https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: June 2026

Tuesday, June 30, 2026

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ!

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය අද (30) දිනයෙන් අවසන් වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය අද (30) දිනෙන් අවසන් වීමට තිබුණ ද, ඔන්ලයින් පද්ධතියේ ඇති වූ අවහිරතාවයක් හේතුවෙන් නිලධාරීන්ට ජූලි මස 7 වන දින රාත්‍රී 12 දක්වා සතියක සහන කාලයක් ලබාදීමට අල්ලස් කොමිසම තීරණය කර ඇත.

එකවර විශාල පිරිසක් වෙබ් අඩවියට පිවිසීම නිසා මෙම තාක්ෂණික දෝෂය හටගෙන ඇති අතර, දීර්ඝ කළ සහන කාලය තුළ ද වත්කම් බැරකම් ඉදිරිපත් නොකරන පුද්ගලයන්ගෙන් දඩ මුදල් අයකර නීතිමය පියවර ගන්නා බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.

The post වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අදින් අවසන්! ඉදිරිපත් නොකළ රජයේ සේවකයින්ට හෙට සිට දඩ! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xaCTv8H

Labels:

Monday, June 29, 2026

ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය

අඛණ්ඩව T20 ලෝක ශූරයන් වූ ඉන්දීය කණ්ඩායම තරග 2-0කින් පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම සමඟ පැවති T20 තරගාවලිය ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

බෙල්ෆාස්ට්හි පැවති දෙවැනි T20 තරගයේදී ඉන්දියාව පරාජය කිරීමත් සමඟ ඉන්දීය කණ්ඩායමේ තරගාවලි 16ක අඛණ්ඩ ජයග්‍රාහී ගමන අවසන් කිරීමට අයර්ලන්තයට හැකි විය.

දෙවැනි තරගයේදී පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 154ක් රැස් කළ අතර, හැරී ටෙක්ටර් ලකුණු 53ක් ලබා ගනිමින් ඉනිමේ ප්‍රධාන දායකත්වය ලබා දුන්නේය.  බෙන් වයිට් ලකුණු 37ක් සහ රොස් ඇඩෙයාර් ලකුණු 16ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 153ක් පමණි.

ඉන්දියාව වෙනුවෙන් තිලක් වර්මා ලකුණු 55ක් රැස් කළ අතර, ශිවම් ඩුබේ ලකුණු 20ක් සහ හර්ෂිත් රානා ලකුණු 21ක් ලබා ගත්හ.

අයර්ලන්ත පන්දු යැවීමේදී නවක ක්‍රීඩක ජයි මූන්ද්‍රා විශිෂ්ට දස්කම් දක්වමින් කඩුලු 3ක් දවාගත් අතර, මැට් හොලර්ඩ්ද කඩුලු 3ක් ලබා ගත්තේය.

මෙම තරගාවලි ජයග්‍රහණය 2007 ලෝක කුසලානයේදී පාකිස්තාන කණ්ඩායම පරාජය කිරීම සහ 2011 ලෝක කුසලානයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 328ක් හඹා ගොස් ලැබූ ජයග්‍රහණය සමඟ සැසඳිය හැකි බව අයර්ලන්ත ක්‍රීඩක හැරී ටෙක්ටර් සඳහන් කළේය.

“අඛණ්ඩව දෙවරක් ලෝක ශූරයන් වූ කණ්ඩායමක් පරාජය කිරීම කණ්ඩායමක් ලෙස විශාල ජයග්‍රහණයක්” යැයි ටෙක්ටර් පැවසීය.

මෙම ජයග්‍රහණය තවත් විශේෂ වන්නේ අයර්ලන්තය ප්‍රධාන වේග පන්දු යවන්නන් කිහිප දෙනෙකු සහ නායක පෝල් ස්ටර්ලිං නොමැතිව තරග වැදුණු බැවිනි.

ඉන්දීය උපන් ජයි මූන්ද්‍රා සහ දකුණු අප්‍රිකානු උපන් මැට් හොලර්ඩ් සිය මුල්ම ජාත්‍යන්තර තරගවලදීම විශිෂ්ට දස්කම් දැක්වූහ. මූන්ද්‍රා තරග දෙකේදීම පළමු පන්දුවෙන්ම සංජු සැම්සන් දවා ගැනීම විශේෂත්වයකි.

“ජයි, මැට් සහ ලියම් විශිෂ්ට ලෙස පන්දු යැව්වා. ඔවුන් තේරීම් කමිටුවට තීරණ ගැනීම අපහසු කරන ආකාරයේ දස්කම් දැක්වූවා” යැයි ටෙක්ටර් වැඩිදුරටත් පැවසීය.

The post ලෝක ශූර ඉන්දියාව පරදා අයර්ලන්තය ලැබූ ඓතිහාසික තරගාවලි ජය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NKpDwWd

Labels:

Sunday, June 28, 2026

පොසොන් පොහොයට දන්සැල් 18,000ක්

පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා මේ වන විට දන්සැල් 18,000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 

එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ, ඊයේ (27) පස්වරුව වන විට දිවයින පුරා දන්සැල් 18129ක් ලියාපදිංචි වී ඇති බවය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව හෙට (29) සහ අනිද්දා (30) පවත්වනු ලබන දන්සැල් පරීක්ෂා කරන බව ඔහු අවධාරණය කළේය. 

පොසොන් කලාප ආශ්‍රයෙන් පවත්වාගෙන යනු ලබන වෙළඳසැල් සහ තාවකාලික වෙළඳසැල් පරීක්ෂාව එම සතිය පුරාවට සිදු කිරීමට නියමිතය. 

මෙවර අනුරාධපුර පූජා භූමිය ආශ්‍රිතව ඊයේ (27) දින වනවිට දන්සැල් 200කට අධික සංඛ්‍යාව ලියාපදිංචිවී ඇති බව චමිල් මුතුකුඩ මහතා කීය.

එම නගරය අවට ආහාර සෞඛ්‍ය සහ බෝ වන රෝග වැළැක්වීම පිළිබඳ විශේෂ ක්‍රියාවලියක් අනුරාධපුර නගර සභාවේ සෞඛ්‍ය අංශ මගින් කර ඇත.

අදාළ දන්සැල් පැවැත්වෙන සංවිධායකවරුන් සඳහා ඊට අදාළ උපදෙස් නගර සභාවේ සෞඛ්‍ය අංශය මගින් ලබාදී තිබේ.

