https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: April 2026

Thursday, April 30, 2026

පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!

පක්ෂයේ මූලික ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරමින් පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉරාන් වික්‍රමරත්න මහතා වෙත අද (29) ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

ඉරාන් වික්‍රමරත්න මහතා මීට පෙර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය භාරගනිමින් මහලේකම්වරයා මෙම පිළිතුරු ලිපිය යොමු කර ඇත.

මෑතකාලීන ක්‍රීඩා පරිපාලන ගැටලු හමුවේ පක්ෂයේ ස්ථාවරය මෙම ලිපිය හරහා නැවතත් අවධාරණය කර තිබේ.

සියලුම ක්‍රීඩා සංගම් දේශපාලනයෙන් තොර විය යුතු බවත්, එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් විසින් නොදැරිය යුතු බවත් සමගි ජන බලවේගයේ ස්ථාවරය බව එම ලිපියේ දැක්වේ.

ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂයේ සාමාජිකයෙකුව සිටිමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ තනතුරු සම්බන්ධ කටයුතුවලට මැදිහත් වීම පක්ෂ ප්‍රතිපත්තියට පටහැනි බව එහි වැඩිදුරටත් සඳහන් වේ

The post පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bTmQdKc

Labels:

Wednesday, April 29, 2026

බැංකු රැසකින් අනතුරු ඇඟවීම්! ගනුදෙනාකරුවන්ට විශේෂ දැනුම්දීමක්!

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු දුසිමකට වඩා ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක සයිබර් ජාවාරමක් පිළිබඳව බැංකු පද්ධතිය සිය ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

හැකර්වරුන් විසින් බැංකුවල නිල වෙබ් අඩවිවලට අතිශය සමාන ව්‍යාජ වෙබ් අඩවි (Fake Websites) නිර්මාණය කර ඇත. අනතුරුව ඔවුන් “මුරපදය වෙනස් කරන්න” හෝ “ගිණුම අත්හිටුවා ඇත” වැනි හදිසි පණිවිඩ විද්‍යුත් තැපෑල හෝ කෙටි පණිවිඩ (SMS) හරහා ගනුදෙනුකරුවන්ට යවනු ලබයි.

ගනුදෙනුකරු එම ව්‍යාජ සබැඳිය (Link) ක්ලික් කර එහි තොරතුරු ඇතුළත් කළ සැණින්, හැකර්වරුන් එම දත්ත සැබෑ බැංකු වෙබ් අඩවියට ඇතුළත් කරයි. එවිට ගනුදෙනුකරුගේ දුරකථනයට ලැබෙන සැබෑ OTP අංකය ද ව්‍යාජ අඩවිය හරහා ලබා ගන්නා ජාවාරම්කරුවන්, නිමේෂයකින් ගිණුමට ඇතුළු වී මුදල් සොරකම් කරන බව අනාවරණය වී තිබේ.

බැංකු නිකුත් කළ විශේෂ උපදෙස්

“නිල HNB ආයතනික වෙබ් අඩවිය ලෙස පෙනී සිටිය හැකි වංචනික වෙබ් අඩවිවලට එරෙහිව කරුණාකර සුපරීක්ෂාකාරීව සිටින්න,” යනුවෙන් ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට දන්වා ඇත.

“www.hnb.lk ඔබේ බ්‍රවුසරයට කෙලින්ම ටයිප් කිරීමෙන් හෝ නිල HNB යෙදුම් භාවිත කිරීමෙන් පමණක් HNB සේවාවන් වෙත ප්‍රවේශ වන්න. ඔබට කිසියම් සැක සහිත ක්‍රියාකාරකමක් හමු වුවහොත් වහාම බැංකුව අමතන්න.” යනුවෙන් ඔවුන් දැනුවත් කිරීම් සිදුකර තිබිණි.

“හිතවත් සේවාදායකය, sc.com/lk ලෙස පෙනී සිටින වංචනික වෙබ් අඩවිවලින් පරිස්සම් වන්න,” ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් ශ්‍රී ලංකා බැංකුව කෙටි පණිවිඩයකින් සිය සේවාදායකයන්ට පැවසීය.

“සැක සහිත සබැඳි මත ක්ලික් නොකරන්න හෝ ඔබේ පුද්ගලික බැංකු තොරතුරු බෙදා නොගන්න. අපගේ සේවාවන් වෙත ප්‍රවේශ වීමට සැමවිටම අපගේ නිල වෙබ් අඩවිය හෝ SC ජංගම යෙදුම භාවිත කරන්න.” යනුවෙන් ඔවුන් වැඩිදුරටත් දැනුවත් කර ඇත.

“අවදියෙන් සිටින්න! ඔබේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුළත් කිරීමට පෙර, සෑම විටම වෙබ් අඩවි ලිපිනය පරීක්ෂා කරන්න,” යනුවෙන් පෑන් ඒෂියා බැංකුව ගනුදෙනුකරුවන්ට පැවසීය.

“PABC මාර්ගගත බැංකුකරණය https://ift.tt/ev9NcJm හරහා පමණක් භාවිත කරන්න. කුඩා වෙනස්කම් සහිත ව්‍යාජ සබැඳි ගැන විමසිල්ලෙන් සිටින්න. ඔබේ OTP කිසි විටෙකත් කිසිවකු සමඟ බෙදා නොගන්න. නොදන්නා හෝ සැක සහිත යෙදුම් ස්ථාපනය නොකරන්න. උදව් සඳහා, +94114667222 අමතන්න.”

“ව්‍යාජ වෙබ් අඩවිවලින් පරිස්සම් වන්න, වංචා වෙබ් අඩවි බොහෝ විට අක්ෂර වින්‍යාසය වැරදි ලෙස ලියා ඇති හෝ සමාන වෙබ් ලිපින භාවිත කරයි. කිසියම් විස්තරයක් ඇතුළත් කිරීමට පෙර සෑම විටම දෙවරක් පරීක්ෂා කරන්න” යනුවෙන් DFCC බැංකුව පැවසීය.

වංචාවන්ට හසු නොවන්න!

හිතවත් සම්පත් විශ්ව පරිශීලකය,

වංචාකරුවන් ගෙවීම්, මුදල් ලබා ගැනීමේ සබැඳි, ප්‍රවර්ධන දීමනා, වට්ටම්, බැංකු ලාංඡන භාවිත කරන ව්‍යාජ වෙබ් අඩවි හෝ ඔබේ අක්තපත්‍ර ඉල්ලා සිටින සමාජ මාධ්‍ය පණිවිඩ වැනි ක්‍රම හරහා ඔබව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ හැකිය.

කිසිම සබැඳියක හෝ වෙබ් අඩවියක ඔබේ සම්පත් විශ්ව පිවිසුම් තොරතුරු ඇතුළත් නොකරන්න.

