https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: August 2026

Monday, August 31, 2026

කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක් සහ කුඩා ළමයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වන කාන්තාවක්, අවුරුදු 04ක් සහ 12ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි ළමයෙකි.

දියේ ගිලී අතුරුදන් වූ පිරිස සොයා ප්‍රදේශවාසීන් සහ අදාළ අංශ එක්ව විශේෂ සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත.

The post කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/X0qeS9f

Labels:

Sunday, August 30, 2026

කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්

කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

තහවුරු නොකළ මෙවැනි අසත්‍ය තොරතුරු හුවමාරු කිරීමෙන් ජනතාව අතර අනවශ්‍ය කලබලයක් සහ වෙළෙඳපොළ තුළ වැරදි අවබෝධයක් ඇති වන බැවින්, එවැනි පුවත් හුවමාරු කරගැනීමෙන් වළකින ලෙස අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

යම් සැක සහිත මිල වෙනස්වීමක් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතාවක් ඇත්නම් 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දිය හැකිය.

The post කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MJW8sc1

Labels:

Saturday, August 29, 2026

රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල්

රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් වහා මිදිය යුතු බව මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වර්තමානය වන විට ඇතැම් රජයේ කාර්යාල, නිලධාරීන්ගේ නිල බලය සහ තනතුරේ බලය පෙන්වීමේ මාධ්‍යයක් ලෙස භාවිත කිරීම කනගාටුදායක තත්ත්වයක් වන බවය.

පරණ බිත්තිවලින් වටවූ, හිරගෙවල් වැනි අඳුරු කාර්යාල ක්‍රමයෙන් රාජ්‍ය අංශය වහා එළියට පැමිණිය යුතු බව ඒ මහතා සඳහන් කළේය.

තමන් දැනට භාවිත කරන මහාමාර්ග අමාත්‍යාංශයේ කාර්යාලය පවා ටෙනිස් පිටියක් තරම් විශාල එකක් බවත්, එවැනි අධික ඉඩකඩ සහිත කාර්යාල කාමර තැනීම ඉදිරියේදී තහනම් කළ යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

කාර්යාල ඉඩකඩ යනු තනතුරේ බලය ප්‍රදර්ශනය කරන ස්ථානයක් නොවන බවත්, සැබෑ සුදුසුකම් සහිත නිලධාරීන්ට තම පෞරුෂය ගොඩනගා ගැනීමට විශාල කාර්යාල කාමර හෝ අධික පිරිවැයක් දැරූ ගෘහ භාණ්ඩ අවශ්‍ය නොවන බවත් අමාත්‍යවරයා පැවසීය.

එබැවින් ඉදිරියේදී පහසුවෙන් කණ්ඩායමක් ලෙස එකට එකතු වී වැඩ කළ හැකි “වර්ක් ස්ටේෂන්” ආකෘතියට රාජ්‍ය කාර්යාල පද්ධතිය මාරු විය යුතු බව ඔහු පෙන්වා දී ඇත.

තවද, එකම අමාත්‍යාංශයකට අයත් ආයතන විවිධ ස්ථානවල විසිරී පැවතීම හරහා පාලනය සහ මහජන සේවය අපහසු වී ඇති බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී රාජ්‍ය ආයතන එකම පරිශ්‍රයකට ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වු මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා,

”අපි මේ අර පරණ බිත්තිවලින් වටකරගත්තු, කුඩූ කරගත්තු, ඒ අඳුරු අර හිරගෙවල් වගේ කාර්යාල ක්‍රමයෙන් එළියට එන්න ඕන. දැන් අපේ මහාමාර්ග අමාත්‍යාංශයේ මං ඉන්න ඔෆිස් එක ගත්තොත් ටෙනිස් කෝට් එකක් විතර ලොකුයි. ඒ වගේ ඒවා හදන එක තහනම් කරන්න ඕන. ඔෆිස්ස්පේස් කියන්නේ තමන්ගේ මේ ඊගෝ එක පෙන්නන, තමන්ගේ තනතුර පෙන්නන එකක් නෙමෙයි. ඇත්තටම අපිට සුදුසුකම් තියෙනවා නම් අපිට චූටි ඔෆිස් එකක් ඇති. අපිට ඔෆිස් එකෙන් පර්සනලිටි එක හදාගන්න අපි කාටවත් අවශ්‍ය නැහැ. අපේ කාමරයේ තියෙනවා පුටු පහක් විතර. එක පුටුවක් ගෙයක් හදන්න පුළුවන් සාමාන්‍ය මිනිහෙක්ට. ඒ නිසා අපිට එහෙම මානසික රෝගයක් නැහැ. අපිට පුටුවලින්, ඔෆිස් ස්පේස්එකෙන්, ඒ ග්ලෝරිෆිකේෂන් එකෙන් අපිට කරගන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම නැවත වර්ක් ස්ටේෂන් මොඩල් එකට, පහසුවෙන්, ටීම් එකක් ලෙස වැඩ කරගන්න පුළුවන් වෙන විදිහට මේක බලන්නම ඕනකම තියනවා. දැන් අපි තීන්දුවක් ගත්තා රාජ්‍ය ආයතන එක තැනකට යා යුතුයි කියලා. දැන් අපේ අමාත්‍යාංශය ගත්තොත් රම්‍ය, සුරම්‍ය, සුබ වගේ තියෙන්නේ. මං හිතන්නේ මං ඇත්තටම තාම හරියටම දන්නෙත් නැහැ ඔය කොහෙ කොහෙ තැන්වලද ඔක්කොම තියෙන්නේ අමාත්‍යාංශය කියලා.”

The post රාජ්‍ය සේවකයින් සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදිය යුතුයි – ඇමති බිමල් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NYLPXsl

Labels:

Friday, August 28, 2026

රුමේෂ් තරංග සුපිරි දස්කමක්

ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවැත්වෙන 2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.

මීටර් 92.07ක සුපිරි විසිකිරීමේ දක්ෂතාවක් පෙන්නුම් කළ රුමේෂ්, මෙම ඉසව්වෙන් තමන් ලොව අංක එකේ ශූරයා බව නැවත වරක් තහවුරු කළේය.

තරගයේ දෙවන ස්ථානය මීටර් 86.93ක විසිකිරීමක් සටහන් කළ ග්‍රෙනේඩා හි ඇන්ඩර්සන් පීටර්ස් දිනාගත් අතර, මීටර් 85.16ක දක්ෂතාවක් දැක්වූ පෝලන්තයේ ඩාවිඩ් වෙග්නර් තෙවන ස්ථානයට පත්විය.

ආරම්භයේ සිටම දැඩි තරගකාරීත්වයක් පැවැති මෙම ඉසව්වේදී, දෙවන ස්ථානය දිනූ පීටර්ස්ට වඩා මීටර් 5.14ක දැවැන්ත විසිකිරීමේ පරතරයක් තබා ගැනීමට රුමේෂ් සමත් වීම විශේෂත්වයකි.

