https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත හරවා යවයි

Thursday, July 9, 2026

මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත හරවා යවයි

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි විරෝධතාවල නිරත වූ විදේශීය කාන්තාවන් ඇතුළු කාන්තා රැඳවියන් පිරිසක් ඊයේ (08) දින වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සි. ගජනායක මහතා සඳහන් කළේ මේ වන විට එම විරෝධතාවය අවසන් කර ඇති අතර, රැඳවියන් ක්‍රමානුකූලව වෙනත් බන්ධනාගාර වෙත යොමු කරමින් සිටින බවයි.

මේ අතර, බන්ධනාගාරවල පවතින පහසුකම් සලකා බලමින් මීගමුවේ සිටින පිරිමි රැඳවියන් ද වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙන අතර, තවමත් රැඳවියන් 1,000ක පමණ පිරිසක් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින බව වාර්තා වේ.

The post මීගමුව බන්ධනාගාරයේ සිටි කාන්තා රැඳවියනුත් වෙනත් බන්ධනාගාර වෙත හරවා යවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Jwy2neR

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home