https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි

Wednesday, July 15, 2026

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පෞද්ගලික හේතුවක් මත සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.

ඒ මහතා ප්‍රකාශ කළේ දින කිහිපයකට පෙර යැවූ එම ලිපිය භාරගැනීම හෝ නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් මේ දක්වා පිළිතුරක් ලැබී නොමැති බවයි.

ඒ මහතා  වැඩිදුරටත් සඳහන් කළේ, තමන් මෙසේ ඉල්ලා අස්වීමට ගත් තීරණය පෞද්ගලික හේතුවක් බවය. 

මහාචාර්ය සරත් අබේකෝන් මහතා පේරාදෙණිය විශ්වවිද්යාලයේ උප කුලපති වශයෙන්ද කලක් සේවය කළේය.

මේ අතර මංජුලා මඩහපොල මහත්මිය විශ්‍රාම යාම නිසා හිස් වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරයේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා පත් කර ඇත.

The post මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sUYo9fb

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home