https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි

Wednesday, April 8, 2026

ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි

ඉරානය සමඟ පවතින සන්නද්ධ ගැටුම් තාවකාලිකව නැවැත්වීම සඳහා සති දෙකක කාලසීමාවකට බලපැවැත්වෙන “දෙපාර්ශ්වික සටන් විරාමයක්” (Double-sided Ceasefire) ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.

සිය TruthSocial ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ඉරානය විසින් ප්‍රධාන කොන්දේසියක් සපුරාලිය යුතු බවයි.

ඒ අනුව, දැනට වසා දමා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව නාවික ගමනාගමනය සඳහා විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතුය.

මෙය දෙපාර්ශවයටම බලපාන “දෙපාර්ශවික සටන් විරාමයක්” (Double sided ceasefire) ලෙස හඳුන්වා දී ඇත.

මෙහිදී අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙලීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කර තිබේ.

The post ට්‍රම්ප් විසින් සති දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GqEJ4Qp

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home