සමාජ මාධ්‍ය කැලඹූ හැටන් පාසලේ චණ්ඩි පොලිස් අත්අඩංගුවට
හැටන් ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පන්ති කාමරයක් තුළදී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු සහ ආදි සිසුවෙකු හැටන් මූලස්ථාන පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
මීට සති තුනකට පමණ පෙර 10 වන ශ්‍රේණියේ සිසුන් දෙපිරිසක් අතර ආරවුලක් ඇති වී ඇත.
එම අවස්ථාවේදී පාසල් මට්ටමින් සිද්ධිය සමතයකට පත් කර තිබුණ ද, පහරදීම සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ සිද්ධිය යළි කරළියට පැමිණියේය.
පහරකෑමට ලක්වූ සිසුවාගේ මව විසින් ඊයේ (28) හැටන් පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ විය.
එහිදී අදාළ පහරදීමට සම්බන්ධ වූ බව කියන පාසල් සිසුන් දෙදෙනා සහ ඊට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන ආදි සිසුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පහරකෑමට ලක් වූ සිසුවා මේ වන විට ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් සහ ආදි සිසුවා අද (29) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අධිකරණ ක්‍රියාමාර්ගවලින් අනතුරුව සැකකාර සිසුන් ඔවුන්ගේ දෙමාපියන් වෙත භාර දීමට කටයුතු කරන බව හැටන් මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
The post සමාජ මාධ්‍ය කැලඹූ හැටන් පාසලේ චණ්ඩි පොලිස් අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/WvLShXx
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home