The post රුමේෂ් තරංග සුපිරි දස්කමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4uJr8Od

Labels:

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවය මෙරට ආකර්ෂණීයම වෘත්තියක් බවට පත් කිරීමේ අරමුණින්, පසුගිය 2025 සහ 2026 වසරවල මෙන්ම එළඹෙන 2027 වසරේ ජනවාරි මාසයේදී ද තවත් අලුත් වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ජනතාව තුළ රාජ්‍ය සේවය පිළිබඳ පවතින බිඳවැටුණු අදහස වෙනස් කරමින් ජනතාවට වගකියන, කාර්යක්ෂම සහ නූතන රාජ්‍ය සේවයක් බිහිකිරීම සඳහා රජය පියවර ගණනාවක් ගෙන ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

තව වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත රජය සමඟ සිදු කරන සියලුම වැදගත් ගනුදෙනු නිවසේ සිටම මාර්ගගත තාක්ෂණය (Online Technology) ඔස්සේ ඉටුකර ගත හැකි පරිදි රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන බවත්, එය කාර්යක්ෂමතාවයේ වැදගත් කඩඉමක් වනු ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ඉතාමත් හොඳ රාජ්‍ය සේවයක අවශ්‍යතාව පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඊට අනුකූලව රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ලබාදෙන සහන හා පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කරන බව තහවුරු කළේය.

The post රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lRzcrCN

Labels:

Thursday, August 27, 2026

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.

විශේෂයෙන් අවදානම් සහිත දිස්ත්‍රික්කවල හෝ ඒ ආසන්නයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

යම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහායක් හෝ සම්බන්ධිකරණයක් අවශ්‍ය නම් කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක +977 9851048653 දුරකථන අංකය ඔස්සේ හෝ slemk.kathmandu@mfa.gov.lk හරහා ද සහාය ලබා ගත හැකිය.

කෙසේවෙතත් නේපාලයට බලපෑ ගංවතුර සහ නායයෑම් තත්ත්යෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුවි ඇති බවට වාර්තා නොවන බව කත්මන්ඩුහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

The post නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KDM9Q8X

Labels:

Wednesday, August 26, 2026

ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?

මැදපෙරදිග ගැටුම් මෙතෙක් අවසන් වී නොමැති බැවින් ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමමුවේදී ඊයේ (25) නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ගැටලුව මෙතෙක් අවසන් වී නොමැති බැවින් තවදුරටත් ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවය.

කෙසේ වෙතත් ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය යොදුවත් ඉන්ධන පරිභෝජනය අඩුව ඇත්තේ යම් සීමාවකින් පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජන ජීවිතය අඩාල නොවන පරිදි අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තවදුරටත් මෙම ක්‍රමවේදය භාවිත කරන බවද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

“යුදමය තත්ත්වය තවම අවසන් වෙලා නෑ. ඔබ දන්නවානේ හෝමූස්වල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව තෙල් බැරල් මිල ඉහළ යනවා ටිකක් අඩු වෙනවා. තෙල් අර්බුදය තවම විසඳිලා නෑ. රටක් හැටියට දෛනික ජන ජීවිතය අඩාල නොවන ආකාරයට උපරිම වශයෙන් පවත්වාගෙන යාමට තමයි මේ තත්ත්වය උපයෝගී කරගෙන තිබෙන්නේ. මම කළිනුත් කිව්වා තෙල් මිල වැඩිවෙලාත්, QR කෝඩ් එක දාලාත් ඩීසල් අඩුවෙලා තියෙන්නේ 10%යි. පෙට්‍රල් අඩුවෙලා තියෙන්නේ 9%යි පරිභෝජනය. අත්‍යවශ්‍යමය කොටස්වලට ලබා දෙනවා. මම හිතන්නේ තව ටික කාලයක් තෙල් සංස්ථාව කියාවි අපිට මේ විදිහට යන්න සිදුවෙයි කියලා.”

The post ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qFAVtX4

Labels:

Tuesday, August 25, 2026

ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් “බස් ලලිත්” නැමැත්තා දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත රැගෙන ගොස් තිබේ.

සැකකරු මෙරටට භාරගැනීම සහ කැඳවාගෙන ඒම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි.

ශ්‍රී ලංකාවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් ලබා දී තිබූ නිශ්චිත තොරතුරුවලට අනුව, ඩුබායි පොලිසිය විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මොහුව එරටදී අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙරටට රැගෙන ආ සැකකාර ලලිත් කන්නංගර නමැත්තාගෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මඟින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.

The post ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0of6svz

Labels:

Monday, August 24, 2026

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

විශේෂඥ වෛද්‍යවරයා ඊයේ (23) උදෑසන රාජකාරියේ යෙදී සිටි නමුත් ඉන් පසුව මෙලෙස අතුරුදන්ව ඇත.

මේ පිළිබඳව සොයා බැලීමේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන බව මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන්ව ඇති බවට නිරීක්ෂණය වී ඇත.

එහිදී සිදුකරන ලද වැඩිදුර පරීක්ෂාවේදී වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ඊයේ රාත්‍රී සොයාගත් බවද පොලීසිය පැවසීය.

ඒ අනුව අතුරුදන් වූ වෛද්‍යවරයා සොයා එම ප්‍රදේශයේ අද දින පොලීසිය, අපරාධ ස්ථාන නිලධාරීන් සහ යුධ හමුදාව එක්ව ඒකාබද්ධ පරීක්ෂාවක් සිදු කිරීමටද නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. 

The post බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/eBnrj1i

Labels:

Sunday, August 23, 2026

ජනපතිගේ ප්‍රධානත්වයෙන් රට පුරා විශේෂ ජනරැලි මාලාවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ඊට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බවය.

කළුතර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“ජී.එල් පීරිස්ගේ ගෙදර රෑට රෑට කුමන්ත්‍රණ කරගෙන ඉන්නේ නැතිව පාරට බැහැලා කරන්න කියන්න. ජනහමු තියන්න කියන්න ජනතා ඒකරාශී කරගෙන.  එහෙම නැතිව ගෝඨාභයට වඩා එකක් තියෙනවා. රනිල් වික්‍රමසිංහට වඩා එකක් තියෙනවා, අරහෙට වඩා එකක් තියෙනවා. මෙහෙට එකක් තියෙනවා. ඒවා වැඩක් නැහැ. වචන වැඩක් නැහැ.

අපි ජාතික ජනබලවේගය ලෙස අපි ගම් මට්ටමෙන් ග්‍රාම නිලධාරි  වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කරගෙන යනවා.

මේ සැප්තැම්බර් 5වැනිදා ඉඳන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්  විශාල ජන රැළි පැවැත්වෙන දිස්ත්‍රික්කවල. අපි කියන්නේ එහෙම ආණ්ඩුවට එරෙහි ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න. එච්චරයි කරන්න තියෙන්නේ, අපි විපක්ෂයේ හිටිය කාලයේ කරපු වැඩපිළිවෙලවත් පොඩ්ඩක් බලන්න කියන්නකෝ.”

