රුමේෂ් තරංග සුපිරි දස්කමක්
ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවැත්වෙන 2026 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.
මීටර් 92.07ක සුපිරි විසිකිරීමේ දක්ෂතාවක් පෙන්නුම් කළ රුමේෂ්, මෙම ඉසව්වෙන් තමන් ලොව අංක එකේ ශූරයා බව නැවත වරක් තහවුරු කළේය.
තරගයේ දෙවන ස්ථානය මීටර් 86.93ක විසිකිරීමක් සටහන් කළ ග්‍රෙනේඩා හි ඇන්ඩර්සන් පීටර්ස් දිනාගත් අතර, මීටර් 85.16ක දක්ෂතාවක් දැක්වූ පෝලන්තයේ ඩාවිඩ් වෙග්නර් තෙවන ස්ථානයට පත්විය.
ආරම්භයේ සිටම දැඩි තරගකාරීත්වයක් පැවැති මෙම ඉසව්වේදී, දෙවන ස්ථානය දිනූ පීටර්ස්ට වඩා මීටර් 5.14ක දැවැන්ත විසිකිරීමේ පරතරයක් තබා ගැනීමට රුමේෂ් සමත් වීම විශේෂත්වයකි.
The post රුමේෂ් තරංග සුපිරි දස්කමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/4uJr8Od
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home