https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ 10ක් ගෙවන්න! විමල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

Friday, July 10, 2026

ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ 10ක් ගෙවන්න! විමල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

විමල් වීරවංශ මහතා රචිත “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයෙන් ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ බුද්ධිමය දේපළ අයිතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවීමට කොළඹ වාණිජ මහාධිකරණය දුන් නියෝගයට එරෙහිව විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

විනිසුරු ශිරාන් ගුණරත්න, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

කෙසේ වෙතත්, අදාළ ග්‍රන්ථය විකිණීම සහ බෙදා හැරීම තහනම් කරමින් මීට පෙර පනවා තිබූ වාරණය, සමස්ත පොතටම බලපාන පරිදි ක්‍රියාත්මක නොකර, එහි අඩංගු ටිල්වින් සිල්වා මහතාගේ ලේඛන පවතින කොටස්වලට පමණක් සීමා කරමින් සංශෝධනය කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. 

The post ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ 10ක් ගෙවන්න! විමල්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HOyaMb3

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home