ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟින් බොරතෙල් මිල වේගයෙන් ඉහළට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ.
ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින බාධාවන් නුදුරේදීම පහව යනු ඇතැයි යන බලාපොරොත්තුව ට්‍රම්ප්ගේ මෙම කතාවෙන් ගිලිහී යාම ඊට හේතුවී ඇත.
ජනාධිපතිවරයාගේ කතාව ආරම්භ වීමට පෙර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100ක මට්ටමේ පැවතුණි.
කතාව අතරතුර මිල උච්චාවචනය වූ අතර, අවසානයේදී එය 4% කින් පමණ ඉහළ ගොස් මේ වන විට බැරලයක් ඩොලර් 105.38ක් දක්වා ඉහළ ගොස් තිබේ.
The post ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟින් බොරතෙල් මිල වේගයෙන් ඉහළට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/EW3zrfN
Labels: TODAY NEWS LK

0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home