ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක්
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් (Eric Meyer) මහතා වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් මෙම තොරතුරු තහවුරු කර ඇත.
අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ලැන්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු කාර්යාංශය ඔහුට සුභපැතුම් එක් කර ඇති බව සඳහන් වේ.
දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු වන මේයර් මහතා, තානාපතිවරයා ලෙස පත්වීමට පෙර දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යාංශ නිලධාරියා ලෙස කටයුතු කර ඇත.
අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා ඔහුගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය සහ එහි කාර්ය මණ්ඩලය බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇත.
වොෂින්ටන් සහ කොළඹ අතර හවුල් අවශ්‍යතා සහ ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම කෙරෙහි මේයර් මහතාගේ ධුර කාලය තුළ විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති බව තානාපති කාර්යාලය පවසයි.
The post ශ්‍රී ලංකාවට නව ඇමෙරිකානු තානාපතිවරයෙක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/yrAeJZx
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home