https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

Thursday, April 9, 2026

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

නිරිත දිග මෝසම් කාලයේදී එල්-නිනෝ තත්ත්වයක් ඇතිවුවහොත් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වාම නියං කාලයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකදී අදහස් දක්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා පැවසුවේ මෙම තත්ත්වය හමුවේ පානීය ජලය මෙන්ම සියලු වාරි මාර්ග කටයුතුවල ජල කළමනාකරණය සිදුකළ යුතු බවය.

එමෙන් මෙම පවතින උණුසුම් තත්ත්වය මෙම මස පුරාවටමත් බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

“අපි බලාපොරොත්තු වෙනවා මේ පවතින උණුසුම් තත්ත්වය මේ මාසය පුරාවටමත් අඩු වැඩි වෙවි ලබන මාසයේ සති 2ක් 3ක් පමණ පවතී කියලා. 20න් විතර පස්සේ නිරිත දිග මෝසම පටන් ගන්නවා.  නිරිත දිග මෝසම පටන් ගන්නකොට මේ උණුසුම ටිකක් අඩුවෙනවා. ඒත් දැනට මේ දැනෙන දැඩි අපහසුකාරි තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා මැයි මාසේ 3 වෙනි සතියෙන් විතර පස්සේ ගොඩාක් දුරට පහවෙලා යාවී. 

ඒත් එක්කම මේ නිරිත දිග මෝසමේදී එල්-නිනෝ තත්ත්වයක් ආවොත් ජූනි, ජූලි, අගොස්තු වැස්ස අඩු වෙනවා සැප්තැම්බර් දක්වාම. නියං කාලයක් ඒවී. ඒ නිසා හැම අංශයෙන්ම පානීය ජලය, සියලුම විදියට වාරි මාර්ග කටයුතුවලට ජලය කළමනාකරණය කරන්න සිදුවෙයි. විශේෂයෙන් ඉදිරියේ දී ඒ ගැන අවදානය යොමු කරන්න වේවි.”

The post කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/MAtQPf6

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home