https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: රජයේ ආයතන සියල්ල සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

Tuesday, March 24, 2026

රජයේ ආයතන සියල්ල සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී මතුවිය හැකි බාධා සැලකිල්ලට ගනිමින්, පවතින සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ඊයේ (23) නිකුත් කරන ලදී.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති මෙම උපදෙස් පත්‍රිකාවට අනුව, නිලධාරීන් රාජකාරි සඳහා පැමිණීමේදී තනි වාහන භාවිතය සීමා කළ යුතු අතර පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන සේවා (Staff Motors) භාවිතයට ප්‍රමුඛතාව ලබා දිය යුතුය. එසේම, තාක්ෂණික පහසුකම් පවතින්නේ නම් කාර්යාලයට නොකැඳවා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ සේවය ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද දන්වා ඇත.

මේ අතර, කොළඹ පැවති උත්සවයකදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, දෛනිකව විදුලි ඉල්ලුම උපරිම වන පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. ජාතික බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් මහජනයාට ආදර්ශයක් වෙමින් කටයුතු කළ යුතු බව ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත.

තනි තනි වාහන වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද.

රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම.

සියලු ලිපිලේඛන E-mail හෝ Whattsapp කිරීම.

හැකි සෑමවිටම Sky lights භාවිත කිරීම.

වායු සමීකරණ වෙනුවට විදුලි පංකා භාවිතය.

උදෑසන කාලයේ ජනෙල් විවෘත කිරීම සහ පැය 1ක් හෝ 2ක් වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කිරීම හා වායු සමීකරණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 හෝ ඊට වැඩි අගයක් පවත්වා ගැනීම අනිවාර්යය වේ.

අධි ආරක්ෂක හා ආරක්ෂිත කලාප මාර්ගවල හැර සියලුම මාර්ගවල විදුලි පහන් නිවාදැමීම.

විදුලි සෝපානය වෙනුවට හැකිතාක් පියගැටපෙළ භාවිත කිරීම.

තාක්ෂණික පහසුකම් පවතී නම් කාර්ය මණ්ඩල කාර්යාලයට නොකැඳවා ඔන්ලයින් සේවය ලබාගැනීම.
නියමිත රාජකාරි වෙලාවෙන් පසුව හා සතිඅන්තයේ කාර්යාල වසා තැබීම.

The post රජයේ ආයතන සියල්ල සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/XfwZ0VE

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home