The post ජනපතිගේ ප්‍රධානත්වයෙන් රට පුරා විශේෂ ජනරැලි මාලාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ADvfqsi

Labels:

Saturday, August 22, 2026

ලංකා බැංකුවේ පාරිභෝගිකයින්ට නව ඩිජිටල් සේවාවක්

ආයතනික සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය කටයුතු වඩාත් පහසු කරමින් නව ඩිජිටල් මුදල් කළමනාකරණ විසඳුමක් වන ‘සී ෆ්ලෙක්ස් කෝපරේට්’ (C-Flex Corporate) සේවාව හඳුන්වා දීමට ලංකා බැංකුව (BOC) පියවර ගෙන තිබේ.

පාරිභෝගිකයින්ගේ නව අපේක්ෂාවන් සහ ව්‍යාපාරික බැංකු අවශ්‍යතාවල සංකීර්ණතාවන්ට ප්‍රතිචාරයක් ලෙස මෙම සේවාව නිර්මාණය කර ඇත. තනි ආරක්ෂිත පද්ධතියක් හරහා ගෙවීම්, එකතු කිරීම් ඇතුළු සියලුම බැංකු කටයුතු එකම තැනකින් කළමනාකරණය කිරීමට මෙමඟින් ව්‍යාපාරිකයන්ට හැකියාව ලැබේ.

මෙමඟින් ලංකා බැංකුවේ මාර්ගගත (Online) බැංකු සේවාවන් තවදුරටත් පුළුල් වන බවත්, ලෝක මට්ටමේ ඩිජිටල්කරණ බැංකුකරණ හැකියාවන්ගෙන් ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටින බවත් ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

මෙය ලංකා බැංකුවේ ඩිජිටල් පරිවර්තන ගමනේ අතිශය වැදගත් සන්ධිස්ථානයක් බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

The post ලංකා බැංකුවේ පාරිභෝගිකයින්ට නව ඩිජිටල් සේවාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jS0Lz85

Labels:

Friday, August 21, 2026

කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5කට දිවි අහිමි වෙයි

මොණරාගල- කුඹුක්කන කළුපාලම මතදී කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටී අද (21) අලුයම සිදු වූ අනතුරකින් එකම පවුලේ දෙදෙනෙකු ඇතුලු 05 දෙනෙකු මියගොස් තිබෙනවා.

වැල්ලවාය – මොනරාගල මාර්ගයේ කුඹුක්කන කළු පාලම මතදී වැල්ලවාය දෙසට ධාවනය වූ ටිපර් රථයක්, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් ට්‍රැක්ටර් රථයේ ට්‍රේලරයේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනාගෙන් අටදෙනෙකු බරපතළ තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පස්දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මියගිය පුද්ගලයින් අවුරුදු 21, 26, 31, 55 සහ 56 යන වයස්වල පසුවන දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. තුවාල ලැබූ අනෙක් තිදෙනා මොනරාගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියැදුරු සහ ට්‍රැක්ටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

The post කැබිලිත්ත වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් ට්‍රැක්ටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් 5කට දිවි අහිමි වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vV7C9zO

Labels:

Thursday, August 20, 2026

ශිරාන් බාසික් සමඟ මුදල් ගනුදෙනු කළ බවට පළවන ප්‍රචාරවලට පියුමි හංසමාලිගෙන් ප්‍රතිචාර

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා සමඟ මුදල් ගනුදෙනු සිදුකර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රචාර සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සිය ෆේස්බුක් (Facebook) ගිණුම හරහා ප්‍රතිචාර දක්වා තිබේ.

ශිරාන් බාසික් නැමැති පුද්ගලයා තමන් කිසිදු අවස්ථාවක හඳුනාගෙන නොමැති බවත්, තමන් සතුව ඇත්තේ තමන් විසින්ම මහන්සි වී උපයාගත් මුදල් පමණක් බවත් ඇය අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හෝ වෙනත් බාහිර පුද්ගලයන්ගේ මුදල් තමන් සතුව නොමැති බව පැවසූ ඇය, තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන්නේ අසත්‍ය ප්‍රචාර බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, පසුගිය අගෝස්තු 14 වනදා මෙරටට රැගෙන එනු ලැබීය. එහිදී කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ගුවන්තොටුපළ ඒකකය මඟින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

මූලික ප්‍රශ්න කිරීම්වලින් පසුව සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇති අතර, ඔහුව දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අදාළ කාර්යාංශය පියවර ගෙන තිබේ.

The post ශිරාන් බාසික් සමඟ මුදල් ගනුදෙනු කළ බවට පළවන ප්‍රචාරවලට පියුමි හංසමාලිගෙන් ප්‍රතිචාර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QD2EBnN

Labels:

Wednesday, August 19, 2026

හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය

එළැඹෙන 2027 වසරේ මාර්තු මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුම අවසන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එළැඹෙන 2028 වසරෙන් පසුව විදෙස් ණය ගෙවීමට නැවත මෙරටට සිදුවන බැවින් මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 15ක් තිබිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවය.

මහ බැංකුව විසින් මෙම වසර අවසන් වන විට ඩොලර් බිලියන 8ක් පවතිනු ඇතැයි අපේක්ෂා කර ඇති බවත් පැවසූ හිටපු ජනාධිපතිවරයා එසේ වන්නේ නම් තවත් ඩොලර් බිලියන 6ක් සෙවීමට සිදුවන බවද පැවසීය.

ඒ අනුව එම ඩොලර් බිලියන 6 සෙවීම සඳහා වැඩපිළිවෙළක් සෙවිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී මෙහිදී පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත “යුධ දෙකකට උර දී” යන ග්‍රන්ථය එළිදැක්වීමේ උළෙලට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අපි යනකොට උද්ධමනය පාලනය කරලා රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 6ක් අපි ඉතුරු කරලා ගියේ. මේ ගමන මෙතනින් අවසන් වෙලා නෑ. 2028න් පසුව අපිට ණය ගෙවන්න තිබෙනවා. 2028න් පසුව ණය ගෙවන්න නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 15ක් විතර තියෙයි කියලා. දැනට තියෙන්නේ 6යි. ඩොලර් බිලියන 8ක් හොයන්න තියෙනවා අද ඉඳන්. මහ බැංකුව කියලා තියෙනවා මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් බිලියන 8ක් තියෙයි කියලා. තව 6ක් හොයන්න තියෙනවා ඒකයි මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය.

