https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ජූනි 30ට පෙර වත්කම බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න! නැත්තම් දඩ හා නඩු!

Tuesday, June 16, 2026

ජූනි 30ට පෙර වත්කම බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න! නැත්තම් දඩ හා නඩු!

ජුනි මස 30 වෙනිදාට රාජ්‍ය නිලධාරින් සිය වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා කියාසිටියේ, එදිනට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර අය අනිවාර්යයෙන්ම දඩ මුදලකට යටත් වන බවය. 

එම දඩ මුදල දරාගත නොහැකි ප්‍රමාණයක් වනු ඇති බව ද ඔහු අවධාරණය කළේය. 

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80(1) වගන්තිය යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගලයින් අදාළ වර්ෂයේ ජුනි මස 30 දිනට එම ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය. 

එය ප්‍රමාදවීම දඩයකට හා අධිකරණ ක්‍රියාමාර්ගයකට ලක්විය හැකි බව ද අධ්‍යක්ෂවරයා අනතුරු ඇඟවීමක් සිදු කළේය. 

අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා පමණක් යොමු කළ යුතුය. 

මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය 2026 වසරේ මාර්තු මස 31 වෙනිදා එළිදක්වනු ලැබීය. 

එමෙන්ම මෙම ප්‍රකාශ ලබාගැනීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කාර්යයක් හෝ වගකීමක් නොවන බවත් මෙය පුරවැසි වගකීමක් බවත් ඔහු අවධාරණය කළේය.

2023 දූෂණ විරෝධී පනතට අනුව වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ යුතු නව නිලධාරින් පිරිසක් ඇතුළත්ව සිටින බව ද රංග දිසානායක මහතා කීය. 

ඒ අනුව රේගු ආඥා පනතේ 115 වගන්තිය අනුව බලපත්‍රලාභී අනු නියෝජිතයන් හෙවත් වාප්පු ලිපිකරුවන් වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු පිරිසක් ලෙස සලකනු ලැබේ. 

තවද වෘත්තීය සමිතිවල විධායක නිලධාරින්, පුවත්පත් ප්‍රවෘත්ති ආඥා පනතේ දෙවෙනි වගන්තිය යටතේ ලියාපදිංචි පුවත්පත් ආයතනවල හිමිකරුවන්, කර්තෘවරුන්, කර්තෘ මණ්ඩල සාමාජිකයන්, බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයන්, ක්‍රීඩා පනත අනුව පිහිටුවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධරයන් එමෙන්ම රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණි නිලධරයන් මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය. 

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 කෙටි දුරකතන අංකයට ඇමතුමක් ලබාදීමෙන් තොරතුරු ලබාගත හැකිය. 

The post ජූනි 30ට පෙර වත්කම බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න! නැත්තම් දඩ හා නඩු! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/azRI3Tq

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home