ඔවුන් ඒ අනුව කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා අවධාරණය කළේ.

The post පොසොන් පොහොයට දන්සැල් 18,000ක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/qD1oZNJ

Labels:

Saturday, June 27, 2026

විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!

ජාතික විදුලිබල ජාලය සතු විදුලිය සුරක්ෂිතව ගබඩා කර තබා ගනිමින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ හා විශ්වාසනීය විදුලි සැපයුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) ව්‍යාපෘතිය යටතේ, තවත් නවීන පද්ධති 07ක් ඊයේ (25) සාර්ථකව කොළඹ වරායට ළඟා වූ බව ලංකා විදුලිබල මණ්ඩලය සහ බලශක්ති අංශ ආරංචි මාර්ග පවසයි.

මෙම අතිනවීන බැටරි පද්ධති, දිවයිනේ ප්‍රධාන සම්ප්‍රේෂණ උපපොළවල් (Grid Substations) 07ක් ආසන්නයේ කඩිනමින් ස්ථාපිත කිරීමට නියමිතය.

මෙම පද්ධති ස්ථාපිත කිරීම සඳහා තෝරාගෙන ඇති ප්‍රදේශ වන්නේ:

  1. පානදුර
  2. බෙලිඅත්ත
  3. හම්බන්තොට
  4. අම්පාර
  5. වව්නතිව්
  6. වාලච්චෙනෙයි
  7. මහියංගනය

ඊයේ (25) මෙරටට ළඟා වූ මෙම පද්ධති 07 මඟින් සමස්තයක් ලෙස 280MWh (මෙගාවොට් පැය) ක බලශක්ති ගබඩා ධාරිතාවක් (Storage Capacity) හිමි කරදෙන අතර, අවශ්‍යතාවය අනුව 70MW (මෙගාවොට්) ක සක්‍රීය විදුලි බලයක් ඍජුවම ජාතික විදුලිබල ජාලයට මුදාහැරීමේ හැකියාව පවතී.

මීට පෙර ජූනි මාසයේ මුල් සතියේදී මෙරටට රැගෙන ආ පළමු අදියරේ බැටරි පද්ධති 08 මේ වන විටත් අදාළ උපපොළවල් හි ස්ථාපිත කරමින් පවතී. එළැඹෙන ජූලි මාසය අවසන් වන විට එම පද්ධති 08 මඟින් තවත් 80MW ක විදුලි බලයක් ජාතික ජාලයට එක් කිරීමට නියමිතය

The post විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/zrXtwml

Labels:

දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 40කට තුවාල!

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

දියතලාව දුම්රිය පොළ ආසන්නයේදී බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව වාර්තා වෙයි.

පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බවය.

දියතලාව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු බදුල්ල රෝහලට මාරු කර යැවු බවය.

The post දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 40කට තුවාල! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CTzU0iw

Labels:

Friday, June 26, 2026

තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියගේ මරණයට ආධාර අනුබලදුන් පොලිස් ලොක්කෙක් අතඅඩංගුවට

තෙල්දෙනිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය භෞත චිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන්, කුණ්ඩසාලේ පොලිස් පුහුණු පාසලේ ස්ථානාධිපතිවරයා වළාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ඝා#නය සිදුකළ ප්‍රධාන සැකකරුට සහ ඔහුගේ බිරිඳට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර සිද්ධියට සෘජුවම සම්බන්ධ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනෙකු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබාදී ඇත

The post තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියගේ මරණයට ආධාර අනුබලදුන් පොලිස් ලොක්කෙක් අතඅඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/PMIRB1x

Labels:

Thursday, June 25, 2026

මින් ඉදිරියට අස්වැසුම දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මින් ඉදිරියට මූල්‍ය දීමනා ගෙවීම් සිදුකරනු ලබන්නේ දිවයිනේ අතිශය සුදුසුකම්ලත් දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි. 2023 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම සුබසාධක වැඩසටහනේ දෙවන අදියර මේ වසරේ (2026) සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ වන විට ඒ සඳහා වන තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරේ.

2023 වසරේ ආරම්භක අදියරේදී කාණ්ඩ 4ක් යටතේ මෙරට පවුල් ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසුම දීමනා හිමිවිය. කෙසේ වෙතත්, ක්‍රමවත් සමාලෝචනයකින් පසු එහි සිව්වන කාණ්ඩය වන “සංක්‍රාන්තික කාණ්ඩයේ” ප්‍රතිලාභීන් 315,000කට 2025 අප්‍රේල් මාසයේ සිට ගෙවීම් නතර කිරීමට පියවර ගැණුනි.

එමෙන්ම, එහි තෙවන කාණ්ඩය වන “අවදානමට ලක්වූ කාණ්ඩයට” අයත් ප්‍රතිලාභීන් 425,000කට ද මේ වසරේ (2026) ජුනි මාසයේ සිට අස්වැසුම දීමනාව ලබාදීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව වාර්තා වේ.

දීමනා අත්හිටුවන ලද මෙම කාණ්ඩ දෙක (සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ) තුළ සිටින පවුල් අතරින්, වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ සැබවින්ම දුප්පත් හෝ අන්ත දිළිදු තත්ත්වයට පත්ව සිටින පවුල් වෙතොත්, ඔවුන්ට නැවත වටයකින් අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා සඳහන් කළේය.

The post මින් ඉදිරියට අස්වැසුම දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xstf2AG

Labels:

විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායකවරයෙකු වන චරිත් අබේසිංහ අල්ලස් කොමිසමෙන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා ඝාතනය කිරීම නැවැත්වීමට සහ ඔහු රැඳවුම් භාරයෙන් නිදහස් කිරීම වෙනුවෙන් හරක් කටාගේ පාර්ශවයෙන් මුදල් ලබා ගැනීමේ චෝදනාව මතයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

The post විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Aa6nPsM

Labels:

Wednesday, June 24, 2026

විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!

