https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මාලනී ෆොන්සේකාව විකුණන් කන්න එපා – ලකී ඩයස්

Sunday, April 12, 2026

මාලනී ෆොන්සේකාව විකුණන් කන්න එපා – ලකී ඩයස්

මෙරට සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ අසමසම ගෞරවයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රතිරූපය ඇතැම් අරමුණු වෙනුවෙන් භාවිත කරමින් ඇයට සිදුවීමට යන විනාශය වළක්වා ගන්නා ලෙස ප්‍රවීණ රංගන ශිල්පී ලකී ඩයස් මහතා ක්ෂේත්‍රයේ පිරිසගෙන් සහ ඇයගේ පවුලේ හිතවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුම මගින් සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය ජාල තුළ තමන් සක්‍රීය නොවන තමන්, මෙවැනි ප්‍රකාශයක් සිදු කරන්නේ මෙරට වටිනාම රංග ශිල්පිනියකගේ ප්‍රතිරූපය “ගොබ්බ බයිස්කෝප් කාරයින්” විසින් විනාශ කිරීමට යන බවට පෙනෙන මානයේ ඇති නිසා බවයි.

ඔහු සිය ෆේස්බුක් සටහන මගින් පෙන්වාදෙන්නේ ඇතැම් පිරිස් බොරු ආදරයක් ප්‍රදර්ශනය කරමින් සිය පටු අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන බවයි.

මෙවැනි ක්‍රියාවන් නිසා දැනටමත් මෙරට සිටි වටිනාම කලාකරුවන් දෙතුන් දෙනෙකුගේ ජීවිත සහ ප්‍රතිරූප විනාශ වී ඇති බවද ඔහු පවසනවා.

අදාළ රංග ශිල්පිනියගේ ජීවිත කතාව අලෙවි කරමින් නිර්මාණය කිරීමට යන චිත්‍රපට හෝ වෙනත් නිර්මාණ පිළිබඳව සිය දැඩි විරෝධය පළ කරමින් ලකී ඩයස් මහතා වැඩිදුරටත් මෙලෙස සඳහන් කළා.

“තව අවුරුදු දෙසීයක් වුණත් ඇයව ජීවත් කරවීමට ඇය රඟපෑ සිය ගණනක් වූ නිර්මාණ හොඳටම ඇති. ඇයට ජීවිත කතා අනවශ්‍යයි. Biopic අනවශ්‍යයි. ආත්මාර්ථකාමී, බොරු ආදර හැඟීම් පෙන්නන, ගොබ්බ බයිස්කෝප් කාරයින්ටයි මේ ආයාචනය.”

ඇයගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට නම් වහාම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් මැදිහත් විය යුතු බවත්, ඇය සතු ඒ අතිවිශාල ප්‍රතිරූපය විනාශ වන්නට ඉඩ නොදෙන ලෙසත් ඔහු අවධාරණය කළා.

The post මාලනී ෆොන්සේකාව විකුණන් කන්න එපා – ලකී ඩයස් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WfBv8Fi

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home