https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: අද අව් වැසි තත්ත්වය

Wednesday, April 22, 2026

අද අව් වැසි තත්ත්වය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (22) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය මඟින් දැනුම් දී තිබේ.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මීට අමතරව මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

The post අද අව් වැසි තත්ත්වය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/br8WZDn

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home