මෙරට පොදු ප්‍රවාහන පද්ධතිය නවීන ලෝකයට ගැළපෙන පරිදි පරිවර්තනය කිරීමේ අරමුණින්, කොළඹ නගරය වෙත දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ග ත්‍රිත්වයක් විදුලි දුම්රිය මාර්ග ලෙස ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද විශේෂ කැබිනට් පත්‍රිකාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ දිනකට ලක්ෂ සංඛ්‍යාත මගීන් පිරිසක් ගමන් ගන්නා, අධික මගී තදබදයක් පවතින දුම්රිය මාර්ග කලාපයන් විද්‍යුත්කරණය කිරීමට නියමිතය.

මරදානේ සිට රාගම දක්වා වන දුම්රිය මාර්ග කොටස විදුලි දුම්රිය මාර්ගයක් ලෙස ඉදිකිරීම.

මරදානේ සිට මාකුඹුර (බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය) දක්වා වන දුම්රිය මාර්ග කොටස විද්‍යුත්කරණය කිරීම.

මරදානේ සිට පානදුර දක්වා වන දුම්රිය මාර්ග කොටස විදුලි දුම්රිය ධාවනයට සුදුසු පරිදි සකස් කිරීම.

දුම්රිය මාර්ග විද්‍යුත්කරණයට සමගාමීව, මගී පහසුකම් ඉහළ නැංවීම සඳහා ප්‍රධාන මාර්ගයේ පිහිටි ගම්පහ, වේයන්ගොඩ, මිරිගම සහ පොල්ගහවෙළ යන දුම්රිය ස්ථානවල පවතින ගොඩනැඟිලි සහ යටිතල පහසුකම් ද නූතන තාක්ෂණයට ගැළපෙන පරිදි පූර්ණ සංවර්ධනයකට ලක් කිරීමට මෙමඟින් පියවර ගැනේ.

The post විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SzHZcO3

Labels:

Tuesday, June 23, 2026

භාණ්ඩාගාර ලේකම්ව සහ මහ බැංකු අධිපතිව අදත් මුදල් කාරක සභාවට කැඳවයි

රාජ්‍ය භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සහ ඒ ආශ්‍රිතව සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද (23) පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

මෙම විශේෂ විමර්ශන රැස්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම ඩොලර් මිලියන 2.5ක මූල්‍ය විෂමතාව පිළිබඳව සෘජුවම ප්‍රශ්න කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු උසස් නිලධාරී මණ්ඩලයට අද දින කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස නිල වශයෙන් දැනුම් දී ඇත.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කළේ, මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මීට සතියකට පෙර ද, මහ බැංකුව මීට දින හතර පහකට පෙර ද කාරක සභාව වෙත වෙන වෙනම වාර්තා ලබා දී ඇති බවයි.

“මේ ආයතන දෙකම ඩොලර් මිලියන 2.5ක අක්‍රමිකතාවක් සිදුව ඇති බව පිළිගෙන වාර්තා කර තියෙනවා. මේ වාර්තාවල තියෙන විෂමතාවය සහ ප්‍රශ්නය තිබෙන්නේ කොතැනද කියා අද දවල් 2.00ට පැවැත්වෙන රැස්වීමේදී රටට හෙළිදරව් කරනවා. ඒ නිසයි මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් ලේකම්වරයාට කාර්ය මණ්ඩලය සමඟ එන්න කිව්වේ,” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

The post භාණ්ඩාගාර ලේකම්ව සහ මහ බැංකු අධිපතිව අදත් මුදල් කාරක සභාවට කැඳවයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Zj2E4FR

Labels:

Monday, June 22, 2026

අද 2න් පස්සේ එළියට යනවා නම් කුඩේ අමතක කරන්න එපා

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

The post අද 2න් පස්සේ එළියට යනවා නම් කුඩේ අමතක කරන්න එපා appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SlaxBLI

Labels:

Sunday, June 21, 2026

මෙරට ඉන්ධන මිල පහත දමන දිනය ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක්

ලෝක වෙළඳපොළේ පවතින ඉන්ධන මිල වත්මන් මට්ටමේම ඉදිරියටත් පැවතුනහොත්, ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසය වන විට එහි සහනය මෙරට ජනතාවට ලබා දීමට හැකිවනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්ධන අලෙවියෙන් ලාභ ඉපැයීමේ අරමුණක් රජයට නොමැති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන, මහා මාර්ගය සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා,

”දැනුත් හැම ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනාධාරයක් ආණ්ඩුව දෙනවා.. පෙට්‍රල්වලට 20ක් වගේ.. තෙල් ගන්නේ කඩේට ගිහින් බඩුවක් ගන්නවා වගේ නෙමේ.. කලින් ටෙන්ඩර් කරලා ගන්නේ.. ඒ ටෙන්ඩර් අනුව එන  ඒවා, ඒ මිලටම ගන්න වෙනවා.. නමුත් අපි හිතනවා අගෝස්තු, සැප්තැම්බර් මාසය වෙද්දී මේ තත්ත්වයම තිබුණොත් ජනතාවට සහනයක් ලැබෙයි කියලා.. රටේ ආර්ථිකයටත් ඒක අවශ්‍යයි.. මේ ඔක්කොම දේවල් කරන්න පුලුවන් වෙලා තියෙන්නේ ආර්ථිකය ඉහළ මට්ටමකට, ඒ කියන්නේ ආර්ථිකයේ ඉහළ කොටස අපි ගොඩ නඟලා තියන නිසා.. ආණ්ඩුව තෙල්වලින් ලාභ උපයන්න බලාපොරොත්තුවක් නෑ.. අපිත් ඇත්තටම ඉල්ලලා තියෙනවා හැකි විගස තෙල් මිල අඩු කරන්න කියලා”

The post මෙරට ඉන්ධන මිල පහත දමන දිනය ගැන ඇමති බිමල්ගෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WV1OLk3

Labels:

Saturday, June 20, 2026

ඉන්ධන QR එක ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රකාශයක්

ඉන්ධන නිකුත් කිරීමේදී දැනට භාවිත වන QR කේත ක්‍රමවේදය (National Fuel Pass) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවසයි.

මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පෙන්වා දුන්නේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගිය වේගයට සාපේක්ෂව, මේ වන විට ගෝලීය වෙළෙඳපොළේ මිල ගණන් පහත වැටී නොමැති බවයි.

මේ අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා තවදුරටත් බාධාවක් නොමැති බවද ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය.

