https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක්

Thursday, April 9, 2026

ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක්

ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව මෙරට ඉන්ධන සහ විදුලි බිල ගැලපීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

වර්තමානයේ පවතින ගෝලීය තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල 20-35%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

මෙවැනි අසීමිත මිල ඉහළ යාමක් හමුවේ පැවති පැරණි ක්‍රමවේදය අනුව තවදුරටත් මිල ගැලපීම් සිදු කිරීම අපහසු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේ නව මිල සූත්‍රය හෝ ක්‍රමවේදය සකස් කෙරෙන්නේ අඩු ආදායම් ලබන පුද්ගලයින්ට අවම බලපෑමක් වන අයුරිනි.

මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් ද දැනුවත් කිරීමට නියමිතව ඇත.

(source – lankadeepa)

The post ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/OD1SZKj

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home