“ඩිජිටල් බැංකුකරණයට පිවිසෙන්න” විකල්පය හෝ සම්පත් බැංකු ජංගම යෙදුම භාවිතයෙන් www. sampath. lk හරහා පමණක් සම්පත් විශ්ව වෙත පිවිසෙන්න.

The post බැංකු රැසකින් අනතුරු ඇඟවීම්! ගනුදෙනාකරුවන්ට විශේෂ දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Zw7Odz4

Labels:

Tuesday, April 28, 2026

මැගසින් බන්ධනාගාරයේ කලබලයක්! රැඳවියෙකු මරුට! ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට!

කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊයේ (27) පෙරවරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හමුවේ රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජේලර්වරයෙකු සහ බන්ධනාගාර පාලිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, මත්ද්‍රව්‍ය චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 38 හැවිරිදි රැඳවියන් දෙදෙනෙකු සිරමැදිරිවලින් පිටතට පැමිණ පලා යාමට උත්සාහ කර ඇත.

එය වැළැක්වීමට බන්ධනාගාර නියාමකවරයෙකු කටයුතු කිරීමේදී ඇති වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනා සහ නිලධාරියා තුවාල ලබා රෝහල් ගත කෙරිණි. එහිදී එක් රැඳවියෙකු මියගොස් තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ විශේෂ අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. ඊට අමතරව බොරැල්ල පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අධීක්ෂණය යටතේ තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.

The post මැගසින් බන්ධනාගාරයේ කලබලයක්! රැඳවියෙකු මරුට! ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/K75IFqf

Labels:

Monday, April 27, 2026

අවුරුදු 2ක් වයසැති දැරියක් රු.40,000කට අලෙවි කළ මව හා අනියම් සැමියා අත්අඩංගුවට

වයස අවුරුදු 02ක දැරියක් රුපියල් 40,000ක මුදලකට විකුණා එකී මුදලින් රුපියල් 15,000ක ජංගම දුරකථනයක් මිලදී ගත් මවක් සහ ඇයගේ අනියම් පුරුෂයා ධර්මපුරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

එමෙන්ම අදාළ දැරිය මිලදී ගත් කාන්තාවක් ද ධර්මපුරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

දැරියගේ මව සහ අනියම් පුරුෂයා විසින් ඇයව කොළඹ ප්‍රදේශයේ කාන්තාවකට මුදලට විකුණා ඇති බවට ධර්මපුරම් ග්‍රාම නිලධාරීවරයා විසින් පොලිස් ස්ථානයට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මෙම දැරිය තැලසීමියා රෝගයෙන් පෙළෙන අයෙකු වන බවත් ඇයට වැඩිමහල් තවත් සිව් හැවිරිදි දියණියක් සිටින අතර ඇයද එම රෝගයෙන් පෙලීම හේතුවෙන් ඇයට ප්‍රතිකාර කිරීම සඳහා මුදල් ලබා ගැනීමට අදාළ දැරියව විකුණූ බව ප්‍රශ්න කිරීම් හමුවේදී ඔවුන් පවසා ඇත.

එසේ නම් ජංගම දුරකථනයක් මිලදී ගත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව එහිදී පොලීසිය ඔවුන්ගෙන් විමසා ඇති අතර එයට ඔවුන් පිළිතුරක් ලබා නොදුන් බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

දැරියගේ මව හා අනියම් ස්වාමිපුරුෂයා ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක් හා 31ක් වන දෙපළක් වන අතර දැරිය මිලදී ගත් බව කියන කාන්තාව කටුනායක ඇවරියවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් වන බවද සඳහන් වේ. 

සැකකාරියන් දෙදෙනා සහ සැකකරු කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

The post අවුරුදු 2ක් වයසැති දැරියක් රු.40,000කට අලෙවි කළ මව හා අනියම් සැමියා අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fPNe0UO

Labels:

Sunday, April 26, 2026

කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනී! කෝටි 110කට මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට!

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ (25) රාත්‍රියේ මෙම වැටලීම සිදු කරන ලදී.

සැකකරුවන් විසින් රැගෙන ආ ගමන් මලුවල ව්‍යාජ පතුල් සකස් කර, පාසල් උපකරණ සහ රසකැවිලි සමඟ සූක්ෂ්ම ලෙස අසුරා තිබූ කිලෝග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය තොගය නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. සෑම ගමන් මල්ලකම කිලෝග්‍රෑම් 05කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි, උසස් අධ්‍යාපනය හදාරන තරුණ චීවරධාරීන් පිරිසක් බව හඳුනාගෙන තිබේ.

ඔවුන් පසුගිය 22 වැනිදා අනුග්‍රහකයෙකුගේ ආධාරයෙන් තායිලන්තය බලා ගොස් ඇති අතර, එහිදී ඔවුන් ගිහි වෙස්ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සාක්ෂි ඔවුන්ගේ ජංගම දුරකථන හරහා අනාවරණය වී ඇත.

මෙය කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ එකවර අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය වන අතර, චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි

The post කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනී! කෝටි 110කට මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0UpznAY

Labels:

Saturday, April 25, 2026

මැයි මාසයේ මත්පැන් අලෙවිසැල් වසා තැබෙන දින 3ක් පිළිබඳව දැනුම්දීමක්

වෙසක් උත්සවය සහ අන්තර්ජාතික කම්කරු දිනය නිමිත්තෙන් මැයි මාසයේ සියලුම මත්පැන් අලෙවිසැල් දින තුනක් වසාතබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

දෙපාර්තමේන්තුවට අනුව, අන්තර්ජාතික කම්කරු දිනය (මැයි දිනය) සනිටුහන් කරන මැයි 01 වැනි දින මත්පැන් අලෙවිසැල් වසාතබනු ලැබේ.

මැයි 30 (වෙසක් පෝය) සහ මැයි 31 (වෙසක් පෝයට පසු දින) යන දිනවල ද සියලුම මත්පැන් අලෙවිසැල් වසාතබනු ලැබේ.

මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි, මැයි 30 වැනි දින වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සැමරීමට තීරණය කර ඇති අතර, වෙසක් පෝයට පසු දින වන මැයි 31 රජයේ නිවාඩු දිනයක් බව රජය නිවේදනය කළේය.

රජය මැයි 27 සිට ජුනි 2 දක්වා රාජ්‍ය වෙසක් සතිය ප්‍රකාශයට පත්කර ඇත.