The post ඉන්ධන QR එක ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් ප්‍රකාශයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/A7dehCU

Labels:

Friday, June 19, 2026

තෙල්දෙණියෙන් හමුවූ භෞත චිකිත්සකවරියගේ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අම්පාර මහ රෝහලේ සේවය කරන ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි භෞත චිකිත්සකවරියක් වන අතර, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෝටර් රථය තුළ දමා පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

සැකකාර පෙම්වතා ගන්නෝරුවේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු බවත්, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. ඒ හේතුවෙන් ඔහුව සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතා තිබේ.

සිය නැගණිය නුවරඑළියේ පිහිටි මහල් නිවසක නේවාසිකව රැඳී සිටින බවත්, දින ගණනක් ආහාරගෙන නොමැති බවත් එම ස්ථානය පරීක්ෂා කිරීමට සහය අවශ්‍ය බවත් පවසමින් කොටවැව, තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පෙරේදා (17) උදෑසන නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව නුවරඑළිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ මහල් නිවාසයට ගොස් එය පරීක්ෂාකර ඇතත් එහි කිසිවෙකුත් සිට නොමැත.

කෙසේ නමුත් සීසීටීවී දර්ශන පරීක්ෂාකිරීමේදී එහි සටහන්ව තිබී ඇත්තේ, ඉකුත් 16 වැනිදා රාත්‍රී 9.50ට පමණ එම නිවසට අදාළ තරුණියගේ පෙම්වතා පැමිණෙන ආකාරයයි.

එහි මිනිත්තු 40ක් පමණ රැඳී සිටි අදාළ පුද්ගලයා පසුව රාත්‍රී 10.30ට පමණ සිහිසුන්වී සිටි තරුණිය ඔසවාගෙන ගොස් තිබේ.

පසුව ඔහු විසින් තරුණිය මෝටර් රථයක දමා රැගෙන ගොස් ඇත.

නුවරඑළිය පොලිසිය අදාළ තරුණියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති පසුබිමක, තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

එහිදී පවසා ඇත්තේ තෙල්දෙණිය රෝහල අසල රථගාලෙහි නවතා ඇති මෝටර් රථයක මියගිය කාන්තාවගේ මළ සිරුරක් ඇති බවය.

ඒ අනුව තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී අදාළ මෝටර් රථයේ ඉදිරිපස මගී අසුන දිගහැර කළු පැහැති රෙද්දකින් වසා දමා තිබූ මළ සිරුර හමුව තිබේ.

අගුලු දමා තිබූ දොරටුව විවෘත කළ පොලිස් නිලධාරීන් මෘත ශරීරය ඉන් පිටතට ගනු ලැබීය.

එහිදී සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අදාළ සිරුර නුවරඑළියෙන් අනතුරුදන් වූ තරුණියගේ බවටය.

ශම්‍යා දර්ශනී නමැති 34 හැවිරිදි ඇය අම්පාර මහ රෝහලේ භෞත චිකිත්සකවරියක ලෙස සේවය කළ බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

ඒ අනුව පොලිස්  විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ඇයගේ පෙම්වතා විසින් මළ සිරුර මෙම ස්ථානයට ගෙනැවිත් දමා තෙල්දෙණිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමද ලබාදී ඇති බවය.

ඔහු මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන අතර ඔවුන්, දෙදෙනා මීට මාස 8කට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යෑමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි එකහමාරක පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබාදී තිබේ.

කෙසේවෙතත් මේ දක්වා විදේශගතවීම සිදුවී නොමැති පසුබිමක, ණයහිමියන් මුදල් නැවත ඉල්ලීම මත ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිට ඇති බවයි පොලිසිය පවසයි.

එවන් පසුබිමක ඇය නුවරඑළියේ පිහිටි නිවාස සංකීර්ණයට පැමිණ ඇත්තේ ඉකුත් ජූනි 3 වැනිදාය.

ඒ අතරතුර ඇය සිය සොහොයුරාට දුරකථනයෙන් අමතා තමන් දින 3ක් ආහාර ලබාගෙන නොමැති බව පවසා ඇති බවත්, අම්පාර රෝහලේ මානසික වෛද්‍යවරයෙකුට දුරකථනයෙන් අමතා තමන් දැඩි මානසික පීඩනයකින් සිටින බවත් පවසා ඇතැයි වාර්තා වේ.

එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ, කඩිනමින් ළඟම ඇති රෝහලට ගොස් මානසික වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්නා ලෙසය.

කෙසේවෙතත් ඉකුත් 16 වැනිදා සවස 4න් පමණ පසුව ඇයගේ ඡංගම දුරකථනය ක්‍රියාවිරහිතව ඇති අතර, ඒ අනුව ඇයගේ සහෝදරයා නුවරඑළිය පොලිසියට පැමිණිලි කර ඇත.

වැඩිදුර විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ තරුණයගේ දේහය රැගෙන යාමට භාවිත කළ මෝටර් රථය, ඇයගේ පෙම්වතාගේ අම්පාර ප්‍රදේශයේ පදිංචි තවත් පෙම්වතියකට අයත් එකක් බවය.

මේ අතර දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය පිළිබඳව විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න මෙතෙක් තහවුරුවී නොමැත.

ඒ අනුව පොලිසිය ඇයගේ පෙම්වතා වන දිනෙත් දිසානායක නැමැත්තා අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මකය.

The post තෙල්දෙණියෙන් හමුවූ භෞත චිකිත්සකවරියගේ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/GVkEgQK

Labels:

Thursday, June 18, 2026

මෙරට ඉන්ධන මිල පහත දැමීම ගැන ඉඟියක්

වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ ගියද, එම මිල ගණන් අනුව මෙරට පවතින ඉන්ධන මිල පහළ දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.

රටේ ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (17) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.

ඔහු පැවසුවේ වර්තමානයේ මෙරට තුළ පරිභෝජනය කරමින් පවතින්නේ මීට පෙර ඉහළ මිලකට මිල දී ගත් ඉන්ධන බැවින්, එම මිල ගණන් යටතේ ආනයනය කළ ඉන්ධන තොග අවසන් වන තුරු මෙරට තුළ ඉන්ධන මිල පහත දැමීමට හැකියාවක් නොමැති බවය.