තව කොන්දේසියකට අපි එකඟ වෙලා තිබෙනවා ඒක ගෙවන ගමන් බැඳුම්කර කියනවා ඩොලර් බිලියන 3කට. 2027 මාර්තු අවසන් වෙනකොට IMF ගිවිසුම අවසානයි. IMF එක්ක එකතු වෙලා යනවාද නැතිව යනවාද ?, ආණ්ඩුවේ වැඩසටහන කුමක්ද ?

මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය අපි කොහොමද ආයේ ණය ගෙවන්නේ කියන එක. ව්‍යවස්ථා සංශෝධනය කරලා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවාද නැද්ද කියන එක නෙමෙයි අපේ අවධානය මෙතනට යොමු විය යුතුයි. තාම පාර්ලිමේන්තුව ඇතුළේ වත් පාර්ලිමේන්තුව පිටවත් මේ ගැන කතා කරලා නෑ. ප්‍රශ්නය ආවම අපි මොකක්ද කරන්න යන්නේ අපිට ගෙවන්න බැරිනම් ආපහු අපි බංකොළොත් වෙනවා. මේ පොතේ යුද්ධ දෙකයි තියෙන්නේ තුන්වැනි යුද්ධය ගැන තමයි ලියන්න ඕනේ. ඒකට ඔබතුමත් නෑ අපිත් නෑ. මතක තියාගන්න මේ යුද්ධ දෙක ඉවර වුණාට තව යුද්ධයක් එනවා. ඒ යුද්ධයෙන් පනින්න බැරිනම් අපි හරි කරදරයක ඉන්නේ කියලා කියන්න වෙනවා. මම ඉතිං ගෙනත් තියෙන්නේ සුබ ආරංචි නෙමෙයි.. කොහොම හරි මම හැමවෙලේම ගේන්නේ අසුබ ආරංචි.”

The post හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kOaYWgK

Labels:

Tuesday, August 18, 2026

රතු නිවේදන නිකුත් කර තිබූ තවත් අපරාධකරුවෙක් දිවයිනට රැගෙන එයි

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ ඕමානයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම, අත්බෝම්බ ළඟ තබාගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතල ගණයේ අපරාධ චෝදනා රැසක් මොහුට එරෙහිව එල්ල වී ඇත.

The post රතු නිවේදන නිකුත් කර තිබූ තවත් අපරාධකරුවෙක් දිවයිනට රැගෙන එයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GslQyYp

Labels:

Monday, August 17, 2026

අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක්

දෙමාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ පූර්ව අනුමැතියකින් තොරව ළමයින් කරන ප්‍රකාශ පටිගත කිරීම හෝ ප්‍රකාශයට පත් නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය ආයතන වෙත අනතුරු අඟවා ඇත.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ළමයින් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත දැක්වූ අදහස් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ ඔවුන් හාස්‍යයට ලක්වීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.

විභාගයෙන් අනතුරුව ළමයින් කළ ප්‍රකාශ, ඔවුන්ව උපහාසයට ලක්වන අයුරින් උපුටා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමේ සිද්ධීන් නිරීක්ෂණය වූ බව අමාත්‍යාංශය පවසයි.

දෙමාපියන්, භාරකරුවන් හෝ ගුරුවරුන්ගේ අවසරයකින් තොරව ළමයින්ගේ අදහස් ලබාගැනීම, පටිගත කිරීම හෝ විකාශනය කිරීමට මාධ්‍ය ආයතනවලට අවසර නොමැති බව එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ළමයින් සම්බන්ධයෙන් සිදුවන මෙවැනි නීති උල්ලංඝනය කිරීම් සහ සමාජ මාධ්‍ය වෙත වීඩියෝ මුදාහැරීම් වෙනුවෙන් වගකිවයුතු මාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බවටද අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.

The post අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VbC3WHj

Labels:

Sunday, August 16, 2026

සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර

තමන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානමින් සිටින බවත්, පොලිස් සේවයට එක්වන විටම ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම්ව පැමිණි බැවින් තමන් කිසිදු දේකට බිය නොවන බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියා.

කිසිදු ආරක්ෂාවක් නොමැතිව වුවද රටේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ගමන් කිරීමට තමන්ට පූර්ණ විශ්වාසයක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අදාළ ප්‍රකාශය සිදුකළ දේශපාලනඥයාට එලෙස ගමන් කිරීමට නොහැකි වනු ඇතැයි සඳහන් කළ පොලිස්පතිවරයා, ඊට හේතුව ලෙස පෙන්වා දුන්නේ ඔවුන් සමාජයට විශාල විනාශයක් සිදුකරමින්, අසත්‍ය පවසමින් සහ අසාධාරණකම් සිදුකර තිබීමයි.

එසේ වුවද තමන් කිසිවිටෙකත් එවැනි ක්‍රියාවන් සිදුකර නොමැති බව පොලිස්පතිවරයා අවධාරණය කළා.

The post සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bsSoCOy

Labels:

ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි

ඩුබායි සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ත්‍රස්ත සංවිධාන සමග ගණුදෙනු කර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් පවසනවා.

ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි ශිරාන් බාසික් ගෙන් මේ වන විට පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙන්නේ.

ශිරාන් බාසික් පෙරේදා රාත්‍රියේ අබුඩාබි නුවර සිට මෙරටට රැගෙන එනු ලැබූ අතර පසුව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී තිබුණා.

48 හැවිරිදි මොහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙරටට මත්ද්‍රව්‍ය සපයන මහා පරිමාණ ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් එක් අයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් ඩුබායිහි සැඟව සිටියදී පසුගිය මැයි 26 වැනිදා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහුට රතු නිවේදන නිකුත් කර තිබූ පසුබිමකයි.

The post ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NKxH7aB

Labels:

Saturday, August 15, 2026

කාසියේ වාසිය ඉන්දියාවට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න!

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද (15) පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තර⁣ගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට දකුණත් දඟපන්දු යවන්නෙකු වන කේශර නුවත්ත සමත්විය. 

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ටි වරම් හිමිකරගත් 171වැනි ක්‍රීඩකයා වේ.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය සඳහා කමිඳු මෙන්ඩිස් නම් කර තිබේ.

එමෙන්ම කුසල් මෙන්ඩිස් වෙනුවට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල නැවතත් සංචිතයට කැඳවා ඇති අතර, ඔහු පසුගිය 2023 වසරේ මාර්තු මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර නොතිබුණි.

The post කාසියේ වාසිය ඉන්දියාවට! අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZPC49Oq

Labels:

Friday, August 14, 2026

ශබ්දය වෙනස් කර ඇති යතුරුපැදිවලට නීති තද වෙයි

ශබ්දය වෙනස් කර ඇති, මුල් ආකෘතිය වෙනස් කර ඇති සහ ලියාපදිංචි නොකළ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවකින් යුත් යතුරුපැදි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රථවාහන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිවු. පී. ජේ. සේනාධීර මහතා අද (13) මේ බව පැවසීය.

