https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මුළු ලොවම බලා සිටි පුවත ලැබෙයි

Monday, June 15, 2026

මුළු ලොවම බලා සිටි පුවත ලැබෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා දෙපාර්ශවයම නිල එකඟතාවකට පැමිණ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, මෙම සාම එකඟතාවයත් සමඟ ලෝක වෙළඳාමේ ප්‍රධානතම මර්මස්ථානයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) කිසිදු බාධාවකින් හෝ ගාස්තුවකින් තොරව නාවික ගමනාගමනය සඳහා විවෘත වන බවයි.

එමෙන්ම කලාපය තුළ පනවා තිබූ ඇමෙරිකානු නාවික අවහිරතාවය (Naval Blockade) ද වහාම අවසන් වන බව හෙතෙම සඳහන් කළේය.

ගෝලීය බලශක්ති අර්බුදයට සහ වෙළඳ ක්ෂේත්‍රයට දැවැන්ත සහනයක් වෙමින් ට්‍රම්ප් සිය සටහනෙහි මෙලෙස ලියා තිබුණි.

“ලෝකයේ නැව් සියල්ලම, ඔබේ එන්ජින් පණගන්වන්න. තෙල් ගලා යාමට ඉඩ හරින්න!” (All the ships in the world, start your engines. Let the oil flow!)

The post මුළු ලොවම බලා සිටි පුවත ලැබෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vu7KiwO

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home