https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: හදිසියේම නොසන්සුන් වූ නව මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය (වීඩියෝ)

Friday, August 7, 2026

හදිසියේම නොසන්සුන් වූ නව මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය (වීඩියෝ)

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කා මහතා පවසයි.

සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු භාරයට ගැනීමත් සමඟ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී ඇති බව සඳහන්ය.

ඉන් අනතුරුව සිරමැදිරියක අගුළු කඩාගෙන රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ තිබූ අතර, බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කර ඔවුන් යළි සිරකුටි වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර, බන්ධනාගාර පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ද යොදවා ඇති අතර, තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානාද භාවිත කර තිබේ.

The post හදිසියේම නොසන්සුන් වූ නව මැගසින් බන්ධනාගාරයේ අද උදෑසන තත්ත්වය (වීඩියෝ) appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fasl1PO

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home