අදට යෙදෙන බක් පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම
ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනක යි.
චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයට පත් කිරීම සඳහා බුදු රජාණන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.
එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකුගේ රුව දැකීම සිදුව ඇත්තේද බක් පුර පසළොස්වක පොහෝ දිනකයි.
බක් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අද උදෑසන සිටම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් රැසක් සිදු කෙරෙනවා.
The post අදට යෙදෙන බක් පුර පසළොස්වක පොහොයෙහි වැදගත්කම appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/aP4B8ix
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home