The post මැයි මාසයේ මත්පැන් අලෙවිසැල් වසා තැබෙන දින 3ක් පිළිබඳව දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1iFtHah

Labels:

Friday, April 24, 2026

මැයි 02 වනදාට යෙදී තිබූ රජයේ නිවාඩුව සංශෝධනය කරමින් ගැසට්ටුවක්

2026 රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට රජය ගත් තීරණයට අනුව, රජයේ නිවාඩු දින සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සාමාන්‍ය දින දර්ශනයට අනුව මෙවර වෙසක් පොහොය මැයි මස 01 සහ 02 යන දෙදිනට යෙදී තිබුණද, ශාසනික සම්ප්‍රදායන් සහ මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය මැයි මස 30 වැනිදා පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

ඒ අනුව, මීට පෙර මැයි මස 02 වැනිදාට ලබා දීමට නියමිතව තිබූ රජයේ නිවාඩුව, මැයි මස 31 වැනිදා දක්වා සංශෝධනය කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

The post මැයි 02 වනදාට යෙදී තිබූ රජයේ නිවාඩුව සංශෝධනය කරමින් ගැසට්ටුවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3JlI9ok

Labels:

Thursday, April 23, 2026

වෙසක් පොහොය යෙදෙන හරිම දිනය මෙන්න

මෙරට සම්ප්‍රදායික චන්ද්‍ර දින දර්ශනයට අනුව යෙදෙන අධි මාස තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙවර වෙසක් පුර පසලොස්වක පොහොය දිනය මැයි මස 30 වැනිදා සැමරීමට රජය තීරණය කර තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.

සාමාන්‍ය දින දර්ශනයට අනුව වෙසක් පොහොය මැයි මස 01 වැනිදාට යෙදී තිබුණද, අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා කළ ඉල්ලීමක් පරිදි මෙම සංශෝධනය සිදු කර ඇත.

වසර කිහිපයකට වරක් උදාවන අධි මාස තත්ත්වය (අධි වෙසක්) මෙවරත් බලපා ඇති බැවින්, ශාසනික සම්ප්‍රදායන්ට අනුකූලව වෙසක් උත්සවය මැයි මස අගට යොමු කළ බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

නව සංශෝධනයට අනුව මෙවර වෙසක් සතිය මැයි මස 27 වැනිදා සිට ජුනි මස 02 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

The post වෙසක් පොහොය යෙදෙන හරිම දිනය මෙන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qneioSt

Labels:

Wednesday, April 22, 2026

අද අව් වැසි තත්ත්වය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (22) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මඟින් දැනුම් දී තිබේ.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මීට අමතරව මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

The post අද අව් වැසි තත්ත්වය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/br8WZDn

Labels:

ඇමති ලාල්කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිපියක්

ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කොපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ ඇති රූපවාහිනි නාලිකාව කරුණු විකෘති කරමින් හා වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ප්‍රවෘත්තියක් පල කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.

ස්වේඡාවෙන් හෙළි කළ වත්කම් හා බැරකම් ප්‍රකාශය පදනම් කර ගනිමින්, සාවද්‍ය ප්‍රවෘත්තියක් පළ කිරීම පිළිබඳව නීතිමය ප්‍රතිපාදන අනුව එම නාලිකාව සම්බන්ධව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසයි එම ලිපියෙන් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා ඉල්ලා සිටින්නේ.

කරුණු 16කින් සමන්විත එම පැමිණිල්ල මගින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත භාරදුන් එම වත්කම් හා බැරකම් ප්‍රකාශය පවුලේ අනෙකුත් පුද්ගලයන්ගේ නම් හෙළි නොවන පරිදි මහජනතාවට දැක ගත හැකි ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීමට එම කොමිෂන් සභාව කටයුතු කර ඇති බවයි.

එම ප්‍රකාශය පදනම් කර ගනිමින් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කොපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ ඇති රූපවාහිනි නාලිකාව 2026.04.16 හෝ ආසන්න දිනක කරුණු විකෘති කරමින් හා වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ප්‍රවෘත්තියක් පළ කර ඇති බවයි.

එය පළ කිරීමට පෙර කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට එම රූපවාහිනි නාලිකාව කටයුතු නොකළ අතර එම සාවද්‍ය හා ද්වේශ සහගත ප්‍රවෘත්තිය මගින් රුපියල් කෝටි 46කට අධික වත්කම් තමන් සතුව පවතින බවට ඔවුන්ගේ ගණනය කිරීමක් මත පළ කර ඇති බවයි අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පැමිණිල්ලෙන් සඳහන් කර තිබෙන්නේ.

ඊට අදාළ කරුණු සිරස්තල ලෙස දක්වමින් එම වැරදි ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය හා ඩිජිටල් අවකාශයේ ප්‍රචාරය කිරීමටත් එම නාලිකාව කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පවසනවා.

එම අසත්‍ය ප්‍රවෘත්තිය හේතුවෙන් තම කීර්තිනාමයට විශාල හානියක් සිදුවූ අතර වැරදි ආකල්පයක් ජනතාව අතර ඇති කිරීමට උත්සහ දරා ඇති බවත් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පෙන්වා දුන්නා.

අදාළ රූපවාහිනි නාලිකාව අවම මාධ්‍ය සදාචාරයක් හෝ නොතකමින් එම මාධ්‍ය ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රයේ කොන්දේසි මෙන්ම නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සිය ලිපිය මගින් ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට ලබාදී ඇති විකාශන බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් එම රූපවාහිනි නාලිකාව නීති විරෝධි ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මෙම ලිපිය සලකා බලා නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

The post ඇමති ලාල්කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිපියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/pQ6osVj

Labels:

Tuesday, April 21, 2026

ජපානයට අති ප්‍රබල භූකම්පනයක්? එරට රජයෙන් අනතුරු ඇඟවීමක්

ජපානයට රික්ටර් මාපකයේ 8ක් හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුත් දැවැන්ත භූකම්පනයක් ඇතිවීමේ අවදානමක් ගැන එරට රජය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ ඊයේ(20) ජපානයේ උතුරු ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබලවයෙන් යුත් භූකම්පනයෙන් අනතුරුවයි.

පළමු භූචලනයෙන් පසුව ඇති වූ පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

The post ජපානයට අති ප්‍රබල භූකම්පනයක්? එරට රජයෙන් අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/13gdPRs

Labels:

Monday, April 20, 2026

බොරතෙල් මිල යළිත් ඉහළට

සති අන්තයේදී ඇමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ නාවික ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි වැසී යාමේ තර්ජනය හමුවේ අද (සඳුදා) ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 6%කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.

පසුගිය සිකුරාදා මිල ගණන් 9% කින් පහත වැටී තිබුණ ද, නවතම ගැටුම්කාරී තත්ත්වයත් සමඟ බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල ඩොලර් 6.11 කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 96.49 ක් ලෙස සටහන් විය.

එමෙන්ම ඇමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිල ද ඩොලර් 6.53 කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 90.38 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ දෙරට අතර පැවති සති දෙකක සටන් විරාමය ප්‍රායෝගිකව බිඳ වැටී තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ගුවන් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස දෙවන වටයේ සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බව ඉරානය ප්‍රකාශ කර ඇත.

