https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: විදුලි ගාස්තුව ඉහළට?

Wednesday, November 4, 2026

විදුලි ගාස්තුව ඉහළට?

2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) යෝජනා කර තිබේ.

ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් මෙම කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට මුලින් යෝජනා කර තිබුණද, කොමිෂන් සභාවේ මූලික සමාලෝචනයෙන් අනතුරුව එම ප්‍රතිශතය 1.46% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.

මෙම විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ හෙට (05) පැවැත්වීමට නියමිත මහජන උපදේශනයෙන් අනතුරුව බව PUCSL සඳහන් කරයි.

මහජන උපදේශනය සඳහා අදහස් දැක්වීමට කැමති පාර්ශ්වයන්ට 0770399119 දුරකථන අංකය ඇමතීමෙන් ලියාපදිංචි විය හැකිය.

The post විදුලි ගාස්තුව ඉහළට? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kax3M0K

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home