https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: “බියගුල්ලනි අපි මෙය මතක තියා ගන්නවා” – ට්‍රම්ප්ගෙන් නෙටෝ රටවලට දැඩි ප්‍රතිචාරයක්

Saturday, March 21, 2026

“බියගුල්ලනි අපි මෙය මතක තියා ගන්නවා” – ට්‍රම්ප්ගෙන් නෙටෝ රටවලට දැඩි ප්‍රතිචාරයක්

ඉරාන යුද්ධයට එක්වීමට හෝ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව වෙනුවෙන් හමුදා යෙදවීමට අපොහොසත් වීම හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ (NATO) සංවිධානයේ සෙසු සාමාජික රටවලට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ඇමෙරිකා එක්සත් ජනපදය නොමැතිව නේටෝ සංවිධානයට කිසිදු බලයක් නොමැති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “දැන් එම සටන යුදමය වශයෙන් ජයග්‍රහණය කර තිබෙනවා. ඔවුන්ට ඉතා සුළු අවදානමක් පවතින මොහොතක, ඔවුන්ට ගෙවීමට සිදුවී ඇති අධික තෙල් මිල ගැන ඔවුන් මැසිවිලි නගනවා. නමුත් අධික තෙල් මිලට එකම හේතුව වූ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට උදව් වෙන්න ඔවුන්ට අවශ්‍ය නැහැ. එය ඉතා සරල යුදමය මෙහෙයුමක්.. ඔවුන්ට එය කිරීම ඉතා පහසුයි, අවදානමකුත් නැහැ. බියගුල්ලනි, අපි මෙය මතක තබා ගන්නවා” ලෙසය.

The post “බියගුල්ලනි අපි මෙය මතක තියා ගන්නවා” – ට්‍රම්ප්ගෙන් නෙටෝ රටවලට දැඩි ප්‍රතිචාරයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/uQcWzYy

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home