https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: දසුන් ,පැතුම් ,චමීර සහ දුනිත්ට ක්‍රිකට් ආයතනයෙන් අවසර ලැබෙයි

Friday, March 20, 2026

දසුන් ,පැතුම් ,චමීර සහ දුනිත්ට ක්‍රිකට් ආයතනයෙන් අවසර ලැබෙයි

න්දීය ප්‍රිමියර් ලීග් (IPL) සහ පාකිස්ථාන සුපර් ලීග් (PSL) තරගාවලි සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් සිව්දෙනෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල අවසරය (NOC) ලබා දී තිබේ.

මෙවර IPL තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් (Delhi Capitals) කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට අවසර හිමිව ඇත.

තරගාවලියට පෙර ඔවුන් දෙදෙනාම සිය ශාරීරික යෝග්‍යතාවය (Fitness) ඉහළ මට්ටමක පවත්වාගෙන යාම හේතුවෙන් ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර පාකිස්ථාන සුපර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමට හිටපු නායක දසුන් ශානක සහ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට අවසර හිමිව තිබේ. ඔවුන් දෙදෙනාම මෙවර තරගාවලියේදී ලාහෝර් ක්ලැන්ඩර්ස් (Lahore Qalandars) කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

The post දසුන් ,පැතුම් ,චමීර සහ දුනිත්ට ක්‍රිකට් ආයතනයෙන් අවසර ලැබෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jtN4bCu

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home