ලෝක තෙල් සැපයුමෙන් 20%ක් හුවමාරු වන හෝමුස් සමුද්‍ර සන්ධියට පනවා තිබූ අවහිරතා ඉරානය විසින් නැවත බලාත්මක කිරීම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුවයි.

The post බොරතෙල් මිල යළිත් ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/x2LTSZK

Labels:

Sunday, April 19, 2026

බලශක්ති ඇමති පුටුව අනුරට?

කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ බලශක්ති අමාත්‍ය ධුරයට වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතාගේ නම යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව එම පත්කිරීම ඉදිරි දිනවල සිදුකෙරෙනු ඇත.

කරුණාතිලක මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළේය.

මෙයට අමතරව අමාත්‍ය ධූර කිහිපයක වෙනස්කම් ඉදිරි දිනවල සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

(source – lankadeepa)

The post බලශක්ති ඇමති පුටුව අනුරට? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/W5uctTP

Labels:

Saturday, April 18, 2026

රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි

මුහුදේ ප්‍රවාහනය වෙමින් පවතින රුසියානු තෙල් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ පරිපාලනය තවත් මාසයක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

රුසියානු තෙල් සඳහා පනවා ඇති තාවකාලික සම්බාධක නිදහස් කිරීම තවදුරටත් දීර්ඝ නොකරන බවට අමෙරිකාව ඉකුත් බදාදා (15) ප්‍රකාශ කර තිබුණි. එවැනි දැඩි ස්ථාවරයක සිටියදී, හදිසියේම මෙලෙස තවත් මාසයක අවසරයක් ලබා දීම ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයේ සුවිශේෂී හැරවුමක් ලෙස සැලකේ.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, අමෙරිකානු වේලාවෙන් ඊයේ (17) සිට ක්‍රියාත්මක වන පරිදි එළඹෙන මැයි 16 වනදා දක්වා රුසියානු තෙල් මිලදී ගැනීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවේ.

The post රුසියානු තෙල් මිලදී ගැනීමට දුන් කාලය දීර්ඝ කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CDXy1kU

Labels:

Friday, April 17, 2026

1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

2026 වර්ෂයේ 1 ශ්‍රේණිය දෙවන සහ තුන්වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් ඇතුළත් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ ඒ අනුව අදාළ බෙදා හැරීම් එළැඹෙන 30 වැනිදා වන විට සියලුම පාසල් වෙත බෙදා හැර අවසන් කිරීමට නියමිත බවය.

1 ශ්‍රේණිය විෂයමාලා දැනුවත් කිරීම සහ ගුරු පුහුණුව, පළාත් ප්‍රාථමික විශය අධ්‍යක්ෂවරුන් ගුරු උපදේශකවරුන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන් සඳහා මේ වන විට ලබා දී ඇති අතර අවශ්‍ය  අමතර පුහුණු කිරීම් එළැඹෙන මැයි 16 දින වන විට අවසන් කිරීමට පළාත් අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේය.

තවද 1 ශ්‍රේණිය, I වන වාරය විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ  පාසල් පවතී නම් එළඹෙන II වන පාසල් වාරයේදී එම විෂය කොටස් සම්පූර්ණ කර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කරනු ඇති බවත් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

The post 1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UxG8P5h

Labels:

අද අව් වැසි තත්ත්වය

බස්නාහිර, සබරගමුව, දකුණු, සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප. ව. 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනවා.

මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

The post අද අව් වැසි තත්ත්වය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/DiLecl8

Labels:

Thursday, April 16, 2026

පොදු ප්‍රවාහනය යළි සක්‍රීය වෙයි

දිවයින පුරා බස් රථ ධාවනය අද (16) සිට සියයට 50ත් 60ත් අතර අගයකින් ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, හෙට (17) දිනය වන විට පෞද්ගලික බස් රථ සේවාව සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවනු ඇති බවය.

ඊයේ (15) දිනය රාජකාරී දිනයක් වුවත් ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙන බවද පැවසු ගැමුණු විජේරත්න මහතා, මේ හේතුවෙන් මගීන් නොමැතිව විශාල බස්රථ ප්‍රමාණයක් ධාවනය වූ බවද පැවසීය.

මේ අතර දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ද අද දින සිට තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ, අද දින දුම්රිය ගමන් වාර 120ක් පමණ සිදුකිරීමට පියවර ගන්නා බවය.

ඒ අනුව අද උදෑසන සහ සවස සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය වන බවත්, 18 වෙනිදා සහ 19 වෙනිදා විශේෂ දුම්රිය ධාවනයට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

The post පොදු ප්‍රවාහනය යළි සක්‍රීය වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GwdSahe

Labels:

පොලිසියෙන් දැනුම්දීමක්

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය සහ පොලිස්පති මහජන දිනය නොපැවැත්වෙන බව පොලිසිය පවසයි. 

ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය අද (16) නොපැවැත්වෙයි. 

එමෙන්ම හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිත පොලිස්පති මහජන සහන දිනය ද නොපැවැත්වෙන බව ද පොලිසිය සඳහන් කරයි.

The post පොලිසියෙන් දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RSj0HxJ

Labels:

Wednesday, April 15, 2026

බුත්තල මාරක අනතුරක්! පියා මරුට! දරු දෙදෙනාට සහ බිරිදට බරපතළයි!

වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල උනාවටුන ප්‍රදේශයේදී අද (15) අලුයම සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයක් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී මෙම පිරිස අම්පාර ප්‍රදේශයේ සිට කොළඹ බලා ගමන් කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

The post බුත්තල මාරක අනතුරක්! පියා මරුට! දරු දෙදෙනාට සහ බිරිදට බරපතළයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8WRjeaL

Labels:

Tuesday, April 14, 2026

ජනපතිගේ අලුත් අවුරුදු දින සුබ පැතුම

සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් තවදුරටත් අප ජීවිත අර්ථවත්කර ගැනීමට සියලු දෙනා කැප විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි. 

උපුටාගැනීම…

භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි.

පාරම්පරික සම්ප්‍රදාය සුරකිමින් චාරිත්‍රවලට සහ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් සාමුහිකව, එකම නැකතකට කටයුතු කිරීම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේදී සිදු කෙරේ. 

මෙම සංස්කෘතික බෙදාහදාගැනීම ලෝකය අභිමුවේ අප රටෙහි අනන්‍යතාව මෙන්ම අපගේ ප්‍රජාවන් අතර පවතින සමාජ-සංස්කෘතික බැඳීම මනාව නිරූපණය කරන්නකි. 