යතුරුපැදි කණ්ඩායම් වශයෙන් ගමන් කරන ඇතැම් පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිත කර විකෘති මානසිකත්වයකින් රිය ධාවනය කරන බවට නිරීක්ෂණය වී ඇති බවද ඔහු සඳහන් කළේය.

එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු සමාවක් ලබා නොදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලු රථවාහන නිලධාරීන් දැනුවත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

එමෙන්ම වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට හෝ රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයින්ට වාහන ලබාදෙන දෙමාපියන් ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු අවධාරණය කළේය.

“ලියාපදිංචි නොකළ ධාරිතාවයෙන් වැඩි යතුරුපැදි, ශබ්දය වෙනස් කරලා තියෙන, මුල් ආකෘති වෙනස් කරලා තියෙන යතුරුපැදි භාරයට ගන්න කියලා රථ වාහන නිලධාරීන්ට අපි උපදෙස් දීලා තියෙන්නේ. අපි දැක්ක දෙයක් තමයි කණ්ඩායමක් වශෙයෙන් යතුරුපැදි පදින අය අඩුම වශයෙන් මත් පෙති හරි පාවිච්චි කරලා නැත්නම් ගංජා, නැත්නම් අයිස්, නැත්නම් කොකේන් ඒ වගේ මත්ද්‍රව්‍ය පාවිච්කරලා විකෘත්ති මානසිකත්වයකින් තමයි මේ යතුරුපැදි පදින්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපිට දෙන්න තියෙන පණිවුඩය තමයි, අපි රථ වාහන නිලධාරීන්ව දැනුම්වත් කරලා තියෙන්නේ කිසිම සමාවක් දෙන්න එපා මෙවැනි නොහික්මුණු විනය ගරුක නොවන, නීති ගරුක නොවන තරුණයෝ නිසා මුළු සමාජයම අනතුරට ලක්වෙන්න දෙන්න එපා. ඒ නිසා අපි නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා. වයස අවුරුදු 18 අඩු කෙනෙකුට එහෙම නැතිනම් 18 වැඩි කෙනෙකුට රියදුරු බලපත්‍රයක් නැති කෙනෙකුට වාහනයක් දෙනවානම්, විශේෂයෙන් අපි දකිනවා දෙමාපියෝ වාහන දෙනවා පැහැදිලිවම අපි ස්ථානාධිපතිවරුන්ට කියලා තියෙන්නේ අත්අඩංගුවට ගන්න. ඒ අය පියා හෝ කමන් නෑ ඉදිරිපත් කරන්න.”          

The post ශබ්දය වෙනස් කර ඇති යතුරුපැදිවලට නීති තද වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XqJTCzN

Labels:

Thursday, August 13, 2026

ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස  එරික් මේයර් (Eric Meyer) මහතා වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ.

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙම තොරතුරු තහවුරු කර ඇත.

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ලැන්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු කාර්යාංශය ඔහුට සුභපැතුම් එක් කර ඇති බව සඳහන් වේ.

දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු වන මේයර් මහතා, තානාපතිවරයා ලෙස පත්වීමට පෙර දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කර ඇත.

අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ඔහුගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සහ එහි කාර්ය මණ්ඩලය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇත.

වොෂින්ටන් සහ කොළඹ අතර හවුල් අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම කෙරෙහි මේයර් මහතාගේ ධුර කාලය තුළ විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති බව තානාපති කාර්යාලය පවසයි.

The post ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/yrAeJZx

Labels:

භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් අද (12) දින කැඳවා තිබුණූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් පූර්ව වෙන්දේසියට සාපේක්ෂව පහළ යාමක් වාර්තා කර තිබේ.

ඒ අනුව දින 91 පදනම් අංක 33කින් 9.44%ක් දක්වා, දින 182 පදනම් අංක 21කින් 9.78%ක් දක්වා සහ දින 364 පදනම් අංක 18කින් 10.01%ක් දක්වා යනා දී වශයෙන් බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් අද වෙන්දේසියේ දී පහළ ගොස් ඇත.

මෙවර වෙන්දේසියේ විශේෂත්වයක් වන්නේ එක් එක් කල්පිරීමේ කාලයන්ට අදාළව ඉදිරිපත් කරන ලද බිල්පත් ප්‍රමාණයන් සඳහා පූර්ණ වශයෙන් ලංසු පිළිගෙන තිබීමයි. එසේම අද වෙන්දේසිය සඳහා පරිණත කාල තුනට අදාළව රු. මිලියන 140,000ක බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ඊට රු. මිලියන 385,959ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබීම තවත් විශේෂත්වයක් වේ.

මේ පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

The post භාණ්ඩාගාර බිල්පත් පොලිය පහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/JsMn7xD

Labels:

Wednesday, August 12, 2026

ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලැබෙන ලකුණු

ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා ගුරු සේවයේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, ගුරු හිඟය විසඳීම, උසස් අධ්‍යාපන ආයතනවල මානව සම්පත් ශක්තිමත් කිරීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ව්‍යුහාත්මක ගැටලු සඳහා විසඳුම් ලබාදීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුවිය.

ඒ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් මෙම කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදීය.

මෙම රැස්වීමේදී පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ගුරු පුරප්පාඩු පිරවීම, ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විධිමත් කිරීම සහ දුෂ්කර ප්‍රදේශවල පාසල් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම විද්‍යා හා ගණිත විෂයන් සඳහා පවතින ගුරු හිඟය අවම කිරීම සඳහා නව බඳවාගැනීම් ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ගුරු අවශ්‍යතා පවතින ප්‍රදේශ හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව අවධානය යොමු විය. 

එමෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ගුරු හිඟයට මුහුණදෙන පාසල් සඳහා විශේෂ අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී.

ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය විනිවිඳභාවයෙන් සහ අනුමත ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක කිරීම, දුෂ්කර සේවා දීමනා ලබාදීමේ ක්‍රමවේදය සහ පාසල් දුෂ්කරතාව තීරණය කිරීමේ නිර්ණායක යළි සමාලෝචනය කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම, ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්ව සහතික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

මීට අමතරව පාසල් ඉඩම් හා යටිතල පහසුකම් සම්බන්ධ ගැටලු විසඳීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අන්තර්කරණ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සංශෝධන සිදුකිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් ඉදිරිපත් විය.

The post ගුරුවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලැබෙන ලකුණු appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XrdAELe

Labels:

පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙක් කොටු වෙයි

ප්‍රදේශයේ පාසල් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කරගනිමින් ගංජා මිශ්‍ර විෂ මත්ද්‍රව්‍ය අලෙවි කළ බව කියන සැකකරුවෙකු ගල්නෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්නෑව පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සහ උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් එක්ව මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.