කෙසේ වෙතත් වැඩි මිල ගණන්වලට ආනයනය කළ ඉන්ධන පරිභෝජනය කර අවසන් වූ පසු, මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

The post මෙරට ඉන්ධන මිල පහත දැමීම ගැන ඉඟියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/cYnSrB5

Labels:

Wednesday, June 17, 2026

සවස 2න් පසු වෙනස්වන කාලගුණය

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, සවස් කාලයේදී ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් වර්ධනය විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණ වාර්තාවලට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් අද දිනය තුළ විටින් විට වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාව පවතී. මීට අමතරව, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, දකුණ, උතුර සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30 – 40 (30-40 km/h) ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකිය. එම නිසා, එම තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

The post සවස 2න් පසු වෙනස්වන කාලගුණය appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9kFHCxK

Labels:

Tuesday, June 16, 2026

ජූනි 30ට පෙර වත්කම බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න! නැත්තම් දඩ හා නඩු!

ජුනි මස 30 වෙනිදාට රාජ්‍ය නිලධාරින් සිය වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා කියාසිටියේ, එදිනට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර අය අනිවාර්යයෙන්ම දඩ මුදලකට යටත් වන බවය. 

එම දඩ මුදල දරාගත නොහැකි ප්‍රමාණයක් වනු ඇති බව ද ඔහු අවධාරණය කළේය. 

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80(1) වගන්තිය යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගලයින් අදාළ වර්ෂයේ ජුනි මස 30 දිනට එම ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය. 

එය ප්‍රමාදවීම දඩයකට හා අධිකරණ ක්‍රියාමාර්ගයකට ලක්විය හැකි බව ද අධ්‍යක්ෂවරයා අනතුරු ඇඟවීමක් සිදු කළේය. 

අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා පමණක් යොමු කළ යුතුය. 

මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය 2026 වසරේ මාර්තු මස 31 වෙනිදා එළිදක්වනු ලැබීය. 

එමෙන්ම මෙම ප්‍රකාශ ලබාගැනීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කාර්යයක් හෝ වගකීමක් නොවන බවත් මෙය පුරවැසි වගකීමක් බවත් ඔහු අවධාරණය කළේය.

2023 දූෂණ විරෝධී පනතට අනුව වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ යුතු නව නිලධාරින් පිරිසක් ඇතුළත්ව සිටින බව ද රංග දිසානායක මහතා කීය. 

ඒ අනුව රේගු ආඥා පනතේ 115 වගන්තිය අනුව බලපත්‍රලාභී අනු නියෝජිතයන් හෙවත් වාප්පු ලිපිකරුවන් වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු පිරිසක් ලෙස සලකනු ලැබේ. 

තවද වෘත්තීය සමිතිවල විධායක නිලධාරින්, පුවත්පත් ප්‍රවෘත්ති ආඥා පනතේ දෙවෙනි වගන්තිය යටතේ ලියාපදිංචි පුවත්පත් ආයතනවල හිමිකරුවන්, කර්තෘවරුන්, කර්තෘ මණ්ඩල සාමාජිකයන්, බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයන්, ක්‍රීඩා පනත අනුව පිහිටුවනු ලැබූ ක්‍රීඩා සංගම්වල නිලධරයන් එමෙන්ම රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ සියලුම මාණ්ඩලික ශ්‍රේණි නිලධරයන් මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය. 

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 1954 කෙටි දුරකතන අංකයට ඇමතුමක් ලබාදීමෙන් තොරතුරු ලබාගත හැකිය. 

The post ජූනි 30ට පෙර වත්කම බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න! නැත්තම් දඩ හා නඩු! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/azRI3Tq

Labels:

Monday, June 15, 2026

මුළු ලොවම බලා සිටි පුවත ලැබෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා දෙපාර්ශවයම නිල එකඟතාවකට පැමිණ ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, මෙම සාම එකඟතාවයත් සමඟ ලෝක වෙළඳාමේ ප්‍රධානතම මර්මස්ථානයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) කිසිදු බාධාවකින් හෝ ගාස්තුවකින් තොරව නාවික ගමනාගමනය සඳහා විවෘත වන බවයි.

එමෙන්ම කලාපය තුළ පනවා තිබූ ඇමෙරිකානු නාවික අවහිරතාවය (Naval Blockade) ද වහාම අවසන් වන බව හෙතෙම සඳහන් කළේය.

ගෝලීය බලශක්ති අර්බුදයට සහ වෙළඳ ක්ෂේත්‍රයට දැවැන්ත සහනයක් වෙමින් ට්‍රම්ප් සිය සටහනෙහි මෙලෙස ලියා තිබුණි.

“ලෝකයේ නැව් සියල්ලම, ඔබේ එන්ජින් පණගන්වන්න. තෙල් ගලා යාමට ඉඩ හරින්න!” (All the ships in the world, start your engines. Let the oil flow!)

The post මුළු ලොවම බලා සිටි පුවත ලැබෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vu7KiwO

Labels:

Sunday, June 14, 2026

අවාසනාවන්ත රිය අනතුරක්! පස් හැවිරිදි දරුවා වඩාගෙන ගිය පියා ජීවිතක්ෂයට!

කුරුණෑගල – පුත්තලම මාර්ගයේ හේරත්ගම හන්දිය ආසන්නයේදී ඊයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අවුලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පියෙක්.

ඔහු සිය පස් හැවිරිදි දරුවා ද වඩාගෙන මාර්ගයේ ගමන් කරමින් සිටියදී, පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා සහ දරුවා වහාම නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තුවාල ලබා සිටින දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරාව මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වාරියපොල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.

The post අවාසනාවන්ත රිය අනතුරක්! පස් හැවිරිදි දරුවා වඩාගෙන ගිය පියා ජීවිතක්ෂයට! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ylzd6A5

Labels:

Saturday, June 13, 2026

ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

මෙරට වේලාවෙන් අද (13) අලුයම අවසන්වූ මෙම තරගයේ එංගලන්තය ලබාදුන් ලකුණු 220ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 132ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් රැස්කළේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ ඩැනී වියාට්-හොජ් පන්දු 62කට පමණක් මුහුණදෙමින් ලකුණු 105ක් රැස්කළාය.

එමෙන්ම ඇය සමගින් පළමු කඩුල්ලට ලකුණු 135ක සබඳතාවක් පැවැත්වීමට දායක වූ ඒමි ජෝන්ස් පන්දු 38කින් ලකුණු 53ක් රැස්කිරීමට සමත් විය.