රටේ අනාගත සංවර්ධන මාවත තෝරාගත හැක්කේ මෙම අගනා සංස්කෘතියත්, විශිෂ්ට ඓතිහාසික උරුමයත් සමඟින් බව අප තරයේ විශ්වාස කරමු. ඒ අනුව අපගේ සියලු ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ එම වටිනා උරුමය සහ සංස්කෘතිය මත ශක්තිමත්ව දෙපා තබා ගනිමින් බව මෙහිලා සිහිපත් කළ යුතුය. 

එමෙන්ම, සූර්ය සංක්‍රාන්තියට අනුගාමීව සිදු කෙරෙන සියලු චාරිත්‍ර-වාරිත්‍රයන්හි පොදු අපේක්ෂාවෙන් පිළිබිඹු කෙරෙන්නේ සාමුහිකත්වය අගයන අනෙකාගේ මෙන්ම සොබාදහමේ පැවැත්මට ගරු කරන සහකම්පනීය අලුත් මිනිසෙකු නිර්මාණය කිරීමයි. අලුත් අවුරුද්දේ චාරිත්‍ර-වාරිත්‍රවලින් ප්‍රකට වන එම සාමුහිකත්වයේ ගුණාංග සහ හරයන් එම දින කිහිපයේ පමණක් නොව මුළු වසර පුරාම අපගේ චර්යාවෙන් නිරූපණය විය යුතු යැයි මම සිතමි. 

පසුගිය වසරේ මුහුණ පෑ මෑතකාලීන විශාලතම ස්වභාවික ව්‍යසන අභියෝගය හමුවේ අප ලොවට පෙන් වූ අභ්‍යන්තර කම්පනවලට  ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම මැදපෙරදිග යුද්දයෙන් එල්ලව ඇති බාහිර අභියෝග හමුවේත් සැලසුම් සහගතව, මනා වූ කළමනාකරණයකින් යුතුව කටයුතු කරමින් එම අභියෝග ජයග්‍රහණය කිරීමට ඇවැසි වැඩපිළිවෙළද රජය විසින් මේ වන විට ක්‍රියාවට නංවනු ලැබ තිබේ.

රටක් ලෙස එක්ව මෙම අභියෝග ජයග්‍රහණය කිරීමේදී සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ප්‍රකට කෙරෙන සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් තවදුරටත් අප ජීවිත අර්ථවත්කර ගැනීමට කැප වෙමු’යි මම සියලු දෙනාගෙන් ඉල්ලමි. 

දිනාගත් ජයග්‍රහණ වඩාත් ශක්තිමත් කරන අතරම, උද්ගතව ඇති අභියෝග මතින් නොසැලී පියමං කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු’යි සියලු දෙනාට ආරාධනා කරමින් ලැබුවා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද  සාමය සහ සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා’යි හෘදයාංගම සුබපැතුම් එක් කරමි.

උපුටාගැනීම අවසන්..

The post ජනපතිගේ අලුත් අවුරුදු දින සුබ පැතුම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mRP0Jo2

Labels:

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ ගාල්ල, මාතර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

The post අද කාලගුණ නිවේදනය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MTktEsg

Labels:

Monday, April 13, 2026

බොරතෙල් බැරලයක මිල යළි වේගයෙන් ඉහළට

බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වර්තා පවසයි.

ඉරානයේ වරායන් අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අණ කිරීමත් සමඟ මෙම මිල වැඩිවීම සිදුව ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 102ක් ලෙස දැක්වුණි.

ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් 8%කින් ඉහළ ගොස් ඇති අතර එහි බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 104.50ක් ලෙසයි. 

The post බොරතෙල් බැරලයක මිල යළි වේගයෙන් ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/0hArlSs

Labels:

Sunday, April 12, 2026

ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්

මැදපෙරදිග යුද ගැටුම් සමනය කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පාකිස්තානයේදී පැවැති තීරණාත්මක සාම සාකච්ඡා කිසිදු පොදු එකඟතාවයකට ළඟා නොවී අවසන් වී තිබේ.

ඉස්ලාමාබාද් නුවර සෙරීනා හෝටලයේදී පැය 12කට අධික කාලයක් පුරා පැවැති මෙම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් මහතා සඳහන් කළේ, අමෙරිකාව ඉදිරිපත් කළ කොන්දේසිවලට එකඟ වීමට ඉරානය අකමැත්ත පළ කළ බවයි.

විශේෂයෙන්ම ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් පාලනය කිරීම අමෙරිකාවේ ප්‍රධාන ඉලක්කයක් වූ බවත්, ඒ පිළිබඳ එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් තම පිරිස පාකිස්තානයෙන් ඉවත් වන බවත් ඔහු පැවසීය.

සාකච්ඡාවලදී හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව, න්‍යෂ්ටික ගැටලුව, යුද වන්දි සහ සම්බාධක ඉවත් කිරීම වැනි කරුණු ඉරානය විසින් ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්, සාකච්ඡා සාර්ථක වන තුරු හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින තත්ත්වය වෙනස් නොකරන බව ඉරානය අවධාරණය කර තිබේ.

ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බකායි මහතා සඳහන් කළේ, අමෙරිකාව අධික ඉල්ලීම්වලින් බැහැරව ඉරානයේ නිත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගත යුතු බවයි.

The post ඉරාන – අමෙරිකා සාම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1RwcAfp

Labels:

මාලනී ෆොන්සේකාව විකුණන් කන්න එපා – ලකී ඩයස්

මෙරට සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අසමසම ගෞරවයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රතිරූපය ඇතැම් අරමුණු වෙනුවෙන් භාවිත කරමින් ඇයට සිදුවීමට යන විනාශය වළක්වා ගන්නා ලෙස ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් මහතා ක්ෂේත්‍රයේ පිරිසගෙන් සහ ඇයගේ පවුලේ හිතවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුම මගින් සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ තමන් සක්‍රීය නොවන තමන්, මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ මෙරට වටිනාම රංග ශිල්පිනියකගේ ප්‍රතිරූපය “ගොබ්බ බයිස්කෝප් කාරයින්” විසින් විනාශ කිරීමට යන බවට පෙනෙන මානයේ ඇති නිසා බවයි.

ඔහු සිය ෆේස්බුක් සටහන මගින් පෙන්වාදෙන්නේ ඇතැම් පිරිස් බොරු ආදරයක් ප්‍රදර්ශනය කරමින් සිය පටු අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන බවයි.

මෙවැනි ක්‍රියාවන් නිසා දැනටමත් මෙරට සිටි වටිනාම කලාකරුවන් දෙතුන් දෙනෙකුගේ ජීවිත සහ ප්‍රතිරූප විනාශ වී ඇති බවද ඔහු පවසනවා.

