https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!

Saturday, June 27, 2026

විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!

ජාතික විදුලිබල ජාලය සතු විදුලිය සුරක්ෂිතව ගබඩා කර තබා ගනිමින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ හා විශ්වාසනීය විදුලි සැපයුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ව්‍යාපෘතිය යටතේ, තවත් නවීන පද්ධති 07ක් ඊයේ (25) සාර්ථකව කොළඹ වරායට ළඟා වූ බව ලංකා විදුලිබල මණ්ඩලය සහ බලශක්ති අංශ ආරංචි මාර්ග පවසයි.

මෙම අතිනවීන බැටරි පද්ධති, දිවයිනේ ප්‍රධාන සම්ප්‍රේෂණ උපපොළවල් (Grid Substations) 07ක් ආසන්නයේ කඩිනමින් ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම පද්ධති ස්ථාපිත කිරීම සඳහා තෝරාගෙන ඇති ප්‍රදේශ වන්නේ:

  1. පානදුර
  2. බෙලිඅත්ත
  3. හම්බන්තොට
  4. අම්පාර
  5. වව්නතිව්
  6. වාලච්චෙනෙයි
  7. මහියංගනය

ඊයේ (25) මෙරටට ළඟා වූ මෙම පද්ධති 07 මඟින් සමස්තයක් ලෙස 280MWh (මෙගාවොට් පැය) ක බලශක්ති ගබඩා ධාරිතාවක් (Storage Capacity) හිමි කරදෙන අතර, අවශ්‍යතාවය අනුව 70MW (මෙගාවොට්) ක සක්‍රීය විදුලි බලයක් ඍජුවම ජාතික විදුලිබල ජාලයට මුදාහැරීමේ හැකියාව පවතී.

මීට පෙර ජූනි මාසයේ මුල් සතියේදී මෙරටට රැගෙන ආ පළමු අදියරේ බැටරි පද්ධති 08 මේ වන විටත් අදාළ උපපොළවල් හි ස්ථාපිත කරමින් පවතී. එළැඹෙන ජූලි මාසය අවසන් වන විට එම පද්ධති 08 මඟින් තවත් 80MW ක විදුලි බලයක් ජාතික ජාලයට එක් කිරීමට නියමිතය

The post විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zrXtwml

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home