බිඳවැටුණු එකම කඩුල්ලට හිමිකම් කීමට මල්කා මදාරා සමත්වුවද, ඇය පන්දුවාර 4 අවසන් කළේ ප්‍රතිවාදීන්ට ලකුණු 51ක් ලබාදෙමින්ය.

මේ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිලක්ෂි ද සිල්වා ලකුණු 39ක් හා හර්ෂිතා සමරවික්‍රම පන්දු 18කින් ලකුණු 29ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිවෙකුට සාර්ථක පිතිහරඹයක නිතරවීමට නොහැකි විය.

The post ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/N8ZJv2l

Labels:

Friday, June 12, 2026

බොරතෙල් මිල යළි වේගයෙන් පහතට

ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ හමුදා ප්‍රහාර අවලංගු කිරීමට අමෙරිකාව තීරණය කිරීමත් සමග, ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (12) දිනයේ යළි පහළ ගොස් තිබේ.

ඊයේ (11) දිනයේදී අමෙරිකානු ඩොලර් 90 සීමාව ඉක්මවා ගොස් තිබූ බොරතෙල් බැරලයක මිල, මෙම නව තත්ත්වයත් සමග අද දිනයේ යළිත් ඩොලර් 90 සීමාවෙන් පහළට පැමිණීම විශේෂත්වයක්ය.

අද උදෑසන පැවති නවතම මිල ගණන් අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 89.33ක් ලෙසද, මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 87.25ක් ලෙසද සටහහන්ව තිබූ අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක් ඩොලර් 86.74ක් වී තිබේ.

අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ඊයේ (11) ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට පියවර ගැනීමත් සමග දෙරට අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. 

ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මරමස්ථානයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ වසා දැමීමට ඉරානය කටයුතු කළේය.

මෙම භූදේශපාලනික බලපෑම හේතුවෙන් ඊයේ දිනයේදී ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වඩා වැඩි ප්‍රමාණයකින් ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

ඒ අනුව බ්‍රෙන්ට් තෙල් මිල 2.47%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 95.40ක් ලෙසද, අමෙරිකානු WTI තෙල් මිල 2.89%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 92.63ක් ලෙස ඊයේ උපරිම මිල ගණන්  සටහන් විය.

කෙසේ වෙතත්, අමෙරිකාව සිය හමුදා ප්‍රහාරක සැලසුම් අවලංගු කිරීමත් සමග ඇති වූ ලිහිල්භාවය හේතුවෙන් බොරතෙල් මිල මෙලෙස කෙටි කලක් ඇතුළත නැවතත් පහළ මට්ටමකට පැමිණ තිබේ.

The post බොරතෙල් මිල යළි වේගයෙන් පහතට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/BLHVqF7

Labels:

Thursday, June 11, 2026

මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට පාඩමක්

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය ප්‍රතිපත්තිය, විනිමය අනුපාත ප්‍රතිපත්තිය සහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී අද (10) පැවැත්විණි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයින් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

වැඩසටහන අතරතුර රට තුළ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය, විනිමය අනුපාතයේ හැසිරීම, ආර්ථික ස්ථාවරත්වය සහ රටේ ආර්ථික ප්‍රගතියට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කෙරිණි. එසේම, මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සහ අදහස් සඳහා ද ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විසින් කරුණු පැහැදිලි කරමින් පිළිතුරු ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

The post මහ බැංකුවෙන් පාර්ලිමේන්තුවට පාඩමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/cvjBT6q

Labels:

Wednesday, June 10, 2026

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු – මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැකි බව සඳහන්.

සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

The post අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/YE0tIBN

Labels:

ජනතාවට සහනයක්! අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි!

ලංකා සතොස ආයතන විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල ගණන් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (10) දිනයේ සිට මෙම නව මිල ගණන් ක්‍රියාත්මක වන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම අඩුවන මිල ගණන් අතරට ලොකු ලූනු, සුදු සීනි, පරිප්පු, කවුපි, කඩල, මුං ඇට, රට කජු, තිරිඟු පිටි, රතු කැකුළු සහල්, රතු නාඩු සහල්, සම්බා සහල්, සුදු නාඩු සහල්, පොන්නි සම්බා ඇතුළු ඇතුළු භාණ්ඩ වර්ග 18ක් පවතින බවද අමාත්‍යාංශය පැවසීය.

අමාත්‍යාංශය පැවසුවේ මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් උද්ගතව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදය හමහුවේ මෙරට ජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් රජයේ මැදිහත්වීම මත මෙම භාණ්ඩවල මිල අඩු කිරීමට තීරණය කළ බවය.

The post ජනතාවට සහනයක්! අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 18ක මිල පහත දමයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dUnJ5lY

Labels:

Tuesday, June 9, 2026

භාණ්ඩාගාරයෙන් නැති වුණු මුදල් ගැන කරුණු දැක්වීමට මහ බැංකුවට සතියක කාලයක්

මහා භාණ්ඩාගාරය සතු ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද වගකිව යුතු බව මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද විශේෂ වාර්තාවක පෙන්වා දී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හෙළි කරයි.

මෙම බරපතළ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (08) පස්වරුවේ හදිසියේ රැස් විය. ඒ සඳහා මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කැඳවා තිබුණි.

ඊයේ රාත්‍රීයේ රූපවාහිනී වැඩසටහනකට සමඟ සම්බන්ධ වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ, මුදල් අමාත්‍යාංශ වාර්තාව මඟින් මතු කර ඇති කරුණුවලට අදාළව මහ බැංකුවේ නිල ස්ථාවරය සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීම සඳහා මහ බැංකුව වෙත සතියක (01) කාලයක් ලබා දුන් බවයි.

The post භාණ්ඩාගාරයෙන් නැති වුණු මුදල් ගැන කරුණු දැක්වීමට මහ බැංකුවට සතියක කාලයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/axVNLkc

Labels:

Monday, June 8, 2026

පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබේ.