අදාළ රංග ශිල්පිනියගේ ජීවිත කතාව අලෙවි කරමින් නිර්මාණය කිරීමට යන චිත්‍රපට හෝ වෙනත් නිර්මාණ පිළිබඳව සිය දැඩි විරෝධය පළ කරමින් ලකී ඩයස් මහතා වැඩිදුරටත් මෙලෙස සඳහන් කළා.

“තව අවුරුදු දෙසීයක් වුණත් ඇයව ජීවත් කරවීමට ඇය රඟපෑ සිය ගණනක් වූ නිර්මාණ හොඳටම ඇති. ඇයට ජීවිත කතා අනවශ්‍යයි. Biopic අනවශ්‍යයි. ආත්මාර්ථකාමී, බොරු ආදර හැඟීම් පෙන්නන, ගොබ්බ බයිස්කෝප් කාරයින්ටයි මේ ආයාචනය.”

ඇයගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට නම් වහාම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් මැදිහත් විය යුතු බවත්, ඇය සතු ඒ අතිවිශාල ප්‍රතිරූපය විනාශ වන්නට ඉඩ නොදෙන ලෙසත් ඔහු අවධාරණය කළා.

The post මාලනී ෆොන්සේකාව විකුණන් කන්න එපා – ලකී ඩයස් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WfBv8Fi

Labels:

Saturday, April 11, 2026

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අලුත් කරන්න පටන් ගයි! මාස 15කින් දිස්වන ආකාරය මෙන්න! (ඡායාරූප)

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරි මාස 15ක කාලය ඇතුළත සම්පූර්ණයෙන්ම නවීකරණය කර අවසන් කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ “මේ රට ලස්සනට දකින්න නම්, ලස්සනට පේන්න ඕන” යන පදනමේ සිට මෙම නවීකරණ කටයුතු ආරම්භ කරන බවයි.

මාස 15ක කාලසීමාවකින් පසුව කොටුව දුම්රිය ස්ථානය දිස්වනු ඇතැයි අපේක්ෂා කරන ආකාරය දැක්වෙන AI (කෘත්‍රිම බුද්ධිය) භාවිතයෙන් නිර්මාණය කළ ඡායාරූප පෙළක් ද අමාත්‍යවරයා මෙහිදී ඉදිරිපත් කර තිබේ.

The post කොළඹ කොටුව දුම්රිය ස්ථානය අලුත් කරන්න පටන් ගයි! මාස 15කින් දිස්වන ආකාරය මෙන්න! (ඡායාරූප) appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Rmc4Vv7

Labels:

Friday, April 10, 2026

පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්! එක් සිසුවෙක් මරුට!

හෝමාගම, මොරගහහේන ප්‍රදේශයේදී සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් 5දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මොරගහහේන ප්‍රදේශයේ හෝටලයක දී  පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

අදාළ හෝටලයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් විසින් ඊයේ (09) රාත්‍රී පවත්වනු ලැබූ සාදයක් අතරතුරදී බහින්බස්වීමක් මත සිදුවූ පහරදීමකින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව තිබේ.

අදාළ පහරදීම සිදුකළ බවට සැකපිට එම විශ්වවිද්‍යලයේම සිසුන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක් වූ නිකදළුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් හොමාගම පෙලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

(source – ada derana)

The post පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්! එක් සිසුවෙක් මරුට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/N6wazmV

Labels:

Thursday, April 9, 2026

ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක්

ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව මෙරට ඉන්ධන සහ විදුලි බිල ගැලපීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

වර්තමානයේ පවතින ගෝලීය තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල 20-35%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

මෙවැනි අසීමිත මිල ඉහළ යාමක් හමුවේ පැවති පැරණි ක්‍රමවේදය අනුව තවදුරටත් මිල ගැලපීම් සිදු කිරීම අපහසු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ නව මිල සූත්‍රය හෝ ක්‍රමවේදය සකස් කෙරෙන්නේ අඩු ආදායම් ලබන පුද්ගලයින්ට අවම බලපෑමක් වන අයුරිනි.

මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් ද දැනුවත් කිරීමට නියමිතව ඇත.

(source – lankadeepa)

The post ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/OD1SZKj

Labels:

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

නිරිත දිග මෝසම් කාලයේදී එල්-නිනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම නියං කාලයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකදී අදහස් දක්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා පැවසුවේ මෙම තත්ත්වය හමුවේ පානීය ජලය මෙන්ම සියලු වාරි මාර්ග කටයුතුවල ජල කළමනාකරණය සිදුකළ යුතු බවය.

එමෙන් මෙම පවතින උණුසුම් තත්ත්වය මෙම මස පුරාවටමත් බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

“අපි බලාපොරොත්තු වෙනවා මේ පවතින උණුසුම් තත්ත්වය මේ මාසය පුරාවටමත් අඩු වැඩි වෙවි ලබන මාසයේ සති 2ක් 3ක් පමණ පවතී කියලා. 20න් විතර පස්සේ නිරිත දිග මෝසම පටන් ගන්නවා.  නිරිත දිග මෝසම පටන් ගන්නකොට මේ උණුසුම ටිකක් අඩුවෙනවා. ඒත් දැනට මේ දැනෙන දැඩි අපහසුකාරි තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා මැයි මාසේ 3 වෙනි සතියෙන් විතර පස්සේ ගොඩාක් දුරට පහවෙලා යාවී. 

ඒත් එක්කම මේ නිරිත දිග මෝසමේදී එල්-නිනෝ තත්ත්වයක් ආවොත් ජූනි, ජූලි, අගොස්තු වැස්ස අඩු වෙනවා සැප්තැම්බර් දක්වාම. නියං කාලයක් ඒවී. ඒ නිසා හැම අංශයෙන්ම පානීය ජලය, සියලුම විදියට වාරි මාර්ග කටයුතුවලට ජලය කළමනාකරණය කරන්න සිදුවෙයි. විශේෂයෙන් ඉදිරියේ දී ඒ ගැන අවදානය යොමු කරන්න වේවි.”

The post කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MAtQPf6

Labels:

පළාත් 3කට හා දිස්ත්‍රික්ක 5කට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (09) පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක මෙම වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත. මීට අමතරව මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

The post පළාත් 3කට හා දිස්ත්‍රික්ක 5කට ගිගුරුම් සහිත වැසි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/FlphcNB

Labels:

පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි තහනම්! පොලිස්පතිගෙන් උපදෙස් මාලාවක්!