එහිදී සැකකරු සතුව තිබී ගංජා මිශ්‍ර කුඩා පැකට් 94ක්, ග්‍රෑම් 150 බැගින් අඩංගු බෝතල් 15ක් සහ ග්‍රෑම් 250 බැගින් අඩංගු බෝතල් 21ක් වශයෙන් සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 09යි ග්‍රෑම් 296ක් වූ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් වූ සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගල්නෑව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

The post පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙක් කොටු වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/tdRZk0G

Labels:

Tuesday, August 11, 2026

ජූලි මාසයේ දී මහ බැංකුව බරටම ඩොලර් අරන්

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වෙතින් පසුගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 348.6ක ප්‍රමාණයක් මිල දී ගෙන ඇති බව වාර්තා වේ. 2026 පෙබරවාරි මාසය තුළ දී මහ බැංකුව විසින් ඩොලර් මිලියන 461ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන තිබුණු අතර ඉන් පසු ඉහළම ඩොලර් මිල දී ගැනීමක් සිදුකළ මාසය ලෙසින් පසුගිය ජූලි මාසය සැලකිය හැකි වේ.

මේ සමඟම වසරේ මුල් මාස 07 තුළ දී මහ බැංකුව මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 1,331ක් වේ. තවද මෙම වකවානුව තුළ දී මහ බැංකුව වෙළෙඳපොළ වෙත ඩොලර් මිලියන 426ක් අලෙවි කර ඇත.

ඒ අනුව 2026 ජනවාරි – ජූලි කාලපරිච්ඡේදය තුළ දී මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ශුද්ධ වශයෙන් මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 905ක් වේ.

මේ අතර 2026 ජූලි මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 6,591ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. 2026 ජූනි මාසය අවසන් වන විට මෙම අගය සඳහන් වූයේ ඩොලර් මිලියන 6,458ක් ලෙසිනි.

The post ජූලි මාසයේ දී මහ බැංකුව බරටම ඩොලර් අරන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iI8uURK

Labels:

Monday, August 10, 2026

අද අව් වැසි තත්ත්වය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේත්, අම්පාර, මඩකළපුව සහ මුලතිවූ දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර උතුරු – මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

The post අද අව් වැසි තත්ත්වය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pXbazQ2

Labels:

Sunday, August 9, 2026

ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට ප්‍රථම LPL ශූරතාව හිමිවෙයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව හිස පැළඳීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය. ඒ ඊයේ (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක අවසන් මහා තරගයේදී ප්‍රබල ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් කරමිනි.

මෙම ජයග්‍රහණයත් සමඟ ගෝල් කණ්ඩායමට LPL තරගාවලි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශූරයන් ලෙස කිරුළු පැලඳීමේ අවස්ථාව උදාවිය. මීට පෙර අවස්ථා 3කදී ඔවුන් අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා තිබුණ ද, ඒ සෑම අවස්ථාවකදීම අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදු විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 123ක් පමණි.

අනතුරුව ලකුණු 124ක පහසු ඉලක්කයක් හඹාගිය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම, පන්දුවාර 15.5ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 126ක් රැස්කරමින් තරගයේ විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළේය.

The post ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට ප්‍රථම LPL ශූරතාව හිමිවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9ZTtnz3

Labels:

Saturday, August 8, 2026

ශිෂ්‍යත්ව විභාගය පෙනී සිටින සිසුන්ට විශේෂ නිවේදනයක්

හෙට දිනයේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැවිණි.

එහිදී  විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බවය.

මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර, ඒ අතුරින් සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723 ක් ලියාපදිංචි වී සිටී.

මෙම විභාගයට අදාළ උපකාරක පන්ති සිදු කිරීම අගෝස්තු 05 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, විභාගය නිමා වන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්වයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ද ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ දෙමාපියන්ට විභාග මධ්‍යස්ථානවලට ඇතුළු වීමට අවසර හිමි නොවන බවය.

දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව පවත්වා ගනිමින් අවධානයෙන් විභාගයට මුහුණ දීමට පහසු වීම සඳහා විභාගය ආරම්භ වීමට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත ළඟා වන ලෙස විභාග දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී සිටී. 

ප්‍රථමයෙන්ම දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර එය පෙරවරු 9.30 ට ආරම්භ වී පෙරවරු 10.45ට අවසන් වීමට නියමිතය. 

අනතුරුව ලැබෙන කෙටි විවේකයකින් පසු පෙරවරු 11.15 සිට දහවල් 12.15 දක්වා පැයක කාලයක් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා හිමි වේ.

විභාගයට පෙනී සිටින සියලුම දරුවන් ප්‍රශ්න පත්‍රයේ ඇති උපදෙස් හොඳින් කියවා, තමන්ගේ විභාග අංකය නිවැරදිව සඳහන් කරමින් පැහැදිලි අත්අකුරින් ප්‍රශ්න පත්‍රයේම පිළිතුරු සැපයිය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කර සිටී.

එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ කිසිවක් විභාග ශාලාව තුළට රැගෙන යාමෙන් වළකින ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසීය.

The post ශිෂ්‍යත්ව විභාගය පෙනී සිටින සිසුන්ට විශේෂ නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SJHIcZU

Labels:

Friday, August 7, 2026

අද අව් – වැසි තත්ත්වය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (07) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේ මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර, උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයෙන් තද සුළං හමා යා හැකි බවද අනාවැකි පළ කර තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post අද අව් – වැසි තත්ත්වය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WpkmCdN

Labels:

හදිසියේම නොසන්සුන් වූ නව මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය (වීඩියෝ)

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කා මහතා පවසයි.

සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු භාරයට ගැනීමත් සමඟ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී ඇති බව සඳහන්ය.

ඉන් අනතුරුව සිරමැදිරියක අගුළු කඩාගෙන රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ තිබූ අතර, බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කර ඔවුන් යළි සිරකුටි වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර, බන්ධනාගාර පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද යොදවා ඇති අතර, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානාද භාවිත කර තිබේ.

The post හදිසියේම නොසන්සුන් වූ නව මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය (වීඩියෝ) appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fasl1PO

Labels:

කුරුවිට බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්

කුරුවිට බන්ධනාගාරය තුළ අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ, ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන පාලනය කිරීමට කටයුතු කළ බවය.

කෙසේ නමුත් අද උදෑනස යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව අති අතර, එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

The post කුරුවිට බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/AfeoyBD

Labels:

Thursday, August 6, 2026

ජනාධිපති කාර්යාලයේ සේවකයින් තිදෙනෙක් තම ඉන්ධන පිරවුම්හලේ සේවයට යොදා ගත් බවට අකිල විරාජ්ට චෝදනා! විත්ති කූඩුවේ සිටි අකිලට මහේස්ත්‍රාත්වරයාගෙන් දැඩි විරෝධයක්!

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් මේ මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කළේ ය.

