https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: සවස 2න් පසු වෙනස්වන කාලගුණය

Wednesday, June 17, 2026

සවස 2න් පසු වෙනස්වන කාලගුණය

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, සවස් කාලයේදී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් වර්ධනය විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණ වාර්තාවලට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් අද දිනය තුළ විටින් විට වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාව පවතී. මීට අමතරව, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, දකුණ, උතුර සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 – 40 (30-40 km/h) ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකිය. එම නිසා, එම තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

The post සවස 2න් පසු වෙනස්වන කාලගුණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9kFHCxK

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home