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී බාහිර පාර්ශවයන්ගෙන් තුටුපඬුරු ලබා ගැනීම සහ ව්‍යාපාරික දායකත්වයෙන් සාද පැවැත්වීම තහනම් කරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සුබ පැතීම සඳහා හැම්පර්ස් (Hampers) හෝ තෑගි වවුචර් පිරිනැමීම මෙන්ම එවැනි දෑ භාරගැනීම ද මෙම නියෝගය මගින් මුළුමනින්ම තහනම් කර ඇත. ඇතැම් පොලිස් ස්ථාන ව්‍යාපාරික ප්‍රජාවගේ මුදල් දායකත්වයෙන් අවුරුදු සාද සංවිධානය කරන බවට ලැබුණු තොරතුරු මත මෙම පියවර ගෙන තිබේ. කිසිදු පොලිස් නිලධාරියෙකුගෙන් අවුරුදු උත්සව සඳහා මුදල් එකතු නොකළ යුතු බව ද එහි අවධාරණය කර ඇත.

පොලිස් ස්ථානවල සිදුකෙරෙන අලුත් අවුරුදු සංග්‍රහ කටයුතු වෙනුවෙන් එක් නිලධාරියෙකු සඳහා රුපියල් 250 බැගින් වූ මුදලක් ‘පොලිස් ත්‍යාග අරමුදලෙන්’ ලබා දීමට පොලිස්පතිවරයා අනුමැතිය ලබා දී තිබේ. මෙම නියෝග උල්ලංඝනය කරන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධීක්ෂණ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මේ අතර, සේවා අවශ්‍යතා සහ පවතින පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් පොලිස් ස්ථානාධිපතිවරුන් 17 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත මෙම මාරුවීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

The post පොලිස් නිලධාරීන්ට අවුරුදු තෑගි තහනම්! පොලිස්පතිගෙන් උපදෙස් මාලාවක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/P2aYuyq

Labels:

Wednesday, April 8, 2026

IOC ඉන්ධන මිලෙහිත් සංශෝධනයක්

අද(8) බලපැවැත්වෙන පරිදි ලංකා IOC සමාගම ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, XtraMile ඩීසල් ලීටරයක මිල රු 551 සිට රු 590 දක්වා ද , ලංකා සූපර් ඩීසල් ලීටරයක් රු 572 සිට රු 600 දක්වා ද, Xtra Green ඩීසල් ලීටරයක් රු 588ක සිට රු 620 දක්වා ද ඉහළ දමා තිබේ. 

The post IOC ඉන්ධන මිලෙහිත් සංශෝධනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Hj8B7Iz

Labels:

ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි

ඉරානය සමඟ පවතින සන්නද්ධ ගැටුම් තාවකාලිකව නැවැත්වීම සඳහා සති දෙකක කාලසීමාවකට බලපැවැත්වෙන “දෙපාර්ශ්වික සටන් විරාමයක්” (Double-sided Ceasefire) ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

සිය TruthSocial ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ඉරානය විසින් ප්‍රධාන කොන්දේසියක් සපුරාලිය යුතු බවයි.

ඒ අනුව, දැනට වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව නාවික ගමනාගමනය සඳහා විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතුය.

මෙය දෙපාර්ශවයටම බලපාන “දෙපාර්ශවික සටන් විරාමයක්” (Double sided ceasefire) ලෙස හඳුන්වා දී ඇත.

මෙහිදී අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙලීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කර තිබේ.

The post ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GqEJ4Qp

Labels:

Tuesday, April 7, 2026

ATM සේවා ලබාදීම බැංකුවලට ලොකු කරදරයක්ලු! මහබැංකු අධිපතිගේ අමුතු කතාව!

මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඊයේ (06) උදෑසන ආරම්භ කෙරුණු “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බැංකු හා මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

නව QR ක්‍රමවේදය ජනතාවට වඩාත් පහසු සහ ආකර්ෂණීය අත්දැකීමක් බවට පත් කිරීමේ වගකීම බැංකු පද්ධතිය සතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතුවන බාධා කඩිනමින් ඉවත් කර ගනිමින්, සමාජය තුළ එය වේගයෙන් ප්‍රචලිත කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කළේය.

මෙහිදී අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ, ATM යන්ත්‍ර මගින් මුදල් නිකුත් කිරීමේදී බැංකු පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි. ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය හරහා එම පිරිවැය සැලකිය යුතු ලෙස අවම කරගත හැකි බවත්, මෙය මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ආරක්ෂිත ක්‍රමවේදයක් වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ලංකා බැංකුවේ වැඩබලන ප්‍රධාන කළමනාකරු සහ ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක මහතා සඳහන් කළේ, ඩිජිටල් ගනුදෙනු සඳහා ජනතාව දිරිගැන්වීමේ වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි. රජය ආරම්භ කළ මෙම වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ උපරිම සහාය ලබා දෙමින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමට දායක වන බව ඔහු වැඩිදුරටත් සහතික කළේය.

The post ATM සේවා ලබාදීම බැංකුවලට ලොකු කරදරයක්ලු! මහබැංකු අධිපතිගේ අමුතු කතාව! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4PSBvpA

Labels:

සයිනොපෙක් ඉන්ධන මිලෙහි සංශෝධනයක්

සයිනොපෙක් සුපර් ඩීසල් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 28කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව ලීටරයක නව මිල රුපියල් 600.00ක් වේ.

මීට පෙර මෙම මිල පැවතුණේ රුපියල් 572.00ක් ලෙසයි.

The post සයිනොපෙක් ඉන්ධන මිලෙහි සංශෝධනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CmFhXie

Labels:

Monday, April 6, 2026

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ස්ථානමාරුවීම් සහ පත්වීම් ක්‍රියාවලියේ ගැටලු මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ලබන බ්‍රහස්පතින්දා (09) සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවීම පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි.

දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කර තිබුණි.

ඒ අනුව අද විදෙස්ගත වන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා යළි දිවයිනට පැමිණීමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ද සඳහන්.

The post GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RAnwXQl

Labels:

Sunday, April 5, 2026

මේ දිනවල ජංගම දුරකථන භාවිතයේදී ප්‍රවේශම්වන්න

උත්සව සමයේදී ජංගම දුරකථන හරහා සිදුවන සයිබර් වංචා ඉහළ යාමක් දක්නට ලැබෙන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ඒ අනුව, එළැඹෙන සිංහල සහ දෙමළ අලු‍ත් අවුරුද්දත් සමග වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලබාදෙන බව දැක්වෙන ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ ලින්ක්, අන්තර්ජාලය හරහා සංසරණය වීමේ අවදානමක් ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල කියා සිටියේ.

The post මේ දිනවල ජංගම දුරකථන භාවිතයේදී ප්‍රවේශම්වන්න appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YQ02suT

Labels:

Saturday, April 4, 2026

අසත්‍ය පුවතක් පිළිබඳව කර්මාන්ත අමාත්‍යංශයෙන් නිවේදනයක්

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ආයතනය විසින් ප්‍රචාරය කරන ලද පුවතක් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ අපහාසාත්මක බව පවසමින්, එය වහාම නිවැරදි කරන ලෙස අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිල වශයෙන් දැනුම් දී තිබේ.

