https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Monday, April 6, 2026

GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ස්ථානමාරුවීම් සහ පත්වීම් ක්‍රියාවලියේ ගැටලු මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ලබන බ්‍රහස්පතින්දා (09) සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවීම පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි.

දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කර තිබුණි.

ඒ අනුව අද විදෙස්ගත වන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා යළි දිවයිනට පැමිණීමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ද සඳහන්.

The post GMOA වර්ජනය තාවකාලිකව අත්හිටුවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RAnwXQl

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home