https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!

Thursday, April 30, 2026

පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!

පක්ෂයේ මූලික ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරමින් පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉරාන් වික්‍රමරත්න මහතා වෙත අද (29) ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

ඉරාන් වික්‍රමරත්න මහතා මීට පෙර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය භාරගනිමින් මහලේකම්වරයා මෙම පිළිතුරු ලිපිය යොමු කර ඇත.

මෑතකාලීන ක්‍රීඩා පරිපාලන ගැටලු හමුවේ පක්ෂයේ ස්ථාවරය මෙම ලිපිය හරහා නැවතත් අවධාරණය කර තිබේ.

සියලුම ක්‍රීඩා සංගම් දේශපාලනයෙන් තොර විය යුතු බවත්, එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් විසින් නොදැරිය යුතු බවත් සමගි ජන බලවේගයේ ස්ථාවරය බව එම ලිපියේ දැක්වේ.

ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂයේ සාමාජිකයෙකුව සිටිමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ තනතුරු සම්බන්ධ කටයුතුවලට මැදිහත් වීම පක්ෂ ප්‍රතිපත්තියට පටහැනි බව එහි වැඩිදුරටත් සඳහන් වේ

The post පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bTmQdKc

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home