එම ලිපිය පහතින්.

‘ඔබ ආයතනය මගින් ප්‍රචාරය කරන ලද අසත්‍ය සහ අපහාසාත්මක පුවත සම්බන්ධව…

ඔබ ආයතනයට අයත් පුවත් විකාශයන්, වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ වන විට සංසරණය වන “හඳුන්නෙත්තිගේ සම්බන්ධීකරණ ලේකම් පන්නා දැමූ හැටි – සමූහයට ආ සභාපතිටත් හූ සංග්‍රහයක්” යන පුවත සහ ඊට අදාළ වීඩියෝ දර්ශනය අසත්‍යබව දන්වා සිටිමු.

අදාළ වීඩියෝ දර්ශනවල පෙනීසිටින හෝ මහජන විරෝධයට ලක්වන කිසිදු පුද්ගලයෙකු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස කටයුතු කරනු ලබන එම්.ආර්.එම්.ඩබ්ලිව්. ඩයස් (M R M W Dias) මහතා හෝ රසිඳු යසෝද් මරගල (Rasidu Yasod Maragala) මහතා යන දෙදෙනාගෙන් කිසිවකු නොවන අතර ඔවුන් අදාළ සිදුවීමට කිසිදු අයුරකින් සම්බන්ධ වී නොමැත. මූලික තොරතුරු පවා විමසීමකින් තොරව මෙවැනි අසත්‍ය පුවතක් ප්‍රචාරය කිරීම වගකීම් විරහිත මාධ්‍ය භාවිතයකි.

එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ අසත්‍ය පුවත ඔබගේ සියලුම මාධ්‍ය ජාලාවලින් ඉවත් කරන ලෙසත්, ඒ වෙනුවට නිවැරදි පුවත පළ කරන ලෙසත් අප දන්වා සිටිමු.’

The post අසත්‍ය පුවතක් පිළිබඳව කර්මාන්ත අමාත්‍යංශයෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hUPmYDT

Labels:

Friday, April 3, 2026

ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි

නාසා ආයතනයේ ‘ARTEMIS – II’ මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරියන් (Orion) අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂයෙන් මිදී මේ වන විට සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර තිබේ.

පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් සාර්ථකව ගමන් කිරීමෙන් අනතුරුව යානය මෙම තීරණාත්මක ගමන් මගට අවතීර්ණ වූ බව නාසා ආයතනය අද (03) පෙරවරුවේ නිවේදනය කළේය.

මෙම මෙහෙයුම් සැලසුමට අනුව ඔරියන් යානයට දින හතරක කාලයකින් සඳට ළඟා වීමට අවස්ථාව හිමි වේ.

සියල්ල සැලසුම් කළ පරිදි සිදුවුවහොත්, ලබන අප්‍රේල් 6 වනදා වන විට මිනිස් ඇසට කිසිදා සජීවීව දර්ශනය නොවන සඳෙහි අනෙක් පස (Far side of the Moon) වටා ගමන් කිරීමට මෙම ගඟනගාමීන්ට අවස්ථාව උදාවනු ඇත.

මෙය 1972 වසරෙන් පසුව, එනම් වසර 50කට වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මනුෂ්‍ය මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වේ.

දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ ඉදිරි වසරවලදී සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමේ (Moon Landing) අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය පදනම සහ තාක්ෂණික පරීක්ෂණ සිදු කිරීමයි.

The post ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/biaHAmz

Labels:

Thursday, April 2, 2026

ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟින් බොරතෙල් මිල වේගයෙන් ඉහළට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ‍.

ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින බාධාවන් නුදුරේදීම පහව යනු ඇතැයි යන බලාපොරොත්තුව ට්‍රම්ප්ගේ මෙම කතාවෙන් ගිලිහී යාම ඊට හේතුවී ඇත.

ජනාධිපතිවරයාගේ කතාව ආරම්භ වීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100ක මට්ටමේ පැවතුණි.

කතාව අතරතුර මිල උච්චාවචනය වූ අතර, අවසානයේදී එය 4% කින් පමණ ඉහළ ගොස් මේ වන විට බැරලයක් ඩොලර් 105.38ක් දක්වා ඉහළ ගොස් තිබේ.

The post ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟින් බොරතෙල් මිල වේගයෙන් ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EW3zrfN

Labels:

ඇනෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතයි! යුද්ධය ගැන විශේෂ ප්‍රකාශ කිහිපයක්!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු “සම්පූර්ණ වීමට ආසන්න” බව ප්‍රකාශ කරමින්, ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට සපථ කර තිබේ.

වොෂින්ටනයේ සිට අද (02) ජාතිය අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවය.

මෙම දැවැන්ත ප්‍රහාරයන් හරහා ඉරානය නැවතත් “ශිලා යුගය” දක්වා ආපස්සට ඇද දමන බවට ඔහු අනතුරු ඇඟවීය.

අමෙරිකාව සැලසුම් කළ හමුදා අරමුණු බොහොමයක් මේ වන විටත් සාර්ථක වී ඇති බවත්, එම කාර්යය නිම කිරීමට තව ඇත්තේ ඉතා සුළු කාලයක් බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපති ට්‍රම්ප් ජාතිය අමතමින් මේ බව පැවසුවේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට දරන උත්සාහයන් සහ කලාපීය නොසන්සුන්තාවයන් මධ්‍යයේය.

ඉරානය සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම්, එරට යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට ට්‍රම්ප් මෙහිදී දැඩිව ප්‍රකාශ කළේය.

The post ඇනෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතයි! යුද්ධය ගැන විශේෂ ප්‍රකාශ කිහිපයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Bdp2qwj

Labels:

Wednesday, April 1, 2026

රුසියානු ගුවන් යානයක් කඩා වැටෙයි! 29කට දිවි අහිමි වෙයි!

රිමියානු අර්ධද්වීපයට ඉහළින් වූ ප්‍රදේශයේදී රුසියානු හමුදාවට අයත් An-26 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (31) මොස්කව් වේලාවෙන් පස්වරු 6.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ. යානයේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් මෙම අනතුරට සෘජුවම හේතු වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මියගිය පිරිස අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හයදෙනෙකු ද  සිටී. 

The post රුසියානු ගුවන් යානයක් කඩා වැටෙයි! 29කට දිවි අහිමි වෙයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZIB61iv

Labels:

අදට යෙදෙන බක් පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනක යි.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයට පත් කිරීම සඳහා බුදු රජාණන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකුගේ රුව දැකීම සිදුව ඇත්තේද බක් පුර පසළොස්වක පොහෝ දිනකයි.

බක් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් සිදු කෙරෙනවා.

The post අදට යෙදෙන බක් පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/aP4B8ix

Labels: