මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධිචෝදනා භාරදෙයි
හිටපු අමාත්‍යවරයෙකු වූ මර්වින් සිල්වා හා හිටපු රාජ්‍ය අමාත්‍යය ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ (15) අධිචෝදනා භාර දී තිබෙනවා.
ඒ, කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයට අයත් ඉඩමකට කූට ලේඛන සකසා විකිණීමට තැත් කිරීමේ චෝදනාවට අදාළවයි.
ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය හමුවේ නඩුව අද කැඳවූ අවස්ථාවේදී.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සමදරී පියසේන මහත්මිය අදාළ අධිචෝදනා පත්‍ර එක් එක් විත්තිකරු වෙනුවෙන් භාරදීම සිදුකරනු ලැබුවා.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, නවීන් වීරකෝන්, මිල් රෝයි පෙරේරා, ජයන්ත කබ්‍රාල් හා සරත් එදිරිසිංහ අද අධිකරණය හමුවේ පෙනී සිටියා
The post මර්වින් සිල්වා, ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධිචෝදනා භාරදෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/8nAUL30
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home