වාහන ආනයනය සීමා කරනවාද? මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ අරමුණින් වාහන ආනයනය සීමා කිරීමට හෝ කප්පාදු කිරීමට රජයේ කිසිදු ක්ෂණික සැලසුමක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා (25) ප්‍රකාශ කළේය.
මහ බැංකු පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අධිපතිවරයා පෙන්වා දුන්නේ රටේ විදේශීය මූල්‍ය තත්ත්වය මේ වන විට ඉතා ස්ථාවර මට්ටමක පවතින බවයි. විශේෂයෙන්ම මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7ක සීමාව ඉක්මවා ගොස් ඇති බව ඔහු මෙහිදී අනාවරණය කළේය.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද, විදේශ ප්‍රේෂණ ගලා ඒමේ අඩුවීමක් පිළිබඳව මෙතෙක් කිසිදු සලකුණක් දක්නට නොමැති බව අධිපතිවරයා පැවසීය. “වර්තමානයේ මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයින් මහා පරිමාණයෙන් සේවයෙන් ඉවත් කිරීමක් හෝ මෙරටට එවනු ලබන මුදල්වල අඩුවීමක් අප දකින්නේ නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෑතකදී සංචාරකයින්ගේ පැමිණීමේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, එය වත්මන් මූල්‍ය තත්ත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන කනස්සල්ලට කරුණක් නොවන බව මහ බැංකු අධිපතිවරයාගේ ස්ථාවරයයි. මෙම හිතකර මූල්‍ය පසුබිම තුළ, දැනට රට තුළට ගෙන්වනු ලබන වාහන හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කිරීමේ ක්ෂණික අවශ්‍යතාවක් මතු නොවන බව ඔහු අවධාරණය කළේය.
The post වාහන ආනයනය සීමා කරනවාද? මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/t09naiL
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home