https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වෙයි

Wednesday, July 8, 2026

මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වෙයි

මීගමුව බන්ධනාගාරයේ හට ගත් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ, එම රැඳවියා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවය.

මේ අතර, දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට අද (08) පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කර සිටියේ, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම ගැන මෙන්ම සෙසු බන්ධනාගාරවල මෙවැනි තත්ත්වයක් උද්ගතවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.

The post මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/O5MJRLr

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home