිධිමත් ලෙස අතහැර දමා ඇති නිවාස ව්‍යාපෘති පිළිබඳ සමීක්ෂණයක් කර ඒවා අවසන් කිරීමට සහය ලබාදීමටත්, සංවර්ධන කටයුතුවලදී වන සංරක්ෂණ කලාප ආරක්ෂා කිරීමටත් අවධානය යොමුව තිබේ.
- රාජ්‍ය සේවය විධිමත් කිරීම: ඵලදායීතාවෙන් තොර ආයතන ඉවත් කිරීම සහ සෞඛ්‍ය, අධ්‍යාපන සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි ක්ෂේත්‍රවල පුරප්පාඩු කඩිනමින් පිරවීම රජයේ ප්‍රමුඛතාවක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
සමුළුවේ දෙවන දිනය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි. එහිදී දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පවතින සේවක පුරප්පාඩු, නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැටලු සහ ඉන්ධන දීමනා ඇතුළු පරිපාලනමය ගැටලු රැසක් සඳහා විසඳුම් සෙවීමට පියවර ගැනිණි.
සමුළුවට එක්වූ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පෙන්වා දුන්නේ සෑම දිස්ත්‍රික්කයක් තුළ ම ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීමට මේ වන විටත් සැලසුම් කර ඇති බවයි. එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් පද්ධතිය ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික උපකරණ සඳහා බදු සහන සෘජුවම ගොවීන්ට ලබාදීම සහ රාජ්‍ය ඉඩම් බදු අනුමැතියේ ප්‍රමාදයන් අවම කිරීම සම්බන්ධයෙන් ද අදාළ අමාත්‍යාංශ නියෝජිතයින් සමඟ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
දිස්ත්‍රික් මට්ටමේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සහ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කරමින් මහජනතාවට කඩිනම් සේවාවක් සැපයීම සඳහා සියලු නිලධාරීන් කැපවිය යුතු බව සමුළුව අවසානයේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
The post ජනපතිගෙන් නව ප්‍රතිපත්ති රැසක් සමගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව නිමාවෙයි! රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න නව සැලසුම් රැසක්! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/AGrgtnh
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home