https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ඊශ්‍රායලයේ සේවය කර දැනට නිවාඩු ලබා සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

Wednesday, March 18, 2026

ඊශ්‍රායලයේ සේවය කර දැනට නිවාඩු ලබා සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්

නිවාඩු ලබා ගැනීම හෝ වෙනත් කටයුතු සඳහා ඊශ්‍රායලයෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ නැවත ඇතුළුවීමේ වීසා (Re-entry Visa) වලංගු කාලසීමාව 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

නාපතිවරයා පෙන්වා දෙන්නේ 2026 පෙබරවාරි 28 සිට අප්‍රේල් 21 අතර කාලය තුළ කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට නියමිත වීසා බලපත්‍ර මේ අනුව ස්වයංක්‍රීයවම අප්‍රේල් 30 දක්වා වලංගු වන බවයි. මේ සඳහා ශ්‍රමිකයින් විසින් වෙනම අයදුම් කිරීමක් අවශ්‍ය නොවන අතර, යාවත්කාලීන කරන ලද වලංගුභාවය ඊශ්‍රායලයේ ජනගහන හා ආගමන අධිකාරියේ පද්ධතිය තුළ සටහන් වනු ඇත. එම කාලසීමාව තුළ දේශසීමා හරහා නැවත ඊශ්‍රායලයට ඇතුළුවීමට බාධාවක් නොමැති බව ද තානාපතිවරයා තහවුරු කරයි.

මේ අතර, ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලය වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමේ දැඩි අවදානමක් පවතින බවට තානාපතිවරයා අනතුරු ඇඟවීමක් ද සිදු කළේය. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශවල පිහිටි හමුදාමය සහ ආර්ථික මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල විය හැකි බවට එරට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව, එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත්, සයිරන් හඬ නාද වන අවස්ථාවලදී ආසන්නතම ආරක්ෂිත ස්ථාන වෙත යාමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී.

ආරක්ෂිත ස්ථාන නොමැති අවස්ථාවලදී, ශක්තිමත් බිත්ති ඇති ස්ථානයක ආවරණය ලබා ගැනීමත්, විදුරු දොරවල් හා ජනෙල්වලින් දුරස්ව සිටීමත් අත්‍යවශ්‍ය බවද වැඩිදුරටත් උපදෙස් දී ඇත.

The post ඊශ්‍රායලයේ සේවය කර දැනට නිවාඩු ලබා සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VDjWEte

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home