https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: 1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Friday, April 17, 2026

1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

2026 වර්ෂයේ 1 ශ්‍රේණිය දෙවන සහ තුන්වන වාරවලට අදාළ ක්‍රියාකාරකම් ඇතුළත් පොත් බෙදා හැරීම මේ වන විට ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ ඒ අනුව අදාළ බෙදා හැරීම් එළැඹෙන 30 වැනිදා වන විට සියලුම පාසල් වෙත බෙදා හැර අවසන් කිරීමට නියමිත බවය.

1 ශ්‍රේණිය විෂයමාලා දැනුවත් කිරීම සහ ගුරු පුහුණුව, පළාත් ප්‍රාථමික විශය අධ්‍යක්ෂවරුන් ගුරු උපදේශකවරුන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන් සඳහා මේ වන විට ලබා දී ඇති අතර අවශ්‍ය  අමතර පුහුණු කිරීම් එළැඹෙන මැයි 16 දින වන විට අවසන් කිරීමට පළාත් අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේය.

තවද 1 ශ්‍රේණිය, I වන වාරය විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ  පාසල් පවතී නම් එළඹෙන II වන පාසල් වාරයේදී එම විෂය කොටස් සම්පූර්ණ කර ගැනීමට විදුහල්පතිවරුන් විසින් කටයුතු කරනු ඇති බවත් නාලක කලුවැව මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

The post 1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UxG8P5h

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home