මේ හේතුවෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාවේ ප්‍රදේශ කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

The post පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sJRHlIc

Labels:

Sunday, June 7, 2026

සඳුදා රැස්වීම් වර්ජනය කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සංගමයෙන් තීරණයක්

මහජන දිනය ලෙස වෙන්කර ඇති සඳුදා දිනවලදී පැවැත්වෙන කිසිදු රැස්වීමකට හෙට (08) සිට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය නිවේදනය කර සිටී. ඒ අනුව, රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ හෝ දේශපාලන අධිකාරීන් විසින් කැඳවනු ලබන කිසිදු භෞතික හෝ මාර්ගගත (Online) රැස්වීමක් සඳහා සිය නිලධාරීන් සහභාගී නොවන බව එම සංගමය අවධාරණය කරයි.

මෙවැනි තීරණයක් ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, සඳුදා දිනය ජනතාවගේ ගැටලු විසඳීමට වෙන්කර තිබුණද, එදිනට විවිධ රැස්වීම් යෙදීම හේතුවෙන් කාර්යාලීය කටයුතුවලට බාධා එල්ල වී ජනතාව දැඩි අපහසුතාවයකට පත්වීමයි. දුරබැහැර ප්‍රදේශවල සිට තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට සහ නිලධාරීන් හමුවීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පැමිණෙන ජනතාවට, මෙම රැස්වීම් හේතුවෙන් සිය සේවාවන් ලබාගැනීමට නොහැකි වන බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 හි සඳහන් උපදෙස් ද පදනම් කරගනිමිනි. අදාළ චක්‍රලේඛයට අනුව, මහජන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති දිනය තුළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා නිලධාරීන් කාර්යාලයේ රැඳී සිටීම අනිවාර්ය කර ඇත. එමෙන්ම, මහජන දිනය තුළ කිසිදු නිල රැස්වීමක් නොපැවැත්විය යුතු බවටද අදාළ චක්‍රලේඛය මගින් දැඩිව උපදෙස් ලබා දී තිබේ.

ජනතාවට සිදුවන මෙම දැඩි අපහසුතාවයන් සහ චක්‍රලේඛයේ අන්තර්ගත උපදෙස් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් හෙට දිනයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කරන බව, ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති ආර්. සෙන්තිල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

The post සඳුදා රැස්වීම් වර්ජනය කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සංගමයෙන් තීරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CfmqgSk

Labels:

Saturday, June 6, 2026

රුපියල අවප්‍රමාණය වීම ගැන නියෝජ්‍ය ඇමති කරුණු පහදයි

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම ආර්ථික අර්බුදයක් නොවන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර බලපෑමක් සිදුව ඇත්තේ මැද පෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් බවය.

එමෙන්ම මෙම තත්ත්වය ක්‍රමිකව සමතයකට පත්වන බවත් මේ සම්බන්ධයෙන් කිසිදු ආකාරයකට කලබලයක් ඇති කර ගත යුතු නැති බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා,

“මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට යම් කම්පනයක් ඇතිවී ඇති බව සැබෑව. ඒ කම්පනයට ගන්න ඕන ක්‍රියාමාර්ග, නිසි පරිදි ප්‍රතිපත්තිමය තීන්දු අපි ගනිමින් ඉන්නවා. මේක ඇතුළේ කිසිදු ආර්ථික අර්බුදයක් නැහැ. කෙසේ වෙතත්, එකවර මෙවැනි කම්පනයක් ඇතිවෙනකොට හා වෙළඳපොළේ අර සමපේක්ෂණ චේතනාවක්, බියක් හදපුවාම ඉල්ලුම සැපයුම එකවරම සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්නේ නැහැ. පුංචි ඉහළ පහළ යාම් තියෙන්න පුළුවන්. ඩොලරයේ රුපියල් 350 ඉක්මවලා ගිය අනුපාතිකය ක්‍රමිකව 330ට වගේ ආවා ඒ ක්‍රියාමාර්ගත් එක්ක.. ආයෙත් පහුගිය දවස් දෙක ඇතුළත නැවතත් පුංචි වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය ක්‍රමිකව සමතයකට පත්වෙනවා. මේ සඳහා කිසිදු ආකාරයකට කලබල ඇති කරගන්න එපා. මෙය වෙළඳපොළේ ඇතිවෙච්ච යම් සුවිශේෂී තත්ත්වයක් මිසක්, කිසිදු ආකාරයක ආර්ථිකයේ බිඳවැටීමක්වත්, බාහිර අංශයේ ගැටලුකාරී තත්ත්වයක්වත් නෙමෙයි.”

අමෙරිකානු තීරු බදු සම්බන්ධයෙන් ද ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

“අමෙරිකා එක්සත් ජනපදය මෑතකදී ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරා වාර්තාවක්, ශ්‍රී ලංකාවත් ඇතුළුව විශේෂයෙන් රටවල් 60කට ඒගොල්ලන්ගේ මූලික ඉන්වෙස්ටිගේෂන්ස් (investigations) වලදි පේනවා, ඒ සැපයුම් ජාලයට සම්බන්ධ වෙන රටවල්වලින් බලහත්කාරයෙන්, ඒ කියන්නේ ෆෝස්ඩ් ලේබර් (forced labor) තියෙනවාය කියන මූලික තොරතුරු මත ඒ පරීක්ෂණ අවසාන වෙනකන් යෝජනා කරලා තියෙනවා සීයට 12.5ක්. නමුත් ඒ කාලපරිච්ඡේදය ඇතුළේ අපිට පුළුවන් වෙන්නට ඕනේ අපි ඒ සැපයුම් ජාලය ඇතුළට ෆෝස්ඩ් ලේබර් (forced labor) තියෙන ඒවා ගෙනෙන්නේ නැහැ, ඒ ගෙනෙනවා නම් අපේ නීතිරීති පද්ධතිය ඇතුළේ කොහොමද ඒක වළක්වා ගන්නේ, ඒ පිළිබඳ සාකච්ඡාව තියෙනවා. විශේෂයෙන්ම අපි වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මේ සඳහා පත් කරලා තියෙනවා. ඒ කමිටුවට අදාළ කැබිනට් අනුමැතිය ලබා දීලා අපි සාකච්ඡා වෙමින් තිබෙනවා. ගිය සිකුරාදාත් මේ රැස්වීම පැවැත්වුවා. ලබන සඳුදා සහ අඟහරුවාදත් ඉදිරියටත් මේ සාකච්ඡා පවත්වමින් තියෙනවා. එතකොට අපිට තියෙන තොරතුරු මත අපේ නීතිරීති පද්ධතියත් ඒ ක්‍රියාමාර්ග ඇතුළෙත් දැඩි විශ්වාසයක් තියෙනවා.. අපි නිසි ක්‍රමවේදය අනුගමනය කරනවා. අපේ සැපයුම් ජාලයට කිසිදු ආකාරයකට මේ බලහත්කාර ශ්‍රමය එන්න දෙන්නේ නැහැ, එන්නේ නැති විදිහට කටයුතු කරනවා. ඒ තොරතුරු අපි ඇමරිකා එක්සත් ජනපදයේ අදාළ පරීක්ෂණ කරන කණ්ඩායම්වලට ලබාදීමෙන් මේක ඉවත් කරගන්න පුළුවන් වෙයි.”

