https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: භාණ්ඩාගාර ලේකම්ව සහ මහ බැංකු අධිපතිව අදත් මුදල් කාරක සභාවට කැඳවයි

Tuesday, June 23, 2026

භාණ්ඩාගාර ලේකම්ව සහ මහ බැංකු අධිපතිව අදත් මුදල් කාරක සභාවට කැඳවයි

රාජ්‍ය භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සහ ඒ ආශ්‍රිතව සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (23) පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

මෙම විශේෂ විමර්ශන රැස්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම ඩොලර් මිලියන 2.5ක මූල්‍ය විෂමතාව පිළිබඳව සෘජුවම ප්‍රශ්න කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු උසස් නිලධාරී මණ්ඩලයට අද දින කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස නිල වශයෙන් දැනුම් දී ඇත.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළේ, මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මීට සතියකට පෙර ද, මහ බැංකුව මීට දින හතර පහකට පෙර ද කාරක සභාව වෙත වෙන වෙනම වාර්තා ලබා දී ඇති බවයි.

“මේ ආයතන දෙකම ඩොලර් මිලියන 2.5ක අක්‍රමිකතාවක් සිදුව ඇති බව පිළිගෙන වාර්තා කර තියෙනවා. මේ වාර්තාවල තියෙන විෂමතාවය සහ ප්‍රශ්නය තිබෙන්නේ කොතැනද කියා අද දවල් 2.00ට පැවැත්වෙන රැස්වීමේදී රටට හෙළිදරව් කරනවා. ඒ නිසයි මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් ලේකම්වරයාට කාර්ය මණ්ඩලය සමඟ එන්න කිව්වේ,” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

The post භාණ්ඩාගාර ලේකම්ව සහ මහ බැංකු අධිපතිව අදත් මුදල් කාරක සභාවට කැඳවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Zj2E4FR

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home