https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙක් කොටු වෙයි

Wednesday, August 12, 2026

පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙක් කොටු වෙයි

ප්‍රදේශයේ පාසල් සහ උපකාරක පන්ති සිසුන් ඉලක්ක කරගනිමින් ගංජා මිශ්‍ර විෂ මත්ද්‍රව්‍ය අලෙවි කළ බව කියන සැකකරුවෙකු ගල්නෑව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්නෑව පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සහ උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් එක්ව මෙම විශේෂ වැටලීම සිදුකර ඇත.

එහිදී සැකකරු සතුව තිබී ගංජා මිශ්‍ර කුඩා පැකට් 94ක්, ග්‍රෑම් 150 බැගින් අඩංගු බෝතල් 15ක් සහ ග්‍රෑම් 250 බැගින් අඩංගු බෝතල් 21ක් වශයෙන් සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 09යි ග්‍රෑම් 296ක් වූ මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 23ක් වූ සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගල්නෑව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

The post පාසල් සහ උපකාරක පන්ති සිසුන්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙක් කොටු වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/tdRZk0G

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home