ඊයේ (අගෝ: 05) දින ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු

අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, “මෙම සැකකරු 2022 වසරේ ජූලි මස හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (විමධ්‍යගත හා පරිපාලන) ලෙස පත්වීමෙන් අනතුරුව මාස එක හමාරකින් පමණ පසුව අධ්‍යාපන අමාත්‍යාශයේ සේවකයින් දෙදෙනෙකු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවකයින් දෙදෙනෙකු තම කාර්යාලයට අනුයුක්ත කරන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව අදාළ සේවකයින් දෙදෙනා මොහුගේ කාර්යාලයට අනුයුක්ත වීම සිදු වෙනවා. ඉන්පසුව තමාට තාවකාලික පදනම යටතේ සේවකයින් දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා සැකකරු ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව තාවකාලික පදනම යටතේ කළමනාකාර සහකාරවරුන් දෙදෙනෙකු බඳවා ගැනීමටත් කටයුතු කරනවා.

මෙසේ බඳවා ගත් තාවකාලික සේවකයින් දෙදෙනා ඉවත්ව ගිය පසු ඒ ආකාරයෙන් ම තවත් සේවකයින් දෙදෙනෙකු බඳවා ගැනීම සිදු වෙනවා. මෙසේ තාවකාලිකව බඳවාගත් සේවකයින් දෙදෙනා ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරලා නැහැ. ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාර්තා කර ඇඟිලි සලකුණු තැබීම හෝ පැමිණීමේ ලේඛනවලට අත්සන් තැබීමක් සිදු කර නැහැ. නමුත් මොවුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැටුප් ගෙවා තිබෙනවා. මෙසේ බඳවා ගත් සේවකයින්ගෙන් තුන් දෙනෙකු මෙම සැකකරුට අයත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි ඉන්ධන හලක සේවයේ යොදවා තිබෙනවා.

මින් සේවකයින් දෙදෙනෙකු 2024 වසරේ විදේශගත වීමෙන් පසුවත් මාස දෙකක් වැටුප් ගෙවා තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වුණා. මින් එක් සේවකයෙකු මේ වන විටත් ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ කළමනාකාර වශයෙන් කටයුතු කරනවා. මොහුගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ප්‍රකාශය සටහන් කළ දින සිට දින තුනකින් පසුව මේ සේවකයා දිවුරුම් ප්‍රකාශයක් රැගෙන අල්ලස් කොමිසමට පැමිණියා. එම දිවුරුම් ප්‍රකාශයෙන් ඔහු සඳහන් කර තිබෙනවා, තමන් කලින් ලබා දුන් ප්‍රකාශයේ යම් යම් වෙනස්කම් තිබෙන බවත් දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු සත්‍ය බවත්. එම දිවුරුම් ප්‍රකාශයේ ඔහු සඳහන් කර තිබෙනවා සැකකාර අකිල විරාජ් කාරියවසම් මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයක් කුලියාපිටියේ පිහිටි ඉන්ධන පිරවුම් හල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ තිබුණු බවට. කලින් දුන් ප්‍රකාශයේ ඔහු එවැන්නක් සඳහන් කළේ නෑ.

මේක එම සාක්ෂිකරු මුලින් ම ලබා දුන් ප්‍රකාශයට සම්පූර්ණයෙන්ම පටහැනි යි. එල්ල වූ බලපෑමක් හේතුවෙන් මෙම දිවුරුම් ප්‍රකාශය මෙම සැකකරු විසින් ඉදිරිපත් කර ඇති බවට සැක පහළ වී තිබෙනවා. එම කරුණු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඒ වගේ ම ප්‍රකාශය සටහන් කර ගත් අවස්ථාවේදී මේ සැකකරු විසින් ලේඛන කිහිපයක් අල්ලස් කොමිසමට භාර දුන්නා. ඒ අතරින් සමහර ලේඛන මෙම වසරේ සකස් කළ ඒවා බවට සැක පහළ වී තිබෙනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදුකළ යුතු යි,” යනුවෙන් සඳහන් කළ අල්ලස් කොමිසම එම තත්ත්වය යටතේ මෙම අවස්ථාවේ සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේ ය.

ඉන් අනතුරුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාමිණී අල්විස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙසේ පැවසීය.

“ස්වාමීනී… මේ සැකකරුගේ සම්බන්ධීකරණ කාර්යාලය තිබුණේ කුලියාපිටියේ පිහිටි ඔහුගේ ඉන්ධන හල පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ. අල්ලස් කොමිසම සඳහන් කරන සේවකයින් තුන් දෙනා සේවය කළේ එම කාර්යාලයේ. ඔවුන් කිසිදු අවස්ථාවක ඉන්ධන හලේ සේවය කර නැහැ. මෙම සේවකයින්ගෙන් දෙදෙනෙකු මේ වන විට විදේශගත වෙලා තිබෙනවා. ඒ වගේ ම අල්ලස් කොමිසම අධිකරණය හමුවේ සඳහන් කළා මෙම සේවකයින් ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා නොකොට වැටුප් ලබාගෙන තිබෙන බවට.

ඒක සම්පූර්ණයෙන් ම අසත්‍යයක් ස්වාමීනි. අද දින සැකකරු අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබා දුන් අවස්ථාවේදී මේ සේවකයින්ගේ පැමිණීමට අදාළ ලේඛන අපි අල්ලස් කොමිසමට ඉදිරිපත් කළා. එවැනි ලේඛනයක් ගැන අල්ලස් කොමිසම දන්නෙවත් නෑ. මේකෙන් ම පැහැදිලි වෙනවා මේක අසම්පූර්ණ පරීක්ෂණයක් බවට. ස්වාමීනී මේ සිද්ධියට සම්බන්ධ සාක්ෂිකරුවන් දෙදෙනෙකු විදේශගත වෙලා තිබෙනවා. ඔවුන් නැවත පැමිණෙන තුරු මේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන්න බෑ. මෙම සේවකයින්ට වැටුප් ගෙවීම නිසා රජයට සිදුවී තිබෙන පාඩුවත් අල්ලස් කොමිසම අධිකරණයට ප්‍රකාශ කළේ නෑ.”

මෙම තත්ත්වය යටතේ සැකකරු ඕනෑ ම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින මෙන් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, මෙම සැකකරුගේ ඉල්ලීම පරිදි බඳවාගත් සේවකයින් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම තුළින් ඔහු රුපියල් 2,768,836.14ක පාඩුවක් රජයට සිදුකර ඇති බව ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින්, “ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී මෙම විමර්ශනයට අංශ දෙකකින් බලපෑම් එල්ල විය හැකි බවට කරුණු ඉදිරිපත් වී තිබෙනවා. මෙම විමර්ශනයේ සාක්ෂිකරුවෙකු මුලින් ම අල්ලස් කොමිසමට ලබා දුන් ප්‍රකාශයට පරස්පර කරුණු ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් පසුව අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා. කිසියම් බලපෑමක් හේතුවෙන් මෙවැනි ක්‍රියාවක් සිදුවන්නට ඇතැයි අධිකරණයට අනුමිතියකට එළඹීමට හැකියාව තිබෙනවා. එමෙන් ම සැකකරු විසින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ ලේඛනවල ව්‍යාජ ලෙස සකස් කළ ලේඛන පවතින බවටත් එම කොමිසම සිය බී වාර්තාවෙන් සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙනුත් විමර්ශන සිදුකළ යුතු යි.”

