https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි

Friday, April 3, 2026

ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි

නාසා ආයතනයේ ‘ARTEMIS – II’ මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් ඔරියන් (Orion) අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂයෙන් මිදී මේ වන විට සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර තිබේ.

පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි කාලයක් සාර්ථකව ගමන් කිරීමෙන් අනතුරුව යානය මෙම තීරණාත්මක ගමන් මගට අවතීර්ණ වූ බව නාසා ආයතනය අද (03) පෙරවරුවේ නිවේදනය කළේය.

මෙම මෙහෙයුම් සැලසුමට අනුව ඔරියන් යානයට දින හතරක කාලයකින් සඳට ළඟා වීමට අවස්ථාව හිමි වේ.

සියල්ල සැලසුම් කළ පරිදි සිදුවුවහොත්, ලබන අප්‍රේල් 6 වනදා වන විට මිනිස් ඇසට කිසිදා සජීවීව දර්ශනය නොවන සඳෙහි අනෙක් පස (Far side of the Moon) වටා ගමන් කිරීමට මෙම ගඟනගාමීන්ට අවස්ථාව උදාවනු ඇත.

මෙය 1972 වසරෙන් පසුව, එනම් වසර 50කට වැඩි කාලයකට පසු සඳේ කක්ෂය වෙත සිදුකරන ප්‍රථම මනුෂ්‍ය මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වේ.

දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ ඉදිරි වසරවලදී සඳ මත මිනිසෙකු ගොඩබැස්වීමේ (Moon Landing) අනාගත මෙහෙයුම් සඳහා අවශ්‍ය පදනම සහ තාක්ෂණික පරීක්ෂණ සිදු කිරීමයි.

The post ඔරියන් යානය පෘථිවි කක්ෂය පසුකර සඳට තවත් ළංවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/biaHAmz

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home