https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පොසොන් පොහොයට දන්සැල් 18,000ක්

Sunday, June 28, 2026

පොසොන් පොහොයට දන්සැල් 18,000ක්

පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ඊයේ (27) පස්වරුව වන විට දිවයින පුරා දන්සැල් 18129ක් ලියාපදිංචි වී ඇති බවය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට (29) සහ අනිද්දා (30) පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කරන බව ඔහු අවධාරණය කළේය. 

පොසොන් කලාප ආශ්‍රයෙන් පවත්වාගෙන යනු ලබන වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල් පරීක්ෂාව එම සතිය පුරාවට සිදු කිරීමට නියමිතය. 

මෙවර අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව ඊයේ (27) දින වනවිට දන්සැල් 200කට අධික සංඛ්‍යාව ලියාපදිංචිවී ඇති බව චමිල් මුතුකුඩ මහතා කීය.

එම නගරය අවට ආහාර සෞඛ්‍ය සහ බෝ වන රෝග වැළැක්වීම පිළිබඳ විශේෂ ක්‍රියාවලියක් අනුරාධපුර නගර සභාවේ සෞඛ්‍ය අංශ මගින් කර ඇත.

අදාළ දන්සැල් පැවැත්වෙන සංවිධායකවරුන් සඳහා ඊට අදාළ උපදෙස් නගර සභාවේ සෞඛ්‍ය අංශය මගින් ලබාදී තිබේ.

ඔවුන් ඒ අනුව කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා අවධාරණය කළේ.

The post පොසොන් පොහොයට දන්සැල් 18,000ක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qD1oZNJ

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home