https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි

Sunday, August 16, 2026

ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි

ඩුබායි සිට මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ත්‍රස්ත සංවිධාන සමග ගණුදෙනු කර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් පවසනවා.

ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි ශිරාන් බාසික් ගෙන් මේ වන විට පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙන්නේ.

ශිරාන් බාසික් පෙරේදා රාත්‍රියේ අබුඩාබි නුවර සිට මෙරටට රැගෙන එනු ලැබූ අතර පසුව වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී තිබුණා.

48 හැවිරිදි මොහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙරටට මත්ද්‍රව්‍ය සපයන මහා පරිමාණ ජාවාරම්කරුවන් පස්දෙනාගෙන් එක් අයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් ඩුබායිහි සැඟව සිටියදී පසුගිය මැයි 26 වැනිදා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහුට රතු නිවේදන නිකුත් කර තිබූ පසුබිමකයි.

The post ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NKxH7aB

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home