The post රුපියල අවප්‍රමාණය වීම ගැන නියෝජ්‍ය ඇමති කරුණු පහදයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Cp1WuzI

Labels:

Friday, June 5, 2026

කොළඹ ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයක හදිසි බිඳවැටීමක්

අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ සිදුවු හදිසි බිඳවැටිමක් හේතුවෙන් අද (5) රාත්‍රී 8.00 දක්වා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදනය මණ්ඩලය පැවසීය.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදනය මණ්ඩලය සඳහන් කළේය.

The post කොළඹ ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයක හදිසි බිඳවැටීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/7aryHDq

Labels:

Thursday, June 4, 2026

අදත් ලොකු වැස්සක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැක.  

සෙසු ප්‍රදේශවල  විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

The post අදත් ලොකු වැස්සක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/gDYpLmj

Labels:

Wednesday, June 3, 2026

බොරතෙල් මිල යළිත් කැපී පෙනෙන ලෙස ඉහළට

ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) දිනයේදී සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රධාන බොරතෙල් වර්ග තුනෙහිම මිල ගණන් ඉහළ යාම කැපී පෙනේ.

නවතම දත්තවලට අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.92ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 1.24ක වර්ධනයකි. එසේම, ගෝලීය තෙල් මිල තීරණය කිරීමේ ප්‍රමිතිය වන බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 97.04ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එහි වැඩිවීම සියයට 1.08ක් වේ.

මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් (Murban) බොරතෙල් බැරලයක මිල සියයට 1.76කින් ඉහළ ගොස් ඩොලර් 96.09ක් ලෙස සටහන් විය.

The post බොරතෙල් මිල යළිත් කැපී පෙනෙන ලෙස ඉහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/n5P23GB

Labels:

Tuesday, June 2, 2026

පෞද්ගලික බස් රථ වර්ජනයක්?

ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා බස් සංගම් නියෝජිතයින් අද (02) රැස්වීමට නියමිතව තිබේ. 

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් අනතුරුව බස් ධාවනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය.

මෙම සාකච්ඡාව සඳහා සියලු බස් සංගම් නියෝජිතයින් අද පෙරවරුවේ රැස්වීමට නියමිත බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

“අද අපේ නියෝජිතයින් සහ අනිත් සංගම් නියෝජිතයින් එනවා. විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ, අපේ කර්මාන්තය ඉන්ධන ප්‍රශ්නයෙන් කොහොමද බේරගන්නේ කියලා. ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ. ඒ අය යම් ප්‍රතිපත්තියක ඉන්නවා. කෙසේ වෙතත් දැන් මේ මොහොතේ කර්මාන්තය ගෙනියන්න, සියලු බස්හිමියන් එකහෙළා දැනුම්දෙනවා ධාවනයෙන් ඉවත් වෙන්න කටයුතු කරමු කියලා. කෙසේ වෙතත් අපි සංගමයක් විදියට ප්‍රධානීන් එක්ක සාකච්ඡා කරලා අවසන් තීරණය අද දිනයේ දැනුම් දෙනවා.”

The post පෞද්ගලික බස් රථ වර්ජනයක්? appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/iNLm1In

Labels:

Monday, June 1, 2026

මීගොඩ දන්සැල් පෝලිමක සිටි 6ක් බිලිගත් රියදුරු බීමතින්! පළාගිය රියදුරු ගොඩගමදී අල්ලා ගනී!

හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කරමින් පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රථයේ රියදුරු මේ වන විට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය තහවුරු කර ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ සැකකාර රියදුරා බීමත්ව සිට ඇති බවයි.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වී ඇති මෙම කැබ් රථය, මීගොඩ හන්දිය ආසන්නයේ දන්සලක් අසල පෝලිමේ සිටි පිරිසක් වෙත කඩා වැදීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇත. අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම අවස්ථාවේ දන්සැල් පෝලිමේ රැඳී සිටි වයස අවුරුදු 15, 32, සහ 56 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකු සහ අවුරුදු 35 සහ 38 වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකි.

අනතුර සිදු කිරීමෙන් පසු අදාළ රියදුරා රථයද සමග පළාගොස් ඇති අතර, ගොඩගම හන්දියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

The post මීගොඩ දන්සැල් පෝලිමක සිටි 6ක් බිලිගත් රියදුරු බීමතින්! පළාගිය රියදුරු ගොඩගමදී අල්ලා ගනී! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/G59dpbW

Labels:

මීගොඩ දන්සැල් පෝලිමකට කැබ් රථයක් කඩා වැඳෙයි! 6 දෙනෙකු මරුට! තවත් 7 කට තුවාල!

මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ්රථයක් ධාවනය වීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තුවාල ලැබූ තවත් කුඩා දරුවෙකු ඇතුළු 7දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසුවේය.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් මීගොඩ මංසන්ධියේ පැවති දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට ධාවනය වී ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේදී අදාළ දන්සැල් පෝලිමේ සිටි වයස අවුරුදු 15, 32, සහ 56 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකු, වයස අවුරුදු 35 සහ 38 වයස්වල පසු වන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇත.

මියගිය පිරිස අතර පාදුක්ක ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ පිළියන්දල ප්‍රදේශයේ අඹුසැමි යුවලක් ද සිටින බව සඳහන්.

කැබ් රථයේ රියදුරු මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

The post මීගොඩ දන්සැල් පෝලිමකට කැබ් රථයක් කඩා වැඳෙයි! 6 දෙනෙකු මරුට! තවත් 7 කට තුවාල! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/i89rQP7

Labels: