https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: බොරතෙල් මිල තවදුරටත් ඉහළට

Tuesday, March 17, 2026

බොරතෙල් මිල තවදුරටත් ඉහළට

ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුවේ බොරතෙල් මිල සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර වෙළෙඳපොළ දත්ත වාර්තා කරයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල (Brent Crude) 2.8%කින් ඉහළ ගොස් ඇති අතර, එහි බැරලයක මිල ඩොලර් 103.08ක් ලෙස සටහන් විය. මීට අමතරව අමෙරිකානු බොරතෙල් මිල ද (WTI) 3%කින් පමණ ඉහළ ගොස් බැරලයක් ඩොලර් 96.25ක් ලෙස වාර්තා වී තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කළ බවට වාර්තා වීමත් සමඟ ඊයේ (16) දිනයේ බොරතෙල් මිල සුළු වශයෙන් පහත වැටුණ ද, අද වන විට එය යළි ඉහළ යාම විශේෂත්වයකි.

බලශක්ති අවශ්‍යතා සඳහා ප්‍රධාන වශයෙන් ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු රටවල කොටස් වෙළෙඳපොළ දර්ශක අද (17) දිනයේ සුළු වශයෙන් ඉහළ අගයකින් ආරම්භ වී තිබේ.

The post බොරතෙල් මිල තවදුරටත් ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/g3x04Lv

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home