https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්

Sunday, August 30, 2026

කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක්

කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි.

තහවුරු නොකළ මෙවැනි අසත්‍ය තොරතුරු හුවමාරු කිරීමෙන් ජනතාව අතර අනවශ්‍ය කලබලයක් සහ වෙළෙඳපොළ තුළ වැරදි අවබෝධයක් ඇති වන බැවින්, එවැනි පුවත් හුවමාරු කරගැනීමෙන් වළකින ලෙස අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

යම් සැක සහිත මිල වෙනස්වීමක් හෝ වෙළෙඳපොළ අක්‍රමිකතාවක් ඇත්නම් 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දිය හැකිය.

The post කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ඉහළ දැමීම ගැන පැතිරෙන පුවත පිළිබඳව දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MJW8sc1

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home