https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: රටේ අනාගතය ගැන හිටපු ජනපති මහින්දගෙන් කියයි

Friday, March 13, 2026

රටේ අනාගතය ගැන හිටපු ජනපති මහින්දගෙන් කියයි

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තිස්සමහාරාම, අකුරුගොඩ සිරි මංගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වීමෙන් අනතුරුව, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින කතාබහ පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය. ඔහු අවධාරණය කළේ රජය විසින් කළ යුත්තේ සුරේෂ් සලේ මහතා රට වෙනුවෙන් ඉටුකළ සේවය ඇගයීමට ලක් කිරීම මිස, ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නොවන බවයි.

තම පාලන කාලය තුළ රජය කටයුතු කළ ආකාරය සිහිපත් කළ රාජපක්ෂ මහතා, සම්බුද්ධ ශාසනය සැමවිටම ප්‍රමුඛස්ථානයේ තබා රාජ්‍ය පාලනය මෙහෙයවූ බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

The post රටේ අනාගතය ගැන හිටපු ජනපති මහින්දගෙන් කියයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zuBXN3t

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home