අස්වැසුම ලබන්නන්ට හා රජයේ සේවකයන්ට රජයෙන් තෑග්ගක්
රටේ පවතින ජීවන වියදම් තත්ත්වයට සහනයක් වෙමින්, රජයේ වී ගබඩාවල දැනට සුරක්ෂිතව පවතින වී තොග කඩිනමින් සහල් බවට පත් කර “ජාතික සතොස” යන නව නාමය යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට රජය පියවර ගෙන ඇත. මෙම වැඩපිළිවෙළේ සුවිශේෂී පියවරක් ලෙස අස්වැසුම ප්‍රතිලාභීන් සහ රජයේ සේවකයන් වෙනුවෙන් වාරික ක්‍රමයට අඩු මිලකට සහල් බෙදාහැරීමට රජය තීරණය කර තිබේ.
මෙම සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ සෑම මසකම රජයේ සේවකයන් වෙනුවෙන් සහල් කිලෝග්‍රෑම් 20 බැගින් වාරික ක්‍රමයට ලබාදීමට රජය මීට පෙර තීරණය කර තිබුණි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ට තමන් ලබාගන්නා සහල් තොග සඳහා එකවර මුදල් ගෙවීම වෙනුවට, කොටස් වශයෙන් මුදල් පියවීමේ අවස්ථාව හිමි වේ.
රාජ්‍ය සේවකයන්ට ලබාදුන් එම වාරික ක්‍රමයේ සහනය එලෙසින්ම අස්වැසුම සුබසාධන ප්‍රතිලාභීන් වෙත ද ව්‍යාප්ත කිරීමට රජය දැන් තීරණය කර ඇත. කෙසේ වෙතත්, රජයේ සේවකයන්ට වඩා ඉතා සහනදායී සහ අඩු මිලකට අස්වැසුම ප්‍රතිලාභීන් වෙත මෙම සහල් බෙදාහැරීම සිදුවීම විශේෂත්වයකි.
(source – asian mirror)
The post අස්වැසුම ලබන්නන්ට හා රජයේ සේවකයන්ට රජයෙන් තෑග්ගක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/6pGPqEZ
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home