මෙම කරුණු සලකා බැලීමේදී ඇප පනත යටතේ සැකකරුට ඇප ප්‍රදානය කිරීමට අධිකරණයට හැකියාවක් නැතැයි” පැවසීය.

ඒ අනුව, සැකකරු ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බවට මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන මෙන් අල්ලස් කොමිසමට නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙම සේවකයින් සේවයට වාර්තා කර ඇති බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කරන ලද ලේඛන සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා මීළඟ දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද නියම කළේ ය.

මේ අතර, මෙම නඩුකරය විභාගයට ගත් අවස්ථාවේදී සැකකාර අකිල විරාජ් කාරියවසම් විත්ති කූඩුවේ සිට ඔහුගේ නීතිඥවරුන්ට කතා කරන ආකාරය නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කළේ ය.

තම අධිකරණයේ මෙවැනි ක්‍රියාවලට අවසර හිමි නොවන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙවැනි ක්‍රියා අධිකරණ කටයුතුවලට බාධාවක් බවට අවධාරණය කළේ ය.

The post ජනාධිපති කාර්යාලයේ සේවකයින් තිදෙනෙක් තම ඉන්ධන පිරවුම්හලේ සේවයට යොදා ගත් බවට අකිල විරාජ්ට චෝදනා! විත්ති කූඩුවේ සිටි අකිලට මහේස්ත්‍රාත්වරයාගෙන් දැඩි විරෝධයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/QNmcqKu

Labels:

Wednesday, August 5, 2026

කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jepbzL7

Labels:

Tuesday, August 4, 2026

කොළඹ – නුවර පාර කඩුගන්නාවෙන් යළි විවෘතයි

ගල් පෙරළීමක් හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ.

ඊයේ (03) පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයට ගල් පෙරළීමක් සිදුවූ අතර, ඒ හේතුවෙන් ගනේතැන්න සහ කඩුගන්නාව අතර මාර්ග කොටස තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කළේය.

අනතුරුව කාලගුණික තත්ත්වය යහපත් වීමත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදුන් නිර්දේශ අනුව අද පෙරවරු 6.00 සිට එම මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කළ බව පොලීසිය සඳහන් කළේය.

The post කොළඹ – නුවර පාර කඩුගන්නාවෙන් යළි විවෘතයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PY6LvHC

Labels:

Monday, August 3, 2026

මහර නොසන්සුන්තාව මීගමුවේ සිද්ධියට වඩා වෙනස් – අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව, මීගමුවේ සිද්ධියට වඩා වෙනස් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

මීගමුවේ ගැටුම ඇතිවූයේ රැඳවියන් රැඳවියන් අතර බවත්, මහර සිදුවූයේ රැඳවියන් හා බන්ධනාගාර පරිපාලනය අතර බවත් හෙතෙම පැවසීය.

ඊයේ (02) පස්වරුවේ පැවති උත්සවයකින් අනතුරුව මහර බන්ධනාගරයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසමකදී ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර මෙලෙස බන්ධනාගාර තුළ නොසන්සුන්තා ඇතිවීමට යම්කිසි පිරිසක් සංවිධානාත්මක ආකාරයෙන් පිටත සිට මෙහෙයවනවාද යන්න පිළිබඳව තමන්ට සැකයක් තිබෙන බවද පැවසීය.

මීට පෙර හේතුවක් නොමැතිව මෙවැනි තත්ත්වයන් ඉස්මතු නොවූ බවත්, ඒ හේතුවෙන් ඒ පිළිබඳ සොයාබැලීමට කටයුතු කරන බව සඳහන් කළේය.

මේ අතර බන්ධනාගාර තුළ ගැටුම් ඇතිවීමට බන්ධනාගාර තදබදය එක් හේතුවක් වන වුවත්, වත්මන් රජය බලයට පත්වීමට පෙර සිටම එම තත්ත්වය ඇතිවී තිබූ බව පැවසීය.

කෙසේ නමුත් මේ වනවිට එම තත්ත්වය මගහරවාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කළ තවත් කරුණක් වූයේ රැඳවියන් පොදු දේපොළ හානි කිරීමය. ඒ අනුව පොදුදේපොළ හානි කිරීම් පිළිබඳ විමර්ශනයක් සිදුකර ඊට දැඩි පියවර ගන්නා බව පැවසීය.

The post මහර නොසන්සුන්තාව මීගමුවේ සිද්ධියට වඩා වෙනස් – අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CVKk3DW

Labels:

Sunday, August 2, 2026

මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරයි 

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති අතර සියලු රැඳවියන් නැවත සිරමැදිරි වෙත යොමු කිරීමට පියවර ගත් බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත්, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රාගම පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් තුන සඳහා පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මකව පවතී.

The post මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරයි  appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/a9qKQY7

Labels:

Saturday, August 1, 2026

Lanka Metro Transit වෙතින් රියදුරු තනතුරු සඳහා රැකියා අවස්ථා! මසකට රු.115,000කට වැඩි වැටුපක්!

රජයට අනුබද්ධිත නවතම මෙට්‍රෝ බස් රථ සමාගම වන ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ (පුද්ගලික) සමාගම (Lanka Metro Transit – Pvt Ltd) සඳහා බස් රථ ක්‍රියාකරුවන් (රියදුරු) බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා.

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සමත්, බර වාහන රියදුරු බලපත්‍රයක් සහිත සුදුසුකම් ලත් අපේක්ෂකයින්ට මේ සඳහා අයදුම් කළ හැකියි.

තෝරාගනු ලබන අයදුම්කරුවන් සඳහා රුපියල් 115,000කට වැඩි ඉහළ මාසික වැටුපක් හිමිවනු ඇති බව සඳහන්.

මේ සඳහා සුදුසුකම් සහිත අයදුම්කරුවන් 2026 අගෝස්තු මස 31 වන දිනට පෙර තම අයදුම්පත් careers@lankametro.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ 070 188 6886 යන WhatsApp අංකය ඔස්සේ යොමු කළ හැකිය.

එමෙන්ම “මානව සම්පත් කළමනාකරු, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම, පර්යන්තය, 7 වන මහල, සෙත්සිරිපාය දෙවන අදියරය, බත්තරමුල්ල” යන ලිපිනයට ද අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතියි.

The post Lanka Metro Transit වෙතින් රියදුරු තනතුරු සඳහා රැකියා අවස්ථා! මසකට රු.115,000කට වැඩි වැටුපක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8PfWlVu

Labels: