මීගමුව සිද්ධිය ගැන CCD සහ CID විමර්ෂන
මීගමුව බන්ධනාගාරයේ දින දෙකක් තිස්සේ පැවති ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පුද්ගලයින් 26 දෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අධිකරණ නියෝග මත ආරම්භ කර තිබේ.
ඊයේ (06) පස්වරුවේ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, රැඳවියන් විසින් බන්ධනාගාරයේ CCTV පද්ධතිය සහ බොඩි ස්කෑනර් යන්ත්‍රය සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි.
තත්ත්වය පාලනය කිරීම සහ තදබදය අවම කිරීම සඳහා මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 700කට ආසන්න පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි අඟුණකොළපැලැස්ස, වැලිකඩ, බෝගම්බර, අනුරාධපුරය, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.
The post මීගමුව සිද්ධිය ගැන CCD සහ CID විමර්ෂන appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/GMVgHj8
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home